මාස්‌ටර් ඔයාමා අපරාජිත වූ කරාතේ දෙවියා ගැන දන්නවාද….!

“යොංග් ඉ වොයි” ඉපදුනේ 1923 ජුලි 27 වැනිදාය. ඒ දකුණු කොරියාවේ ගුන්සාන් නගරයට නුදුරු සුන්දර ගමකය. ඔයාමාගේ පවුලේ ඔහුත් සමග දරුවන් හත්දෙනෙකි. ඒ අතර එක්‌ සහෝදරියකි.

ඔයාමා පවුලේ සිව්වැන්නාය. “යොංග් ඉ වොයි” ළදරු වියේදීම චීනයේ මැන්චුරියාවේ තිබූ ගොවිපොළකට පිටමං කළේ සොයුරිය සමග වාසය කිරීමටය. එහිදී ඔහුට දිනපතා කඳු වැටි අතරින් සැතපුම් හයක්‌ පමණ පයින් ඇවිද ප්‍රාථමික පාසල වෙත යන්නට සිදුවිය. සොයුරියගේ ගොවිපොළේ සේවය කළ “යි” නම් අයෙකුගෙන් යොංග් ඉ වොයිට දහඅට අත් නමැති සටන් ක්‍රමය ඉගෙනගන්නට හැකිවිය. එය කොරියානු ‘කෙම්පෝ’ සටන් කලාවේ සංකලනයකි.

එවිට ‘යොංග් ඉ වොයිට’ වයස අවුරුදු නවයකි. වසර දෙකකට පසු ඔහු එම සටන් කලාවේ පළමු ශ්‍රේණියට පත්විය. වයස අවුරුදු දොළහේදී යළි කොරියාවට ගිය යොංග් ඉ වොයි සටන් ශිල්පය අත්හළේ නැත. 1938 දී ඔහු ගුවන් නියමුවකු ලෙස පුහුණු වීමට ජපානයට ගියේය. වයස අවුරුදු පහළොවක ළමයෙකු වූ ඔහුට ගුවන් සේවා පුහුණුව නුහුරු අත්දැකීමකි. එනිසාම එම පුහුණුව අත්හැර දැමූ ඔහු ජපානයේ සිට සටන් කලාව පුහුණු කරන්නට සිතිණි.

එනිසාම ඔහු තම නම වෙනස්‌ කළේය. ‘ඔයාමා’ නමැති ජපන් නාමය ඔහු තෝරාගත්තේය. එය ‘මහගිර’ යන අරුත ඇති නමකි. ඔහුට ගිජින් µqනාකෝසි ගුරුතුමා යටතේ සටන් පුහුණුව ලැබීමට වාසනාව උදාවිය. වයස අවුරුදු දාහතේදී ඔයාමා කලු පටි දෙවන ශ්‍රේණියට පත්විය. වයස අවුරුදු විස්‌සේදී ‘ඔයාමා’ට අනිවාර්ය යුද පුහුණුවට බැඳෙන්නට සිදුවිය.

ඒ වෙද්දී ඔහු කලුපටි හතර වැනි ශ්‍රේණියේ සටන් කරුවෙකි. කරාතේ ශිල්පය නිසා දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඔයාමා නොමැරී දිවි ගලවා ගත්තද ඔහුගේ මිතුරන් රැසක්‌ මිය ගියහ. ‘ඔයාමා’ විසිතුන්වැනි වියේදී මිනෝබු කඳුවැටියට ගියේ හුදෙකලා පුහුණුව සඳහාය. මේ ගමනට ඔහුගේ සිසුවකු වන යිෂිරෝද එක්‌විය. කාලයක්‌ ගතවූ පසු ඔහු යළි නගරයට ආවේය. මේ කාලයේදී පැවැති සමස්‌ත ජපන් ප්‍රථම සටන් ශූරතාවය දිනා ගැනීමට ඔයාමාට හැකිවිය.

ජයග්‍රාහකයකු වූවද තමාගේ අභ්‍යන්තරය හිස්‌ බව ඔහුට හැඟිණි. ඔහු යළි හුදෙකලා ජීවිතය ඇරැඹුවේය. ඒ සඳහා ඔයාමා කියෝසුම් කන්ද තෝරා ගත්තේය. හිම මෙන් සීතල ජලයේ බැස පුහුණු වූ ඔහු ගං ඉවුරේ ඇති ගල්කැට අතින් ගසා කඩා බිඳ දැම්මේය. renault_kwid_1අවට ගස්‌වලට අතින් පයින් පහරදීම, ඉක්‌මනින් වැඩෙන බූ ගැටියා වැනි පැලෑටි මතින් දිනපතා සියක්‌ වාරයක්‌ පැනීමත් කරමින් ශාරීරික හා අධ්‍යාත්මික ශක්‌තිය ඔහු දියුණු කර ගත්තේය. මේ වනවිට ඔයාමාට හිටි පිම්මේ අඩි හයක්‌ උසට පැමිණීමේ හැකියාව තිබිණි.

ඔහු මාස දහඅටකට පසු කැලයේ සිට සාමාන්‍ය සමාජයට පිවිසියේ මානසිකව ශාරීරිකව මෙන්ම අධ්‍යාත්මිකවද වෙනස්‌ වූ මිනිසකු ලෙසිනි. අසාමාන්‍ය මිනිසකු ලෙස තම දස්‌කම පෙන්වූ ඔයාමා ඕනෑම අභියෝගයක්‌ බාර ගැනීමට තරම් එඩිතර විය. ඇඟිලි දෙකකට පමණක්‌ ශරීරයේ බර දී සිටගෙන උස්‌ පහත්වීම, උළු කැට රැසක්‌ අතින් ගසා කුඩු කිරීම, කෙළින් කර තැබූ බෝතලයක උඩු කොටස අත්ලේ පැත්තකින් ගසා කඩා දැමීම වැනි දස්‌කම් ඔහු ප්‍රදර්ශනය කළේය.

ඔයාමා… නිරායුධව කුළු ගවයන් හා සටන් කර සිය ශක්‌තිය ලොවට පෙන්වීමට ක්‍රියා කළේය. කුළු ගවයන් පනස්‌ දෙදෙනෙක්‌ සමග සටන් කළ ඔයාමා කුළු ගවයින් තිදෙනකු එතැනම මරා දැමුවේය.

තවත් කුළු ගවයන් හතළිස්‌ නම දෙනකුගේ අං කඩා දැමුවේය. මෙක්‌සිකෝවේදීද එවැනි දස්‌කමක්‌ පෙන්වූ ඔහු කුළු ගවයකුගේ ප්‍රහාරයෙන් තුවාල ලැබීය. මාස හයක්‌ ඇඳට වී ප්‍රතිකාර ගැනීමටද සිදුවිය. fireworks1952 දී ඇමරිකා එක්‌සත් ජනපදයේදී සටන් කරුවන් 270 ක්‌ සමග සටන් කළ ඔහු ඉන් බහුතරයක්‌ එක්‌ මුෂ්ටි පහරකින්ම පරාජය කළේය. ඒ කිසිදු සටනකට විනාඩි තුනකට වඩා කල් නොගත්තේය.

ඔයාමාගේ පහරක්‌ වැදුනොත්… අස්‌ථි බිඳීමක්‌ අනිවාර්යයෙන්ම සිදුවේ. ඔහුගේ අත් පහරක්‌… තවකෙකුගේ අතින් වැළැක්‌වූවොත් ඒ අතද කැඩී යයි. ඒ පහර නොවැළැක්‌ වූවොත්… ඉල ඇට බිඳී යයි. ඒ නිසාම අතීත ජපන් වීරයන් අතර ‘ජීවමාන අවතාරය’ වන්නේ ඔයාමා බව බොහෝ දෙනා පවසන්නට වූහ. ඔයාමාගේ පහරකට ලක්‌වූවොත්… ඒ ඔහුගේ අවසානයයි. ඔයාමාගේ සුරත “දිව්‍යමය හස්‌තය” ලෙසද හඳුන්වන්නේ එබැවිනි.

ටෝකියෝ නගරයේ මෙජිරෝවේ පිදුරු මඩුවක ඔයාමා 1953 දී සිය ප්‍රථම පුහුණුවීම් ශාලාව ආරම්භ කළේය. පසුව එය ස්‌ථිර ගොඩනැගිල්ලකට ගෙන ගියේය. මේ පුහුණුවීම්වලදී තදින් පහර දීමේ එක්‌ සටන් වටයක්‌ අවසන් වන්නේ ප්‍රතිවාදියා පරාජය භාරගෙන කෑමොර දෙන විටදීය.

ජපානයේ ඉකෙබු තුරෝහි ඇති තෙමහල් ගොඩනැඟිල්ලකදි ඔයාමා තදින් පහරදීමේ ක්‌යෝකුෂින් ශෛලිය ආරම්භ කළේය. ක්‌යෝකුෂින් යනු “පරම සත්‍යයයි.” ලොව බොහෝ රටවල රජවරු, කුමාරවරු, ජනාධිපතිවරු, සුප්‍රකට සටන් නළුවන්ගේ මාස්‌ටර්… ඔයාමා විය. ඔවුහු ඔයාමාගේ සිසුවෝ වූහ. website-banner.jpg.ximg.l_12_m.smartමාස්‌ටර් ඔයාමා 1994 අප්‍රේල් 26 වැනිදා පෙනහළු පිළිකාවක්‌ වැළඳී ජීවිතයෙන් සමුගත්තේය. ඔයාමා මියයන විටදී ලොව පුරා රටවල් 120 ක්‌ පුරා ඔහුගේ තදින් පහරදීමේ සටන් කලාව ප්‍රචලිත වී තිබිණි.

විවෘත ලෝක ශූරතා පහක්‌ ඒ වනවිට පවත්වා තිබිණි. මාස්‌ටර් ඔයාමා මිය යද්දී ක්‌යෝකුෂින් සාමාජික සංඛ්‍යාව කෝටිය ඉක්‌මවා තිබිණි. ශ්‍රී ලංකාවේද ක්‌යෝකුෂින් ශෛලිය ප්‍රචලිතය. 1968 දී ඩී. ඒ. වෙල්ගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‌යෝකුෂින් නියෝජිතයා විය. ඉන්පසු නන්ද සිරිවර්ධන එම තනතුරට පත්විය. මාස්‌ටර් ඔයාමා ශ්‍රී ලංකාවටද පැමිණියේය.

ඒ 1983 දී පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැති ශ්‍රී ලංකා ප්‍රථම විවෘත කරාතේ තරගාවලියට සහ 1992 දී සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති පස්‌වැනි ආසියානු ශූරතාවයට සහභාගි වීමටය. 1983.03.12 දා අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝ සමිඳු අබියසදී බවුන්වඩා මහමෙවුනා උයනේදී පුහුණු වැඩමුළුවක්‌ද ඔහුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කළුපටි පස්‌වැනි ශ්‍රේණිය (ජපානය) සහ කළුපටි හයවැනි ශ්‍රේණිය (ජාතික) ගිහාන් පියරත්න මුතුකුමාරණ සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරින් මෙම ලිපිය සැකැසිණි. අජිත් අලහකෝන්

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි