තෙද බල සමන් දෙව්මැඳුරේ විකුම් මැද සබරගමු මහා සමන් දේවාලයේ විශ්මය….!

මධ්‍ය කඳුකරයේ උත්තුංගව විරාජමාන වන සමනළ කඳුවැටිය උසින් අඩි 7360 ක්‌ පමණ වේ. සපරගමුව බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් මුදුන් මල්කඩ ලෙස සැලකෙන සමන්ගිර මත තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇත. බුදුන් තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී එවකට එහි ප්‍රදේශාධිපතිව සිටි සුමන දේව නැමති දේව වංශික ප්‍රභූවරයාගේ ආරාධනාව පරිදි මේ උත්තම පාද ලාංඡනය සමන්ගිර මත පිහිටු වූ බව මහාවංශයේ සඳහන් වේ.

බුදුබණ අසා සෝවාන් ඵලයට පත්වූ මොහු සපරගමු වාසී ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබූ අතර, පසුව සුමන සමන් දෙව් රජුන් ලෙස අතිසම්භාවනාවට පාත්‍ර විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහ සමන් දේවාලේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මංගල්‍යයෙන් ඔහු කළ මෙම සේවාව අද ද බෞද්ධ ජනතාව විසින් මහත් සේ ඇගයීමට ලක්‌කෙරේ

renault_kwid_1
පැලවෙන ගල

ශිව අයියනායක කතරගම විෂ්ණු පත්තිනි ඇතුළු තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා අතර, සුමන සමන් දේවරාජඋත්තමයාණන් වහන්සේට ලැබෙනුයේ විශේෂිත වූ ස්‌ථානයකි. සමන් දෙවියන්ගේ වාස භූමිය ලෙස සමන්ත කූඨ පර්වතය හැඳින්වෙන අතර, ශ්‍රී පතුල තබා පූජනීය වනවාත් සමඟම එම ස්‌ථානය ශ්‍රී පාදය නමින් ව්‍යවහාර වන්නට විය.

ඓතිහාසික තොරතුරුවලට අනුව සපරගමුවට අධිපති දෙවියා පමණක්‌ නොව බුදු සසුන ආරක්‌ෂා කරමින් සමනල පව්ව ගිරි ශිඛරය වන්දනා කරන්නට පැමිණෙන බැතිමතුන් ද වැඳ කරුණාකර ආපසු තම අඩවිය පසුකරන තෙක්‌ ආරක්‌ෂා කරවන බවට බැතිමතුන්ගේ විශ්වාසයයි.

පෙර කල ගේ දොර විකුණා ගම්බිම් අතහැර ඉතා දුෂ්කර මාර්ග ඔස්‌සේ දුෂ්කර ගමනක්‌ පයින් ගමන් කර වැඳ පුදා ගත් පැරැන්නන් පවා දෙවියන් විසින් ඔවුන් සුරක්‌ෂිතව ආරක්‌ෂා කළ බවට සඳහන් කර ඇත. සමන් දෙවියන් ගැන කතා කරන විට සමන් දේවාල තනා දේව පුද පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවය. ප්‍රධාන දෙවොල සමනල කන්දේ සාදා එයට සිව් කොනින් සතර දේවාල වශයෙන් නැගෙනහිරින් මහියංගනය සමන් දේවාලයද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණියගල සමන් දේවාලය ද, බටහිරින් සපරගමුව මහ සමන් දේවාලයද ඉදිකර ඇත. මෙහිදී සබරගමුව මහ සමන් දේවාලය විශේෂිත වූ තැනක්‌ ගන්නේ මෙම දේවාල අතුරින් ප්‍රධානතම දේවාලය ලෙස මෙම දේවාලය සලකන නිසයි. මෙම දෙවොල විශ්මිත හාස්‌කම් රැසක්‌ සිදුවන ස්‌ථානයක්‌ බවට සැලකේ.

දඹදෙනි යුගයේ රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ නියෝගයකට අනුව තම මහා භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කර ගැනීම පිණිස තම ප්‍රධාන අමාත්‍යවරයා වූ ආර්ය කාමදේව ඇමැතිවරයා මැණික්‌ ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත්, ඔහු විසින් සමන් දේවාලයට ගොස්‌ බාරයක්‌ දී මැණික්‌ ගැරීම ආරම්භ කළ බවත්, එය ඉෂ්ට වී මැණික්‌ ලැබී තම පැතුම් ඉටු වූ පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ස්‌ථානයේ තෙමහල් මන්දිරය සහිත දෙවොලක්‌ ඉදිකර බවට වූ ඓතිහාසික පුවත ‘සමන් සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයෙන් තහවුරු වන කරුණකි. අතීතයේද හාස්‌කම් පිරි දෙවොලක්‌ බවට සමන් දෙවොල ප්‍රසිද්ධියක්‌ උසුලනු ලැබූ බවට එම ඵෙතිහාසික තොරතුර මොනවට සාක්‍ෂි දරයි.

මෙකී මහත්ඵල ආනිසංස පිරි සබරගමුව මහ සමන් දෙවොලේ තොරතුරු සොයා බැලීමට සිතා දෙවොල් බිම කරා අප පියනැඟුවෙමු. රත්නපුර නගරයේ මොරගහ යටින් පානදුර මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක්‌ පමණ ගිය පසු සබරගමුව මහ සමන් දේවාලය හමුවෙයි. බැලු බැල්මටම පෞරාණික මහා බලසම්පන්න බවක්‌ විදහාපාන දේවාල භූමිය අප එහි යන විටද අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරී පැවතිණ. භාරහාර වීමට, භාර ඉෂ්ට කරවීමට, ආදී නොයෙක්‌ කරුණු ඉෂ්ට සිද්ධකර ගැනීම සඳහා සතර දෙසින් පැමිණි බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් සුදුවතින් සැරසී පූජා වට්‌ටි අත ගෙන කරුණා පෙර දැරිව දෙවොල කරා පියනගන අයුරු ද දක්‌නට ලැබුණි.

බැතිමතුන්ගේ මෙවන් ගෞරවය හා භක්‌ති ප්‍රණාම ප්‍රකාශ මැද පිය ගැට පෙළ නඟිමින් සමන් දෙව් අභියසට ළං වූ අපිට දැක ගත හැකි වූයේ අපූර්ව වූ දෙයකි. ඒ එහි දොරකඩ උළුවස්‌ස විස්‌මය දනවන ලෙස කළුගලෙන් නිර්මාණය කර තිබීමයි. දකින්නන් විස්‌මය දනවන සුළුඅයුරින් නිර්මාණිත මෙය අතිශයින්ම අලංකාර නිර්මාණයකි. වම් පස ඉතා පෞරාණික ශිලා ලේඛන කිහිපයක්‌ද ආරක්‍ෂාකාරීව තබා තිබූ අතර ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ නොකර ඉතා පෞරාණික චිත්‍ර කිහිපයක්‌ද දේවාල බිත්තියේ දක්‌නට ඇත.

ඇත්දළ, උඩුවියන් මැදින් තවත් ඉදිරියට ගිය අපට දැක ගත හැකි වූයේ පුදුම දනවන තවත් දෙයකි. මීටර් 3ක්‌ පමණ උස වීදුරුවෙන් නිම කළ අලංකාර බඳුනක බහා තිබූ පැළ වුණ ගලකි. මුල සාමාන්‍යයෙන් අඟල් 6 Ù 6 ක පමණ ප්‍රමාණයේ කළුගල් කැබැල්ලකි. එතැනින් මතු වී වැඩුණ අඟලක පමණ ප්‍රමාණයෙන් මහත ඇති වැලක්‌ සේ ලියලා මීටර් 3ක්‌ පමණ ඉහළට වැඩුණු කළු ගල දකින දකින සෑම නෙතක්‌ම විස්‌මයට පත් කරනු ඇත. fireworksඑහි විශේෂිත වූ ප`ඩුරු කිහිපයක්‌ ද ගැටගසා තිබිණ. කිසිවකුට අතපත ගෑමට නොහැකි වන සේ ආවරණය කර තිබූ මෙය සැබැවින්ම කුමක්‌ ද යෑයි එහි සේවය කරන සේවක මහතකුගෙන් විමසා දැනගැනීම සඳහා අප එක්‌ මහතකු සමඟ කතා කරන්නට විය. ඇත්තටම මේ මොකක්‌ද? විස්‌තර ටිකක්‌ කියන්න පුළුවන්ද? මම ගුණරත්න. මේ තමා සුමන සමන් දේවාලයේ දක්‌නට ලැබෙන පැළවෙන ගල.

මෙම ගල කලින් තිබුණේ දේව ප්‍රතිමාව තිබෙන ඇතුළත. විශේෂිත වූ අයට තමයි ඒ දවස්‌වල මේක පෙන්නල තියෙන්නෙ. ඒත් ඒක දිගටම කරන්න අපහසු නිසා දේවාලයේ ප්‍රතිමාව තිබෙන දොර අභියස පසු කාලීනව තැන්පත් කළා. මේකෙ ඉතිහාසය කියනවා නම් මහා පරාක්‍රමබාහු රජතුමාගෙ අනුග්‍රහයෙන් මෙතන දේවාලයක්‌ ඉදිකරන්න සූදානම් කරපුවෙලේ මුල් ගල හැටියට ගෙනාපු ගලෙන් කොටසක්‌ කඩල මේ වැඩේ සාර්ථක වෙන්න කියල දෙවියන්ට පූජා කරල භාරවෙලා තියෙනව. කොහොමහරි දේවාලෙ හදල පුද පූජා පවත්වාගෙන යන අතරතුර සමන් දෙවිහාමුදුරුවන්ගෙ ප්‍රතිමාව අභියසින් ඔය කියන දෙවියන්ට භාර කරපු මුල්ගලේ කොටසක්‌ ආරක්‍ෂිතව පූජා භාණ්‌ඩයක්‌ විදිහට තියල තියෙනව. ඔහොම කලක්‌ ගත වෙනකොට මේ ගල පැළවෙන්න පටන් අරගෙන තියෙනවා.

අඟල 2 – 3 උඩට ඉස්‌සිලා තමයි අද වෙනකොට මේ වගේ තත්ත්වයකට ලියලල තියෙන්නෙ. අපේ අතීතයේ පැරැන්නෝ සමන් දේවාලය වඳින්න එනකොට මේ ගල මෙච්චර උස නැහැලු. සමන් දේවාලෙට එන හැම බැතිමතෙක්‌ම මේ විශ්වකර්ම ගල දැක වැඳ පුදා ගැනීමට අමතක කරන්නෙ නෑ. මේක නම් තනිකරම දේව හාස්‌කමකට සිද්ධ වෙන දෙයක්‌ මේ ස්‌ථානයේ දෙවියන් ජීවමානව වැඩඉන්න බවට කදිම උදාහරණයක්‌ තමයි මේක.

ඒත් කියන්න කනගාටු කාරණාවකුත් තියෙනවා. ඒ මීට අවුරුදු 40 කට විතර කලින් අයගම පැත්තෙන් ආපු නඩයක්‌ ඇත්තටම මේ කළු ගල පැළවෙනවද බලන්න දල්ල කඩල දාලා තියෙනවා. ඒ පාපකර්මය සිදු වුණ දවසෙ ඉඳන් මේ ගලේ පැළවීම නැවතිලා කියල තමයි කියන්නෙ. ලෝකෙ කොහේවත් තැනක දකින්නට නොලැබෙන මේ වැනි පැළවුණු ගලක්‌ මේ සබරගමු මහ සමන්දේවාලයෙ තමයි තියෙන්නෙ. මේක වුණේ අපේ දෙවිහාමුදුරුවන්ගෙ හාස්‌කමෙන් කියල තමයි මම ආයෙත් කියන්නෙ.

ඉන් අනතුරුව මේ විස්‌මිත වූ ගල ද පසු කරමින් ඒම හා තෙද බල සිවුවනටම සෙත සලසන අධිගෘහිත වූ සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට අප ද අමතක නොකළෙමු. මෙවන් ප්‍රෘඪ ඉතිහාසයකට උරුමකම් කියන සබරගමුව මහ සමන් දේවාලයේ පරිපාලන කටයුතු හා නඩත්තු කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිදුකරගෙන යන්නක්‌ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තැන තැන ස්‌ථාපිත කර තිබෙන පුවරු ම`ගින් සිතිය හැක. website-banner.jpg.ximg.l_12_m.smartඑහි ගම්‍ය වූ තොරතුරු පැහැදිලිව දැන ගැනීම එම දෙවොලේ ප්‍රධාන කපු මහතා වන ශ්‍රී නාරායන කපුරාළලාගේ වීරවර්ධන බණ්‌ඩාර කපු මහතාගෙන් කරුණු කාරණා විමසීමට ද අමතක නොකළෙමු.

වීරවර්ධන කපු මහතා

මම මීට අවුරුදු 25 කට කලින් ඉඳන් තමයි රාජකාරියට ආවෙ. මේක අපට පරම්පරාවෙන් උරුමවෙලා නියම වෙච්ච රාජකාරියක්‌. මේ රාජකාරිය කරන්න අපට රිදී හා තඹ සන්නස්‌වලින් පවරල දීල තියෙන්නෙ. ඒ සඳහා නින්දගම් විදිහට ගොඩින් අමුණු 360 කුත් ම`ඩින් අමුණු 64 කුත් වෙන්කරල සමසේ බෙදාගන්න කියල බලය දීල තියෙන්නෙ. ඒ මේ කප පුරාවටම මේ දේවාලය ආරක්‍ෂා කරගෙන යන්න කියල. අපේ මුල්ම මුතුන් මිත්තන් තමයි නීල පෙරුමාල් හා මෛල පෙරුමාල් කියන දෙපළ.

ඒ දෙපළගෙන් පැවත එන ශ්‍රී නාරායන පරපුරත් විජයනාරායන පරපුරත් තමයි තේවා නිලයන් 18ක්‌ ඇතුළු ප්‍රධාන කපු නිලය සිදු කරන්නෙ. මේ රාජකාරි එදා ඉඳන් මේ දක්‌වා කරගෙන යන්න කියලා පවරල තියෙන්නෙ රිදී සන්නසකින්. මේකෙ ඉතිහාසය ගත්තොත් පරාක්‍රමබාහු යුගය ඇරඹිලා අද දක්‌වාම එනකොට යුග පහකට බෙදෙනව. 1. පරාක්‍රමබාහු යුගය 2. හය වැනි ශ්‍රී සංඝබෝධි යුගය 3. පෘතුගීසි යුගය 4. කීර්ති ශ්‍රී රාජසිංහ යුගය 5. 1815 ඉංග්‍රීසි යුගය. මේ යුගවලදී දේවාලයේ නැඟීම් වැටීම් දෙකම සිදු වුණා.

පෘතුගීසි යුගයේදී මෙහි තිබූ සතර ග්‍රාම පන්සලත් දේවාලයත් දෙකම විනාශ කළා. එහි වූ ඵෙතිහාසික දේවල් සේරම විනාශ කළා. දේවාලය කඩල පල්ලියක්‌ හැදුවා. දැන් පත්තිනි දෙවොල කියන තැන තමයි එදා පල්ලිය හදල තියෙන්නෙ. ඔය දැන් තියෙන ප්‍රධාන ගල් උළුවස්‌ස එදා පෘතුගීසීන් වළලල දාලා තිබිල පස්‌සෙ තමයි ගොඩට අරගෙන හදල තියෙන්නෙ. මේ පෘතුගීසි පාලනය නැති කරල ඔවුන් එළවල දමන්න කීර්ති ශ්‍රී රාජසිංහ රඡ්ජුරුවො සමත්වෙලා තියෙනවා.

එම සටනේදී මෙහි වූ සීමන් සිංඤොa කියන යුධ සෙනවියා මරා දමා මෙහි බලය අල්ලා ගන්න කුරුවිට රතනරාළ කියන යුධ සෙනවියා මුල් වුණ බව තමා කියන්නෙ. ඔය කියන්නෙ සීතාවක රාජසිංහ (රාසිං) දෙයියන්ගෙ කාලේ. ඉන් පසු වික්‍රමසිංහ අධිකාරම්තුමා විසින් 1721 දී අමුවල පරපුරටයි, මඟරුගොඩ පරපුරටයි පත්තිනි කෝවිලෙන් ලැබෙන තුටු ප`ඩුරු බෙදාගැනීමට බලය තුඩ පතකින් පවරල තියෙනව. ඔන්න ඔහොම තමයි ඉතිහාසෙ මේ දේවාලෙ පාලනය වෙලා තියෙන්නෙ. තව දෙයක්‌ තමයි දේවාල පාලන අධිකාරිය කොටස්‌ දෙකකට බෙදෙනවා.

1. ඇතුල් කට්‌ටලේ 2. පිට කට්‌ටලේ ඇතුල් කට්‌ටලේට කපුමහතුන් 18 දෙනා ඇතුළත් අතර පිට කට්‌ටලේට රටනායක ඇතුළු හත්දෙනකු පත් කරනු ලබයි. ඒ රටනායක, බස්‌නායක, රත්නායක (ගබඩා පාලක), මුදන්නක (මුදල් ගනුදෙනු භාරව), වන්නකු (ලිපි ගනුදෙනු භාරව), හා මොහොට්‌ටාල දෙපළ යනුවෙනි. සෙසු නිළයන් හැටියට ගබඩා විදානෙ, වී බද්දේ මොහොට්‌ටාල, අත්තනායක විදානෙ, ලේකම් විදානෙ යනුවෙන් ද පත් කරගනු ලබයි. මේ වැනි පාලන අධිකාරීයන්ගෙන් පාලන තන්ත්‍රය ගොඩනැඟුණ ද ඇතුල් කට්‌ටලයට විශේෂිත වූ වගකීමක්‌ හා බැඳීමක්‌ දේවාලය හා පරම්පරාවෙන් ලැබී ඇත.

වර්තමානයේ බස්‌නායක නිළමෙතුමා ඇතුළු බස්‌නායක නිළමෙවරුන්ගේ කැපවීම හා ධෛර්ය මත මෙම දේවාලය නඩත්තු වුවද ඉදිරි අනාගතය වෙනුවෙන්ද තවත් විශාල කාර්යයක්‌ කළ යුතු බවට ද ශ්‍රී නාරායන කපු මහතා කතාව අවසන් කරමින් කියා සිටියහ.

අනුර ජයසේන ඇහැලියගොඩ ඡායාරූප, පී. ඩී. චතුලා පුංචිහේවා

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි