ලංකාවේ අප්‍රකට කතාවක් පෙම් කතාවකින් ඉදිවුණු ටජ්මහල

ඉතිහාසය පුරාම අපේ රට සතුරු ආක‍්‍රමණවලට ලක් විය. අපේ අතීත රජවරුන්ට නිරන්තරව ආක‍්‍රමණිකයින්ට එරෙහිව යුද කරන්නට සිදු විය. එනිසා අපට ඇත්තේද යුද වීරයන් හා සටන්කාමීන් ගැන කතාන්දරවලින් පිරුණු ඉතිහාසයකි. එහෙත් ඒ ඉතිහාසය තුළ අපේ විරුවන්ගේ පේ‍්‍රම කතාවන්ද නැත්තේ නොවේ.

මුළු මහත් ආසියාවටම සිටි දක්ෂතම රණශූරයා වූ අපේ රාජසිංහ රජුගේ පේ‍්‍රම කතාවන් පිළිබ`දවත් ලිඛිත ඉතිහාසයේ මෙන්ම ජනප‍්‍රවාදයේද ස`දහන්ව ඇත.

මේ ජනප‍්‍රවාදයේ ස`දහන් එවන් එක් කතාවකි.
ඇයගේ නම ලීලාවතීය. ඇය වංශවත් සිංහල රදළ පවුලක උපන් සුරූපී යුවතියකි. කලෙක රයිගම පාලනය කළ වීර අලකේෂ්වර රජුගේ සේනාධිනායකයකුගේ මිනිබිරියකි. ඒ වන විට කෝට්ටේ රාජ්‍යය පාලනය කරමින් උන්නේ ධර්මපාල රජු වූ අතර සීතාවක රාජධානිය පාලනය කරමින් උන්නේ සීතාවක රාජසිංහ රජුය. පෘතුගීසීන්ට පක්ෂව උන් ධර්මපාල රජුත් පෘතුගීසීන් සමග නිරන්තරව යුද්ධ කළ සීතාවක රාජසිංහ රජුත් අතර වූයේ නොමනාපයකි. එනිසා කෝට්ටේ හමුදාවත් සීතාවක හමුදාවත් අතර සටන්ද ඇති විය.

ලීලාවතිය කෝට්ටේ ධර්මපාල රජුට පක්ෂපාතී පවුලක යුවතියකි. ඇයද ධර්මපාල රජුට පක්ෂපාතී වූවාය. ගෞරව කළාය.

වරෙක ඇය කෝට්ටේ රජමාලිගාව අසල වූ පින්කම් පොළකට ගියාය. පින්කම් පොළ සෙන`ගින් පිරී තිබිණ. ඒ සෙන`ග අතරේ සිට තමා දෙස උනන්දුවෙන් බලා සිටිනා භික්ෂුවක ලීලාවතිය දුටුවාය. ඔහු තරුණ භික්ෂුවකි. දුටුවන් පහදවන පෙනුමෙන් යුක්තය. එහෙත් තරුණියක දෙස මෙතරම් උනන්දුවෙන් බලා සිටීම භික්ෂුවකට නොතරම් කමකි. එනිසා ලීලාවතිය එදෙස නොබලා අහක බලාගත්තාය.

පසුදින උදෑසනම ලීලාවතියගේ නිවසට අමුත්තකු පැමිණියේය. හේ කඩවසම් තරුණයෙකි. සෙන්පතියෙකුගේ ඇ`දුමින් උන්නද පෙනුමින් ඉහළ වංශවත් පවුලකින් පැවත එන්නෙකුගේ මෙනි. කොහොම වෙතත් මුහුණුවර දුටු සැණින් ඔහුව හ`දුනා ගන්නට ලීලාවතියට හැකි විය.

ඒ පෙරදා පින්කම් පොළේදී ඇය දෙස උනන්දුවෙන් බලා උන් තරුණ භික්ෂුවමය.
ඔහු තමාව හ`දුන්වා දුන්නේ ”ටිකිරි බණ්ඩා” යනුවෙනි. තමා භික්ෂුවක ලෙස වෙස් වලාගෙන පින්කම් පොළට ආවේ කෝට්ටේ රජුට එරෙහිව සීතාවක රජු එවූ චරපුරුෂයින් සිටීදැයි දැනගන්නට බව කී ඔහු තමන් කෝට්ටේ ධර්මපාල රජුගේ සේනාවේ සෙන්පතියකු බවත් කීවේය.

කොහොමත් කෝට්ටේ රජුට පක්ෂපාත ලීලාවතියගේ පවුලේ උදවිය ඔහුව සතුටින් පිළිගත්හ. තමන් ලීලාවතියව ආවාහ කරගන්නට කැමති බවට ”ටිකිරි බණ්ඩා” කළ යෝජනාවද ලීලාවතීගේ පවුලේ උදවිය පිළිගත්තේ සතුටිනි.

ලීලාවතියගේ වැඩිමහල් සොහොයුරා ලොකු බණ්ඩාද කෝට්ටේ ධර්මපාල රජුගේ හමුදාවේ සෙබළෙකි. එනිසා ටිකිරි බණ්ඩා සමග තම නැගණිය විවාහ වනවාට ඔහුද සතුටු විය. ලීලාවතිය හා විවාහ වී ලීලාවතියගේ නිවසේ රැු`දී ඉ`දිමින් කෝට්ටේ හමුදාව වෙනුවෙන් කළ යුතු රාජකාරි කරන්නට ටිකිරි බණ්ඩා සූදානම් විය. සීතාවක රාජසිංහ රජුගේ හමුදාව නිරන්තරව කෝට්ටේ රාජධානියට ප‍්‍රහාර එල්ල කරන නිසා නිරතුරුවම එවැනි ප‍්‍රහාරවලට යන්නට සිදුවෙන බවත්, ඒ කාර්යයට යෑමට ඒමට ලීලාවතියගේ නිවසේ නැවතී සිටිම පහසුවක් බවත් ”ටිකිරි බණ්ඩා” කීවේය.

ලීලාවතිය කෝට්ටේ ධර්මපාල රජුට අතිශය පක්ෂපාතී කාන්තාවක් වූ නිසාම තම ස්වාමියා සීතාවක රාජසිංහ රජුට එරෙහිව කරන යුද්ධවලදී එසේ හෝ සහායක් වෙන්නට ලැබීම ගැන සතුටු වූවාය. එලෙසින්ම ඇය කෝට්ටේ රාජධානියට නිරන්තරව ප‍්‍රහාර එල්ල කරන සීතාවක රාජසිංහ රජුට වෛර කළාය.

”ටිකිරි බණ්ඩා” යන නමින් තමන් හා මේ නිවසේ රැු`දී සිටිනා තම ස්වාමියා අන් කවරකුවත් නොව තමා බෙහෙවින් වෛර කරන සීතාවක රාජසිංහ රජුම බව ලීලාවති දැන උන්නේ නැත.

ඒ බව මුලින්ම දැනගත්තේ ලීලාවතීගේ සොහොයුරු ලොකු බණ්ඩාය. කෝට්ටේ රජ වාසල ආරක්ෂක සෙබළෙකු වූ ඔහු කෝට්ටේ රජවාසලට පහර දෙන්නට සේනාව මෙහෙය වූ ඒ අසහාය පුරුෂයාව හ`දුනා ගත්තේය. ඒ වෙන කවරකුවත් නොව තම මස්සිනාම බව ඔහු හ`දුනා ගත්තේය.

එසේම කෝට්ටේ ධර්මපාල රජු පෘතුගීසීන් හා එක්ව රටට කරන ද්‍රෝහිකම් තේරුම් ගෙන උන් ලොකු බණ්ඩා, රට වෙනුවෙන් සටන් කරන සීතාවක රාජසිංහ රජුගේ හමුදාවට එක් වන්නටද තීරණය කළේය.

තමන්ගේ හමුදාවට එක් වෙන්නට පැමිණි ලොකු බණ්ඩාට සීතාවක රාජසිංහ රජු සත්‍ය පැවසුවේය. ඉන්පසු ලීලාවතියවත් පවුලේ උදවියවත් කැ`දවාගෙන එන්නට කියා ලොකු බණ්ඩාට තෑගි බෝගද දී පිටත් කළේය. රාජසිංහ රජු ගැන තව දුරටත් පැහැදුණු ලොකු බණ්ඩා නිවසට ගොස් තම පවුලේ උදවියට කියා සිටියේ රටට ද්‍රෝහි වන කෝට්ටේ රජුට පක්ෂපාත වූවා දැන් ඉතින් ඇති බවත්, තම මස්සිනා වූ රාජසිංහ රජුගේ හමුදාවට එක්වීමට තමන් තීරණය කළ බවත්ය. රාජසිංහ රජුගේ යහපත් ගතිගුණ ගැනද කියූ ඔහු ලීලාවතියව රජවාසලට කැ`දවාගෙන එන්නට තමාට නියම කළ බවද කීවේය.

මේ විස්තරය ඇසූ ලීලාවතීගේ සිතේ උපන්නේ තරහකි. රාජසිංහ රජු සැබෑ වගතුග වසන් කොට තමාව විවාහ කරගැනීම ගැන ඇයට ඇතිවූයේ කෝපයකි.

”ඔහුට උවමනා වුණේ අපේ ගෙදර ඉ`දන් කෝට්ටේ අපේ රජතුමාට විරුද්ධ සටන් මෙහෙයවන්න විතරයි. ඒ නිසා ඔහු මාව රැුවැට්ටුවා.. ඔහු මට ඇත්තටම ආදරය කළා නම් ඔහුම ඇවිදින් මාව රජ වාසලට කැ`දවාගෙන යා යුතුයි..” ලීලාවතිය උත්තර දුන්නාය.

රාජසිංහ රජු තමාට කළේ වංචාවක් පමණක් යැයි සිතූ ලීලාවතී ඔහු කිසි දිනෙක පැමිණ තමාව වාසලට කැ`දවාගෙන යනු ඇතැයි කිසි විටෙක නොසිතුවාය. තමාව රැුවටීම ගැන උපන් කෝපයෙන් ඇය කෝට්ටේ ධර්මපාල රජු හමුවන්නට ගොස් සීතාවක රාජසිංහ රජු ගැන මේ විස්තර සියල්ල ධර්මපාල රජුට කීවාය.

ඒ් අතර ලොකු බණ්ඩා ගොස් පැවසූ ලීලාවතියගේ පිළිතුර ඇසූ රාජසිංහ රජතුමා ඇයව රජවාසලට කැ`දවාගෙන යන්නට තමාම පැමිණියේය. තමාව කැ`දවාගෙන යන්නට එන රාජසිංහ රජතුමා දුටු ලීලාවතිය ඔහු තමන්ට සැබැවින්ම ආදරය කළ බව තේරුම් ගත්තාය. එහෙත් ඒ වන විටත් ඇය ඔහු ගැන සියලූ විස්තර කෝට්ටේ රජතුමාට කියා ද්‍රෝහීකමක් කොට තිබූ බැවින් ඔහුට මූණ දෙන්නට ශක්තියක් ඇයට තිබුණේ නැත.

මහත් කනස්සල්ලටත් පසුතැවීමටත් පත් වුණු ලීලාවතී දිවගොස් අසලින් ගලා යන දියවන්නා ඔයට පැන්නාය. බොහෝ වෙලාවක් දියවන්නා පතුලේ සෙවූ පසුව රාජසිංහ රජුටත් ලීලාවතියගේ පවුලේ අයටත් ගොඩට ගෙන එන්නට හැකි වූයේ ලීලාවතියගේ මළ සිරුර පමණකි.

ශෝකාන්තයකින් කෙළවර වූ ඒ අප‍්‍රකට ආදර කතාව පමණක් නොව වැඩියෙන් කතා බහට ලක් වුණු තවත් ආදර කතාවක්ද සීතාවක රාජසිංහ රජුට ඇත. ඒ ආදර කතාව පටන් ගන්නා විට රජුට මැදිවියත් ඉක්ම ගොසිනි.

වරක් රජු පෙතන්ගොඩ උයනට යන අතරමගදී ගනේගොඩ ගමදී පිහිල්ලකින් දිය නාන අතිශය රූමත් තරුණියක දුටුවේය. දුටු මනතින්ම මේ තරුණිය කෙරේ සිත් බැ`දුණු රාජසිංහ රජතුමා ඇය ගැන සොයා බලද්දී දැනගන්නට ලැබුණේ ඇය දොඩම්පේ ගණිතයාගේ දියණිය බවයි. දොඩම්පේ ගණිතයා ඒ වන විට සීතාවක රජවාසලට සේවය කරමින් උන් දක්ෂතම නක්ෂත‍්‍රකරුවා විය.

දොඩම්පෙ ගණිතයාගේ මේ රූමත් දියණියගේ නම මල්වතී විය. මල්වතී හා සම කළ හැකි රුවැත්තියක ඒ පළාතටවත් උන්නේ නැත. මල්වතීගේ රූපය දුටු ගමන් පෙමින් බැ`දුණේ රාජසිංහ රජු පමණක් නොවේ. මේ කාලය තුළ රාජසිංහ රජු වෙනුවෙන් උඩරට රාජ්‍යය පාලනය කරමින් උන් රාජසූර්ය කුමාරයාත් මල්වතීට පෙම් කළේය. රාජසූර්ය කුමාරයා යනු රාජසිංහ රජුගේ එකම දියණිය වූ මැණික් බිසෝ බණ්ඩාර කුමරියගේ වැඩිමල් පුතුය. ඒ අනුව බලන කල රාජසූර්ය කුමාරයා රාජසිංහ රජුගේ මුනුපුරකු විය.

රාජසිංහ රජු මේ පෙම් බැ`දගත්තේ තම මුනුපුරාගේ පෙම්වතියටය. රාජසූර්ය කුමාරයාගේත් මල්වතීගේත් සම්බන්ධයට දොඩම්පේ ගණිතයාගේ පවා විරෝධයක් නොමැති වීය.

එහෙත් මල්වතිය තම අන්තඃපුරයට එවන්නැයි සීතාවක රාජසිංහ රජු කරන ලද නියෝගයට පිටුපාන්නට තරම් ශක්තියක් දොඩම්පේ ගණිතයාට නොවීය. රාජ උදහසට ඇති බිය නිසාම මල්වතියව රාජසිංහ රජුට පාවා දුන් නමුත් ඇයට වඩා වයස දෙගුණයකටත් වැඩි රජුට ඇයව ආවාහ කොට දෙන්නට සිදුවීම නිසා දොඩම්පේ ගණිතයා රජු කෙරේ වෛර බැදගත්තේය. තම පෙම්වතිය තමාගෙන් පැහැර ගැනීම ගැන රාජසූර්ය කුමාරයාද රාජසිංහ රජු කෙරේ තරහින් පසු විය.

මේ කිසිවක් නොදත් රාජසිංහ රජු තම ලාබාල මල්වතී බිසවට තදින්ම ආදරය කළේය. ඇයව තම අගබිසව බවටද පත් කරගත්තේය. අවාසනාවකට මෙන් පසු කලෙකදී මල්වතී බිසවට වසංගත රෝගයක් වැලදුණි. මුලූ රාජධානිය පීරා හො`දම වෙදුන් කැ`දවා වෙදකම් කළද මල්වතී බිසව ඒ වසංගත රෝගයෙන් සුවපත් කරගැනීම කළ නොහැකි විය. ඇය එයින්ම මිය ගියාය.

තම සුරූපී බිසවගේ මරණයෙන් අතිශය ශෝකයට පත් රාජසිංහ රජු ඇය වෙනුවෙන් පත්තිනි දෙවොලක් කරවූයේය. ඒ මැදගොඩ පත්තිනි දේවාලයයි. රාජකීය පේ‍්‍රමයක් වෙනුවෙන් ඉදිවුණු සිහිවටනයක් වන මෙයත් එක්තරා ආකාරයට ටජ්මහලක් වැනිය. එනිසා ඇතැමුන් මැදගොඩ පත්තිනි දේවාලයට ”ලංකාවේ ටජ්මහල” යැයිද කියති.

පසුකාලයක රාජසිංහ රජුගේ මරණයට හේතු වූයේද මේ මල්වතී බිසවට බැ`දි පේ‍්‍රමයමය.
මල්වතී විවාහ කරගත් නිසා රජු කෙරේ වෛර බැ`දගෙන උන් රාජසූර්ය කුමාරයාත්, දොඩම්පේ ගණිතයාත් එක්ව රාජසිංහ රජුට එරෙහිව කුමන්ත‍්‍රණ කරන්නට වූහ. ඔවුන් උන්නේ රාජසිංහ රජතුමාගෙන් පළිගැනීමට මාන බලමිනි.
ඔවුන්ට ඊට සුදුසු අවස්ථාව එළඹුණේ සීතාවක රජු බලන සටනින් පැරදී සිත් තැවුලෙන් යුතුව ආපසු එමින් සිටියදීය. අතරමගදී රුවන්වැල්ලේ පිහිටි පෙතන්ගොඩ උයනට විවේක ගන්නට යමින් සිටියදී රජු අසුපිටින් ඇද වැටී පතුලේ උණ කටුවක් ඇණී රෝගාතුර වූයේය. මන්දාරම් පුර පුවතෙහි එසේ සටහන් වුවත් ඇතැම් තැන් වල කියැවෙන්නේ රාජසූර්ය කුමරුන් තම සහචරයන් යොදවා පහරදී රාජසිංහ රජුගේ පාදය බින්දවූ බවයි.

කෙසේ වුවත් මේ ඇතිවූ පාදයේ තුවාලයට දොඩම්පේ ගණිතයා ලවා විෂ බන්දවන්නට රාජසූර්ය කුමාරයා කටයුතු කළේය. දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගේ තුවාලයේ විෂ වැඩි වෙන්නට ජප කළ නූලක්ද ගැටගැසූ බවත්, ඒ නූල ජපකරමින් එන අතරමගදී නූලට වරින් වර ගැට දැමූ බවත් ජනප‍්‍රවාදයේ කියවෙයි. එසේ නූලට හැත්තෑවෙනි ගැටය දැමූ තැන ”ගැටහැත්ත” නම් වී යැයි කියයි.

විෂ බැන්දවූ පසුව රජුගේ රෝගය යාමයෙන් යාමයට වැඩි විය. අවසානයේදී රජු ඒ විෂෙන්ම මිය ගියේය. රජු මිය ගිය පසුව රජ පවුලේ උදහසට බියෙන් දොඩම්පේ ගණිතයා පලා ගොස් සැගවුණු දුර්ගය ”ගණිතකන්ද” නමින් නම් වෙයි.
පෘතුගීසීන් බියෙන් ඇලළවූ සිංහලේ මහා රණශූරයාගේ මෘත දේහය මිහිදන් කළ සොහොන අදටත් අවිස්සාවේල්ල ගුරුගොඩැල්ල පාරේ තල්¥ව හන්දියේ සිට කිලෝමීටර් කිහිපයක දුරින් පිහිටා ඇත.

නිම්මි මුදිතා හේරත්

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි