මරණය මතින් අරගලය ජයගත් ජ’පුර සරසවිය…

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අතීතය 1873 දක්‌වා දිවේ. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් එය ආරම්භ වූයේ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙන ලෙසිනි. විෙද්‍යාදය පිරිවෙන, විෙද්‍යාදය විශ්වවිද්‍යාලය බවට පත් වූයේ 1958 පාර්ලිමේන්තු පනතක්‌ මගින් 1959 පෙබරවාරි 18 වැනිදාය.

මාලිගාකන්දේ තිබූ විෙද්‍යාදය විශ්වවිද්‍යාලය නුගේගොඩ ගංගොඩවිල ස්‌ථාපනය වන්නේ 1961 දීය. එය උසස්‌ අධ්‍යාපන සභාවේ පාලනයට 1966 දී පාර්ලිමේන්තු පනතක්‌ අනුව එක්‌විය. සියලුම විශ්වවිද්‍යාල 1972 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නාමය යටතේ ඒකාබද්ධ කරන ලද අතර එහිදී මෙය විෙද්‍යාදය මණ්‌ඩපය විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස නාමය වෙනස්‌ වූයේ 1978දීය.

university
මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙන 1959 පෙබරවාරි 18 විෙද්‍යාදය විශ්වවිද්‍යාලය බවට පත්වූ අවස්‌ථාවේදී මාලිගාකන්ද උත්සවශ්‍රීයෙන් දිස්‌වූයේ මෙසේය.

කුරුණෑගල වැහැර වධ කඳවුරේදී 1989 ජුලි 9 වැනිදා ඝාතනයට ලක්‌වූ ජ’පුර සිසු ප්‍රේමලාල් කුමාරසිරිගේ දේහය අසල හඬා වැළපෙන ඔහුගේ වැඩිමහල් නැඟණිය. කනිටු නැඟණිය පසෙකින්ය.

සියවසකට අධික කාලයක්‌ විවිධ වෙනස්‌වීම්වලට සහ පරිවර්තනවලට මුහුණ දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට (ජ’පුර සරසවිය) පැමිණි සරසවි සිසුන් සහ ආදී විද්‍යාර්ථින් සමාජීය, දේශපාලනික, අධ්‍යාපනික, සංස්‌කෘතික, ආගමික ඇතුළු සෑම අංශයකම පෙරමුණේ විය.

ලාංකීය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස්‌ කරමින් ආර්ථික සහ සමාජ පරිවර්තනයක්‌ ඉල්ලූ ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේ පහර දීමේ අවසන් තීරණය ගත්තේ ද එදවස විෙද්‍යාදය සරසවියේ සංඝාරාමයේදීය. ජ’පුර සරසවි සිසුවකු වශයෙන් 1971 අප්‍රේල් කැරැල්ලේදී ඝාතනයට පත්වූයේ එක්‌ සිසුවකු පමණි.

ඒ කහටගස්‌දිගිලියේදී ඝාතනයට ලක්‌වූ අනුරාධපුරයේ ලොකුබණ්‌ඩා (එල්.බී) සෙනෙවිරත්නය. සිය ගණනක්‌ සිරගත විය. කැරැල්ල අවසානයත් සමඟ විෙද්‍යාදය සරසවිය දහස්‌ සංඛ්‍යාත කැරලිකරුවන් රඳවා තැබූ කඳවුරක්‌ බවට පත්විය.

අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්‌තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක, මිනිසුන් වහලුන් සේ දිවි ගෙවූ අඳුරු කාලපරිච්ඡේදයක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සරසවි සිසුන්ය.

රාජ්‍ය භීෂණය, ශිෂ්‍ය මර්දනය, නිදහස්‌ අධ්‍යාපන කප්පාදුව, ජාතික අර්බුදය, ඉන්දියන් හමුදා ආක්‍රමණය ඇතුළු කරුණු ගණනාවක්‌ හමුවේ සංවේදී වූ මෙම සිසුන්ගෙන් බහුතරයක්‌ ජවිපෙ 2 වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව බද්ධ විය.

premamlal
කුරුණෑගල වැහැර වධ කඳවුරේදී 1989 ජුලි 9 වැනිදා ඝාතනයට ලක්‌වූ ජ’පුර සිසු ප්‍රේමලාල් කුමාරසිරිගේ දේහය අසල හඬා වැළපෙන ඔහුගේ වැඩිමහල් නැඟණිය. කනිටු නැඟණිය පසෙකින්ය.

අවසානයේදී භීෂණ යුගය පැවති 1986 සිට1990 දක්‌වා මියගිය සරසවි සිසු සංඛ්‍යාව 396 කි. අතුරුදන් වූ සංඛ්‍යාව 227 කි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 107 දෙනෙක්‌ ඒ අතර විය. මින් බහුතරයක්‌ම වෘත්තීය පුවත්පත් කලාවේදියකු වශයෙන් ලියුම්කරු 1984 සිට ඇසුරුකර ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණේ 2වැනි කැරලි සමයේ එහි දේශපාලන බලමණ්‌ඩල සභිකයන් දෙදෙනෙකු වූ තිස්‌සමහාරාමයේ නන්දතිලක අමදෝරු ගලප්පත්ති සහ මැදවච්චියේ එච්. බී. හේරත් ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයන් වූ කරවනැල්ලේ අමරසිරි සමරනායක, මාතලේ කට්‌ටියගේගෙදර ඇල්පේනිස්‌ නොහොත් අරුණ කන්දවත්ත ද ජයවර්ධනපුර සරසවියේ හිටපු උපාධිධාරීන් වේ.

සරසවි සිසුන් සමඟ ජ’පුරේදී මතභේදයට ලක්‌වූ උපකුලපතිවරයකු වූයේ කරුණාසේන කොඩිතුවක්‌කුය. ඔහුගේ මර්දනකාරී පාලනය පරාජය කිරීමට අවසානයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමත් වූහ.

කරුණාසේන කොඩිතුවක්‌කු හදිසි නීති රෙගුලාසි යටතේ සරසවියේ නිසි බලධාරියා ලෙස පත් වූයේ 1983 ජනවාරි මස හිටපු උපකුලපති ටී.බී. කාන්ගහආරච්චි නීති විරෝධී ලෙස ඉවත් කිරීමෙන් පසුවය. පසුව උපකුලපති ලෙස රජය පත්කළ කරුණාසේන කොඩිතුවක්‌කු සරසවිය අවට මැර පිරිස්‌ සුළු සේවකයන් ලෙස බඳවාගත් අතර ආරක්‌ෂක අංශය ද තමන්ට අවශ්‍ය පරිදි ශිෂ්‍යයන්ට එරෙහිව මෙහෙයවූ බවට චෝදනා එල්ල විය. මෙම සේවක මැර පිරිස්‌ නිරතුරුව සිසුන් සමඟ ගැටුම් ඇතිකර ගන්නා ලදී.

19420804_1439995969422721_7990929950917253363_n (1)
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය වර්තමානයේදී.

මෙයට එරෙහිව ප්‍රතිප්‍රහාර දීම සඳහා ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය මගින් ජ’පුර සරසවිය තුළ 60 දෙනකුගෙන් සමන්විත පොලු බළකාය නමින් රහස්‍ය ප්‍රහාරක ඒකකයක්‌ 1984 දී පිහිටුවන ලදී.

නඩත්තු අංශයේ සේවක වෙස්‌ ගත් මැරයන්ට එරෙහිව එක්‌ අවස්‌ථාවක කඩු, පොලු ප්‍රහාරයක්‌ එල්ල කරමින් ආරක්‌ෂක අංශය ගිනි තබන්නේ එම බළකාය මගිනි. උපකුලපතිවරයාගේ හිතවත් ශිෂ්‍යයකු වූ වාණිජ පීඨයේ ජයතිලක ඇතුළු සේවක මැර පිරිසක්‌ වාණිජ පීඨයේ ලක්‌ෂ්මන්ට සහ සරත්ට පහරදුන් අවස්‌ථාවේදී එම මැරයන්ට පහරදී අලව්වේ ජයතිලකට පිහියෙන් ඇන මාරාන්තික තුවාල සිදුකරන ලද්දේ ද එම බළකාය විසිනි.

ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය අංශය ජවිපෙ වෙනුවෙන් භාරව සිටියේ 1983/84 දක්‌වා ලලිත් විඡේරත්න සහ 1985/86 දක්‌වා ආනන්ද ඉඩමෙගමය.

ජ’පුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නායකයෙකු වූ විද්‍යා පීඨ සිසු හලාවත අඹකඳවිල පදිංචි ඇලෙක්‌සැන්ඩර් පොලිස්‌ අත්අඩංගුවෙන් 1988 නිදහස්‌ කිරීමෙන් පසු සරසවි සිසුන් විසින් ඔහු ඔසවාගෙන පෙළපාලි යන අයුරු. ඇලෙක්‌ස්‌ වර්තමානයේ ඉතාලියේ පදිංචිය.

දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි විකල්ප කණ්‌ඩායම සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයට අයත් ශිෂ්‍යයන් කිහිපදෙනෙක්‌ ජ’පුර සරසවියේ සිටිය ද එම කණ්‌ඩායම් දෙකම ඔවුන් විනයකින් තොරව මර්æ වැනි එන්. ජී. ඕ මගින් පෝෂණය වූ නිසා කෙටි කලකින්ම අක්‍රීය විය. එහි නිහාල් කිත්සිරි 1986 ජනවාරි 28 වැනිදා ත්‍රස්‌තවාදී පනත යටතේ අත්අඩංගුවට ගැනීමද සිදු විය.

ජ’පුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1984/85 සභාපති වූයේ දෙල්කද පදිංචි ශාස්‌ත්‍ර පීඨයේ වික්‌ටර් කෝදාගොඩය. ජවිපෙ එම ශිෂ්‍ය සංගමයේ 1985/86 සභාපති වූයේ වලස්‌මුල්ලේ පදිංචි ශාස්‌ත්‍ර පීඨයේ රාජපුරය.

එහි 86/87 සභාපති වශයෙන් ශාස්‌ත්‍ර පීඨයේ මිල්ටන්ද, 87/88 සභාපති වශයෙන් ගාමිණී මාලසිංහද කටයුතු කළේය. කෝදාගොඩ වර්තමානයේ උප ගුරුවරයෙකි. රාජපුර උපාධිය නිම කිරීමෙන් පසු දේශීය ඖෂධ අපනයනය කිරීමේ ව්‍යාපාරයක ජපානයේ සිට නිරතවූ අතර වසර කිහිපයකට පෙර හෘදයාබාධයකින් ජපානයේදී මිය ගියේය.

මිල්ටන්ද උප ගුරුවරයකු වන අතර ජවිපෙ ලංකා ගුරු සේවා සංගමයේ ක්‍රියාකාරිකයෙකි. මාලසිංහ ආරක්‌ෂක අංශ මගින් නාවලදී 1988 දෙසැම්බර් 8 වැනිදා පැහැරගෙන ගිය අතර මළසිරුර 1988 දෙසැම්බර් 11 වැනිදා මොරටුවේදී හමුවිය.

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ජ’පුර සරසවියේ 1985 සිට 1989 දක්‌වා සිටි මුල්පෙළේ ක්‍රියාකාරී නායකයන් වූයේ ශාස්‌ත්‍ර පීඨයේ සිසුන් වන පමුණුවේ නාගිත හිමි (82/83), කෑගල්ලේ රත්නසිරි (82/83), මහරගම එම්. ඒ. සුනිල් (82/83), මාතර උදිත හිමි (83/84), විද්‍යා පීඨයේ බන්දුල (83/84), තංගල්ලේ මහින්ද (83/84), කමල් ප්‍රනාන්දුය (83/84), කළමනාකරණ පීඨයේ උපුල් නානායක්‌කාර (84/85), ඇලෙක්‌සැන්ඩර්, ශාස්‌ත්‍ර පීඨයේ නිමල් ජයරත්න, රනිල් කාරියප්පෙරුම අතුකෝරාලගේ, ආනන්ද ධර්මසිරි, නුවර චම්ලි, ගුණසිරි හිමි, කෑගල්ලේ උපාලි, සුනිල් මාරසිංහ, සරත් අබේරත්න, බර්ටි විදානපතිරණය. ජවිපෙ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් අතර කළමනාකරණ, විද්‍යා සහ ශාස්‌ත්‍ර ඇතුළු පීඨයන්හි රනිල්, හේමන්ත අබේසූරිය, කුලසිංහ, නන්දසිරි, සරත්, පියසිරි ප්‍රේමලාල්, ප්‍රීතිමාල්, පාලිත, ලලිත්, සමරතුංග ඇතුළු පිරිසක්‌ විය.

alex
ජ’පුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නායකයෙකු වූ විද්‍යා පීඨ සිසු හලාවත අඹකඳවිල පදිංචි ඇලෙක්‌සැන්ඩර් පොලිස්‌ අත්අඩංගුවෙන් 1988 නිදහස්‌ කිරීමෙන් පසු සරසවි සිසුන් විසින් ඔහු ඔසවාගෙන පෙළපාලි යන අයුරු. 

අසූව දශකය මැද භාගයේ සිට ජ’පුර සරසවියේ රාහුල සහ විමලධර්ම නේවාසිකාගාරයන්හි ජවිපෙ පන්ති 5 අවසන් කර විශ්වාසවන්ත සහ ක්‍රියාශීලීව ජවිපෙ පවරන කටයුතු සිදුකරන අය අතරින් තෝරා ගන්නා පිරිස්‌ සඳහා වූ ජවිපෙ ද්විතීයික අධ්‍යාපන කටයුත්තක්‌ ලෙස ක්‍රියාත්මක කෙරෙන දින 7 දක්‌වා ඇති මූලික අධ්‍යාපන කඳවුරු පවත්වන ලදී.

මෙම අධ්‍යාපන කඳවුරුවලට ජ’පුර ඇතුළු වෙනත් සරසවි ගිහි පැවිදි සිසුන්ද සිසුවියන්ද පිටස්‌තර තරුණ තරුණියන්ද කණ්‌ඩායම් වශයෙන් සහභාගි වූහ. ධනේශ්වර ක්‍රමයේ අර්බුදය, මෙන්ෂෙවික්‌ ව්‍යාපාරය, ලංකාවේ සමාජවාදයට මඟ, ලාංකික විප්ලවයේ ගැටලු, ජාත්‍යන්තර කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරයේ ඉතිහාසය, මාක්‌ස්‌වාදී දර්ශනය, ආර්ථික විද්‍යාව, ජාතික ගැටලුව, බොල්ෂෙවික්‌ පක්‌ෂය ගොඩනැඟීම, ජනතා විමුක්‌ති පෙරමුණේ ඉතිහාසය ඇතුළු කරුණු ගැන දීර්ඝව කෙරෙන සාකච්ඡා අධ්‍යාපන කඳවුරුවලට ඇතුළත්ය.

කඳවුරෙන් පසු වැඩිදෙනකු ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනයට යොමු වේ. එදවස සෝරත සහ ධර්මපාල යනු කාන්තා නේවාසිකාගාරයන්ය. මෙවැනි ජවිපෙ නේවාසික අධ්‍යාපන කඳවුරු පේරාදෙණිය සරසවියේ හිල්ඩා ඔබේසේකර ශාලාව ඇතුළු ස්‌ථානවලද පැවැත්විණි. සිසුන් කිහිපදෙනෙක්‌ රත්නපුරේ සිංහරාජය සහ ශ්‍රීපාදයේද ඇඹිලිපිටිය උඩවලවේද රහසිගතව පිහිටි කඳවුරුවලදී අවි පුහුණුව ද ලබාගෙන තිබිණි.

අන්තරේ මගින් 2008 ජුනි 20 ජයවර්ධනපුර සරසවියේදී විවෘත කරන ලද සිසු විරු ස්‌මාරකය. බරත්තනපිටියේ තාරක රොද්‍රිගූ විසින් 1992 දී ඉදිකළ මුල් විරු සිසු ස්‌මාරකය 2002 එජාප ආණ්‌ඩුව පැවති කාලයේදී විනාශ කරන ලදී.

ජ’පුර සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව්දෙනකුගේ ඝාතනයන් සිදුවූ ආකාරය මෙසේ සංක්‌ෂිප්ත කර දැක්‌විය හැකිය. ලුණුවිල බණ්‌ඩිරිප්පුව පදිංචි මාලසිංහ ආරච්චිගේ µ්‍රeන්සිස්‌ ගාමිණී සිංහල කතෝලිකයෙකි. පවුලේ බාලයාය. වෙන්නප්පුව ජෝසප් වාස්‌ විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර 84/85 වසරයන්හි ජ’පුර සරසවියේ ශාස්‌ත්‍ර පීඨයට ඇතුළු විය.

19420804_1439995969422721_7990929950917253363_n (1)
අන්තරේ මගින් 2008 ජුනි 20 ජයවර්ධනපුර සරසවියේදී විවෘත කරන ලද සිසු විරු ස්‌මාරකය. බරත්තනපිටියේ තාරක රොද්‍රිගූ විසින් 1992 දී ඉදිකළ මුල් විරු සිසු ස්‌මාරකය 2002 එජාප ආණ්‌ඩුව පැවති කාලයේදී විනාශ කරන ලදී.

අන්තරේ සාකච්ඡාවන්ට ජ’පුර සරසවිය නියෝජනය කළේය. දේශප්‍රේමී එක්‌සත් පොදු පෙරමුණක්‌ 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයට පෙර ගොඩනැඟීම සඳහා 1988 ජුලි සිට අන්තරේ නියෝජනය කරමින් ශ්‍රීලනිප ඇතුළු දේශපාලන පක්‌ෂ සමඟ සාකච්ඡාවන්ට සහභාගි විය.

රුක්‌මන් සේනානායකගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ලංකා ජනතා පක්‌ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විඡේසේකර සමඟ වාහනයකින් ගමන් කරමින් සිටියදී නාවලදී ආරක්‌ෂක අංශ මගින් 1988 දෙසැම්බර් 8 වැනිදා පැහැරගෙන ගිය අතර පසුව ගාමිණීගේ මළසිරුර 1988 දෙසැම්බර් 11 වැනිදා මොරටුවේදී හමුවිය.

කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ 84/85 කණ්‌ඩායමේ එන්.බී. උපුල් කිත්සිරි නානායක්‌කාර නොහොත් ලෙනෝරා අනුරාධපුර උපන් අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ජ’පුර සරසවියට ඇතුල් විය.

1987 දී ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ද්විතීක අංශයේ දිස්‌ත්‍රික්‌ කටයුතුවලට අනුයුක්‌තවූ උපුල් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28 වැනිදා පැවති විරෝධතා ව්‍යාපාරයේදී පොලිස්‌ වෙඩි පහරක්‌ කකුලට වැදී තුවාල ලබා රෝහල්ගත වීය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1989 ඔක්‌තෝබර් සිට 1990 ජනවාරි දක්‌වා ප්‍රධාන ලේකම් තනතුර දැරූ උපුල් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය නිවසකදී 1990 ජනවාරි අවසානයේදීය.

නීති පීඨ වධකාගාරය, තිඹිරිගස්‌යායේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයටද පසුව හෙන්රි ප්‍රේද්‍රිස්‌ උද්‍යානයේ පිහිටි වධ කඳවුරටද ගෙන යනු ලැබූ උපුල් 1990 පෙබරවාරි 16 වැනිදා ආරක්‌ෂක අංශ සමඟ එක්‌ව ඝාතනය කරන ලද්දේ කොළඹ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක්‌ විසිනි. උපුල් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතැම් ශිෂ්‍ය නායකයන් සහ ක්‍රියාකාරීන් ආරක්‌ෂක හමුදාවන්ට කොටුකර ගැනීමට මඟපෙන්වීමට ක්‍රියා කළ බවට චෝදනාවකි.

කුරුණෑගල හෙට්‌ටිපොල හිරිපොකුණ ගමේ 1960 සැප්තැම්බර් 12 දා උපන් සුනිල් සේනාරත්න මාරසිංහට සොහොයුරන් තිදෙනෙකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයට 1984/85 අධ්‍යයන වර්ෂයට ඇතුළත් වූ සුනිල් එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියමුවෙකි.

ජපුර සරසවිය 1989 මැයි 10 යළි ඇරඹීමට තීරණය කර තිබූ අතර 1989 මැයි 3 වැනිදා පෙරවරු 7.00 ට සුනිල් මාරසිංහව කුරුණෑගල හලාවත මාර්ගයේදී 38 ශ්‍රී 1408 හයිඒස්‌ වෑන් රථයෙන් පැහැර ගන්නා ලදී. බිංගිරිය පොලිසියට ගෙන යනු ලැබූ සුනිල් එදිනම දහවල් 12 ට පමණ කුරුණෑගල වැහැර හමුදා කඳවුරට භාරදීමෙන් පසුව ඝාතනයට ලක්‌විය.

එදින කඳවුර භාරව සිටියේ ලුතිනන් අසේල දහනායකය. පියසිරි ප්‍රේමලාල් වාරියපොලදී අත්අඩංගුවට ගෙන 1989 ජුලි 9 වැනිදා ඝාතනය කර පුළුස්‌සා දමන්නේද වැහැර හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එඩිසන් ගුණතිලක සහ කර්නල් ජානක පෙරේරාට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විණි. සංකේතයක්‌ ලෙස පියසිරි ප්‍රේමලාල්ගේ ඡායාරූපය බහාලා සිරුර සරසවි භූමිය ඉදිරිපිටදී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් ආදාහනය කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී 86/90 භීෂණ සමයේදී ඝාතනයට ලක්‌වූ සිසුන් අතර පහත අය ද වේ. ඒ.එච්.එම්. මුදියන්සේ – නිකවැරටිය( 83/84 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය. (1989 සැප්තැම්බර් 18 වැනිදා පැහැරගෙන ගොස්‌ පසුව ඝාතනයට ලක්‌විය), බටුහේවගේ දොන් චන්ද්‍රසිරි පෙරේරා 83/84 තෙවන වසර, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය(බණ්‌ඩාරගමදී 1989 පෙබරවාරි 12 වැනිදා රාත්‍රී 7ට මොරොන්තුඩුව ප්‍රදේශයේදී ආරක්‌ෂක අංශ මගින් පැහැරගෙන ගොස්‌ පසුව වෙඩි තබා ඝාතනය කරන ලදී. සිරුර මොරොන්තුඩුව කලපුගම මාර්ගයේ තිබී හමුවිය), ඩී. බන්දුල 83/84 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (කරාතේ කළු පටිධාරියෙකි), විමල් පාලිත මල්ලිකාරච්චි – ඉංගිරිය( 84/85, තෙවන වසර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (ඉංගිරියේ තිලකාරාම විහාරස්‌ථානයේදී ආරක්‌ෂක අංශ මගින් 1989 අගෝස්‌තු 11 වැනිදා අත්අඩංගුවට ගෙන ඉංගිරියේ රැඳවුම් කඳවුරක රඳවා සිටි අතර පසුව ඝාතනයට ලක්‌විය)

list
ජයවර්ධනපුර සරසවියේ ඝාතනයට ලක්වූ සිසුන් 107 දෙනාගෙන් කිහිප දෙනෙක්. (ඉහළ වමේ සිට) හෙට්ටිපොල සුනිල් මාරසිංහ, කන්තලේ සුනිල් ජයරත්න, ලුණුවිල ගාමිණි මාලසිංහ, අනුරාධපුරයේ උපුල් නානායක්කාර, කුලියාපිටියේ ප්‍රේමලාල් පියසිරි, ගලිගමුවේ ඉරේෂා පොල්ගම්පොල, පානදුරේ කිත්සිරි රණවක, පානදුරේ නිශාන්ත දේශප්‍රිය පීරිස්, කෑගල්ලේ අසෝක එදිරිසිංහ, දික්වැල්ලේ තලවිල ඉන්ද්‍රසාර හිමි, අම්බලන්තොට තවාලුවිල සිරිනන්ද හිමි, මතුගම විජයමුනි ප්‍රියංකර, නුවර ගාමිණී මාරසිංහ වීරකෝන්, කඹුරුපිටියේ ජනක බඹරැන්දේ සහ බිබිලේ බණ්ඩාර.

ගාමිණි මාලසිංහ – වෙන්නප්පුව( 84/85 තෙවන වසර, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (නුගේගොඩ නාවලදී 1988 දෙසැම්බර් 8 ආරක්‌ෂක හමුදා මගින් පැහැරගෙන පසුව ඝාතනයට ලක්‌විය). ඩබ්. එම්. පියසිරි ප්‍රේමලාල් – කුලියාපිටිය( 84/85 තෙවන වසර, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (මහව පොලිසිය මගින් 1983 ජුලි 28 වැනිදා පැහැරගෙන ගොස්‌ ඝාතනය කර පුළුස්‌සා දමන ලදී), ආර්. ඩී. ජයවීර – ගල්ගමුව 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (සරසවිය වැසීමෙන් පසු ගල්ගමුවේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී 1988 නොවැම්බර් මස පාසැලට පැමිණි ආරක්‌ෂක හමුදාව මගින් පැහැරගෙන ගොස්‌ පසුව ඝාතනයට ලක්‌විය), ඉන්ද්‍රජිත් – කලවාන, ප්‍රියංකර විඡේමුනි – මතුගම( 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (1989 නොවැම්බර් 2 පැහැරගෙන ගොස්‌ පසුව ඝාතනයට ලක්‌විය), එන්. බී. උපුල් කිත්සිරි නානායක්‌කාර – අනුරාධපුරය( 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, එච්. එම්. ඩබ්. එම් ගාමිණි විරකෝන් – මාරස්‌සන( 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, සිසිර දවුන්දසේකර( කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, අශෝක – මාවනැල්ල( කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ජනක බඹරැන්දේ – මාතර කඹුරුපිටිය( 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (උයන්ගොඩ කරගොඩ ඉහළ විටිවල පදිංචි ජනක කොළඹ ගණකාධිකාර සහායකයකු වශයෙන් සේවය කරමින් සිටියදී 1996 පෙබරවාරි මස සිට අතුරුදන්ය.)

13227126_1114500065269417_3513973361156692242_n
ධර්මන් වික්‍රමරත්න විසිනි.

සටහන ධර්මන් වික්‍රමරත්න විසිනි.
තොරතුරු මුලාශ්‍රය ඉරිදා දිවයින 2017.04.16
ඡායාරූප www.divaina.com / http://www.lankaweb.com

දක්වා ඇති සියළු තොරතුරු ලියුම්කරුගේ සටහන් වන අතර මුළු මනින්ම පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබ සතු කාර්යයකි. අප කරනුයේ උපුටා දැක්වීම පමණී.

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි