ලෝක සිතියමට අලූත් දූපත එක් කළ රුසියානු සිසුන් දෙදෙනා

රුසියාවේ මොස්කව්හි ජීවත් වන වලේර්යා සියැන්කා 15 හැවිරිදි දැරියකි. අර්තියොම් මාර්කරෙන්කාගේ වයස අවුරුදු 14කි. ඔවුන් දෙදෙනා ඉගෙනීමට උපන් හපන්කම් ඇත්තවුන් ය. පාසලේ දී ඔවුන්ගේ කැමතිම විෂය භූගෝල විද්‍යාවයි. පාසලෙන් පැවරුණු සෙසු ඇගැයීම් කටයුතුවලට වඩා භූගෝල විද්‍යා විෂයේ ඇගැයීම් ඔවුන් අතින් සිදුවන්නේ ගුරුවරුන්ට ද විස්මය දනවන තරමේ ඉක්මණින් ය. වලේර්යා සහ අර්තියොම් එ් තරමටම එම විෂයට ඇලූම් කළෝය.

මෑතකදී ඔවුන් වෙත මොස්කව් පාසලේ භූගෝල විද්‍යා ගුරුවරයාගෙන් පැවරුමක් ලැබිණි. එ් උත්තර ධ‍්‍රැවීය කාලපයක් වන ආර්ක්ටික්හි ග්ලැසියර් පිළිබඳ අධ්‍යයනයටයි. අධ්‍යයනය සඳහා සීමිත කාලසීමාවකින් පසුව එ් පිළිබඳ විශේෂ ව්‍යාපෘති වාර්තාවක් සැකසීමට ද ඔවුන්ට පැවරිණි. වලේර්යා සහ අර්තියොම්ට තවත් කිසිවක් ඉගෙනීමට නොමැත්තා සේ සතුටක් දැනෙන්නට විය.

ඔවුහු සෙසු විෂයන්හි වැඩකටයුතු කඩිනමින් නිමා කර සෑම දිනකම උදෑසන සිට රාත‍්‍රී වනතුරුත් ආර්ක්ටික් ධ‍්‍රැවයේ සැරිසැරුවෝ ය. එ් උත්තර ධ‍්‍රැවයේ ග්ලැසියර් සොයා හිම මත එරෙමින් ද ලිස්සා යමින් ද පිලිස්සෙන තරමේ සීතලෙන් ගල් වෙමින්ද නොවේ. අති සියුම් ලෙස නවීනතම තාක්ෂණයේ සරලම ගවේෂණයේ යෙදෙමිනි.

ඔවුහු පෘථිවි මෙහෙයුම් අධීක්ෂණ හා ගවේෂණ මධ්‍යස්ථානයේ තිබූ යුරෝපානු ග්ලැසියර් චන්ද්‍රිකා දත්ත සහ කනෝපුස්-¼ රුසියානු චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කරන්නට පටන් ගත්තෝය. මොවුන් දෙදෙනා වසර 60ක පමණ චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණය කරමින් ග්ලැසියර් ගවේෂණයේ යෙදුණේ කල්වේලා ගතවන බව හෝ නොදැන ය.

”1952 දී ආර්ටික් කලාපයේ නොවියා ඉසමිලියා ¥පත් සමූහය ආශ‍්‍රිතව මෙම ස්ථානයේ පිහිටා තිබුණේ බොහොම දැඩිව පිහිටි ග්ලැසියරයක්. 1976 වනවිටත් එහි ලොකු වෙනසක් වී තිබුණේ නෑ. 2001 වනවිටත් මේ ග්ලැසියරය එහෙමම තිබුණා. නමුත් ඉන් පසුවයි වෙනස් වෙන්නට පටන්ගත්තේ.” වලේර්යා පවසයි.

”මේ ග්ලැසියරය පසුව ක‍්‍රමයෙන් දියවෙන්නට පටන් ගන්නවා. ඉන්පසුව මතුවෙන්නේ වර්ග මීටර් 1,90,000ක භූමි පමණ ප‍්‍රදේශයක්. සරලවම කිව්වොත් අයිස්වලින් වැහිලා සැඟවී තිබුණු ප‍්‍රදේශයක්. මෙම භූමි ප‍්‍රදේශය පිටුපසින් පිහිටි වුල්කිස්ක්‍යා ග්ලැසියරය හා සම්බන්ධ අයිස් පාලමකින් ද සම්බන්ධ වී තිබුණා. ග්ලැසියර් දියවීමත් සමඟ මුලින්ම එම අයිස් පාලම කැඞී ගියා. පසුව මේ ග්ලැසියරය දියවී ගොඩබිම මතුවුණා. මෙය ¥පතක්. ඔව් සැබැවින්ම ¥පතක්.” අර්තියොම් සතුටින් ඉපිලෙයි.

මෙතෙක් ග්ලැසියර්වලින් සැඟවී ගත් වලේර්යා සහ අර්තියොම් සොයාගත් මෙම දිවයින පිළිබඳ ඔවුන්ගේ ගුරුවරයා රුසියානු භූගෝලීය සංසදයට තොරතුරු දැන්වීය. එහි භූගෝල විද්‍යාඥයෝ ද මේ පිළිබඳ ගවේෂණය කරන්නට පටන් ගත්හ. එකර්තිරියෙනා ගිග්‍රොවා එම සංසදයේ ගවේෂකයෙකි.

”ග්ලැසියර් මුළුමනින්ම දියවූ පසුවත් මෙම දිවයින කඳු සහිත භූමියක්. තැනිතලා භූමියක් නොවෙයි. එය පොළවේ සිට කිලෝමීටර් 1.5ක පමණ උසැති කඳු ප‍්‍රදේශයකින් සමන්විතයි. එ් වටා ඇති තැනිතලා ප‍්‍රදේශය මුහුදු ජලයට යටවෙනවා. මෙහි ග්ලැසියරය දියවීම නිසා වර්ග කිලෝමීටර් 24,400ක ග්ලැසියර් ඛාදනයක් සිදුවී තිබෙනවා.” ඇය පවසන්නීය.

”මේ ගැන සෙවීමේදී අපිට තවදුරටත් දැනගන්නට ලැබුණේ නොවියා ඉසමිලියා ¥පත්වල ප‍්‍රමාණය ද ග්ලැසියර් දියවීම නිසා වර්ග කිලෝමීටර් 150ක් පසුගිය වසර 60 පුරා අහිමි කරගෙන ඇති බවයි. එ් කියන්නේ එම කාලය තුළ අදාළ ප‍්‍රදේශය ආශ‍්‍රිතව අහිමි වී ඇති මුළු ග්ලැසියර් ප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 580යි.

එම ප‍්‍රමාණය 2.5%ක්. දැන් අප සොයන්නේ එය හිමකුණාටු මාර්ගයේ පවතින්නක් ද කියලයි. මේ අයිස් දිවයින උතුරු දෙසට ගමන් කරමින් පවතිනවාද කියලත් අප සොයාගත යුතුයි. අප දැන් මේ දිවයින ඔස්සේ එ් ආශ‍්‍රිතව අලූතින් ගවේෂණ ගණනාවකට මුලපුරා තිබෙනවා. මේ හැමදේම එ් දරුවන් දෙදෙනාගේ ආරම්භය නිසයි.” එකර්තිරියෙනා ගිග්‍රොවා එසේ කියන්නේ සතුටිනි.
වලේර්යා මීට පෙරත් සාඩම්බර ගවේෂණ කණ්ඩායමක සාමාජිකාවකි. ඇය මෙම ¥පත් සමූහය ආශ‍්‍රිතව පිහිටි ‘ක‍්‍රිස්ටල්’ නම් දිවයින සොයාගත් කණ්ඩායමේ අයෙකි.

නව දිවයින පිළිබඳ රුසියානු භූවිද්‍යා ආයතනය, රුසියානු විද්‍යා විද්‍යාපීඨය, මොස්කව් විශ්වවිද්‍යාලය එ්කාබද්ධ ගවේෂණයක නිරත වෙයි. එහි විද්‍යාඥයින් පිරිසක් මෙම දිවයින පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත. පර්යේෂණ සඳහා ආක්ටික් මෙන්ම ඇන්ටාර්ටික් ගවේෂකයන් ද කැඳවා තිබේ. එ් පිළිබඳ මූලික වාර්තාවක් ලබන මැයි මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂිතයි. විශේෂත්වය වන්නේ මොවුන් සමඟ ගවේෂණයේ යෙදීමට වලේර්යා සහ අර්තියොම් ද එක්ව සිටීමයි.

දැනට නව දිවයින ලියාපදිංචි කර ඇති නමුත් එහිදී ඔවුන් තවත් අර්බුදයකට මුහුණපා තිබුණි. එ් නව දිවයින හඳුන්වන්නේ කුමන නමකින්ද යන්නයි. මේ පිළිබඳ තවදුරටත් සොයාබලමින් පවතින බැවින් එය ‘සිසුන්ගේ දිවයින’ ලෙස තාවකාලිකව නම් කිරීමට විද්‍යාඥයින් කටයුතු කළේ වලේර්යා සහ අර්තියොම්ට ගෞරවයක් වශයෙනි.

චන්ද්‍රිකා දත්ත ඔස්සේ පිරිසක් ආක්ටික් ධ‍්‍රැවයේ ගවේෂණයේ යෙදෙන අතරතුර අධික ශීතලෙන් ගල්වෙමින් එහි නැවතී පර්යේෂණවල යෙදෙන පිරිසක් ද වෙති. මෙම පර්යේෂණවල නිරත ප‍්‍රබල රටවල් ගණනාවක් සමඟ රුසියාව ද එහි පර්යේෂණවල නිරත වී සිටියි. විශේෂත්වය වන්නේ ආක්ටික්හි වඩාත් පහසුකම් සහිතව අති විශාල මුදල් සම්භාරයක් යොදවා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අති නවීන විශේෂිත ගොඩනැගිලි ඉදිකරවා රසායනාගාර, විද්‍යාගාර පහසුකම් ලබාදී තිබීමයි.

එය වර්ග මීටර් 700,000ක භූ ප‍්‍රදේශයක පිහිටි හමුදාවේ නවීන තාක්ෂණික පද්ධති 452කින් සමන්විත 1000ක් සේවය කරන ස්ථානයකි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙය අනෙක් කිසිදු රටක් ධ‍්‍රැවීය ගවේෂණ සඳහා යොදවා නොමැති තරමේ පහසුකම්වලින් සමන්විත ස්ථානයක් බවයි. රුසියානු රජය අතීතයේ සිටම නිරන්තරයෙන් නව ගවේෂණ, පර්යේෂණ, අත්හදාබැලීම් සඳහා සීමාවකින් තොරව විශ්වාසයෙන් අනුග‍්‍රහය සපයන රජයක් බව ප‍්‍රකට කරුණකි.

කෙසේ වෙතත් නව සොයාගැනීමත් සමඟ වලේර්යා සහ අර්තියොම්ට අලූත් ව්‍යාපෘති ගණනාවක වගකීම ද භාර වී තිබේ. වලේර්යා සහ අර්තියොම් මීට පෙර කළේ විස්මය දනවන, ශ්‍රේෂ්ඨ සොයාගැනීම් පිළිබඳ ඉතිහාසය කියවීමක් පමණි. එහෙත් දැන් මේ දරුවන් දෙදෙනා ඉතිහාසය ලියන්නට පටන්ගෙන තිබේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි