බුදුහිමියන් පෙන්වා දුන් ස්ථූප ආකෘතියේ රහස කුමක්ද ?

සිංහලයා යනු උතුම් ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් යන වදන කියැවෙන්නේ අද ඊයේ පටන් නොවේ. මේ පුංචි දිවයිනක සිටිනා මිනිසුන් මුලු ලෝකය පමණක් නොව විශ්වයම ජයගත් පිරිසක් බව එදා පටන්ම කියැවෙන වදනකි. ලිඛිත ඉතිහාසයක් සොයාගත නොහැකි උවද භෞතික සාක්ෂි සාධක මතින් කල එලි බසින රාවණ නම් චරිතයට අදටත් ඉන්දියානුවෝ බිය මුසු හැගීම් පල කරති.

විශේෂයෙන්ම සීගිරියෙන් පටන්ගන්නා රාවණ කථා වස්තුව එතැන් පටන් ඉන්දියාව මතු නොව ගීසාහි පිරමීඩ දක්වාද, බැබිලෝනියාවේ එල්ලෙන උයන දක්වාද, දිව යනබව විශ්ලේෂකයෝ පවසති. මෑතකදී BBC වැඩසටහනකින් කියැවුනේ බැබිලෝනියාවේ එල්ලෙන උයන අසලින් සොයාගත් මැටි පුවරුවල “ සිංහ රටින් අහසින් ආ මිනිසුන් සිංහගිරියේ මෙන් අපේ රටේද එල්ලනෙ උයනක් හැදුවා ලෙසින් සදහන් වී තිබූ බවකි.

කෙසේ උවද අපි මෙහි කථා කරන්නට යන්නේ රාවණ ඉතිහාසයක් නොවේ. අපේ ඇස්පනාපිට දිස්වන මහින්දාගමනයෙන් පසු ඉතිහාසය පිලිබදවයි.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි ලෙසින් සංකල්පයක් පුරාතණයේ සිට අපිට තිබුනි. මෙහි දාගැබ යනු පන්සලටම අයත් කොටසකි. එසේනම් දාගැබ පිලිබද විශේෂයෙන් සදහන් වූයේ ඇයි? බෝධිය, බුදුගෙය මේ සංකල්පයට ඇතුලත් නොවූයේ ඇයි ? ගමකට වැවක්ද, විහාරස්ථනයක්ද අවශ්‍යමය. දාගැබ, බෝධිය, බුදුගෙය පන්සලේ අංගයන්ය. එසේනම් දාගැබ පන්සලට පිටින් සදහන් කලේ ඇයි ?

ඒ පිලිබද සෙවීමට කලින් දාගැබක් පිලිබද කාරණා කිහිපයක් සලකා බැලීම වැදගත් වේ.
දාගැබට නිශ්චිත හැඩයක් ලබා දුන්නේ කවුද යන ගැටලුව පලමුකොට සලකා බලමු.
ඒ පිලිබදව 2010/05/06 වැනි බුහස්පතින්දා බුදුසරණ පුවත්පතේ මෙසේ දකවා ඇත.
උපුටාගැනීම ආරම්භය –

ස්තූපයේ ආරම්භය සිදුවීමට බුදුන් වහන්සේගේ උපදෙස් සෘජුවම බලපා ඇති බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන්නා වූ කරුණු තුළින් අවධාරණය වේ.
‘ආනන්දයනි, ස්තූප සාදවා ගෞරව කළ යුතු වන්දනා කළයුතු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම් බුදුන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ , රහතන් වහන්සේ සහ සක්විති රජු වේ.’ (දීඝනිකාය මහා පරිනිර්වාණ)

ආනන්ද හිමියන් අමතා ස්තූපයක් නිර්මාණය කළ යුතු ආකාරයද දීඝ නිකායේ පරිනිර්වාණ සූත්‍රයේ පෙන්වා දී තිබේ.

‘සඟල සිවුර හතරට නමා තැනිතලා බිමක එලා එය මත උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය මුනින් අතර තබා එහි හරි මැදින් සැරයටිය තබා ස්තූ®පයක් නිර්මාණය කරන ආකාරය පෙන්වා දී තිබේ.

උපුටාගැනීම අවසන් …

වැවක් කැපීමේදී විශාල පස් ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවේ. ඒ පස්වලින් ප්‍ර යෝජනවත් දෙයක් සිදු කිරීමට එදා මුතුන්මිත්තෝ උත්සාහ කල නිසා දාගැබ බිහිවිය. ජලයද, ශ්‍රමටද පස්ද තිබේනම් දාගැබ සෑදීම අරුමයක් නොවේ. කාලය ඉතිරි නිසා අනිත් ප්‍ර යෝජනවත් දෙයකට යොමු කිරීම අපේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨත්වයයි.

එ‍ෙස්නම් පූජණීය වස්තුවක් ලෙසින් හැරුනු කොට දාගැබින් ගමට ඇති ඵලය කුමක්ද ? ඒ බව පේරාදෙණිය කෘෂි ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා 2011 ජූලි 03 දින සිලුමිණ පුවත්පතට පලකල ලිපියක සදහන් කල කොටසකින් දක්වන්නම්.

උපුටාගැනීම ආරම්භය –

එතකොට වී ගොවිතැනට අවශ්‍ය පොහොර ලැබුණේ කොහොමද?” මම ප්‍රශ්නයක් යොමු කළා.

“ගස්වලට අවශ්‍ය ප්‍රධාන පොහොර වර්ග තුන තමයි නයිට්‍රජන් (N) ෆොස්පරස් (P) පොටෑසියම් (K). මෙයින් නයිට්‍රජන් ලැබෙන්නේ වාතයෙන්. ඒවා වැස්ස සමඟ දියවී පොළොවට එනවා. අකුණු සැරට තමයි එය ස්වභාවිකව සිදුවන්නේ. මේ දේ සාමාන්‍යයෙන් කරන්න බැහැ. නමුත් හාබර් බොෂ් ක්‍රමයට කෘත්‍රිමව යූරියා, ඇමෝනියා හදා ගන්නවා. ඒත් එයට විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි.”

“කතාවක් තියෙනවානේ ‘වැවයි දාගැබයි’ කියලා. වැව නම් කෘෂිකර්මයට සම්බන්ධයි. මොකද භූගත ජල මට්ටම (Water table) ඉහළට ගන්න තමයි අපේ වාරි සම්ප්‍රදායේ ක්‍රමවේදය හැදී තිබෙන්නේ. ඒ ජල මට්ටම ඉහළට ගැනීම කෙතරම් වටිනවාද කියලා තේරුම් ගන්න හොඳම උදාහරණය මහවැලිය හරවන්නට පෙර දුඹුරු කහ පැහැයෙන් තිබූ ප්‍රදේශ ගඟ හැරවූ පසු නිල් පාටින් බැබළෙන්නට ගත් ආකාරය.”

“අතීතයේ නයිට්‍රජන් ගන්න ක්‍රමයක් අපට තිබුණේ නැහැ. දාගැබෙන් තමයි අපි නයිට්‍රජන් ලබා ගත්තේ.”

* “ඒ කොහොමද?” මම පුදුමයෙන් ඇහුවා.

“තෙත් කලාපයට බක්මහට අකුණු ලැබුණාට වියළි කලාපයට එහෙම නැහැ. ඒ නිසා අකුණු වැඩි කරගන්න දාගැබ් උදව් කර ගත්තා. දාගැබේ කොත් කැරැල්ලේ මුදුණේ සිට හොඳ සන්නායක ගුණයක් ඇති දඹ ගසේ කඳකින් කණුවක් පොළොවට සවි කර තිබෙනවා. එයට කියන්නේ යූපය කියලා. සාමාන්‍යයෙන් වලාකුළු ධන ඍණ ආරෝපන දෙකම සහිතව පවතිනවා. නමුත් යුපය මගින් දාගැබට ඉහළ පිහිටි වලාකුළකින් ඍණ ආරෝපණ පොළවට ඇද දැම්මාම ඒ වලාකුළේ ධන ආරෝපණ පමණයි ඉතිරි වන්නේ.

එවිට අනික් වලාකුළු සමඟ විදුලි කෙටීමට අවශ්‍ය තත්ත්වය ඒ වලාකුළේ කෘත්‍රිමව ඇති වෙනවා. මෙය ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඇඹුල්දෙණිය මහතාගේ පර්යේෂණවලින් කියා තිබෙනවා. මේ විදිහට කෘත්‍රිම අකුණු ඇති කරගන්න තවත් උදව් වෙන්නේ කොතේ කැරලි ටික. මොකද යුපයෙන් ඍණ ආරෝපණ ගමන් කරද්දී ඒ කැරලි මඟින් කොතේ මතුපිට වපසරිය වැඩි කර දී වැඩිපුර ආරෝපණ ඒ වටා ගොඩ නඟනවා. දාගැබේ පිටත මුළු පෘෂ්ඨයම ධන ආරෝපණ වලින් පිරී තිබෙන නිසා අපට දාගැබ ළඟදී සිතට සතුටක් සහනයක් වැඩිපුර දැනෙනවා.

උපුටාගැනීම අවසන් ….

මේ අනුව පැහැදිලි වන්නේ දාගැබෙන් මහපොළවට නයිට්‍රජන් ලබාදුන් බවය.

මින් හෙලිවන .වත් ප්‍රධාන කරුණක් වන්නේ අකුණු භාවිතාකර වැඩගත් ලොව ප්‍රථම හා එකම ජාතිය වන්නේ හෙලයන් බවය. එපමනකුදු නොව ලොව ප්‍රථම අකුනු සන්නායක භිවිතයද සිදුකර ඇත්තේ සිංහලයන්ය.

ඊට අමතරව මේ වෙහෙර වලින් තව බොහෝ දේවල් සැලකිය හැකියි.මේවා ඉදි කර තිබෙන්නේ නියගයට මුහුණදෙන වියලි කලාපයේ.දාගැබේ උස නිසා වලාවන් රැස් වීම සිදුවී තිබේ.තවද මේවා තිබෙන්නේ අනුරපුර,පොලොන්නරුව,බුදුල්ලේ මොනරාගල යුදගනාව,තිස්සමහාරාමය,දීගවපිය ආදී වියලි කලාපයේ වීමද පුදුමයකි.ආදී රජවරු වර්ෂාව නිපදවන කදුකරයට හානි නොකළේය.

ජනාවාස ඇති කලේ තැනිතලා ගඟ අශ්‍රිතවය.ඒ ස්ථානවල වැසි ලබා ගැනීමට, වන්දනාවට, ජලය රැස් කිරීමට නිර්මාණ කර තිබේ. මේ අනුව බලන කල දාගැබ සිදුකර ඇත්තේ සුලුපටු කාර්යයක් නොවේ.

මින් පැහැදිලිවන වැදගත් කරුණක් ඇත. බුදුහිමියන් නිරන්තරයෙන් ගොවිතැන අගය කල සේක. ගොවිතැන පිලිබද උන්වහන්සේ සූත්‍ර දේශනා වල පවා සදහන් කර ඇත. අග්ගික බාරද්වාජ සූත්‍රය තුල උලමා කොට ඇත්තේ ගොවිතැනය. ධාර්මික ජීවන උපායක් ලෙස ගොවතැන පැසසූ සේක. එසේනම් මෙහි සදහන්වන විද්‍යාත්මක සිද්ධාක්ත උන්වහන්සේ විසින් සර්වඥතා ඥානයෙන් දැක චෛත්‍යෙය් ආතෘතිය පෙන්වා දුන්නා වන්නටද පුලුවන. ඒ පිලිබද කල්පනා කිරීම බුද්ධිමත් ඔබට බාරය.

මෙපමණ වේලා සදහන් වූයේ භෞතික සාධකයන්ය.

ගමේ මිනිසුන් නිරන්තරයෙන් දාගැබ ඇසුරුකරගෙන පහන් සිත් ඇතිව වැදුම් පිදුම් සිදු කරති. ඉන් ජනිතවන ආධ්‍යාත්මිත්ක ශක්තියද සුලුපටු නොවේ. විශේෂයෙන්ම චෛත්‍යයක නිර්මාණය පෘතග්ජන ජීවිතයේ සිට නිර්වාණය දක්වා ගමන් මග පැහැදිලි කෙරෙන බවද විශ්වාස කෙරේ.

එපමණක්ද නොව නිරන්තරයෙන් පින්කම් සිදුකරමින් ඇතිකරගන්නා පින් දිව්‍ය බ්‍රහ්ම තලයන් වෙත යොමුකිරීම සදහා චෛත්‍යය මේ ආකාරයට පිරමීඩ ස්වරූපයෙන් සකස්කරල ලද බවටද මතයක් පවතී. කෙසේ උවද චෛත්‍යරාජයන් වහන්සේ තුල වැඩ වසනා සර්වඥ හෝ අරහත් ධාතූන්ගේ අශ්චර්යමත් බවද මෙවන් කටයුතු සදහා මහගු රුකුලක් වනු ඇත.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා.

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි