55 ක් වයස හිට්ලර්ට පෙම්හසුන් ලියපු 18 පෙම්වති‌ගේ කතාව

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ලෝකයට බරපතළ වින්නැහියක්‌ සිදු වූ අතර, ඒ වකවානුවේ කොළඹටද බෝම්බ ප්‍රහාර එල්ල විය. සංග්‍රාමයට වගකිවයුතු පුද්ගලයන් දෙදෙනා ජර්මනියේ නාසි ආඥදායක ඇඩොල්µa හිට්‌ලරුත්, ඉතාලිsයේ µeසිස්‌ට්‌ ආඥදායක බෙනිටෝ මුසෝලිනිත්ය. 1939 සිට 1945 දක්‌වා එක දිගට වසර හයක්‌ තිස්‌සේ පැවති සංග්‍රාමයට සම්බන්ධ ප්‍රධාන රටවල් වූයේ, ජර්මනියත්, ඉතාලියත්, මහා බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත්, සෝවියට්‌ රුසියාවත්, අමෙරිකාවත්, ජපානයත්ය.

සංග්‍රාමය නිමාවට පත්ව වසර 32 කට පසුව මා ජර්මනියට ගිය අතර සංග්‍රාමයෙන් එරටට සිදුව තිබුණු බරපතළ විනාශය එහිදී මම ඇස්‌පනාපිටම දිටිමි. බර්ලින් නුවර පිහිටි ලෝහමය ප්‍රතිමාවක්‌ පසාරු වී යන ආකාරයට වෙඩි ප්‍රහාරයක්‌ ඊට එල්ල වී තිබීමෙන්ම තත්ත්වය තේරුම් ගත හැකිය.

බලයට පත්ව මුලදීම ජර්මනිය මෙලොව සුරලොවක තත්ත්වයට පත් කළ හිට්‌ලර්, බලකාමයෙන් උන්මත්තකයකු බවට පත්ව සිටි වග නොකිවමනාය. අන්තිමේදී මුළු ලොවම යටපත් කර ගන්නට හෙතෙම මේ සංග්‍රාමය ආරම්භ කළ අතර, ඉතාලියේ µeසිස්‌ට්‌ ආඥදායකයාද ඊට සම්බන්ධ විය.

දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ රූගත කෙරුණු “හිට්‌ලර්” චිත්‍රපටය නැරඹුවේද ජර්මනියේ සිටින විටය. එම චිත්‍රපටිය නරඹන්න දිනක්‌ මා සිනමා ශාලාවකට ගිය විට මැදිවියේ ජර්මානු කාන්තාවක්‌ද මා අසලින් වාඩි වී එය නරඹනු දැකගත හැකි විය. විවෘත වාහනයක නැගී හිට්‌ලර් බර්ලින් නුවර වීදියක සංචාරය කළ අවස්‌ථාවක, මඟ දෙපස අතුරු සිදුරු නැතිව පිරී සිටි ජර්මානු ජාතිකයන් ඔහු දැක ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ අයුරුත්, පාර වැසී යන තරමට, ඔවුන් පාරට මල් පොකුරුපිටින් වීසි කළ අයුරුත් චිත්‍රපටය මුලදී රිදී තිරයේ දිස්‌ විය. ඇත්තම කිවහොත් එම පාරේ තාර තිබෙන තැනක්‌වත් දැකගත නොහැකි වූ තරම්ය. හැම තැනකම මල්ය.

සංග්‍රාමය කෙරී ගෙන යද්දී බර්ලිනය ඇතුළු ජර්මනියට ප්‍රහාර එල්ල වන අයුරුද, ප්‍රහාරවලින් ගොඩනැගිලි බුරුතුපිටින් සුන්බුන්ව යන අයුරුද දැකගත හැකි විය.

සංග්‍රාමයෙන් රට විනාශ වී ගිය පසු ජර්මන් ජාතිකයන්ට හිට්‌ලර් කල්කදුරුමෙන් තිත්ත වූ අන්දමත්, ඔහුගේ පින්තූරයක්‌ දුටු විටක එය කෑලි කෑලිවලට ඉරා ගුලිකොට වීසි කරන හෝ පාගා දමන හෝ ගිනි තබන අයුරුද චිත්‍ර පටියෙන් පෙන්නුම් කෙරිණි.

හිට්‌ලර් ජන හද දිනාගන්න කටයුතු කරන අවස්‌ථාවන් හා ඔහුට ජනතා ප්‍රසාදය හිමි වන අවස්‌ථාවන්ද රිදී තිරයේ දිස්‌වෙද්දී, මා අසල වාඩි වී සිටි යට කී ජර්මන් කාන්තාව ප්‍රීතියෙන් උද්දාම වූ හැටිද, සමහර අවස්‌ථාවල ඇය ප්‍රීතියෙන් හෙමිහිට කෑගැසූ හැටිද මට මතකය.

පැය දෙකහාමාරක පමණ කාලයක්‌ තිස්‌සේ රිදී තිරයේ දිස්‌වුණු චිත්‍රපටිය නිමා වීමෙන් පසුව, සිනමා ශාලාවේ විදුලි පහන් දැල්වුණු විට, මා ඇය දෙස ඇස යොමා බලද්දී දුටුවේ ඇය දුක්‌මුසු විලාශයකින් සිටින බවය. මුහුණේ කඳුළුද තිබෙනු දැක ගත හැකි විය.

ජර්මනියේදී අපට ජර්මන් බසද උගැන්වූ නිසා ඒ දිනවල යම්තමට ඒ බස කතා කරන්න මට හැකි වූයෙන්, “මොකද ඔයා දුකකින්, කනස්‌සල්ලකින් වාගෙ ඉන්නෙ”යි මම ජර්මන් බසින් ඇයගෙන් ඇසීමි. ඊට පිළිතුරු දෙමින් ඇය කතා කළේද ජර්මන් බසිනි. ඇය මට කීවේ “මං හිට්‌ලර් දැකල තියෙනව. එයා එක්‌ක කතාබස්‌ කරලත් තියෙනව. මං එයාට ආදරේ කළා. එයාට ලියුම් (පෙම් හසුන්) ලියලත් තියෙනව. එයාට වෙච්ච දේ මට අදහගන්ඩ බැරි හිංද හරි දුකක්‌ හිතුණ” කියාය.

මා එම ජර්මානු කාන්තාව දකින විට ඇයගේ වයස අවුරුදු 50 ක්‌, 55 ක්‌ තරම්ය. ඇය හිට්‌ලර්ට පෙම් කොට ඇත්තේ, පෙම්හසුන් ලියා ඇත්තේ වයස 18 දී පමණය.

හිට්‌ලර් යුද කටයුතු මෙහෙය වූ ස්‌ථානයටද, යුදෙව් ජාතිකයන් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකගේ හිස්‌ ගසා මැරූ ගිලටිනය පිහිටි ස්‌ථානයටද යන්න මට හැකිවිය.

ගිලටිනය සවිකොට තිබුණේ කාමරයක්‌ වැනි ස්‌ථානයකය. බෙල්ල එහි තැනකට තැබූ විට මුවහත් තලයකින් බෙල්ල දෙකඩව යන ආකාරයට ගිලටිනය සකසා තිබිණි.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව, ජර්මනිය බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනියද වශයෙන් රටවල් දෙකට බෙදී කැඩී ගිය අතර, එවක එරට අගනුවර වූ බර්ලිනයද එලෙස දෙකඩ වූයේ නගරය මැදින් ඉදිකෙරුණු දැවැන්ත බර්ලින් තාප්පයෙනි. එය අඩි 15 ක්‌, 20 ක්‌ තරම් උස්‌ වූ තාප්පයකි. නැගෙනහිර ජර්මනිය කොමියුනිස්‌ට්‌ රාජ්‍යයක්‌ වූ නිසා ඒ රටින් තාප්පය දිගටම ගිනි අවි අමෝරා ගත් භටයන් ආරක්‌ෂාවට යොදා තිබිණි.

බර්ලින් තාප්පය අල්ලන්න දිනක්‌ සවස්‌ යාමයේ මා ගිය විට තාප්පය මත සිටි භටයෙක්‌ මා දෙස රවා බලා ගිහි අවියද මා දෙසට හැරවූයෙන් මට තරු පෙනිණි.

තාප්පය පනින්න ගොස්‌ මැරුම් කෑ අයද සිටිති.

හිට්‌ලර්ද අන්තිමේදී සිය පෙම්වතිය වූ ඊවා (වෙන පෙම්වතියකි) සමග රහසිගත ස්‌ථානයකදී දිවි හානි කර ගත්තේය.

හිට්‌ලර් ම්ලේච්ඡයකු බවට පත් වූයේ බාල වියේදී ඔහුගේ මවගේ දෙවන සැමියා ඔහුට සිදු කළ අඩම්තේට්‌ටම් නිසා යයි කියති. බාල වියේදී ළමයකුගේ සිත දූෂ්‍ය වුවහොත් චරිත ස්‌වභාවයද නරක අතට හැරෙන වග නොකිවමනාය. හෙතෙම උග්‍ර ජාතිවාදියෙක්‌ විය. මුහුණ වටකුරුය, රෞද්‍රය. ඔහුගේ කැපී පෙනෙන ලක්‌ෂණය උඩු රැවුලය. කොණ්‌ඩය පීරුවේ ජෑක්‌ එකටය.

ආර්ථිකය රාජ්‍ය පාලනය යටතට ගැනීම, ජර්මානු ජාතිය ව්‍යාප්ත කිරීම, නාසිවාදයේ මූලික ලක්‌ෂණ දෙකකි.

හිට්‌ලර් ආඥදායකයකු වූ නිසා ඔහු අණක්‌ දුනහොත් එය ඉටු කළ යුතුම විය. නැත්නම් සිදු වූයේ මැරුම් කන්නටය.

තදබල වෛරක්‌කාරයෙක්‌ වූ ඔහු යුදෙව් ජාතිකයන්ට දිගින් දිගටම වෛර කළේය. යුදෙව් ජාතිකයන් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකගේ හිස ගසා මරා දැමුවේද එම වෛරය නිසාමය. උතුර නැගෙනහිර දෙපළාතේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමේ අරමුණින් වසර 30 ක කාලයක්‌ තිස්‌සේ ආරක්‌ෂක හමුදා හා සමග සටන් කළ ම්ලේච්ඡ කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්, හිට්‌ලර්ගේ අවතාරය විය. ඔහුද උග්‍ර ජාතිවාදියෙක්‌ වූ අතර සිංහල හා මුස්‌ලිම් ජාතිකයන් බුරුතුපිටින් මරා දැම්මේ අමු තිරිසනකු පරිද්දෙනි.

හිට්‌ලර් තම හිසට පිස්‌තෝලයකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත් නමුත්, ඔහුගේ අවතාරය වූ ප්‍රභාකරන් ආරක්‌ෂක හමුදා ප්‍රහාරයකට ගොදුරුව ඇස්‌ දෙක ඇරගෙනම අවසන් හුස්‌ම හෙළුවේය.

විමල් වීරසේකර

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි