ලෝකයම මවිත කරන හෙළයාගේ ලොව දැවැන්තම ගඩොල් නිර්මාණය

පෘථීවියේ මිනිසා යන ජීවියා බිහිවී චිරන්තන කාලයක්‌ තිස්‌සේ යුග ගණනාවක්‌ පසුකරමින් මේතාක්‌ රැස්‌කළ දැණුම, දායාදකළ ශිල්පඥානය, ඉතිරි කර ගිය උරුමය ගෝලීයව ගත් කල අනන්තය අප්‍රමාණය. ඒ නව සොයාගැනීම් හා නිර්මාණ සියල්ලේ උල්පත මිනිසාගේ මනසයි.

ද්‍රව්‍යාත්මක සාධක ඔස්‌සේ ඒ මිනිසාගේ අතීතය පිළිබඳ අධ්‍යයනය පුරාවිද්‍යා විෂයෙන් සිදුවේ. ඒ අනුව අප මුතුන්මිත්තන්ගෙන් ශ්‍රී ලාංකිකයන් වන අපට උරුම වූ දායාදයන් අපමණය. ඒ සාඩම්බර වූ දායාදයන් අනාගත ප්‍රජාවට සුරක්‌ෂිත කර තැබීම ශිෂ්ටාචාරගත වූ වත්මන් මානවයාගේ වැදගත් වගකීමක්‌ බවට පත්ව ඇත.

ඒ අනුව වසර 2500 කටත් වඩා ඈත අතීතයකට හිමිකම් කියන ඡේතවන ආරාම සංකීර්ණය ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ එක්‌ දියුණු අදියරක්‌ පෙන්වා දීමට සමත් වේ.

ලොව දැවැන්තම ගඩොල් නිර්මාණය ලෙස සැලකෙන මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක අනුව එහි ඓතිහාසික අවධිය ක්‍රි(ව 3 වැනි සියවස දක්‌වා දිවයන්නකි. එතැන් සිට 12 වන සියවස දක්‌වා විවිධ රාජ්‍ය අනුග්‍රහ යටතේ සංවර්ධනය වෙමින් පැවති බවට ඓතිහාසික සාධක සුලබය. වර්තමාන පුරාවිද්‍යා සංරක්‌ෂණවලින් පසුව පහත සඳහන් ආකාරයට එහි මිණුම් පවතී.

ගර්භයේ පාමුල (ඉහළම පේසාව අසල) විෂ්කම්භය අඩි 325 කි

පාදමේ විෂ්කම්භය අඩි 367 කි .

පළමු පේසාවේ උස (සලපතළ මළුවේ සිට ) අඟල් 0.69කි .

දෙවන පේසාවේ උස ( සලපතළ මළුවේ සිට ) අඩි 11 අඟල් 6 කි

තුන්වන පේසාවේ උස (සලපතළ මළුවේ සිට ) අඩි 16 අඟල් කි.

තුන්වන පේසාවේ ඉහළ සිට හතරැස්‌ කොටුවේ (පාමුලට) අඩි 150 ක්‌ අඟල් 6 කි.

තුන්වන පේසාවේ ඉහළ හතරැස්‌ කොටුවේ (ඉහළට) අඩි 183 කි.

සලපතළ මළුවේ සිට කොත්කැරැල්ලේ ඉහළට ඇති වර්තමාන උස අඩි 232 කි.

මහාවිහාරය, අභයගිරිය හා මිරිසවැටිය යන විහාර සංකීර්ණ සමග ගත් විට ඡේතවන ආරාම සංකීර්ණයේ ඉදිකිරීම් ආරාම සංකීර්ණය පැතිරී ඇති වපසරිය අතින් තෙවන ස්‌ථානයේ පසුවේ. මෙම මනරම් බිම් කඩ නැගෙනහිරින් හා දකුණින් මල්වතු ඔයෙන්ද බටහිරින්ද හාල්පානු ඇළෙන්ද වට වී ඇත. ඓතිහාසික මූලාශ්‍ර අනුව ඡේතවන ස්‌තූපයේ ඉතිහාසය පිළිවෙළින් ඉදිරිපත් කළ හැකිය.

මහාවංසය ආදී පැරණි මූලාශ්‍රවලින් (ම.ව පි. 26, 35, 156 (33-34 ප-) ශිලා ලේඛන කිහිපයක (E.Z VOl III, 1994, P. 227) දෙනානකය, ජෝතිවන විහාරය, දෙනා වෙහෙර, ඡේතවන නිකාය, සාගලික නිකාය යනාදී නම්වලින් හඳුන්වා ඇත. ක්‍රි(ව 3 වන සියවසේ මහසෙන් රජුගේ ප්‍රධානත්වයනේ (ක්‍රි(ව 276-303) (ම.ව, පි. 197)

”සතවිසි හවුරුද්දක්‌ රජ කරාවී ” (රා.ර, පි. 21)

”මෙවකට අප බුඳුන් පිරිනිවී අටසිය අටලොස්‌ හවුරුඳු නව මස්‌ දවසෙක්‌ අතික්‍රාන්ත විය”

මහසෙන් රජු ඡේතවන විහාරය ඉදිකරන්නේ මහාවිහාරයට අයත්ව තිබූ නන්දන උයනෙහිය. මහා විහාරයේ සීමා උල්ලංඝනය නොකර එම ස්‌ථානයේ ඡේතවන විහාරය ඉදි කළද මහවංසකරු එය මහසෙන් රජුගේ නිර්මාණයක්‌ යෑයි කීමට මැලි වී තිබේ. ඒ, මහසෙන් රජුට පසුව රජ කළ නරපතීන් කිහිපදෙනකු විසින් මෙම ස්‌තූපය ප්‍රතිසංස්‌කරණය කළ බව පමණක්‌ සඳහන් කර ඇති හෙයිනි.

ඒ හේතුව මත පසුකාලීන සාහිත්‍යකරුවන් කිහිප දෙනකු විසින් රචිත මූලාශ්‍ර කිහිපක්‌ම ඡේතවන ස්‌තූපයේ මහසෙන් රජුගේ නිර්මාණයක්‌ බව ස්‌ථීර කොට දක්‌වයි ”දෙනාතක නම් මහ සෑය බඳවා” මහනුවර සමයේ රචිත රාජරත්නාකරයෙත් කෝට්‌ටේ යුගයේ රචිත පැරකුම්බා සිරිතෙහිත් සඳහන් වන්නේ ඡේතවන ස්‌තූපය මහසෙන් රජුගේ නිර්මාණයක්‌ බවයි.

මහසෙන් රජු තම ඇදුරු සංඝමිත්‍ර භික්‍ෂුවගේ උපදෙස්‌ අනුව මහා විහාරිකයන්ට එරෙහිව වෛතුල්‍යවාදී සාගලික නිකායිකයන් උදෙසා ඡේතවන විහාරය ඇති කරන ලදී. (ම.ව, පි. 199 (33-34 ප-) මේ හේතුවෙන් මහාවිහාරය පාර්ශ්වයට ඉතා අභාග්‍ය සම්පන්න සමයක්‌ උදාවිය. ඒ නිසා මහානාම හිමියන් ඡේතවන ස්‌තූපය පිළිබඳ කිසිම සඳහනක්‌ සිදු නොකරන්නට ඇත.

මහසෙන් රජුට පසුව රජ පැමිණි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජු විසින් මහසෙන් රජු විසින් අඩක්‌ නිම කරන ලද විහාර කර්මාන්තයේ වැඩකටයුතු නිම කරවීය. (ම.ව,II පි. 2) එසේ සඳහන් කිරීමට හේතුව ලෙස කිත්සිරි මෙවන් රජු මහාවිහාරයට පක්‍ෂපාතීව කටයුතු කළ නිසා බව කල්පනා කළ හැකිය. 37 වන පරිච්ඡේදයේ දෙවන කොටස සහ 38 වන පරිච්රේදයේ විස්‌තර ලියූ කතුවරයාට මහසෙන් රජු සමඟ අමනාප වීමට කිසිදු හේතුවක්‌ නොතිබූ නිසා එම පරිච්ඡේදය අපක්‍ෂපාතීව ලියෑවෙන්නට ඇත.

ඡේතවන ස්‌ථුපයේ ඉදිකිරීම හා එහි නිධන් කළ ධාතු පිළිබඳ කිසිදු සඳහනක්‌ කිරීමට හෝ එකී ඉදිකිරීම පිළිබඳ කිසිදු සඳහනක්‌ සිදු නොකිරීමට රචනාවේ ඉඩක්‌ වෙන් නොකළහ.

නමුත් පූජාවලියේ ජනප්‍රවාද ස්‌වරූපයෙන් ඡේතවන ස්‌තූපයේ තැම්පත් කළ ධාතුන් වහන්සේලා පිළිබඳ සඳහන් කර තිබේ. පූජාවලියේ කතුවරයා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කපාගත් කොටසක්‌ තැන්පත් කර මෙම ස්‌තූපය බැන්දවූ බවයි.

ඒ විස්‌තරය අනුව මහසෙන් රජු දෙනානක නම් මහා සෑය බඳවා ධාතු තැන්නෙන් දෙවියන්ට අයෑද ආකශය බැලීය. ”ඒ කෙනෙහි දෙවියෝ අප බුදුන් බැඳි පටී ධාතුව ගෙන ආකශයෙහි එල්වා පෑහ, යනුවෙන් තැම්පත් කිරීමට පටී ධාතුවෙන් කොටසක්‌ ලබාගත් බව සඳහන් වේ.

පැරකුම්බා සිරිතේ කතුවරයාද පටී ධාතුන් වහන්සේ පිළිබඳ විස්‌තරය තවදුරටත් විස්‌තර කරයි. බුදුන්වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක්‌ කපා ඡේතවන ස්‌තූපයේ නිධන් කළ බව පූජාවලියේ එන විස්‌තරයට සමානව සඳහන් කර තිබේ. එය සනාථ කරවන සිදුවීමක්‌ වන මිහිඳු රජුගේ කාලයේ වර්ණනාවේ අනුරාධපුරය ආක්‍රමණය කළ සොලීන් රජ ගෙදරින් පැහැරගත් රාජ කකුධ භාණ්‌ඩ අතර කැපූ පටී ධාතුවෙන් කොටසක්‌ද වූ බව මහාවංසයේ සඳහන් කර ඇත. (ම.ව, II පි. 89 (17, 18 පරි)

කෙසේ වෙතත් මහාවිහාර පාර්ශ්ව භික්‍ෂුන් රජුට ධාතුන් වහන්සේලා ලබාදීමට ඉදිරිපත් වී නැත. එකල ධාතුන් වහන්සේලා තිබුණේ බෝහෝ විට භික්‍ෂුන් වහන්සේලා සතුවය ඒ අනුව මහසෙන් රජු ඔහුට ලැබුණු පටී ධාතුවෙන් කොටසක්‌ ස්‌තූපයේ තැම්පත් කර කොටසක්‌ රාජ්‍ය බාරයේ තබා ගත් බව සිතිය හැක.

ඡේතවන ස්‌තූපය පිහිටි ප්‍රදේශය මුල් යුගයේ සාහිත්‍ය හා වෙනත් මූලාශ්‍ර සඳහන් කරන පරිදි නන්දන උයන පිහිටි ප්‍රදේශය වශයෙන් හඳුනාගෙන ඇත. ඉහත සඳහන් නන්දන උයන හා මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳ මූලාශ්‍රයන් හි සඳහන් තොරතුරු බොහෝය.

දීපවංශය සඳහන් කරන ආකාරයට නගරයට දකුණින් පිහිටි මහා නන්දන උයන ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු රාශියක්‌ම ආනාවරණය කර ගැනීමට හැකිව ඇත. (මහා නන්දන නාම උස්‌සියා නාම දක්‌ණ පුරේ) මහාවංශය මෙම ප්‍රදේශය හඳුන්වනනේ දකුණු දොරටුවෙන් පිටත ප්‍රදේශය වශයෙනි. දක්‌ණ ද්වාර හෝ බහී ද්වාර සමන්ත පාසාදිකාවේ සඳහන්ව ඇත්තේ නන්දන උයන දක්‌ණ ද්වාර ප්‍රදේශයේ පිහිටා තිබූ සේය.

නන්දන උයන යනු එකල රාජකීය උද්‍යානයයි. අනෙක්‌ උද්‍යාන මෙන්ම මෙම උද්‍යානයද මනා සැලසුම් සහගතව දොරටු කොටු පවුරු වලින් සමන්විත වූ බව පෙනේ. අනෙක්‌ කරුණ වන්නේ මෙම උයන වාසයට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ නොවේ නම් රාත්‍රිය ගත කිරීමට දේවානම්පියතිස්‌ස රජු මිහිඳු හිමියන් ඇතුළු රාජකීය අමුත්තන් හට ආරාධනා නොකරනු ඇතැයි යන්න මහාවංශයේ එන සඳහනින් තහවුරු වෙයි.

මිහිඳු හිමියන්ට රජතුමා නන්දන උයනට වැඩම කරවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන ලද්දේ මිනිසුන්ගෙන් පිරුණු මේ ගම එයට ආසන්න වීමත් රාත්‍රියට නොයෙක්‌ ඝෝෂා ඇසෙන බව ප්‍රකාශ කරමින්ය. (ම.ව, පි. 15) මෙම රාජකීය උද්‍යානයට බටහිර දිශාවේ රථගාල, වෙළඳ සල් හා කුඹල් ගමේ කොටසක්‌ද තිබී ඇත. මිහිඳු හිමියන් රජතුමා හා ඇමැතිවරුන් ද ඇතුළු පිරිස සමඟ නන්දන උයනේ දකුණු දෙසින් පිහිටි මාවත ඔස්‌සේ පැරණි මහමෙව්නා උයනේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වූ බව මහාවංශයේ සඳහන් කර ඇත. Ê(ම.ව, 15-10 ප-)

මිස්‌සක පව්වට යන ගමන නවතා මිහිඳු හිමි ආපසු හැරුණු ස්‌ථානයේ පසු කලෙක රජු විසින් ‘නිවත්තක ෙච්තිය’ ඉදිකළ බව මහාවංසයේ තවදුරටත් සඳහන් වේ. එම ස්‌ථානය කදම්බ නදිය (මල්වතු ඔය) අසල විය. එම නදිය පිහිටි බවට මහාවංසය පෙන්වා දෙන්නේ නන්දන උයනට නැගෙනහිරින් බවයි.

නන්දන උයනේ නැගෙනහිර සීමාව ගඟට ආසන්නව තිබූ බව මේ තොරතුරු අනුව පෙනේ. මුලින් සඳහන් කරන ලද්දේ කුඹලුන්ගේ ගම ගඟ දක්‌වා පැතිරුණු අතර එය නන්දන උයනට දකුණින් වූ බවයි. මේ යුගයේ කුඹලුන්ගේ ගම ගඟ දක්‌වා පැතිරී ඇත්තෙත් දිය පහරට ළංව පිහිටා ඇත්තේත් අවශ්‍ය මැටි ලබාගැනීමට විය යුතුය. ගඟට ආසන්නව පිහිටා තිබූ කුඹලුන්ගේ මැටි වළක්‌ ගැන මහාවංසයේ සඳහන් කර ඇත.

මිහිඳු හිමියන්ගේ දම් දෙසීමෙන් මිනිසුන් සත්දහසක්‌ පමණ ධර්මාවබෝධය කරගත් ඒ ඓතිහාසික සිදුවීමෙන් අමරණීය වූ ස්‌මාරකයක්‌ බවට පත් වූ නන්ද උයන මිහිඳු හිමි අනුබුදු තත්වයෙන් දෙසු ධර්මය ලෝක පුරා විහිදී ගිය (දීප ජෝති) දීපයම ආලෝකවත් වූ හෙවත් ආලෝකය විහිදී ගිය උයන ජෝතිවන දහම් ආලෝකය ලෝපුරා විහිදී ගිය ස්‌ථානය ලෙස ප්‍රසිද්ධියට පත්විය. මහින්දාගමනය ඡේතවනය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්‌ථානයක්‌ බව ඒ අනුව පැහැදිළි වේ. (ම.ව, ප- 15, පි 24)

ඡේතවන ස්‌තුපය ඉදිකළ ස්‌ථානය මිහිඳු හිමියන් ආදාහනය කළ ස්‌ථානය වශයෙන් වංසකථා සාධක වල එන විස්‌තරය අනුව වියතුන් පෙන්වා දේ, ඔවුහු අනුබුදු මිහිඳු හිමියන් සැම-මට මහසෙන් මහ රජු නන්දන උයනේ ඉදිකළ ඡේතවන මහා විහාරය යනුවෙන් ඡේතවන ස්‌තුපය හඳුන්වා දෙති.

මුලින් ‘තෙරනම්බද්ධ මාලකය’ වශයෙන් හැඳින්වූ මෙම ස්‌ථානය පසුව ‘ඉසි භූ මංගන’ යනුවෙන් හැඳින්වූ බවත් මෙහි මිහිඳු හිමියන්ගේ ආදාහනය සිදු කළ බවත්, හේම රත්නායක අදහස්‌ කරයි. එය මහා වංශයේ විස්‌තර කර ඇත්තේ පුර්ව දිශාබාගයෙහි තෙරුන්ගේ බද්ධමාලක නම් තැන මිහිඳු හිමියන්ගේ දේහය ආදාහනය කළ බවයි.

(ම.ව, පි. 106 (ප- 44-45) නමුත් මෙහි පූර්ව දික්‌භාගය යනුවෙන් සඳහන් කරන ස්‌ථානය ස්‌ථානගත වනුයේ කිනම් ස්‌ථානයක සිටද යන්න මහාවංසකරු සඳහන් කර නොතිබීම එම ස්‌ථානය නන්දන උයන වශයෙන් නිසැකවම පිළිගැනීමට බාධාවක්‌ව පවතී. මහාවංසයට අනුව මිහින්තලේ දී සිදු වූ ඒ හිමිගේ පරිනිර්වාණයෙන් පසු උත්තිය රජ තෙමේ ඇතුළු නුවරට රන්දෙන වැඩමවා අනතුරුව මහා වෙහෙරට එය වැඩම කරවීය. (ම.ව, පි. 106, (ප-.40-41)

මහ වෙහෙරෙහි පැනඹ මළුවෙහි කුලුගෙය සහිත දෙන සත්දිනක්‌ තබ්බවා අනතුරුව මහා සෑය (ථූපාරාමය) ප්‍රදක්‌ෂිණා කරවා පූර්ව දිග්භාගෙයහි තෙරුන්ගේ බද්ධමාලාක නම් තැන සුවද දර සෑයක්‌ කරවා මනරම් කළු ගෙය එහි පමුණුවා දර සෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කළේය යනුවෙන් මහාවංසයෙහි ථූපාරාමය ප්‍රදක්‌ෂිණා කරවීමෙන් පසුව පූර්ව දිශාභාගයෙහි තෙරුන්ගේ බද්ධ මාලක නම් තැන අනුබුදු මිහිඳු හිමියන් ආදාහනය කළ බව සඳහන් කර තිබේ.

වර්තමාන භූ දර්ශනයට අනුව ථුපාරාම දාගැබේ පිහිටීම අප නිශ්චිතව දන්නා නමුත් පුරාණ මහාවිහාරය පිහිටි තැන සහ එකී ගොඩනැඟිල්ලට අයත් නෂ්ටාවශේෂ පිළිබඳව තවමත් තිබෙනුයේ අනුමාන අදහසක්‌ පමණි. දේවානම්පියතිස්‌ස රජු විසින් මහාවිහාරය භූමියේ ඉදිකළ තිස්‌සාරාමයත්, මහාවිහාරයත් එකක්‌ බව පැහැදිලිය.

මිහිඳු හිමි වෙනුවෙන් තිස්‌සාරාමයේ ඉදිකළ පිරිවෙණ ගින්නෙන් වියලවා කාලවර්ණ වූ හෙයින් කාලපාසාද යන නමින් ව්‍යවහාර විය. ඉන්පසු රජු විසින් මහ බෝ ගෙයක්‌ද (බෝධිඝරය) ලෝවාමාහාපාය ද (උපෝසතඝරය) ලහබගත් ගෙයක්‌ ද (බත්හලක්‌) වෙනුවට කරවූයේය. එසේම බොහෝ පිරිවෙන්ද, පොකුණු ද, රාත්‍රි ස්‌ථාන, දිවා ස්‌ථානද කරවූ බව සඳහන් වේ. ‘සුනහත පිරිවෙන’ ඉන් එකකි (ම.ව, පි. 86 (ප- 220-225)

ඉහත ගොඩනැඟිලිවලට බොහෝ ආසන්යෙන් තිස්‌සාරාමය වූ බව සිතිය හැක. දේවානම්පියතිස්‌ස රජු මහමෙවුනා උයනෙහි සිsංහ වික්‍රාන්ත සැලැස්‌මට අනුව මහාවිහාරය සහ ඉහත සඳහන් කළ සියලුම ගොඩනැඟිලි ඉදිකළ බව ඒවායේ නිශ්චිත පිහිටීමක්‌ සමගින් සද්ධර්මාලංකාරයේ ද සඳහන් කර තිබේ.

එම නිසා මහාවිහාරය සහ ඉහත දැක්‌වූ ගොඩනැඟිලි සමූහයෙන් පූර්ව දිශාව යනු ඡේතවන ස්‌තූපය පිහිටා ඇති පුරාණ නන්දන උයන පිහිටි භූමි බාගය බවත් මිහිඳු හිමියන් ආදාහනය කළ තෙරනම්බැද්ද මාලකය පිහිටියේ නන්දන උයනට උතුරු දෙසින් හා ථූපාරාම දාගැබට නැගෙනහිර දෙසින් බව මහාවංසය විස්‌තරය අනුව පෙන්වා දිය හැකිය.

දීපවංසයේ මිහිඳු හිමියන්ගේ ආදාහනය කළ ස්‌ථානය නිශ්චිතවම දක්‌වා ඇත. ඒ අනුව මිහිඳු තෙරණුවන් කුළුගෙය සහිතව ඔසවාගෙන නැගෙනහිර දොරටුවෙන් ඇතුළු නුවරට ප්‍රවිශ්ඨ කරවා දකුණු දොරටුවෙන් නික්‌ම මහ වෙහෙර තබා සතියක්‌ මුළුල්ලෙහි මහ පුජාවක්‌ කරවා රන්සි`ඵ ගෙය ඔසවාගෙන ථූපාරාම චෛත්‍යය පැදකුණු කොට වන්දවා පුරත්ථීම ද්වාරයෙන් නික්‌ම මනරම් භූමිභාගෙයහි ආදාහනෝත්සවය සිදු කළ බව දක්‌වා තිබේ

මේ අනුව ඇතුළු නගරයේ පුරත්ථීම (නැගෙනහිර) ද්වාරයෙන් පිටත පිහිටි භූමියෙහි ආදාහනෝත්සවය පැවත්වූ බව සඳහන් කර තිබේ. දීපවංස හා මහාවංස විස්‌තර අනුව මිහිඳු හිමියන් ආදාහනය කළ තෙරනම්බද්ද මාලකය පිහිටියේ ථූපාරාම දාගැබට සහ නගරයට නැගෙනහිරින් බවත් එම ස්‌ථානය මහමෙවුනා උයනෙන් නන්දන උයනෙන් උතුරු නැගෙනහිර දිශාවට නුදුරුව පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

ඉහත විස්‌තර අනුව නන්දන උයන මල්වතු ඔයෙන් බටහිර පිහිටි භූමි භාගය බවත් තිස්‌සාරාමයෙන් (මහා විහාරයෙන්) නැගෙනහිර දිග් බාගයට වන්නටත් ඇති භුමි ප්‍රදේශය අන්තර්ගත වන්නටත් ඇති බව පෙනේ. වලිසිංහ හරිස්‌චන්ද්‍ර සඳහන් කරනුයේ නන්දන උයන මල්වතු ඔයෙන් බස්‌නාහිරට වන්නට තිබු බවත් නිවත්තක ෙච්තිය එම උයනෙහිම ඉදිකර තිබූ බවත්ය. එසේම මහාවංසයට අනුව නිවන්තක ෙච්තිය ඉදිවී ඇත්තේ කොළොම්හොය (මල්වතුඔය) සමීපයේ බැවින් (ම.ව, පි. 71 (ප- 10-11) ඒ වන විට නන්දන උයනේ සීමා නැගෙනහිරින් මල්වතු ඔය දක්‌වා විහිදී තිබූ බව පෙනේ. එමෙන්ම නන්ද උයනේ උතුරු සීමාව ඇතුළු නුවර දක්‌වාම විහිදී තිබූ බව දැනට ගොඩනැඟිලි විහිදී ඇති ආකාරය අනුව සිතිය හැකිය. මිහිඳු හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට මහත් ජනකායක්‌ ඒ ඒ දිශාවලින් පැමිණියේ යෑයි මහාවංසය සඳහන් කර තිබේ. (ම.ව, පි. 105 (ප- 38)

ක්‍රි(ව 412 දී චීනයේ සිට ලංකාවට පැමිණ දෙවසරක්‌ අභයගිරියේ නේවාසිකව සිටි දේශාටන භික්‍ෂුවක්‌ වූ පාහියන් හිමි අභයගිරියේ විසූ සමයේ තමන් සියෑසින් ඳුටු කරුණු තම වාර්තාවට ඇතුළත් කර ඇති බැවින් එය අධ්‍යයනයද වැදගත්ය.

මහා විහාරයේ වැඩ සිටි මහතෙර නමක ගේ ආදාහන උත්සවයක්‌ පිළිබඳව විස්‌තර කිරීමේ දී එම ආදාහන මළුව පිහිටා ඇති ස්‌ථානය දක්‌වා තිබීම අතිශය වැදගත්ය. පාහියන් හිමි දුටුවේ මළුව පිහිටා ඇත්තේ නගරයට ලී 4 ක්‌ හෝ 5 ක්‌ නැගෙනහිර දිසාවෙනි. (විමලබුද්ධි බලගල්ලේ, 1958, පි. 116) (ලී 4 හෝ 5 } සැතපුම් 2/3 හෝ 5/6)

ඒ අනුව දීපවංසයේ සහ මහාවංසයේ සඳහන් වන මිහිඳු හිමියන්ගේ ආදාහනය කළ තෙරනම්බද්ද මාලකය එදායින් වසර 700 කට පමණ පසු පාහියන් විස්‌තර කරන මහා විහාරයේ මහ තෙරවරු ආදාහනය කරන ස්‌ථාන එකක්‌ බව අනුමාන කළ හැකිය. මහාවංසයෙත් දීපවංශයේත් ”ඉසිභුමංගන” යන වචනයෙන් හඳුන්වා දී ඇත්තේ මිහිඳු හිමියන් ආදාහනය කළ ස්‌ථානයයි.

”එකල යම් තැනක මිහිඳු මහ තෙරුන්ගේ ශêරය නිඃකේෂ්පය කරන ලද්දේද, ඒ භුමියට සෘෂි භූමි යන මේ සංඥා තොමෝ පළමුකොට වූවාය.” යනුවෙන් මහාවංසයේ දක්‌වා ඇත. (ම.ව, පි. 106 (ප- 48) එසේම මහාවංසයේ සඳහන් වනුයේ මිහිඳු හිමියන්ගේ ආදාහනය සිඳු කිරීමෙන් පසු එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයෙහි කලුරිය කළ ආර්යයන්ගේ ශêර ගෙන ඒ පෙදෙස්‌ හිඳ වනු ලැබේ.” (ම.ව, පි. 106 (ප- 48-49) යනුවෙනි. ඒ අනුව එවක පටන්ම මේ තෙරනම්බැද්ද මාලකය අවට ප්‍රදේශය ද එවක පටන් රහතන් වහන්සේලාගේ සොහොන් භූමියක්‌ වූ බවය.

කෙසේ වෙතත් මිහිඳු හිමියන්ගේ ආදාහන උත්සවය පිළිබඳ මහාවංසය හා දීපවංසය ආදී මූලාශ්‍රවල සඳහන් නොවීම එම ස්‌ථානය පිළිබඳ නිවැරදි නිගමනයකට එළඹීමට බාධාවක්‌ බව විද්වතුන්ගේ මතයයි. මහාචාර්ය හේම රත්නායක පෙන්වා දෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේට ගරු කිරීමක්‌ වශයෙන් පසු කලෙක ඉසිභූමංගන යනුවෙන් හඳුන්වන ලද තෙරනම්බද්ද මාලකයේ දී මහසෙන් රජු ලෝකයේ විශාලම ස්‌තූපය ගොඩ නැගුවේ නම් එම ස්‌ථානය නන්දන උයන වශයෙන් සඳහන් කිරීමට මිහිඳු හිමි ගැන සියුම් ලෙස විස්‌තර කළ වංශකතාකරු මැලි නොවනු ඇත. (රත්නායක හේම, 1998, පි. 332) නන්දන උයනත් මිහිඳු හිමියන්ගේ ක්‍රියාකාරකම් පිsළිබඳවත් දීර්ඝ විස්‌තරයක්‌ කරන මහානාම හිමි මිහිඳු හිමියන්ගේ චිතකයට ගිනි දැල්වූ තැන නමින් සඳහන් නොකළේ එම ස්‌ථානය නන්දන උයන නොවූ බැවිනැයි තවදුරටත් සිතිය හැකිය.

හේම රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඡේතවන ස්‌තූපය ඉදිකළ ස්‌ථානය හා මිහිඳු මහරහතන් වහන්සේ අතර තිබූ සම්බන්ධය කියාපෑමට වංශ කතා මැලිවූ බවය. එසේ කළේ නම් ඡේතවනාරාමය තවත් ඉස්‌මතු වී පෙනෙන්නට ඉඩ තිබිණැයි සඳහන් කර තිබේ.

දීපවංසයේත් ඉන් සියවසකට පමණ පසුව ලියෑවුණු මහාවංසයේත් මිහිඳු හිමියන්ගේත් ආදාහන පූජෝත්සවය පිළිබඳ විස්‌තර දක්‌වනුයේ පුර්ව ලිතය හා ජනශ්‍රැතිය පදනම් කරගෙනය එකී ආදාහන පූජෝත්සව පවත්වා වසර 700 ට පමණ පසුව මෙකී තොරතුරු රචනා කර තිබෙන අතර මෙම මූලාශ්‍ර දෙකෙහිම ආදාහන උත්සවය පිළිබඳ ඉදිරිපත් කරන තොරුතුරුවල සමානාත්වයක්‌ දැකිය හැකිය.

මහසෙන් රජුගේ ආසන්න සමකාලීනයෙකු වූ මහා විහාරවාසී මහානාම හිමියන්ට රජුගේ ආගමික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශාල ගැටලු පැන නැගී තිබූ බව මහාවංසයේ 37 වැනි පරිච්ඡේදයෙන් සනාත කළ හැකිය. දීපවංසය, මහාවංසය සහ මහාවංස ටීකාව පමණක්‌ නොව 13 වැනි සියවසේ සිට කෝට්‌ටේ යුගය දක්‌වා ලියෑවුණු කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක මිහිඳු හිමියන්ගේ ආදාහනය නන්දන උයනේ සිදු කළා යෑයි සඳහන් කර නැත.

එහෙත් මහාවංසයේ සඟවා තැබූ මහසෙන් රජුගේ ඡේතවන ස්‌තූප කර්මාන්තයට අදාළ වැදගත් තොරතුරු කිහිපයක්‌ම පූජාවලිය, සද්ධර්ම රත්නාකරය, රාජ රත්නාකරය සහ පැරකුම්බා සිරිත යන පසුකාලීන මූලාශ්‍රයන්ගෙන් හෙළී වී තිබේ. ඡේතවන ස්‌තූපය බඳවා වසර 700 ක පමණ පසු මේවා රචනා කර ඇති බැවින් ජනප්‍රවාද අනුව රචනා වන්නට ඇති බව සිතිය හැක.

හේමරත්නායක පිළිගෙන ඇති ආකාරයට මිහිඳු හිමියන් ආදාහන කළ ස්‌ථානය සිහිගැන්වීමට මහසෙන් රජු ඡේතවන ස්‌තූපය කරවූයේ නම් යථෝක්‌ත පසුකාලීන මූලාශ්‍රකරුවන්ට එම පුවත ජනශ්‍රැති මාර්ගයෙන් හෝ ලැබෙන්නට ඉඩ තිබූ නමුත් එවැන්නක්‌ සිදු වී නොමැත.

අනෙක්‌ අතට වංසත්තපකාසිනි යේ පැහැදිලිව සඳහන් කර තිබෙන අන්දමට මිහිඳු හිමියන් විසින් සීමා උගුළුවන්ට මහාවිහාරවාසී භික්‍ෂුන්ගෙන් මහසෙන් රජු අවසර ඉල්ලා තිබීමෙන් පසක්‌ වනුයේ එම රජුගේ චිත්ත සන්තාපය තුළ මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි කිසිදු භක්‌තියක්‌ නොතිබූ බවය. රජු වෛතුල්‍යවාදී ගැන්වී සිටීම ඊට හේතු වෙයි.

ඡේතවන පුරාවිද්‍යා භුමියෙහි තිබී 1983 වර්ෂයේ දී සොයාගැනුණු ශිලා ලේඛනයක සඳහන් වන දේවානම්පියතිස්‌ස රජු විහාරයේ වසනා භික්‍ෂුන් වෙනුවෙන් කළ කහවනු සියයක පරිත්‍යාගයක්‌ පිළිබඳ සඳහන් එම විස්‌තරය ලියූ අක්‍ෂර ක්‍රි(ව( 7 වන සියවසට අයත්වීම නිසාත් මෙන්ම මිහිඳු මා හිමිපාණන් සීමා නියම කොට පිහිටුවන ලද මහා සීමාවෙන් සීමාකරන ලද භූමිභාගයට නන්දන උයනත්, මහාමේඝ උයනත් සම්පූර්ණයෙන් ඇතුළත් වූ අතර එම භුමිය මිහිඳු හිමියන්ට පූජා කිරීමෙන් අනතුරුව හඳුන්වන ලද්දේ දේවානම්පියතිස්‌ස මහා විහාරය හෙවත් තිස්‌සාරාමය යනුවෙන් වීමත් යන ප්‍රධාන සාධක හේතු කොටගෙන 7 වැනි සියවස වන විට තිස්‌සාරාමයේ සීමා නන්දන උයනේ උතුරු හා නැගෙනහිර සීමා පසුකරගෙන ව්‍යාප්ත වී තිබූ බවට අනුමාන කර තිබේ. ඒ අනුව මෙම තෙරනම්බද්ධ මාලකය සහ ඉසිභූමංගන යන වචනවලින් හැඳින්වූ ස්‌ථානය නන්දන උයනේ පිහිටි බවත් පෙන්වා දී තිබේ.

ක්‍රි(ව 9-10 සියවස්‌හි ඉදිකළ ගොඩනැඟිල්ලක පසින් යට වූ පාදමට දමා තිබිය දී මෙම ලිපිය සහිත පුවරු දෙක 1983 වර්ෂයේ කළ කැණීම් වලින් හමු වීමෙන් පෙනී යන්නේ කලබල සහිත අනුරාධපුර අග බාගයේ දී හදිස්‌සියේ ඉදිකළ ගොඩනැඟිල්ලක පාදමට අවශ්‍ය ගල්පුරුවක්‌ වශයෙන් මහාවිහාර භූමියේ තිබී (තිස්‌සාරාමය) ඡේතවන විහාර භූමියට රැගෙන එන්නට ඇති බවයි.

මෙලෙස හදිසි අවශ්‍යතාවක්‌ වෙනුවෙන් ඉදිකළ ගොඩනැඟිලි හා ප්‍රතිසංස්‌කරණය කිරීම් පිළිබඳව අනුරාධපුර යුගයේ අවසාන කාර්තුවේ කිහිප අවස්‌ථාවකදීත් සහ පොළොන්නරු යුගයේ දී මහලු විජයබාහු රාජ්‍ය සමය තුළදීත් තොරතුරු වේ. එසේම මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝෂධීන් වහන්සේ ආරක්‍ෂාවට මහා විහාර භූමියේ තිබූ බව සෙසු ගොඩනැඟිලි වලට අයත් කොටස්‌ එක්‌ රැස්‌ කර විශාල ප්‍රාකාරයක්‌ ඉදිකළ බව මහාවංසයේ සඳහන් වේ.

නමුත් මෙම ශිලා ලේඛන ක්‍රි(ව 6-7 සියවස්‌හි ඡේතවන විහාර භූමියේම පිහිටි තිස්‌සාරාමය උදෙසා කළ පූජාවක්‌ සනිටුහන් කිරීමට කරවූ එකක්‌ නම් ඊට ශතවර්ෂ තුනකට පමණ පසු එය නොවැදගත් සේ සලකා ගොඩනැඟිල්ලක පාදමට ගෙන එන්නට ඇතැයි සිතිය නොහැක . ඒ ක්‍රි(ව 8-9 සියවස්‌ හි සහ ඉන් පසුවත් ඡේතවන ස්‌තූපයේ ගල් මළුවේ ගල් ඇතිවීම සඳහා කළ විවිධ පරිත්‍යාගයන් ඇතිêම් ශිලා ලේඛන ඒවා මුලින් පිහිටු වූ ස්‌ථාන වලම අදත් දැකිය හැකිවන බැවිනි.

දේවානම් පියතිස්‌ස රජු මිහිඳු හිමියන් වෙනුවෙන් තිස්‌සාරාමයේම කරවූ කාලප්‍රාසාද නම් පිරිවෙනක්‌ සහ අප විසින් ඉහත සඳහන් කළ මහාවංශයේ දක්‌වා තිබෙන ගොඩනැඟිලි නාමාවලියත් පුරාණ තිස්‌සාරාමයට නුදුරින්ම කර තිබූ ගොඩනැඟිලි බව පැහැදිලිය විශේෂයෙන් එහි දැක්‌වෙන ලෝවාමහාපාය, ලහ බත්ගෙය සහ බත්හල මහා බෝධිය, සහ සුනහත පිරිවෙන යන ගොඩනැඟිලි අංගවල වර්තමාන පිහිටීම දෙස බලන කල ඒවා වඩාත් සමීපවනුයේ ඡේතවන විහාරය පිහිටි ස්‌ථානයට නොව පුරාණ තිස්‌සාරාමය හෙවත් මහා විහාරයට බව පැහැදිලි වෙයි.

එම නිසා එම ලිපියේ එන තිස්‌ස විහාරයේ පිහිටීම සහ පැතිරීම ක්‍රි(ව 6-7 සියවස්‌ වන විට වර්තමාන මහා විහාර භූමියෙන්a ඔබ්බට විහිදී යෑයි සිතන්නට එම. ශිලා ලේඛනයේ තොරතුරු වලට අනුව පුළුවන. එබැවින් ක්‍රි( ව 276-303 අතරදී රජ කළ මහසෙන් රජදවස ඉදි කළ ඡේතවන ස්‌තුපය පිහිටි තැන මිහිඳු හිමි ආදාහනය කළ ස්‌ථානය වන ඉසිභූමංගනය පිහිටි තැනය යනුවෙන් ස්‌ථීරවම නිගමනය කරන්නට යථෝක්‌ත සෙල්ලිපිය සාධකයක්‌ කරගත නොහැක.

හෙක්‌ටයාර් 5.6 ක භූමිභාගයක්‌ පුරා ඡේතවන ස්‌තූපය ඉදිකර ඇති පූජනීය භූමිය විසිරී පවතී. මේ වූ කලී පිට ප්‍රාකාරයෙන් ඇතුළත ප්‍රදේශයයි. ස්‌තූපය ඉදිකර ඇති ප්‍රදේශය මීටර් 2.4 කA උස ශිලාමය පුවරු වලින් සැකසූ පවුරකින් වටකොට තිබේ. මේ පවුරේ හරි මැදින් සිවු දිසා වෙන්ව ස්‌තූප මළුවට ගොඩවීමට ද්වාර මණ්‌ඩප සකස්‌ කොට තිබේ. වැලි මළුව මෙම පිට පවුරෙන් ඇතුළත ගඩොල් ප්‍රාකාරයක්‌ අතරින් දිස්‌වෙයි. ගඩොල් පවුරේ සිවු දිසාවේ තිබෙන පිටගැට පේලි වලින් ගල් මළුවට (සලපතල මළුව) ගොඩවිය හැකිය. ස්‌තූපයේ සිවු දිසාවලින් වාහල්කඩ, නිමවා තිබේ. ස්‌තුපයේ පේසා වළලු තුන, ගර්භය, හතරැස්‌ කොටුව, දේවතා කොටුව හා කොත් කැරැල්ල යන ස්‌තූපයක මූලික වාස්‌තු විද්‍යා අංග අනතුරුව විද්‍යාමාන වේ.

මහසෙන් රජු විසින් කරවූ ඡේතවන ස්‌තූපයේ මුල් ඉදිකිරීම පසු කාලයේ දී වරින් වර විවිධ ප්‍රතිසංස්‌කරණයන්ට ලක්‌ වී තිබේ. ධාතුසේන රජු (ක්‍රි(ව 455-473) විසින් ස්‌තූපයේ ජත්‍ර පිහිටුවා ඇත.

(ම.ව,IIල පි. 14 (54) එසේම මිත්සෙන් රජු (ක්‍රි(ව 432-433) ෙ-තවන ස්‌තුපයේ ඇත්පවුරු තොරණ කරවා තිබේ. ”මහ සෑ තුනේ ඇත් පවුරු තොරණ කරවීය” යනුවෙන් දක්‌වා තිබේ. (ම.ව,IIල පි. 12 (10) එමෙන්ම ක්‍රි(ව 573-575 දී රජකළ මහානාග රජු ඡේතවන ස්‌තූපයේ සුණුකම් හා කොත් කැරැල්ලද ඇත් පවුරුද කරවා සිතුවම් ඇන්ද වූ බව මහාවංශයේ සඳහන් වේ. ”මහ සෑ තුනෙහි සුණුකම් හා කොත් කැරැලි ද කරවා ඇති පවුරද කරවා සිතියම් කරවී” යනුවෙනි. (ම.ව,IIල පි. 25 (95-96) තුන්වන මුගලන් රජු (ක්‍රි(ව 618-623) ෙ-තවන ස්‌තූපය නව අමුද්‍රව්‍යයන්ගෙන් අනාවරණය කළේය. ඒ තෙමේ අලුත් වස්‌ත්‍රයෙන් දාගැරීතුනම වැස්‌වී ” (ම.ව,IIල පි. 33 (ප..44) යනුවෙන් මහාවංශයේ දක්‌වා ඇත.

10 වැනි සියවසේ අවසාන භාගයේ ෙ-තවන ස්‌තුපයේ අලුත්වැඩියා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතුලු නුවර මහාපාලී දාන ශාලාව අසල ශිලා ලේඛනයකින් හෙළිවේ. ”මෙම මහ පෙළ බත් – ගන්නා තාක්‌ දෙනමෝ අප ලද බත් කොටස්‌ දෙනා වෙහෙර දාගැබ කරන කම් නවාමට දුන්මෝ ” (E.Z. Vol II , 1928, 1933, P. 132,133) යනුවෙන් මෙම ශිලා ලේඛනයේ එන සඳහනෙන් මහා පාලි දාන ශාලාවෙන් නියමිත වූ දාන සලාකය ලැබූ භික්‍ෂු පිරිසක්‌ එම වියදම ෙ-තවන ස්‌තූපයේ අලුත්වැඩියා කටයුතු සඳහා යෙදවූ බව පැහැදිලි වේ.

11 වැනි සියවසේ අනුරාධපුරයට එල්ලවූ සොලී ආක්‍රමණ හා එතැන් පටන් ඇරඹුණු සොලී පාලනය නිසා ෙ-තවනාරාමයටද දුර්භාග්‍ය සම්පන්න කාලයක්‌ උදා වී වල්බිහි වී ගියේය. වල්බිහි වී ගිය මෙම ස්‌තුපය නැවත ප්‍රතිසංස්‌කරණය කරන්නේ 12 වන සියවසේ මහා පැරකුම්බා රජු විසිනි. (ම.ව, IIල පි. 243 (102)

මේ රජු විසින් මහ සෑ තුනෙහි (ෙ-තවන, රුවන්වැලි සෑය, අභයගිරිය) ප්‍රතිසංස්‌කරණය කළ බව පැහැදිලිය. ඓතිහාසික අවධියේ දී කළ අවසාන ප්‍රතිසංස්‌කරණය මෙය බව පෙන්වා දිය හැකිය.

අනතුරුව ක්‍රි( ව( 1215 දී සිදුවන කාලිංග රට මාඝගේ ආක්‍රමණයෙන් පසුව වසර 21 ක්‌ තුළ දී රජ රට රාජධානියේ තිබූ පැරණි බෞද්ධ සභ්‍යත්වය හා එහි ඓතිහාසික සාධක සියල්ලත් විනාශ මුඛයට පත්විය. පසුව දඹදෙනි රාජධානි සමයේ II වන පරාක්‍රමබාහු රජු විසින් විජයබාහු කුමරු අනුරාධපුරයට යවා එහි වැවී තිබූ කැලය යළි කප්පවා එලි පෙහෙළි කරවා ථූපාරාමය, රුවන්වැලි සෑය ආදී පූජනීය ස්‌ථාන රාශියක්‌ පිළිසකර කරවීය. (ම.ව,IIල පි. 283 (80-88)

එසේම මහනුවර රාජධානිය සමයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අනුරාධපුරයට ගොස්‌ මහාබෝධියට සහ චෛත්‍යයන්ට ඇත්, ඇස්‌, ආදීන් ද රන්, රිදී ආදීන් ද පුදා පින් රැස්‌ කළ බව මහාවංසයෙහි (ම.ව,II, පි. 318 (ප. 36-38) සඳහන් වීමෙන් එකල ද එම ස්‌ථාන පිළිබඳ රාජ අවධානය මෙම විහාර සංකීර්ණය කෙරේ යොමු වූ බව පැහැදිළිය.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීමට දක්‌වා වසර 800 ක පමණ කාලයක්‌ ෙ-තවන විහාරය මුළුමනින්ම අත්හැර දැමූ හැටි සිතීමට නොහැක. රජරට රාජධානිය බිඳවැටීමේ සිට ඒ දක්‌වා ඉතිහාසය එබඳු වන අතර වර්ෂ 1890 ට පෙර හා පසු අවධිවල බ්‍රිත්‍යාන ජාතිකයන්ද විවිධ මට්‌ටමින් මැදිහත්වීම් අනුරාධපුරයේ ස්‌තූප සම්බන්ධයෙන් සිදුකළ ආකාරය ඔවුන්ගේ ලිපිලේඛන හා වාර්තා අධ්‍යයනයෙන් පෙනේ.

මේජර් ෙµaබස්‌ 1828 දී හා 1832 දී දෙවරක්‌ම අනුරාධපුරයට ගිය අතර පළමු ගමනේ දී ෙ-තවන ස්‌තූපය ගණ කැලෑවෙන් වැසි තිබුණ බවත්, දෙවන ගමනේ දී එක්‌තරා ශ්‍රද්ධාවත් භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් ස්‌තූපය හෙළි පෙහෙළි කර තිබූ බවත් ඔහුගේ ලේඛනවල දක්‌වා ඇත. එසේ හෙළිකිරීමෙන් පසු 1829 වර්ෂයේ වර්ෂාව හේතුවෙන් ස්‌තූපයේ කොටසක්‌ කඩා වැටී ඇති බවත් සඳහන් කරයි. මේජර් ස්‌කිනර් විසින් 1832 දී පරිමාණයකට අඳින ලද අනුරාධපුර පූජා නගර සැලැස්‌මෙහි ෙ-තවන ස්‌තුපයේ උස අඩි 244 ක්‌ බව සටහන් කර ඇත.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ ස්‌මිදර් 1984 දී ෙ-තවන විහාරයේ නටබුන් සමහරක්‌ පරිමාණයට අනුව අඳිමින් ඊට ඓතිහාසික විස්‌තරයක්‌ද සකසා ඇත. මෙහි දැගැබ නටබුන් තත්ත්වයට පත් වී ඇති බව සඳහන් කරයි. එය ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ ගණ කැලෑවෙන් වැසී තිබුණ බවත් දාගැබේ මුල් හැඩය හඳුනාගැනීමට නොහැකි මට්‌ටමකින් වෙනස්‌ වී ඇති බවත් සඳහන් කරයි. දාගැබේ පහළ කොටස්‌, ඉහළින් ගරා වැටුණු ගඩොල් කැබලිවලින් අඩි 40 ක්‌ පමණ උසට වැසී පැවතුන බවත් සඳහන් වේ.

1885 වසරේ දී හතරැස්‌ කොටුවෙන් විශාල කොටසක්‌ කඩා වැටුණු අතර ඉංගී්‍රසීන් එය නැවත සෑදූ බව වලිසිංහ හරිශ්චන්ද්‍ර දක්‌වයි. 1887 දී මෙම ස්‌තූපය තුළ ධර්ම ග්‍රන්ථ තැන්පත් කොට ඇතැයි සඳහන් වේ. නමුත් ඒවා සෙවීමට යෑයි කියමින් සිරකරවැන් යොද ගර්භයෙහි අඩි 33 ක්‌ උස ස්‌ථානයේ සිට ඇතුළට අඩි 162 ක්‌ දුරට උමගක්‌ද ඉන් අනතුරුව යටට දෝනාවක්‌ද කපාගෙන ගොස්‌ ඇතත් කිසිවක්‌ හමු වී නැත.

ෙ-තවන ස්‌තුපයේ සංරක්‌ෂණ වැඩියෙන් කෙරී ඇත්තේ එච්.සී.පී. බෙල් මහතාගේ මූලිකත්වයෙනි. සිවිල් සේවකයෙකු ලෙස පත්වීමක්‌ ලද හෙන්රි චාල්ස්‌ පර්විස්‌ බෙල් ලංකාවට පැමිණ ඇත්තේ 1873 දීය. 1890 මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටු වූ ඔහු ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ වශයෙන් කටයුතු කර ඇත. 1890-07-07 අනුරාධපුරයට පැමිණි ඔහු පුරාවිද්‍යා කැණීම් හා ගවේෂණ සඳහා අනුරාධපුර කොටස්‌ 09 කට බෙදා වෙන් කිරීමේදී ෙ-තවන විහාර ප්‍රදේශය ‘ජී’ යනුවෙන් නම් කොට එයද කොටස්‌ 04 කට බෙදා සංරක්‌ෂණ කටයුතු ආරම්භ කර තිබේ. ෙ-තවන විහාර භූමිය තුළ කොළරා රෝහලක්‌ද ඉදිකර තිබූ බව බෙල් මහතා සිය වාර්තාවල දක්‌වා ඇත.

අඩි 400 ක උසින් යුක්‌ ෙ-තවන ස්‌තුපයේ පාදම අඩි 370 ක විශ්කම්භයකින් යුක්‌ත බව, සලකා බලන කල් හි අත්තිවාරම දැරීමේ දී කොතරම් ගඩොල් ප්‍රමාණයක්‌ පොළව යට වළලන්නට ඇති ද (පරණවිතාන, 1963, පි. 12) යන්න පරණවිතාන මහතා මෙම මතය ඉදිරිපත් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ බෙල් මහතා විසින් ෙ-තවනාරාම ස්‌තූපයේ දකුණු පස අත්තිවාරම සම්බන්ධව කරන ලද පර්යේෂණ හා මහාවංසය වැනි ඉතිහාස පුවත්වල සඳහන් වන තොරතුරු පමණි. නමුත් වර්තමානයේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල මඟින් සිදු කරනු ලැබූ පර්යේෂණ අනුව ෙ-තවනාරාම ස්‌තූපයේ පාදම අඩි 370 ක්‌ නොව අඩි 1315 අඟල් 8 ක වීම විෂ්කම්භයකින් යුක්‌ත බව පෙනේ.

යම් රටක සංස්‌කෘතික දේපළ යනු එරට සමාජීය, සංස්‌කෘතික, ප්‍රගමනය පිළිබඳ තොරතුරු හෙළිකරන ප්‍රධාන සාධකයයි. අපේ අනාගතය හැඩගැසීම පිළිබඳ ආභාෂය ලබනුයේ, ආදර්ශ සොයනුයේත් ඒ තුළිනි. ඒ නිසා අපේ සංස්‌කෘතික උරුමය රැක ගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම අප සතු වගකීමකි. ෙ-තවන ස්‌තූපය ලොව දැවැන්තම ගඩොල් නිර්මාණය බව අප අවිවාදයෙන් පිළිගත යුත්තේ ගඩොල් යොදාගෙන සිදු කළ මෙවන් විශාල දාගැබක්‌ සමකාලීන ලෝකයේ කිසිදු ස්‌ථානයක ඉදිව නැති හෙයිනි.

සහශ්‍ර වර්ෂ පවතින්නට ලොව මවිත කළ මෙවන් යෝධ නිර්මාණ සිදුකරමින් හෙලදිව නම් වූ කොදෙව්ව පුරා උරුමයන්ගේ මහද්වීපයක්‌ කිරීමට සමත් වූ අපේ මුතුන්මිත්තන් ගැන අප නිතැතින් සාඩම්බර විය යුතුය.

අනුරාධ විජයවර්ධන
මධ්‍යම සංස්‌කෘතික අරමුදල

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි