මින්පෙර නොඇසූ චීන මහා ප්‍රාකාරය හා බැඳුණු කතන්දර

චීන මහා ප්‍රාකාරය වනාහි ලෝකයේ පුදුම හතෙන් එකක්‌ ලෙස විස්‌තර කෙරේ. හඳේ සිට බලනවිට පෘථිවියේ ඇති හඳුනා ගත හැකි එකම වස්‌තුවද වන්නේ මෙම ප්‍රාකාරයයි. චීන මහා ප්‍රාකාරය සම්බන්ධ ජනප්‍රිය පුරවෘත්ත හා කතන්දර ගණනාවක්‌ම චීන සමාජයේ පවතී. ඒවායින් බොහොමයකටම ඓතිහාසික සාධක (සාක්‍ෂි) නොමැත. එහෙත් ඉපැරණි වැඩකරන චීන ජනතාවගේ බුද්ධිය හා ගැඟêම්ද එමගින් තියුණු ලෙස ප්‍රකාශ වන නිසා, සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේම ඒවා අභාවයට පත් නොවී පවතී. එවැනි පුරාවෘත්ත / කතාන්දර කීපයක්‌ මෙසේය.

ජියායුගුආන් කපොල්ලේ කුළුණක්‌ මත වූ ගඩොල

ජියායුගුආන් නගරය යනු ගැන්ෂු පළාතට අයත් චීන මහා ප්‍රාකාරයේ බටහිර කෙළවරයි. පැරණි සේද මාවතේ පිහිටා ඇති යුද්ධෝපාය වශයෙන් ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස එය සැලකේ.

බටහිර දොරටු කපොල්ලේ පිහිටි කුළුණට අයත් පසු බිත්තිය මත අළුපාට තනි ගඩොලක්‌ තබා ඇත. ප්‍රාකාරය තනන අවධියේ තාක්‍ෂණ ශිල්පියකු හා වැඩ පරීක්‍ෂකයකු අතරවූ ඔට්‌ටුවක්‌ සිහිපත් කිරීම සඳහා ඇරුණු සිහිවටනයක්‌ ලෙස එම ගඩොල තබා ඇති බව කියනු ලැබේ.

යී කයිශාන් නමැති තාක්‍ෂණ ශිල්පියා (කොන්ත්‍රාත්කරුවාද වන) දක්‍ෂ වැඩකාරයකු මෙන්ම, කිසිවක්‌ අපතේ නොයවන පරිදි වැඩට අවශ්‍ය ද්‍රව්‍ය හා මිනිසුන්ගේ සංඛ්‍යාවද නිවැරදිව ගණනය කිරීමටද හැකියාවක්‌ ඇත්තෙකි. වැඩ පරීක්‍ෂකයා ඔහුගේ තක්‌සේරුව පිළිගැනීමට මැලිබවක්‌ දැක්‌වූ අතර, ඔහු ගැන කිසියම් ඊර්ෂියා සහගත හැඟêමකින්ද පෙළුණේය. එබැවින් ඔහු තාක්‍ෂණ ශිල්පියාට අභියෝග කළේය.

“ඔබට අවශ්‍යයයි කියූ ගඩොල් ප්‍රමාණයෙන් එකක්‌ පමණක්‌ ඉතිරි වූවාට කමක්‌ නැත. එසේ වුවහොත් එම ඉතිරිවූ ගඩොල ඔබගේ නමින් සිහිවටනයක්‌ ලෙස මම ම කුළුණ උඩ තබන්නෙමි. එහෙත් වැඩි ගඩොල් ප්‍රමාණයක්‌ අවශ්‍යවූයේ නම් ඔබට දඬුවම් කරමි.”

යී, එයට එකඟ විය. අන්තිමේදී එය තනා අවසන් විය. යී, ගේ පෙරයිමට අනුව එක්‌ ගඩොලක්‌ පමණක්‌ ඉතිරි විය. එම ගඩොල අද පවා දොරටු කුළුණ මත දැකිය හැකිය.

වැන්දඹුවකගේ විලාපය

ශැන්හයි ගුආන් නගරය යනු හෙබෙයි පළාතේ පිහිටි චීන ප්‍රාකාරයේ නැගෙනහිර කෙළවරයි. දෙරටුවට නුදුරින් ඇති ඉපැරණි පන්සල “මෙන් ජියෑන්ග්නු” නම්වූ කාන්තාවට ගෞරව පිණිස තනවන ලද්දකි. ඇය ශැන්ශි පළාතේ පදිංචි කාරියකි. ෆැන් ශිලියෑන්ග් නම්වූ ඇගේ ස්‌වාමිපුරුෂයා ක්‌වින් රාජ සමයේ (ක්‍රි.පු. 221-207) දී ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා බලෙන් යොදවනු ලැබුවෙකි.

දුරස්‌ථ පළාතක සේවයේ නියුතු හෙයින් ඔහු දැකීමට නොහැකිවූ අතර කලක්‌ යැමේදී ඈට ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නොලැබී ගියේය. ඉවසීමට බැරි තැන ඔහු සෙවීමට ඈ පිටත් වූවාය. ඔහු සේවය කළ ස්‌ථානය වන ශැන්හයිගු ආන් බලා ඈ ගමන් කළේ සියලු අමාරුකම් හා බාධක මැඩගෙන දෙපයින්ය. එහෙත් ඈට ඔහු හමුවූයේ නැත. අවසානයේදී ඈට දැන ගන්නට ලැබුණේ ඔහු මියගොස්‌ ඇති බවය. තවත් මරණයට පත් කම්කරුවන් සමග ඔහුද ප්‍රාකාරය යට වළ දමා ඇත.

ශෝකයෙන් මුසපත්වූ ඇය හැළෙන කඳුළු රුධිරය බවට පත් වන තුරුම විලාප දුන්නාය. ඇගේ විලාපය දෙව්ලොවද කම්පා කෙරුණි. එවිට අතිමහත් ශබ්දයක්‌ නගමින් ප්‍රාකාරය දෙබෑවී ඔහුගේ දේහය දර්ශනය විය. පසුව ස්‌වාමියාට ලැදි අධිෂ්ඨානශීලී එම කාන්තාව අනුස්‌මරණය කිරීම සඳහා ජනතාව පන්සලක්‌ ඉදි කළහ.

මෙම පුවත දස දෙස පැතිරී ගියේය. ගීත නාටකයක එන මෙම කියුම එමගින් බිහිවිය. “මහා ප්‍රාකාරය යටට දෙනෙත් යොමු නොකරන්න. ඇටසැකිලි හා ඇට කැබලි එහි ඇත්තේ එයට ආධාරක වශයෙනි”.

උතුරුකර ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණ වැළැකීමේ අදහසින් පැරැණි රදළ පාලකයන්, දස ලක්‍ෂ ගණනින් ජනී ජනයා ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා බලෙන් යොදවනු ලැබීය. බලය අයුතු ලෙස යොදා තනවන ලද මෙම ප්‍රාකාරයේ, චීන වැඩ කරන ජනතාවගේ පරම්පරා ගණනක දහඩිය හා රුධිරය අන්තර්ගතවී ඇත.

කුරුලු ආත්මීය ඇමතුම

ජියෑයුගුආන් අසල ශිලුඕ නගරයේ ප්‍රාකාර පාදම එහි මුදුනට වඩා පළලින් වැඩිකර තනා ඇත්තේ එයට දැඩි ශක්‌තිමත් භාවයක්‌ ගෙන දීම සඳහාය. එහි අරුම පුදුමයක්‌ ලෙස පවතින්නේ එහි කොනක ඇති විශේෂිත ගුණාත්මකභාවයකින් යුත් ගඩොල් වලට ගල් කැබැල්ලකින් තට්‌ටු කළ විට, ලිහිණියකුගෙන් නැගෙන මිහිරි ගී නදක්‌ දෙසවනට ඇසීමය.

ජනතාව පවසන්නේ ප්‍රාකාරයේ මුරසේවය කෙතරම් දැඩිද යත් ලිහිණියකුට පවා එය හරහා පියාසර කළ නොහැකි බවය. එක්‌ සැන්දෑවක ලිහිණියකු ප්‍රාකාරය හරහා තම කැදැල්ල කරා පියාඹීමට යාමේදී මැරී වැටුණි. කලින් සඳහන් කළ නාදය වනාහි කුරුලු ආත්මයේ ශෝකීරාවය බවට මතයක්‌ පවතී. (Cයසබ් රුජදබිඑරමජඑs ඇසුරෙනි)

ආරියපාල මුදලිගෙ
ගල්තුඩේ, බණ්‌ඩාරගම.