එංලන්තයේ හැම්ප්ටන් රජ මාලිගයේ හොල්මන් සොයා ගිය ගමන…

ඈන් බෝලෙයින් රැජිනිය සිරකාරියක වශයෙන් රඳවා සිටියේද පසුව හිස ගසා මරා දැමුයේ ද ලන්ඩන් නුවර පිහිටි මෙම බලකොටුවේදීය. එය හැඳින්වෙන්නේ ලන්ඩන් ටවර් (London Tower) යනුවෙනි. අද ද මෙහි ඈන් බෝලෙයින් රැජිනියගේ හොල්මන දක්‌නට ලැබෙන බව කියෑවෙන්නේය.

ඒ. ක්‍රි. ව. 1536 වසරයි. එවකට අටවැනි හෙන්රි රජුගේ වයස අවුරුදු හතළිස්‌පහකි. ඔහු එංගලන්තයේද, අයර්ලන්තයේද රජු වශයෙන් ද, ප්‍රංශයේ උරුමක්‌කරු වශයෙන් ද කටයුතු කරමින් සිටියේය. ඔහුට ඔහුගෙන් පසු රජකම ලබා දීම සඳහා පුතකුගේ අවශ්‍යතාව දැඩිව ඇතිව තිබුණේය.

පළමුව විවාහව සිටි ස්‌පාCඳ්Cඳ ජාතික ඇරගොන්හි කැතරීන් කුමරියගෙන්ද, දෙවනුව විවාහ වී සිටි ඈන් බෝලෙයින් කුමරියගෙන් ද රජුට දාව මේරි සහ එළිසබෙත් යනුවෙන් දියණියන් දෙදෙනකු සිටියහ. එහෙත් රජුට පුතකු ලබා දෙන්නට රැජිණන් වශයෙන් ඔටුනු පළන් ඇරගොන්හි කැතරින්ට ද, ඈන් බෝලෙයින්ට ද නොහැකිව තිබුණහ.

අටවැනි හෙන්රි රජු….

පුතකුගේ දැඩි අවශ්‍යතාවයෙන් සිටි රජු තෙවන වර විවාහයක්‌ මගින් හෝ සිය අවශ්‍යතාව ඉටුකර ගන්නට කල්යල් බලමින් සිටියේය. රජු යළි විවාහයක්‌ කර ගන්නේ නම් දෙවන වර විවාහව සිටි ඈන් බෝලෙයින් රැජිනියගෙන් දික්‌කසාද විය යුතුය. නමුත් එකල පැවැති රෝමාණු කතෝලික ආගමේ නීතිය අනුව රජුට ඇයගෙන් දික්‌කසාද වීමට අවසර ලැබුණේ නැත.

එහෙත් රජු ඒ වෙනුවට විකල්පයක්‌ වශයෙන් අනාචාරයේ හැසිරුනු බවට චෝදනා එල්ල කරමින් ඈන් බෝලෙයින් රැජිනියගේ හිස ගසා මරා දමන්නේය. එය සිදුවන්නේ ක්‍රි. ව. 1536 වසරේ මැයි මස 19 වැනිදාය. එම සිදුවීම එංගලන්ත රාජකීය ඉතිහාසයේ සිදු වූ ඉතාමත් සංවේදී සානුකම්පිත ඝාතනයක්‌ ලෙස ප්‍රකටය. ඇයගේ හිස ගසා මරා දැමීම සඳහා වෙනමම ඊට දක්‍ෂතා දක්‌වන විශේෂ ඝාතකයකු පිටතින් කැඳවීමට රජු පියවර ගෙන ඇත්තේය.

ඇතැම් මූලාශ්‍රවල සඳහන් වනුයේ මෙම ඈන් බෝලෙයින් රැජිනිය දැක්‌ක දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රූපකායකට උරුමකම් කියාපාන්නියක ලෙසටය. ඇයගේ සමේ පැහැය ඔලිව් ගස්‌වල පැහැ ගත්aතේය. ඉතාමත් නීරෝගීව වැවුණු දැකුම්කළු කලු කෙස්‌ කළඹක්‌ ද ඇයට තිබී ඇත්තේය. එමෙන්ම ඇය බුද්ධිමත් ය. ඇය එංගලන්තයට අමතරව නෙදර්ලන්තයේ ද ප්‍රංශයේ ද උගත් කෙනෙකි.

ඇය ඉතාමත් සතුටින්, සැහැල්ලුවෙන් මරණයට මුහුණ දුන් බව කියෑවෙන්නේය. කොටින්ම මරණ බියෙන් තැති ගැනීමක්‌, සුදුමැලිවීමක්‌, හැŽමක්‌, දෙඩීමක්‌ ඇයගෙන් පළ වී නොමැත්තේය.

“මට එච්චර ලොකු බෙල්ලක්‌ නැහැනේ.” තමාගේ හිස ගසා මරා දමන බව සැල වූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ එවැන්නකි.

එහෙත් ඇය ඇයට එල්ල වූ ලිංගික අපචාර චෝදනා කිසිවක්‌ පිළිගෙන නොමැත්තේය. ඇයට එල්ල වී තිබුණු එක්‌ බරපතල චෝදනාවක්‌ වී ඇත්තේ ඇය ඇයගේම සොහොයුරෙකු සමඟ ලිංගිකව හැසිරුණු බවකි. එමෙන්ම තවත් පිරිමින් දෙදෙනකු සමඟ ද ඇය ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇත්තේය.

මේ පිළිබඳ ඒක පාර්ශ්වීය නඩු විභාගය මෙහෙයවා ඇත්තේ රජුගේ විධානයෙන් ඇයගේම ඥතිවර මාමා කෙනෙකු විසිනි. ක්‍රි. ව. 1536 මැයි මස 2 වැනි දින හැම්ප්ටන් මාලිගයේදී අත්අඩංගුවට ගැණෙන ඇයව, රජුගේ විධානයෙන් සිරකර තබනුයේ ලන්ඩනයේ පිහිටි රජ මාලිගා බළකොටුවෙහිය. එය අද ප්‍රචලිතව ඇත්තේ “ලන්ඩන් ටවර්” (ඛදබාදබ ඔදඇර) යනුවෙනි. එකල රාජෙද්‍ර`හීන් ලෙසට චෝදනා එල්ල වන්නන් සිරකර තබනුයේ ද නඩු විභාග පවත්වා ඇත්තේ ද, පසුව හිසගසා මරා දමා ඇත්තේ ද මෙම ලන්ඩන් බලකොටුවේදී ය.

නඩු විභාගය අවසානයේදී එය විභාග කළ ඈන් බෝලෙයින් රැජිනියගේ ඥති මාමා ද හඬා වැටී ඇත්තේය. ඒ ඔහු පවා රැජිනට එල්ල වූ චෝදනා බොරු චෝදනා බව හො¹කාරවම දැන සිටි බැවිනි. කෙසේ හෝ අවසනදී රැජිනිය ද, ඇය සමඟ ලිංගිකව හැසිරුණ බව කියෑවුණු ඇයගේම සොහොයුරා ද අන් පිරිමින් දෙදෙනා ද ලන්ඩන් බලකොටුවේදී හිස ගසා මරා දැමෙන්නේය.

ඡේන් සෙයිමවුර් කුමරිය

“රටේ පවතින නීතිය අනුව මම මගේ දඬුවම විවේචනය කරන්න කැමැති නැහැ. රජතුමා ඉතාමත් කාරුණික, ශ්‍රේෂ්ඨ කෙනෙක්‌. ඔහු මට රැජිනියක්‌ වශයෙන් ඉතාමත් හොඳින් සැලකුවා. මම රජතුමාට දේවාශිර්වාදය පතනවා.” ඇය සිය මරණයට මුහුණදීම සඳහා හිස කොටය උඩ තැබීමට පෙර රැස්‌ව සිටියවුන් අමතා ප්‍රකාශ කර ඇත්තේය.

මරණයට බිය නොමැති මේ රැජිනියගේ විලාශය දැකීමෙන් ඇයව හිසගසා මරා දැමීමට කැඳවා සිටි විශේෂ වධකයා පවා වික්‍ෂිප්තව සිට ඇත්තේය.

“කෝ මගේ කඩුව? කෝ මගේ කඩුව?” යෑයි අසමින් රැජිනියගේ අවධානය වෙනතක යොමු කරවා එසැණයෙන් ම රැජිනියගේ හිස කඳින් වෙන් කරන්නට ඝාතකයා පියවර ගෙන සිටි බව කියෑවෙන්නේය.

එම සිද්ධිය වී දැන් වසර 474 ක්‌ ද ගෙවී ඇත්තේය. එනමුදු ඈන් බෝලෙයින් රැජිනිය අද ද ලන්ඩන් රජ මාළිගා බළකොටුවේ (ලන්ඩන් ටවර්හි) හොල්මන් කරන්නේය. එදා මෙදා තුර ඇයගේ හොල්මන දුටුවෝ ද අපමණය.

රජුට දාව ක්‍රි. ව. 1533 සැප්තැම්බර් 7 වැනි දින මෙම ඈන් බෝලෙයින් රැජිනිය දියණියක වැදුවාය. එම දියණියගේ නම එළිසබෙත් ය. මෙම සිද්ධියෙන් වසර 22 කට පසුව පළමුවැනි එළිsසබෙත් යනුවෙන් එම දියණිය එංගලන්තයේද, අයර්ලන්තයේ ද රැජිනිය වශයෙන් බලයට පැමිණෙන්නේය. හරියටම කියන්නේ නම් ඒ ක්‍රි. ව. 1558 නොවැම්බර් මස 17 වැනිදා ය.

තම පියා වන අටවැනි හෙන්රි රජු විසින් අසාධාරණ චෝදනා එල්ල කොට මරා දමන ලද තම මව වන ඈන් බෝලෙයින් රැජිනියට ගරු බුහුමන් කරන්නට ද සියලු චෝදනාවලින් ඇයව නිදහස්‌ කරන්නට ද කල් පසු වී හෝ මෙම පළමුවැනි එළිසබෙත් රැජිනිය පියවර ගෙන ඇත්තේය.

මෙම පළමුවැනි එළිසබෙත් රැජිනිය එතැන් පටන් ක්‍රි. ව. 1603 මාර්තු 24 වැනි දින දක්‌වා වසර 44 කුත් දින 127 ක්‌ එංගලන්තය ද, අයර්ලන්තය ද පාලනය කරන්නේය. ඇයගේ මෙම පාලන කාලයේදී එංගලන්තයේ සාහිත්‍යයට පවා නවෝදයක්‌ උදා වී ඇත්තේය. සුප්‍රසිද්ධ විලියම් ශේක්‌ෂ්පියර්, ක්‍රිස්‌ටෝපර් මාර්ලෝ වැන්නන් පවා බිහිව ඇත්තේ එම කාලයේදී ය.

තම බිරිය වූ ඈන් බෝලෙයින් රැජිනියගේ හිස ගසා මරා දමන ලද දිනයේදී ම අටවැනි හෙන්රි රජු තුන්වන වරට ද විවාහ ගිවිස ගත්තේය. ඒ ඡේන් සෙයිමවුර් කුමරිය සමඟය. මෙම ඡේන් සෙයිමවුර් කුමරියගේ පිsයා එවකට විල්ෂයර් ප්‍රදේශයේ පදිංචිව සිටි සර් ජෝන් සෙයිමවුර්ය. ඇයගේ මව මාර්ග්‍රෙරි වෙන්ට්‌වෝර්ත්ය. ඇය එංගලන්තයේ රජකු වශයෙන් කලක්‌ කටයුතු කළ තුන්වන එඩ්වඩ් රජුගේ පරම්පරාවෙන් පැවත එන්නියකි.

ඡේන් සෙයිමවුර් කුමරිය අටවැනි හෙන්රි රජුගේ පළමු බිරියව සිටි ඇරගොන්හි කැතරින් රැජිනියගේද රජුගේ දෙවන බිරියව සිටි ඈන් බෝලෙයින් රැජිනියගේද පරිවාර සේවිකාවක්‌ වශයෙන් කලක්‌ තිස්‌සේම කටයුතු කරමින් තිබුණේය. සැබෑවටම ඇය යාන්තම් ලියන්නට කියන්නට දත් කෙනෙකි. රජු හා කලින් විවාහව සිටි රැජිණන් දෙදෙනා මෙන් ඇය වඩා උගත් කෙනෙකුද නොවූවාය. එහෙත් ඇය එම්බ්‍රොයිඩර් මැහුම් ගෙතුම් පිළිබඳවද, අරපිරිමැස්‌මෙන් ගෘහ පාලනය පිළිබඳව ද හසල දැනුම ඇත්තියකි.

ඇයගේ සම සුදුමැලිය. එමෙන්ම එතරම් ප්‍රිය උපදවන රූපකායක්‌ ද ඇයට තිබී නැත්තේය.

හැම්ප්ටන් මන්දිරයේ

ඇය හා විවාහ වුවද, ඇයගෙන් පුතකු ලබන තෙක්‌ ඇයව සිය රැජිනිය වශයෙන් ඔටුනු පැළඳවීමට රජු කැමැත්තක්‌ දක්‌වා නොමැත. එවකට එංගලන්තයේ මහාමාරිය රෝගය ද පැතිර යමින් තිබී ඇත්තේය. ඒ රෝගය මුවාවෙන් පුතු ලැබෙන තෙක්‌ ඇයව සිය රැජිනිය වශයෙන් ඔටුනු පැළඳවීම කල් තැබීමට රජු උපක්‍රමශීලී වී ඇත්තේය.

ඇතැම් මූලාශ්‍රවල සඳහන් වනුයේ මෙම ෙ-න් සෙයිමවුර් කුමරිය රජුගේ කලින් බිරිඳගෙන් (රැජිනියන්ගේ) පරිවාර සේවිකාවක්‌ වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ සිටම රජු හා රහස්‌ සම්බන්ධතා පවත්වා තිබුණු බවකි.

එම රහස්‌ සම්බන්ධතාව ප්‍රයෝජනයට ගෙන ඇය විසින් රජුට ගතු කේලාම් කියා රජුගේ දෙවැනි බිරියව සිටි ඈන් බෝලෙයින් රැජිනියව බොරු චෝදනා නගා හිස ගසා මරා දමන තැනට වැඩ සිද්ධ කරනුයේ ද ඇය බවය. බලයට පැමිණීමේ නොතිත් ආශාවකින් පසු වූ ඇයගේ සහෝදරයන් දෙදෙනකු විසින් ඇයව ඒ සඳහා පොළඹවා ඇති බවක්‌ ද කියෑවෙන්නේය.

ඈන් බෝලෙයින් රැජිනිය රජුගේ බිසව වීමට ප්‍රථම ප්‍රංශයේ ද උගත්, ප්‍රංශ රැජිනිය වූ ක්‌ලෝඩ් රැජිනියගේ පරිවාර සේවිකාවක වශයෙන් ද කටයුතු කර තිබුණු තැනැත්තියකි. එනිසා ඇය හැම්ප්ටන් මාලිගයේ සියලු සැරසිලි ප්‍රංශ ක්‍රමයට සකස්‌ කර තිබී ඇත්තේය. එමෙන්ම ඈන් බෝලෙයින් රැජිනියට පරිවාර සේවිකාවන් 60 දෙනකු ඇතුළු 250 කගෙන් යුත් කාර්ය මණ්‌ඩලයක්‌ ද සිට ඇත්තේය.

ඇය නිතර නිතර ධනය වැය කරමින් සුවිශාල ප්‍රියසම්භාෂණ පවා පවත්වා ඇත්තේය. රජුගේ පළමු බිරිය වන ඇරගොන්හි කැතරීන් රැජිනියගෙන් රජුට මේරි යනුවෙන් දියණියක වූ අතර, එම දියණිය හා රජු අතර ඇති පියා – දියණිය යන සහබන්ධනය කඩා විරසක කර මේරි කුමරියව රජ මාලිගයෙන් වෙනත් දුර බැහැර නිවස්‌නයකට පිටමං කරවීමට ද ඈන් බෝලෙයින් රැජිනිය පියවර ගෙන තිබුණේය.

ඈන් බෝලෙයින් රැජිනිය කළ මේ සියල්ල කණපිට හැරවීමට ඡේන් සෙයිමවුර් කුමරිය පියවර ගෙන ඇත්තේය.

මාලිගයේ ඇති ප්‍රංශ සැරසිලි සියල්ල ඉවත් කිරීමට ද, නාස්‌තිකාර ප්‍රියසම්භාෂණ අත්හිටුවීමට ද ඇය විධාන කර ඇත්තේය. එමෙන්ම රජු හා බිඳවා සිටි රජුගේ පළමු බිරියගේ දියණිය වන මේරි කුමරිය යළි රජු හා සම්බන්ධ කර පියා දියණිය යන වටිනා අර්ථය ලබා දීමට ද එම මේරි කුමරිය සමඟ මෙන්ම රජුගේ සහෝදරිය සහ අන් දරුවන් සමඟ සමීප සබඳතා පවත්වන්නට ද ඇය පියවර ගෙන තිබුණේය. එමෙන්ම කිසිදු දිනෙක රජුගේ පාලන කටයුතුවලට ඇඟිලි නොගැසීමට ද ඇය පරෙස්‌සම් වී ඇත්තේය.

ඇයගේ එම්බ්‍රොයිඩර් මැහුම් ගෙතුම්වලට රජු ඉතා කැමැත්තක්‌ දක්‌වා තිබුණේය. ඒ ඒවා ඉතාම උසස්‌ තත්ත්වයේ ඒවා වීම නිසා ය.

මේ සියල්ල අතරතුර රජකම සඳහා පිරිමි දරුවකු බලාපොරොත්තුවෙන් සිටි රජුගේ පැතුම ඉටු කරමින් ෙCAන් සෙයිමවුර් කුමරිය රජුට දාව පුතකු ද බිහිකරන්නේය. ඒ ක්‍රි. ව. 1537 ඔක්‌තෝබර් මස 12 වැනිදාය. රජු පුතුට නම් තබනුයේ හයවැනි එඩ්වඩ් යනුවෙනි. එම පුතු ඉපදී දින දොළහකට පසුව එනම් එම වසරේම ඔක්‌තෝම්බර් මස 24 වැනිදා ඇය මිය ගියාය. ඒ දරු ප්‍රසූතයේදී ඇති වූ ආසාදන හේතුවෙන් හටගත් තදබල උණෙනි.

රජු ෙCAන් කුමරියට තමා සමඟ මීට පෙර විවාහ ව සිටි කුමරියන්ට වඩා සැබෑවට ආදරය කළේය. ඒ තමා කලක්‌ තිස්‌සේ ම බලාපොරොත්තුවෙන් සිටින පුතකු ඇය ඔහුට ලබා දුන් නිසාය. එනිසාම ෙCAන් කුමරියගේ මරණය රජුට ගෙනවිත් තිබුණේ දුකකි.

ඇය තමාගේ රැජිනිය ලෙසට ඔටුනු නොපැළඳ සිටියදී, ඇයගේ මරණයේ අවසන් කටයුතු සඳහා රැජිනියකට දැක්‌විය යුතු ඉහළම රාජකීය බවක්‌ ලබා දෙන්නට රජු පියවර ගෙන තිබෙන්නේය. කොටින්ම කියන්නේ නම් ඇය ඔටුනු නොපැළඳ සිටියද ඇයව භූමිදානය කරනුයේ රැජිනක්‌ ලෙසටය. එම භූමිදානය සිදුවනුයේ එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ ඇති ශාන්ත ජෝර්ඡ් දේවස්‌ථාන භූමියේදී ය.

මෙම ඡේන් කුමරියගේ මරණයෙන් මේරි කුමරිය ද අසීමිත ලෙස දුකට පත්ව සිටියාය. ඒ ඡේන් කුමරිය ඇයට ද හොඳින් සලකා තිබුණු නිසාය. එමෙන්ම තමා සහ තමාගේ පියා වන අටවැනි හෙන්රි රජු සමඟ පියා – දියණිය යන සහසම්බන්ධය විනාශ වී තිබෙද්දී එය යළි ඇති කිරීමට ද ඡේන් කුමරිය උනන්දුවකින් ක්‍රියා කර තිබුණු නිසා ය.

මේ මේරි කුමරිය ද ක්‍රි. ව. 1553 ජුලි මස 19 වැනිදා සිට ක්‍රි. ව. 1558 නොවැම්බර් 17 වැනිදා දක්‌වා වූ වසර 5 කුත් දින 121 ක කාලයක්‌ එංගලන්තයද, අයර්ලන්තය ද පාලනය කරන්නේය. ඒ ඇය පළමුවැනි මේරි රැජිනිය ලෙසට ඔටුනු පැළඳීමෙනි.
ෙ-න් කුමරිය විසින් නිමවා තිබුණු එම්බ්‍රොයිඩර් මැහුම් ගෙතුම් ක්‍රි. ව. 1652 දක්‌වා ම හැම්ප්ටන් මාලිගයේ සුරක්‍ෂිතව තබා තිබුණු බවට සාධක ඇත්තේය. එමෙන්ම ඒවා එම වසරෙන් පසුව ෙ-න් සෙයිමවුර් කුමරියගේ පරම්පරාවලින් පැවත එන සෙයිමවුර් පවුලට බාර දී ඇති බවක්‌ ද කියෑවෙන්නේය.

මෙම ලිපිය ලියන මමද, මා සමඟ ස්‌වීඩනයේ සිට එංගලන්තයට ගොස්‌ හැම්ප්ටන් මාලිගයේ සංචාරයට එක්‌වූ ස්‌වීඩීෂ් ජාතික හිත මිතුරියන්ට ද මේ ෙ-න් සෙයිමවුර් කුමරියගේ හොල්මන අදටද එහි සැරිසරන බව අසන්නට ලැබුණාහ.

හැම්ප්ටන් මන්දිරයේ

සාමාන්‍යයෙන් සෑම වසරකම ග්‍රීෂ්ම කාලයේදී (මාර්තු මැද සිට ඔක්‌තෝම්බර් මැද දක්‌වා) සංචාරකයන් වෙනුවෙන් හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය සතියේ සෑම දිනෙකම විවෘතව පවතිනුයේ උදේ 10.00 සිට සවස 6.00 දක්‌වා ය. ශීත සෘතුවේදී එනම් ඔක්‌තෝම්බර් මස මැද භාගයේ සිට මාර්තු මාසයේ මැද භාගය දක්‌වා කාලය ඇතුළතදී හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය සංචාරකයන්ට විවෘතව පවතිනුයේ සතියේ සෑම දිනෙකම උදේ 10.00 සිට සවස 4.30 දක්‌වා ය.

අප එහි ගියේ මේ ග්‍රීෂ්ම කල එක්‌ ඉරිදාවකය. ලන්ඩනයේ වෝටර්ලු දුම්රියපළෙන් දුම්රියට නැගුණු අපගේ ගමනාන්තය වූයේ හැම්ප්ටන් කෝට්‌ දුම්රිය නැවතුම්පලය. ඒ ගමනට ගත වන කාලය විනාඩි 36 කි. හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය නැරඹීම සඳහා එක්‌ වැඩිහිටි අයෙකුට අය කරන ගාස්‌තුව බ්‍රිතාන්‍ය පවුම් 14කි. දළ වශයෙන් එය අපගේ ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් 2500 කට ආසන්නය.

ලන්ඩන් නුවරදී එහි වෙසෙන එහි සංචාරයට පැමිණෙන, එහි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ඕනෑතරම් මුණ ගැසිය හැකිය. එහෙත් ගහට ගහක්‌ මොරටුවේදී මුණ ගැසෙනවා කියන්නා සේ හැම්ප්ටන් මාලිගයේදී මුණගැසුණු සරත් – රෝහිණී පෙරේරා යුවළද, රෙජී – ශ්‍රී යන මල්ලී සහ අක්‌කාද විශේෂිතය. ඔවුහු එංගලන්තයේ පමණක්‌ නොව අයර්ලන්තයේද, ස්‌කොට්‌ලන්තයේ ද මෙවැනි මාලිගා සහ උද්‍යාන නරඹන්නට යැම විනෝදාස්‌වාදයක්‌ කරගත්තෝ වෙති.

හැම්ප්ටන් මාලිගයේ සිටින සංචාරක මඟ පෙන්වන්නෝ හැඳ පැළඳ සිටින්නේ මීට වසර 500 කට පෙර හැම්ප්ටන් මාලිගයේ ජීවත් වූවන් හැඳ පැළඳි ඇඳුම්වලට සමාන ඇඳුම් ය. ඒ අටවන හෙන්රි රජු එහි ජීවත් වූ කල සංචාරකයන්ට සිහිකර දීම සඳහා ය.

හැම්ප්ටන් මාලිගයේ සැරිසරන ෙ-න් සෙයිමවුර් කුමරියගේ හොල්මන ගැන ඒ එක්‌ සංචාරක මඟපෙන්වන්නකු වන ටී. තෝමස්‌ගෙන් විමසීමේදී ඔහු කීවේ මෙවන් දෙයකි.

“ඇත්තටම ෙ-න් කුමරිය මේ මාලිගා උද්‍යානයේ හොල්මන් කරන අන්දම දැක්‌ක දුටු අය ඉන්නවා. ඒ බොහෝ අය තමන් දැක්‌ක දේ ලෙස කියා සිටින්නේ ඉටිපන්දමක්‌ දල්වාගත් කාන්තාවක්‌ මාලිගා උද්‍යානයේ අලංකාර ගල් ඇතිරූ ප්‍රදේශ අතර සැරිසරන අන්දම දුටුවා කියායි.

ඒත් තවත් සමහරුන් කියන්නේ තමන් එළියක්‌ අතින් ගෙන ගමන් කරන කාන්තාවක්‌ දුටු බවකුයි. ෙ-න් කුමරිය දරු ප්‍රසූතියෙන් අනතුරුව මියගිහිල්ලා තිබුණේ මෙම මාලිගයේදී යි. කොහොම නමුත් ඒ ඈත අතීතයේ සිටම ඇය මෙහි හොල්මන් කරනවා යන්න ප්‍රසිද්ධ කාරණයක්‌.

කෙසේ නමුත් දහවල් කල එහි ගිය අප වැනි සංචාරකයන්ට නම් ෙ-න් කුමරියගේ හොල්මන දැක ගන්නට ලැබෙන්නේ නැත. ඒ ඇය රාත්‍රි කල පමණක්‌ එහි සැරිසරනා හෙයිනි.

බන්ධුල දිනපූර්ණ

මේ වගේ අලුත් වැදගත් ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණයි