ඇඟිලි දෙකේ කථාව ඔබ දන්නවාද?

වත්මන් ලෝකයේ විලාසිතාවක්‌ සේ ප්‍රචලිතව ඇති යම් හස්‌ත මුද්‍රවක්‌ රූපවාහිනියෙන් හෝ පුවත්පත් ඡායාරූප මගින් ඔබ දැක ඇතුවාට කිසිම සැකයක්‌ නැත. එය ඉංගී්‍රසියෙන් වික්‌ටරි යන අර්ථයෙන් (VICTORY) ජයග්‍රහණය පෙන්නුම් කිරීමට (බොහෝවිට) දකුණතේ දබරඟිල්ලත් – මැදඟිල්ලත් ඉංගී්‍රසි වී අකුරේ (V) හැඩයට අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීමකි.

සියවස්‌ දහසක්‌ තරම් වූ ඈත අතීතයේදී යුද්ධ කෝලාහල සඳහා ප්‍රධාන ආයුද වශයෙන් යොදා ගත්තේ කඩුව සහ දුන්නය. ක්‍රි. පූ. 161 – 137 රජකම් කළ අපගේ දුටුගැමුණු නිරිඳුන්ගේ දසමහා යෝධයන්ගෙන් එක්‌ අයකු වූයේ දුනු – හී හමුදාවේ නායක, අග්‍ර ධනුර්ධර ථුස්‌සුදේවයන් බව සිහි කිරීම වටී.

ඉදින් එකල යුරෝපයේද රටවල් අතර සහ ගෝත්‍ර අතර සටන් සිදුවෙද්දී පෙරමුණේ සටන් කළේ දුනුවායන්ය. එක්‌ හමුදාවක්‌ විසින් පසමිතුරු හමුදාවේ දුනුවායන් ජීවග්‍රහයෙන් අල්ලා යටත් කරගත් විට ඔවුන් මරා නොදැමුවෝය. ඒ වෙනුවට කරන ලද්දේ ඔවුන්ගේ දකුණතේ දබරඟිල්ලත් – මැදඟිල්ලත් කපාදමා අභයදානය දී නිදහස්‌ කර හැරීමය. එසේ කරන ලද්දේ දුනුදිය අදින්නේ එම ඇඟිල් දෙක උපයෝගී කරගෙන බැවින් තවත් එසේ කළ නොහැකි වන්නටය. (දුනුදිය අදින නිවැරදි ක්‍රමය එයයි.)

සතුරු පිලට පහර දීමට පෙරමුණට ගොස්‌ තම ඉලක්‌ක සපුරාගෙන, සතුරාටද අසුනොවී නැවත තමන්ගේ පිලට දුවගෙන එන දුනුවායන් තමන් ජයග්‍රහණය කළබව තම පිලේ සගයන්ට ඈත තියාම පවසන්නේ අත ඔසවා දබරඟිල්ලත් – මැදඟිල්ලත් පෙන්නීමෙනි. එය අද හස්‌ත මුද්‍රdවෙන් පෙන්වන වික්‌ටරි යන්නෙහි වී අකුර නොවේ. තමන් සතුරන්ට අසුනොවී ඇඟිලි දෙක කපා නොගත් බව හා ඒවා තවමත් සුරක්‍ෂිතව තිබෙන බවය. ඇඟිලි දෙකෙන් පෙන්වන වී අකුරේ අතීත කථාව එයයි.

රෝහිත මුණසිංහ

13227126_1114500065269417_3513973361156692242_nrenault_kwid_1SamsungS9-Feature1