අනිවාර්යෙන්ම කවදාහරි මේක ඔයාට වැදගත් වෙයි

Rail hike එකක් යද්දී ඒ යන මාර්ගයේ hike කරන වේලාව ඇතුළත ගමන් ගන්න දුම්රිය වේලාවල් ගැන තිතටම දැනගෙන ඉන්න ඕන. නැත්තං බිංගෙයක් ඇතුළෙන් යන අතර මග කෝච්චිය ආවොත් වෙන්න පුළුවන් මොකක්ද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. හරි අපේ ගමන යමු.

අපි කට්ටියම කතා කරල පළවෙනි උමග පහුකරන්න අවදානමක් නෑ කියල තීරණය කරල, කට්ටියම බිංගෙය ඇතුළට අඩිය තියන්න ගත්තා.

“ ඇතුළෙ කළුවරයි කවුරුහරි phone තියන torch on කරගන්න”
ඒ උපදේශය මේනකගෙන්. ටිකෙන් ටික ඇතුළට යද්දි කළුවර වැඩි වෙනකොට සිල්පර කොටන් උඩට හරියට අඩිය තියාගන්න අමාරුයි. එළිය මදි නිසා වැරදිලා සිල්පර කොටන් දෙකක් අතරට අඩිය තියවුණොත් කකුල පැටලිලා වැටෙන්න පුළුවන්. මේ ඔක්කොම අවදානම් අස්සෙ හිතේ කොනක තියනව ලොකුම බය.

ඒ තමයි මේ වේලාවට කෝච්චිය ආවොත් මොකද කරන්නෙත්‍ව බිංගෙයි දෙපැත්තෙන්ම තියෙන්නෙ කළු ගල් කඩල හදපු රළු බිත්තිය. බිත්තියයි රේල් පාරයි අතර අඩි තුනක හතරකට වඩා වැඩි දුරක් නෑ. ඒ නිසා කෝච්චිය එද්දී බිංගෙයක් අස්සෙ හිර වුණොත් sorry තමයි.

ඇත්තටම කෝච්චියක් ආවොත් මොකද කරන්නෙ.. බේරෙන්න විදියක් ඇත්තෙම නැද්ද?
නෑ තියෙනවා. සුද්දා අපි හිතන තරම් මෝඩ නෑ. මේ බිං ගෙවල් හදල තියෙන්නෙ 19 ශතවර්ෂයේ අග තිබුණ ප්‍රාථමික තාක්ෂණය යොදාගෙන වුණත් බිංගෙයක් ඇතුළෙ කෝච්චියක් එද්දී හිර වුණොත් බේරෙන්න විදියකුත් නිර්මාණය කරන්න සුද්දා සමත් වෙලා තියනවා.

ඒ උපක්‍රමය තමයි “man holes” ඒ කියන්නෙ දෙපැත්තෙ බිත්තියේ තියෙන කණුගාව ඍජුකෝණාස්‍රාකාරව අඩි දෙකක් විතර ගැඹුරට කඩලා හදපු කවුළු. හදිස්සියේ බිංගෙයක් ඇතුළෙ දී කෝච්චිය ආවොත් මේ ප්බයදකැ එකක් ඇතුළට ගිහින් මිනිස්සු තුන් දෙනෙක්ට විතර ලැගුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිංගෙයි දිග අනුව බිංගෙයක් ඇතුළෙ මේ වගේ ප්බයදකැි පහක් හයක් වුණත් තියෙන්න පුළුවන්.

පළවෙනි බිංගෙය ඇතුළෙ වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ අමුතුම දුර්ඝන්ධයකින් මුළු බිංගෙය ම වැහිල ගියා. වෙන මොකවත් නෙවෙයි, මේ බිංගෙවල්වල තමන්ගේ අණසක පතුරව ගෙන ඉන්න වවුලන්ගේ මලපහවලින් තමයි මේ ගඳ එන්නෙ.

උඩ බැලුවම කෝච්චියේ කළු දුම්වලින් අඟුරු පාටට හැරුණු ගලින් හැදුණු ආරුක්කු වහලේ තැනින් තැන පුංචි තිත් වගේ වවුලන් දහස් ගාණක් බලාගන්න පුළුවන්. හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදගෙන යනකොට බිංගෙයි අනික් කෙළවරින් එන එළිය යන්තමින් පේන්න ගත්තාම තමයි හැමෝටම ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

අපිට තව කිලෝමීටරයක් යන්න ලැබුණෙ නෑ ඊළඟ බිංගෙය මුණ ගැහුණා.
“මේක ඇතුළට නොයා කෝච්චිය එනකම් ඉමු. දැන් වෙලාව හරි”
එළියට වෙලා අපිට පැය කාලක් ඉන්න වුණේ නැහැ ඵ5 ජර්මන් එන්ජිමක් හයි කරපු බදුලු කෝච්චිය නුවර පැත්තට යන්න හූ හඬ තියාගෙන බිංගෙය ඇතුළට ඇතුළු වුණා. දුම්රියේ ඉඳපු රියැදුරු මහත්තයා අපිට අත වනන්න අමතක කරේ නෑ.

ඉදල්ගස්හින්න ඔහිය අතර තියෙන බිංගෙවල් 14 වෙනස් දිගවල්වලින් යුක්ත වෙනවා. දිගින් වැඩිම බිංගෙය තමයි අංක 29. දිගින් 180 ප වෙන මේ බිංගෙය හමුවෙන්නෙ ගමනේ මැදට වෙන්න. අපි බිංගෙවල් එකින් එක පහුකරගෙන යද්දි හමුවුණු කොටම බිංගෙය තමයි අංක 26 බිංගෙය. මේකේ දිගයි උසයි දෙකම එක සමාන නිසා “වට්ටක්කා බිංගෙය” කියලත් හඳුන්වනවා කියල අපිට පස්සේ දැනගන්න ලැබුණා.

බිංගෙවල් හතරක් හරියටම දිගින් සමානයි. අංක 25ල 30ල 32 සහ 35 යන බිංගෙවල් දිගින් හරියටම මීටර් 80 ක් වෙනවා. මේ ගමනෙදී අපිට මුණගැසුණේ බිංගෙවල් විතරක් නෙවෙයි. මිනිස් පුළුටක් දකින්නවත් නැති මේ මහා මූකලාන මැදින් යන රේල් පාරෙ නඩත්තු කටයුතු කරන දුම්රිය කාර්මික සේවකයින් කිහිප දෙනෙකුත් අපිට අතරමගදී මුණගැසුණා.

දුම්රිය මාර්ගයේම කෙළවරක හදාගත්ත පොඩි ලී වාඩියක තේ උගුරක් බීලා ඒ වාඩියේම තියෙන ලී ඇඳන්වල රැය පහන් කරන ඔවුන් දිහා දැක්කාම මට හිතුණෙ අපේ සමහර මිනිස්සුන්ට දස දහස් ගණනින් සැප සම්පත් ලැබිලත් තව ඒවා පස්සේම හඹා යන අතරෙ තමන්ට තමන්ගේ ජීවිතේ ගැනම වුණත් ගන්න පුළුවන් තීරණ බොහොම සීමිත වෙච්ච රේල් පාරෙ යකඩවලටම ජීවිතය කැපකරපු ඔවුන්ගේ දුක ගැන.

අපි හෙමින් හෙමින් හෝර්ටන්තැන්න වනාන්තරය මැදින් ගමනේ අවසානය දක්වාම ළඟා වෙලා හිටියේ. ඒත් ගමන ඉවර වෙන්න කිට්ටුව රේල් පාරේ පැත්තකින් ගහල තිබුණ ලී පුවරුවක තිබුණ වචන ටික කියෙව්වම අපේ කණ්ඩායමේ කෙල්ලො ටික චකිතයක ට පත්වුණත් බහුතරයක් කොල්ලන්ට තිබුණේ කුතුහලයක්.

ඒකෙ තිබුණේ “මබනබදඅබ ටර්ඩැ” කියල. රේල් පාරෙන් එළියට ගිහිං පොඩි ලඳු කැලෑවක් මැද්දෙන් පොඩි කඳු ගැටයක් උඩට ගියපු අපිට ගල්වලින් කරපු සොහොනක් දකින්න ලැබුණා. පස්සෙ ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් කරපු විමසීමේදී අපිට දැනගන්න ලැබුණෙ මේ සොහොන දුම්රිය මාර්ගය සෑදීමේදී මියගිය බි්‍රතාන්‍ය සුදු ඉංජිනේරුවකු සිහිකරල හැදුව කියලා ගොඩක් අය විස්වාස කරනවා කියලා.

අංක 24 බිංගෙයි උඩට හරිම අපහසුවෙන් නැඟලා අපේ කිහිප දෙනෙක් ඡායාරූප ගත්තාට කිසිම අවස්ථාවකදී ඔබ එවැන්නක් උත්සාහ නොකරන ලෙසට ආයාචනා කරන්නෙ මේ බිංගෙවල්වල පැත්තෙන් තියෙන බොහොමයක් බෑවුම් අඩි 100 කට එහා නිසා. පැය තුන හමාරක වෙහෙසකර විනෝදාත්මක ත්‍රාසජනක ගමනකින් පස්සෙ හවස් වෙද්දී ඔහියට අපි ළඟා වුණා. තවත් දවසක මේ වගේම වෙනස්ම සංචාරක අත්දැකීමක් එක්ක මුණගැසෙන තුරු ඔබට සුබ ගමන්..

ගනිඳු මාධව