භූතයෝ දැක්ක විට බොහොම තැතිගැනීමක් ඇති වුණා. ඒ තරම්ම බිහිසුණුයි. දුර්ගන්ධයක් දැනෙන්න පටන් ගත්තා

බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණනාන්ද වනවාස මහ නාහිමියන් වතුරුවිල, මදුනාගල වැනි ආරණ්‍ය සෙනසුන් රැසක් නිර්මාණය කිරීමට මුල් වූ හිමිනමකි. උන්වහන්සේ අලි කොටි වග වලසුන් මැද බඹසර දිවියක් ගත කළ ධුතාංගධාරී හිමිනමකි. සැබවින්ම උන්වහන්සේ ගත කළ ආරණ්‍ය ජීවිතය විටෙක අති භයංකර සිදුවීම්වලින් ගහනය.

එහෙත් උන්වහන්සේට වන සතුන්ගෙන් කිසිදු අපල උපද්‍රවයක් සිදුවූයේ නැත. ටික දිනකින්ම වන සතුන් උන්වහන්සේගේ මිතුරන් බවට පත් විය. සැබැවින්ම වතුරවිල මහනායක ස්වාමින් වහන්සේගේ චරිතය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන්නකි.

අපේ රටේ සිටි වියත්හු එබඳු උතුමන්ගේ ජීවිත කතා ජාතික ආගමික වස්තූන් හැටියට සුරැකිව තැබීමට ආදි යුගයේ සිටම උත්සුක වූහ. උන්වහන්සේ චරිතය ජීවත්ව සිටියදී සාකච්ඡාවක් මඟින් පටිගත කර තැබීමට උන්වහන්සේගේ ශිෂ්‍ය බැලුම්මහර සෝමානන්ද හිමියෝ කටයුතු කළහ.

ශ්‍රී ඤාණානන්ද නාහිමියන් මදුනාගල ආරණ්‍යයට වැඩම කළේ 1946 වසරේදීය. මදුනාගල අරණ්‍ය සෙනසුන ආරම්භ කිරීමේදී උන්වහන්සේ මුහුණදුන් ඒ ත්‍රාසජනක අත්දැකීම්, අභියෝග වන සතුන් සමඟ ගත කළ ජීවිතය පිළිබඳ උන්වහන්සේගේ චරිතාපදානයේ හරි අපූරුවට විස්තර කොට ඇත්තේය. උන්වහන්සේ එදා ප්‍රකාශ කළ වදන් ඒ අයුරින්ම මෙම චරිතාපදානයේ සඳහන්ව ඇත්තේය. මෙතැන් සිට මෙම ලිපිය දිගහැරෙන්නේ එම චරිතාපදානයේ සඳහන් තොරතුරුය.

ශ්‍රී ඤාණානන්ද නාහිමියෝ එක් වස් කාලයකදී ඇල්ලේ විහාරස්ථානයට ගොස් බණ පොත් පත් බලමින් මාස තුනක්ම එම විහාරස්ථානයේ ගත කළහ. ඒ පිළිබඳව උන්වහන්සේ සඳහන් කොට ඇත්තේ මෙසේය.

මම මහ පන්සලේ ඉඳන් උදේ පටන්ගත්විට නාන්න යනකම් පොත් බලනවා. ඒ කාලයේ විශේෂයෙන් බැලුවේ විනය පොත්. ඒ වගේම සූත්‍ර පොත් ආදියත් බැලුවා. බලලා ඒවා සටහන් කරගන්නවා.

ඔය විදියට මාස තුනම ගතවුණා. එන්න එන්නම පන්සල් පිළිබඳ කලකිරීම් වැඩි වුණා. පස්සේ කල්පනා කළා මහණදම් පුරනවා නම් අද සමාජයේ හැටියට ඉන්න ඕන. එහෙම ඉඳීම සුදුසු නැහැ. ඒ නිසා ඊට වඩා හොඳයි ගිහි වෙලා යමක් කමක් හම්බ කරගෙන පිනක් දහමක් කරගනිමින් ධාර්මික ජීවිතයක් ගත කරන්න ගිහිවීමේ අදහසින් වෙනදාමෙන් වත් පිළිවෙත් සම්පූර්ණ කරලා පින් අනුමෝදන් කරලා සැතපුණා.

එහෙම සැතපිලා ඉන්න අවස්ථාවේ භූතයෝ රාශියක් ඉන්නවා දුටුවා. ඒ භූතයෝ දැක්ක විට බොහොම තැතිගැනීමක් ඇති වුණා. ඒ තරම්ම බිහිසුණුයි. දුර්ගන්ධයක් දැනෙන්න පටන් ගත්තා. පස්සේ මා වාඩිවුණා. ඇඟ ගැහෙමින් හිටියා විනාඩි තිහක් විතර. ඒ හීනය ඒතරම් භයානකයි.

එහෙම ඉන්න විට කල්පනා වුණා මේක හැබැහින් වූ දෙයක් නොවෙයි කියලා. මහ රෑ එහෙම හීනයක් දැක්කේ ඇයි කියලා කල්පනා කළා. ඊළඟට කල්පනා කරගෙන යනවිට හිතුණා ඒ තුන් මාසය තුළ පොත් බලලා කලකිරීම් ඇති වෙලා අවසානේ නින්දට යන්න කලින් පසුදා ගිහිවීමේ අදහස ඇතිව නිදාගත් බව.

මහණකම හොඳින් තියෙන කෙනෙක් සිවුරු හැරියොත් සුදුසු නැති නිසා භූතයෝ එහෙම පෙන්නුම් කළා යැයි ඒ හීනේ විස¼දා ගත්තා. ඒ නිසා දැන් ඉතින් ඉවසුම් නැහැ. සිවුරු අරින්නත් බැහැ. සිවුරු නෑරත් බැහැ. මහා අසහනයෙන් යුතුව බොහෝ වෙලාවක් හිටියා. එහෙම ඉන්න විට කල්පනා වුණා කදිරවානේ රේවත හාමුදුරුවන්ගේ කතාව.

සැරියුත් හාමුදුරුවන්ගේ බාල මල්ලි අවුරුදු හතේ රේවත කුමාරයා පැවිදි වෙලා කදිරවනේට ගිහින් මහණදම් පුරන ලද කතාව මතක් වුණා. බණපොත අරගෙන මේ කතා වස්තුව බලන විට පුදුම සතුටක් ඇති වුණා. අවුරුදු හතක් වන රේවත පුංචි හාමුදුරු නමකට වනයේ ඉන්න පුළුවන් නම් අවුරුදු 29ක් වූ මට ඉන්න බැරි ඇයි කියලා මට හිතුණා. අලි, කොටි, වලසුන් ඉන්න වනාන්තරේ එහෙම තැනක ඉන්න පුළුවන්ද කියලා හිතුණා. මොකෝ බැරි කියලා හිතුණා. දැන් වනගතවීමේ අදහස ස්ථිර වුණා. මීළඟට ක්‍රමයෙන් වනගත වීමේ අවස්ථාව උදා වුණා.

ඉස්සරවෙලාම කළුගලට යන්න සිද්ධ වුණා. කළුගලට යන්න හේතුව සමරදිවාකර රාලහාමි. අන්තිමට මමයි සද්ධානන්ද නමයි කළුගලට වැඩියා. සද්ධානන්ද කියන්නේ රහස් පොලිසියේ ඉඳලා පැවිදිවූ කෙනෙක්. ඒ නමයි මමයි පළමුවෙන්ම වස් වසන්න කළුගලට ගියා. කුටි හතරක් හදලා තිබුණා. මැටි කුටියේ තමයි යම්තම් තෙතමනය නැත්තේ. ඒත් පොළොවේ ඉඳගෙන මේ කකුල තෙමන්න පුළුවන් තවත් කූඩාරමක් තිබුණා. කූඩාරමේ සද්ධානන්ද නැවතුණා.

මා අර වේළිච්ච කුටියේ හිටියා. ඉතින් අප්‍රමාණ උපද්‍රව. භාවනා කරන්න ලෑස්ති වෙලා ඉන්නකොට මේ රාලහාමි සෙරෙප්පු දෙක දමාගෙන එන ශබ්දය ඇසෙනවා. ඇහිලා බලන කොට කවුරුවත් නැහැ. ගඳ අප්‍රමාණයි. බොහෝම කරදර තිබුණා. අර නම ඇවිත් කියනවා මහා කකුලක් පෙන්නනවලු. මැරිච්ච අයියාගේ කකුල වගේලු. මම කීවා නැවත එහෙම වුණහම කියන්න කියලා.

නිකං අපිත් එක්ක කොලොප්පන් කරන්න එපා. අපි එහෙම කකුල් පෙන්නුවාට බය වෙලා යන අය නෙවෙයි. එයාලට පින් ඕන නම් ඕන තරම් පින් තියෙනවා අපි ළඟ. ඒ පින් ඕන තරම් දෙන්න පුළුවන් ඔය නිකන් බය ගැන්වීම් කරන්න එන්න එපා කියලා කියන්න කීවා. හැබෑවට ඔහොම කියූ පසු අර සේරම නතර වුණා. විකාර පෙනීමත් ගඳත් නතර වුණා.

ඔහොම වැඩඉන්න කොට විශුද්ධි මාර්ගය කියවනවිට චිත්තගුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙන ගැන බලන්න හිතුණා. ඉතින් ගල්ලෙන බලන්න පළමු වතාවට උපාසක මහතෙක් එක්ක යන්න ගියා. එක දවසකින් යන්න බැරි නිසා සීනිමෝදර පන්සලේ නතර වුණා. ඒ හාමුදුරුවෝ කියනවා අනේ ඕවයි වඩින්න එපා කියලා. මැලේරියාව තියෙනවා. ලොකු මදුරුවන් ඉන්නවා. ගමන වැළකෙන විදියට තොරතුරු කියන්න ගත්තා. අර උපාසක උන්නැහේ යන්න බැහැ කිව්වා. අනේ ස්වාමිනි මට යන්න බැහැ කියලා ඔහු කිව්වා. ඒ ගමන ආපසු ආවා.

ඊළඟට නැවත කඹරගලට යන්න යොදා ගත්තා. අපි පස් නමක් ගමනට සූදානම් වුණා. මේ ගමන යන ගමන් රිදීගම ගොවි කඳවුරටත් ගියා. කොහොමහරි කරදරයක් නැතිව කඹරගලට ගියා. එදා රාත්‍රි වෙරකේ හාමුදුරුවෝ චිත්ත ගුත්ත ලෙනේ හිටියා. ‍ෙදාස්තර් ස්ථිවිරයෝ ඇතුළු තුන් නමක් බෝධිය ළඟ ගිනි මැලයක් ගහගෙන හිටියා.

මම චෛත්‍ය මළුවේ භාවනා කරමින් හිටියා. මම චෛත්‍ය මළුවේ පහන් කණුව ළඟ නානකඩේ එළාගෙන හාන්සි වුණා. ඉතින් හොඳට නින්ද ගියා. පැය භාගයකට පමණ පස්සේ හීනයක් දැක්කා. සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන් පිරිසක් පසඟ පිහිටුවා ඇවිත් කියනවා අනේ ස්වාමිනි මේ කොටියා එන පාරේ නොසිට වෙන තැනකට වඩින්න කියලා ආරාධනා කළා. මගේ හිත බොහොම එඩිතරයිනෙ. කොටියා බලන්න ඕන කියලා වාඩි වෙලා හිටියා.

උපාසක අප්පු භාවනා කරනවා. දැන් රෑ වෙලාත් වැඩියි. සීතලත් වැඩියි. අපි අර පිරිස සිටින තැනට යමු කියලා ගල් තලාවට ගිහිල්ලා හිටියා. පසුදා උදේ ඇවිත් සැතපුණ තැන බැලුවා. බලන කොට එතැන බෙටි වගයක් තිබුණා. කොටි බෙටිද මොන බෙටිද කියලා දන්නේ නැහැ. කවදාහරි මෙතැන්ට කොටියා බලන්න එන්න ඕන කියලා දින පොතේ ලිව්වා.

කොහොම හරි ආපසු නැවත කඹරගල ආවා. චෛත්‍ය මළුවට ගිහිල්ලා සවස 6.30ට විතර පහන් ටිකක් පත්තු කරලා මම කිව්වා මම දන්නවා මේ පළාත, කතරගම දෙවියන්ට අයිති බව. මම බය නැහැ. කතරගම දෙවියන්ට භාවනායෝගීන් වහන්සේට නියම මෙම ශුද්ධ භූමිය නිකන් විනාශ වෙන්න දීලා තියෙනවා.

මම හෙට උදේ 9.00ට පිටත් වෙනවා කියලා පහන් පත්තු කළා. පසුදා උදේ දෙන්නෙක් ආවා. මම ඔවුන්ගෙන් ඇසුවා මොකද ආවේ කියලා. ස්වාමින් වහන්ස වඩිනවා කියලා දැනගන්න ලැබුණා. අපි වෙනතැනක් සූදානම් කරමු කියා කීවා. කොහේද? මදු හැදු ගලයි කියලා කිව්වා. අර පේන තැනද කියලා ඇසුවා. මේ කඹරගල ඉඳන් අහන්නේ එහෙමයි කිව්වා. මා කිව්වා එතැනට මා කඹරගල යන ගමන් පාර වැරැදිලා දවසක් ගියා. පොකුණක් නම් දැක්කා කියලා. ගල්ලෙන් එහෙම නැති නිසා ඕන නැහැ කියලා කිව්වා.

ස්වාමිනි ඒවායේ ගල්ලෙන් හුඟක් තියෙනවා. කොහොම හරි බලන්න වඩිමු. මෙහෙම කියලා කිරි අප්පු නාහිමියන්ට ආරාධනා කළා. වෙලාව තියෙන නිසා යන්න අදහස් කළා. අඩි පාරක් මැදින් ගිහිල්ලා මදුනාගල දැන් තියෙන මහා නාග ලෙන පෙන්නුවා. ඒ කාලේ එතැන මස් වේළන තැනක්. මස් මැහි බැඳලා ඒ වේලාවෙත් මස් මැහි තිබුණා.

අනික් ලෙන්වලත් මස් මැහි. මෙයාලා දඩයක්කාරයෝ. සතුන් මරාගෙන මස් අරගෙන වේලනවා. ඇටකටු ටික පොකුණට දමනවා. මස් වේලගෙන යනවා. මම ඒවා දැකලා කිව්වා හොඳයි මම දැන් සූදානම් වූ ගමන 9.00ට පිටත් වෙන්න ඕන. ලැබුණොත් එන්නම් මුකුත් කරන්න එපා කියලා කළු ගලට ගියා. කළුගලට ගිහින් මගේ භාරයේ තිබූ සියලු දේ වේරකේ හාමුදුරුවන්ට භාර දීලා කඹරගලට ආවා. කඹරගලින් මදුනාගලට ආවා. ඒ පාර නොයෙක් පණිවුඩ වනරතන හාමුදුරුවෝ එකිනෙකා අතේ එවනවා.

ඒ අය කියනවා ආවහම කනෙන් ඇදලා දමාවි. ඒවා මේවා කෙළවරක් නැතිව එන අය කියනවා. ඒ කියන අයට මම කිව්වා ඉතින් මෙහේ එන්න කියන්න. අපිට දන්න විදියට කතා කරන්න පුළුවන්නේ කියලා. නමුත් කවුරුවත් ආවේ නැහැ. අර මුලින් මදුනාගල ගැන කියපු දායකවරු ආවා. බලනකොට කැළයේ ගල්ලෙන් තුනක් හමුවුණා.

නමුත් අලියාට ගන්න බැරි එකම තැන පළමු ලෙන. හොඬය ඉස්සුවාට හසුවෙන්නේ නැහැ. ඒ පාර එතැන හොඳයි කියලා නතර වුණා. ඉතින් අරගිය අය ඉනිමඟක් හදලා දුන්නා. ඒකෙන් නැඟලා ගල් ලෙනේ ඉන්නවා. රාත්‍රියට උඩ ගලේ ඉන්නවා. ඊට පස්සේ ගල්ලෙනට එනවා දානයට කඹරගලට යනවා. මෙහේ ඉඳන් කඹරගලට දායකයන් පස් දෙනෙක් පාර හදලා දුන්නා. දිනපතා කඹරගලට පිණ්ඩපාතයේ යනවා. එතකොට ගෝනුන්, මුවන් කණ්ඩායම් හමුවෙනවා. මමත් බලාගෙන ඉන්නවා. එයාලා ගියපසු මම යනවා.

හරිම සන්තෝසයි. දවසක් පිණ්ඩපාතේ යන විට අර කිරිඅප්පුයි ගම්භාර මහත්තයායි හමුවුණා. වැඳලා කිව්වා මේ මහත්තයා මගේ මිත්‍ර මහත්තයෙක්. යමක් කමක් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ හමුවෙන්න ආවේ කියලා. මම හොඳයි කියලා කඹරගලට පිණ්ඩපාතේ ගියා. මෙයාලා පළමු ලෙන බලන්න ගියා.

පළමු ලෙන බලපු එයාලා ගෙනැවිත් තිබූ කෑම කන්න කඹරගලට ගියා. ඒ එක්කම මම වළඳලා නැවත මදුනාගලට ආවා. එයාලත් කෑම කාලා නැවත මදුනාගලට ආවා. එතකොට මම ඉන්නේ අර ගල්ලෙනේ මැස්සේ. එතැනට අඩි විසිපහක් තරම් පල්ලෙහා ගල් තලාවක් තිබුණා. ඒ ගල්තලාවේ ඉඳගෙන කතා බස් කරලා කිව්වා ස්වාමිනි එහෙම නම් මම වැඩ ටිකක් කරන්න අසවල් දවසේ එනවා කියලා.

කරත්ත දෙකක බඩු පටවාගෙන මිනිස්සු තිහක් විතර අරගෙන පාර කපාගෙන මදුනාගලට ආවා. මම බැලුවා කවුද කියලා. බැලුව කොට හඳුනන්න අමාරුයි. හොයලා බැලුවා. කොටගම්බාර මහත්තයා කියූ එක්කෙනා. මම ඇසුවා මේ මොකද වුණ් කියලා. අනේ ස්වාමිනි මට බොහොම කරදරයක් වුණා. ස්වාමින් වහන්සේ නිසා මම බේරුණේ බේත් අරගෙන බැඳගෙන ආවා කියලා කිව්වා. සුමානයක් විතර ඉඳගෙන චූලනාග ලෙන හා මහානාග ලෙන ශුද්ධ කළා. එයා තමයි මදුනාගල මුල්ම දායකයා.

මීළඟ ඇසළ පෝයට මහපොකුණ තියෙන තැන ගල්තලාවේදී ධර්ම දේශනාවක් කළා. එතැනදී දායක සභාවකුත් පිහිටුවා ගත්තා. මී ළඟට ක්‍රමයෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ කාලයේ ගල් ලෙන් 13ක් හමුවෙලා තිබුණා. ගල්ලෙන් දහතුනම හදන්න භාරගත්තා. ඉන් ගම්භාර මහත්තයා මහා නාග ලෙන භාරගත්තා. අර්ලිස් අප්පුහාමි මට අමාරු ගල්ලෙන ඕන කීවා. බැලූකොට රියනක් විතර තියෙනවා. කටාරමට අනික් සේරම ගොඩ වෙලා. ඒක උන්නැහේ භාරගත්තා. ගම්භාර මහත්තයා මිනිසුන් දමාගෙන වැඩ කළා.

මදුනාගල ගිහිල්ලා දවස් දෙක තුනකින් වගේ රාත්‍රි පළමු ලෙනේ නිදාගෙන ඉන්න විට වලස්සු රංචුවක් ඇවිත් කෑගහන්න පටන් ගත්තා. ඇඟ කිලිපොළන ශබ්දයක්. මීළඟට මම නැගිටලා වැඩි වෙලා කිව්වා ඔය ශබ්දය නම් අහන්න මම කැමැති නැහැ. ඉදිරියට මෙහෙ ඉන්න කෙනෙක්වත් කැමැති වෙන්නේ නැහැ.

ඒ නිසා කරුණාකර හිටියට කමක් නැහැ. කෑගහන්න එපා කියලා. එහෙම කියලා සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව තුන්වරක් කිව්වා. කියලා ඉවර වුණා විතරයි මහ හඬක් දුන්නා. ඇඟ කිළිපොළනවා. ඊළඟට විනාඩි හතරක් පහක් ගියාම බොහොම අෑත කෑ ගහන ශබ්දයක් ඇසුණා. ඊට පස්සේ වලස් ශබ්දයක් කවදාවත් මදුනාගලින් ඇසුනේ නැහැ. ඒ නිසා තමයි පළමු ලෙන ළඟ වලස් රූප බැන්දේ.

මදුනාගල පළමු වස් පිංකමට මාලිගාතැන්නේ නායක හාමුදුරුවන්ටත් කියලා තිබුණා. ඉතින් හෙට වස් පිංකම කියලා මම මුලින්ම මහණ කළ රක්ඛිතයි. එයයි උපසාක උන්නැහේ අතර කතාවක්. රක්ඛිත කියනවා වලස්සු ඉන්නවා කියලා. උපාසක කියනවා නෑ කියලා. ඉන්නවා නම් කෑගහන්න ඕනනේ.

ඒ නම ප්‍රවංකර ලෙනේ පොල් අතු හසුරාගෙන වැලි දමාගෙන හිටියේ සවස ඇවිල්ලා කියනවා. කුටිය ළඟ පොඩි ළමයි වගයක් සෙල්ලම් කරලා කියලා. එහෙම කියනකොට එතැන කිරි අප්පුත් හිටියා. කවුද මේ වෙලාවේ එන පොඩි ළමයි කියලා අපි බලන්න ගියා. බැලූකොට වලස්සු ඇවිල්ල අර පොඩි ළමයාගේ අත වලස්සු වගේලු. නමුත් එදායින් පස්සේ වලස්සු කවදාවත් කෑගහලා නැහැ.

එක් දිනක් ගිලන්පස වළඳලා මම ඉන්න ගල්ලෙනට යනකොට ගෝනියක් පොරවාගෙන කෙනෙක් මගේ ඉස්සරහින් යනවා. මම තේරුම් ගත්තා වලසා බව. ආපස්සට එන්න කල්පනා කරලා ලැජ්ජ හිතුනා. අනේ ඕන දෙයක් වෙච්චාවේ කියලා එයත් එක්ක මමත් ගියා. යන පාරේ හන්දියක් තියෙනවා. එක පැත්තකට රිදිගම පාර ඉතින් මම ගල්ලෙනට ගියා. වලහා රිදීගම පාරේ ගියා කිසිදු කරදරයක් වුනේ නැහැ.

එක් දිනක් සුත්ත නිපාතේ ගාථා සියයක් කියලා භාවනා කරලා පිං අනුමෝදන් කරලා සතුටින් සැතපුනා. හොඳට නින්ද ගියා. ඒ අතරේ ගිනිපෙට්ටියක් ගහන ශබ්දයක් වගේ ඇසුනා. ඒ පාර ලාම්පුව වැඩි කරලා බලන විට සර්පයෙක් කොට්ටේ උඩින් ඇදෙනවා. එදාට දවස් දෙකකට කලින් බාස් කෙනෙක් ඇවිත් චූල නාග ලෙනේ හිටියා.

එයාට කතා කරලා කිව්වා මේ සර්පයා අරන් දමන්න කියලා. ඒ මේ අත බලනවිට මගේ ඇඟේ තැන් තැන්වලින් ලේ බිංදු වැටෙනවා. බාස් උන්නැහේ හොඳටම භය වෙලා. අපේ රයිගම් උපාසක මහත්තයා එක්ක තව උපාසක මහත්තයෙක් ආවා. අපි හතර දෙනා සර්පයා හෙව්වා. මට කිසිදු වේදනාවක් නැහැ. රයිගම් උපාසක මහත්තයා භය වෙලා නයි වෙදෙක් එක්කගෙන එන්න හැදුවා.

මම කිව්වා ඕන නැහැ කියලා. එක් අයෙක් කිව්වා ස්වාමින් වහන්සේ සැතපුනොත් සිහිමුර්ජා වෙලා ජීවිත හානි වෙන්න පුළුවන් කියා. මම කිව්වා එහෙනම් අපි නිදානොගෙන ඉමු කියලා. එලිවෙනකම් නිදා නොගෙන හිටියා. රාත්‍රි අර සර්පයා හොයාගෙන ලීයක බැන්දා. මම කිව්වා මරන්නේ නැතිව පැත්තකින් තියන්න කියලා. ඒ පාර උදේ බැලින්නම් අර නයා ඔළුව කෙළින් කරගෙන ඉන්නවා. ඇඟේ පුල්ලි තියෙනවා. ඒ අනුව දැකගත්තා නාග මාපිලා බව. කිසිම බෙහෙතක් කළේ නැහැ. බන්ද පිරිත විතරක් මම කියා ගත්තා. කිසිම කරදරයක් වුණේ නැහැ.

ඒ දිනවල මදුනාගල ධර්ම දේශනා කරන්නේ ගල්තලාවේ. ඒකේ ආසනයක් වගේ ගලක් තිබුණා. ඒ ගල උඩ තමයි ධර්ම දේශනා කරන්නේ. දවසක් බණ කියන කොට හාවෙක් ඇවිත් බණ අහගෙන ඉන්නවා. ඊළඟට දවසේත් එතැන ඉන්නවා මිනිස්සු එක්ක බල්ලෝ කීප දෙනෙක්ද එනවා ඇවිත් බණ කියන කිට්ටුව ඉන්නවා හාවා නිතර නිතර බණ අහන්න පුරුදුවෙලා හිටියා.

බණ කියලා අවසන් වෙන කොට තමයි යන්නේ එක් දවසක් ධර්ම දේශනාව කරලා ආවට පස්සේ මට හිතුනා හාවට කරදරයක් වේවි කියලා. ඒ පාර ඉස්සරහට ගියා හාවෝ හාවෝ කියලා යනවිට එයා කෑම කන තැන ඉඳලා ආවා. එයාගේ ඇඟ අත ගාන්න බැහැ. ළඟට එනවා විතරයි. අද ඔයාට කරදරයක් වෙන්න තියෙනවා. මෛත්‍රි කරන්න පරිස්සම් වෙන්න කියා මා හාවට කීවා.

මම කුටියට ඇවිත් ඉන්න විට සිල්වා කියන උපාසක උන්නැහේ ඇවිත් කීවා හාවා බල්ලෙක් ඇල්ලුවා කියලා. මට සංවේගයක් ඇති වුණා හාවෝ හාවෝ කියලා හාවා හැම තැනම සොයනවා. චූලනාග ලෙන පැත්තට යන විට බල්ලෙක් දිව ඇදගෙන එනවා. මා දැනගත්තා හාවා අල්ලන්න බැරිවෙලා කියලා. පස්සේ හාවා චූල නාග ලෙන පැත්තේ ඉඳලා අපි තුන් දෙනා හිටපු මැදට පැන්නා. හොඳටම භය වෙලා හිටියේ ඒ අවස්ථාවේ කරණීය මෙත්ත සූත්‍රය කීවා. හාවා සිල්වා ඉන්න කුටියට ගියා. ඊට පසුදා එයාගේ රූපය ගලේ කෙටුවා.

අනික් ලෙන්වලත් මස් මැහි. මෙයාලා දඩයක්කාරයෝ. සතුන් මරාගෙන මස් අරගෙන වේලනවා. ඇටකටු ටික පොකුණට දමනවා. මස් වේලගෙන යනවා. මම ඒවා දැකලා කිව්වා හොඳයි මම දැන් සූදානම් වූ ගමන 9.00ට පිටත් වෙන්න ඕන. ලැබුණොත් එන්නම් මුකුත් කරන්න එපා කියලා කළු ගලට ගියා. කළුගලට ගිහ

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි