හෙළ වාරි අසිරිය ලොවට පෙන්වූ විස්‌මිත නිදසුන මාදුරුඔය කතාව

“කැණීම් කටයුතු සිදු කරමින් සිටි කැනේඩියානු ඉංජිනේරුවරුන් ඇතුළු පිරිස දුටුවේ පොළවෙන් මතුවූ ගඩොලින් කර තිබූ අපූරු ඉදිකිරීමකි. මෙහි යම් ඉහළ පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ ඇති බව වටහාගත් ඔවුන් මෙය වහා වැඩබිමේ ඉහළ බලධාරීන්ට දැන්වූ පසු එතැනට පැමිණ ව්‍යාපෘතියේ ඉහළ නිලධාරීන් අදාළ ස්‌ථානය පරීක්‌ෂා කර බලා මේ ගැන ශ්‍රී ලංකා රජයට දන්වා එමඟින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දන්වා යෑව්වේය…..”

ඉහත ඡේදයේ සඳහන් වූයේ 1980 වසරේදී මාදුරු ඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතියේ ආරම්භක අවදියේ ඇති වූ සිදුවීමකි.

සුන්දර මාදුරු ඔය

මාදුරු ඔය යනු ඌව කඳු පන්තිවලින් ආරම්භ වී පාසිකුඩා අසලින් මුහුදට ගලාබසින කිලෝ මීටර් 137 ක්‌ දිග ඔයක්‌ වන අතර මාදුරු ඔය ජලාශ ප්‍රධාන වේල්ල ගං මෝයට කිලෝ මීටර් 77 ක්‌ ඉහළින් ධනාගල හා කන්දේගම කඳු දෙක හරහා ඉදිකර ඇත. මාදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනම් මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ප්‍රධාන ජලාශයක්‌ මෙන්ම 1982 ජූලි 2 වැනි දින මුලින්ම වැඩ නිමකර මංගල දියවර නිකුත් කළ ජලාශයද වේ.

ඉතාමත් සුන්දර මනරම් පරිසරයක ඉදිකර ඇති මෙම දිය සාගරය ආරක්‌ෂා කිරීමට ස්‌වාභාවික යෝධයන් මෙන් සෑදුනු කඳු පතාක දොළසකින් වට වී ඇත. නමින් කඹුරුගල, නෙළුගල, කව්නිම්නේගල, උණකිරිගල, පතාගල, දේශගල, කුඩා සීගිරිය, දොළගල්ගල, මහවෙලකන්ද, කනිච්චිගල, ධනාගල හා කන්දේගම යන එම කඳු දොළස තේජවන්ත ලීලාවෙන් මේ මහා නිල්දිය නිධානය දෙස දෙනෙත් යොමා සිටින්නේ එක්‌ දිය බිඳකටවත් හානියක්‌ සිදුවන්නට ඉඩ නොදීමේ තිර අදිටනකින් මෙනි.

මහවැලියෙන් මාදුරුඔය

කඩිනම් මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 1977 බලයට පත්වූ රජය මඟින් මහවැලි සංවර්ධන මණ්‌ඩලය හරහා ආරම්භ කළ බොහෝ සෙයින්ම ජල විදුලිබල උත්පාදනය කෙරෙහි අවධානය කෙරුණු ව්‍යාපෘතියක්‌ ලෙසින් පෙනෙන්නට තිබුණද එමඟින් ඉදිකළ මාදුරුඔය, උල්හිටිය හා රත්කිඳ වැනි ප්‍රධාන ජලාශ හා කුඩා වැව් විශාල ප්‍රමාණයක්‌ මඟින් හා මාදුරුඔය වම් ඉවුරු ඇළ (Z.D. ඇළ) මගින් විශාල ගොවිබිම් ප්‍රමාණයක්‌ සඳහා දියවර නිකුත් කිරීම සිදුකරන කෘෂිකර්මය මූලික කොටගත් ව්‍යාපෘතියකි.

මෙයින් ගොවිබිම් විශාල ප්‍රමාණයකට ජලය සැපයීමේ අරමුණින් ඉදිකළ ජලාශය වන්නේ මාදුරුඔය ජලාශයයි. පොළොන්නරුව හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව ඉදිකර ඇති මෙම ජලාශය මඟින් හෙක්‌ටයාර 42000 ක භූමියක්‌ වගා කිරීමට සැලසුම් කර තිබුණි. කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මඟින් සපයන ලද රුපියල් මිලියන 1500 ක්‌ හා ශ්‍රී ලංකා රජයේ අරමුදලින් රුපියල් මිලියන 1100 ක මුදලින් (මුළු මුදල රුපියල් මිලියන 2600 ක්‌ ) FගAගFගJග ඒකාබද්ධ සමාගම (FගAගFගJග Jදසබඑ ඪැබඑමරු) මගින් 1980 අගෝස්‌තු මාසයේ දී මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

එදා පුදුමය

යෝජිත නව ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දකුණු ඉවුරු ප්‍රධාන සොරොව්ව ඉදිකිරීමට සුදුසුම ස්‌ථානය තෝරාගෙන එහි කැණීම් කරගෙන යන විට ඉහත සඳහන් කළ පුරාණ නටබුන් කොටසක්‌ හමුවීමෙන් පසු කැණීම් නවත්වා එම නටබුන් ස්‌ථානය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර කළෙන් ඔවුන් විසින් මෙම ස්‌ථානයේ කෘතහස්‌ත පුරාවිද්‍යාඥයන්ගෙන් සමන්විත කණ්‌ඩායමක මූලිකත්වයෙන් කැණීම් සිදුකරන ලදී.

තරමක ප්‍රදේශයක සිදුකළ කැණීම්වලින් පසු පැරණි සොරොව්වක්‌ සම්පූර්ණයෙන් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවිය. කළුගලින් හා ගඩොලින් මනාව නිමකර තිබූ මෙම සොරොව්ව ඉතාමත් හොඳින් ආරක්‌ෂා වී පැවතුන අතර ඒ අසල තිබූ දිගටි පස්‌ කන්දක්‌ වැනි කොටස පුරාණ වැවක වැව් බැම්ම ලෙසත් හඳුනා ගන්නා ලදී. ඉන් අනතුරුව එම වැව් බැම්මේ කොටසක්‌ ඉතිරි කර තබා අනෙක්‌ කොටස ඉවත් කරන ලද අතර සොරොව්ව ආරක්‌ෂාකාරී ලෙස සකස්‌ කර සංචාරකයන්ට නැරඹීමට හැකි අයුරින් තබන ලදී.

වැවේ පුරාණය

මෙම පුරාණ ජලාශය පිළිබඳ ඉතිහාසගත මූලාශ්‍ර සලකා බලන විට මහාවංශයේ සඳහන් වන පරිදි මහසෙන් රජතුමා විසින් ඉදිකළ ෂ වන විජයබාහු හා ෂ වන පරාක්‍රමබාහු යන රජවරුන් විසින් වරින් වර ප්‍රතිසංස්‌කරණය කර ඇති මහදාරගල්ල නම් වැව මේ බවට විශ්වාස කළ හැකිය. මහාදාර යන වචනය පසුව මහදාර, මාදර, මාදුරු ලෙස වෙනස්‌ වන්නට හැකි බව සැලකිය හැකිය.

නමුත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ඉදිරිපත් කළේ මීට වඩා වෙනස්‌ මතයකි. එතුමා මහාවංශය හා තවත් සෙල්ලිපි ගණනාවක්‌ ඇසුරින් ඉදිරිපත් කළ මතය අනුව මෙය ක්‍රිස්‌තු පූර්ව 1 වන සියවසේදී පමණ මෙරට පාලනය කළ කුඨකණ්‌ණ තිස්‌ස නම් රජතුමා විසින් කරවන ලද අතර ගඟ නම් ජලාශය මෙය විය හැකිය.

(මාදුරුඔය හා මහවැලි ගඟ අතර ප්‍රදේශය අදාළ කාලයේදී අන්තරා ගඟ වශයෙන් හඳුන්වා දී ඇති බව මහාවංශය සඳහන් කරයි) පසුව මෙම ස්‌ථානයෙන් හමුවූ ගඩොල් කොටස්‌ ඇමරිකා එක්‌සත් ජනපදයට යවා කාබන් 14 සමස්‌ථානික පරීක්‌ෂාවක්‌ සිදුකළ අතර එයින් ලැබුණු නිගමනය අනුව මෙම ගඩොල් ක්‍රිස්‌තු පූර්ව 1 වන සියවසට අයත් බව තහවුරු කරන ලදී. ඒ අනුව මෙම වැව කුඨකණ්‌ණ තිස්‌ස රජු විසින් ඉදිකරන්නට ඇති බවත් මහසෙන් රජතුමා විසින් කරන්නට ඇත්තේත් ප්‍රතිසංස්‌කරණයක්‌ බවත් විශ්වාස කළ හැකිය.

එසේම තවත් පැතිරී පවතින මතයක්‌ වන්නේ මෙම සොරොව්වේ මුල් කොටස ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවසේදී පමණ යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් ඉදිකරන්නට ඇති බවයි.

නවීන තාක්‌ෂණය භාවිතා කර භූ විෂමතා ලක්‌ෂණ අධ්‍යයනය කොට දකුණු ඉවුරු සොරොව්ව ඉදිකිරීමට සුදුසුම යෑයි තෝරාගත් ස්‌ථානයේ ම පැරණි සොරොව්ව තිබීමෙන් අතීතයේදී මෙරට වාරි කර්මාන්තයේ පැවති ශ්‍රී විභූතිය මනාව පිළිබිඹු වේ. එකලද මෙරට වාරි කර්මාන්තයේදී භූ විෂමතා ලක්‌ෂණ මනාව අධ්‍යයනය කර වඩාත්ම සුදුසු ස්‌ථාන තෝරා ගෙන වැව්වල සොරොව් හා පිටවාන ආදිය පිහිටුවීමට හැකි තරම් දියුණු වාරි තාක්‌ෂණයක්‌ පැවතීම නවීන ලොවම මවිත කරන කරුණකි.

මෙම පුරාණ සොරොව්ව මනාව පිරික්‌සා බැලීමේදී ගලින් සාදා ඇති සොරොව්වේ ව්‍යqහය ජල පීඩනය මනාව පාලනය කර ජලය නිකුත් කිරීමට හැකි වන සේ සකස්‌ කර ඇති ආකාරය ඉතාමත් ප්‍රශංසනීය වේ. දෙපස ගඩොලින් ඉදිකර ඇති බිත්ති ද ඉතාමත් තුනී බදාම තට්‌ටුවකින් සූක්‌ෂමව එහෙත් ඉතාමත් ශක්‌තිමත්ව ඉදිකර තිබෙන අතර ඒවා ඉතා උසස්‌ ඉදිකිරීම් ශිල්පීය ලක්‌ෂණ පෙන්නුම් කරයි.

ජලාශයේ තරම

මාදුරුඔය ජලාශය ප්‍රධාන වේල්ලකින් (දකුණු ඉවුර) හා සැඳලි වේලි දෙකකින් සමන්විත වේ. හෙක්‌ටාර 6390 ක පැතිරී පවතින මෙම මහා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන 596.6 ක්‌ ගබඩා කළ හැකිය.

මාදුරුඔය ප්‍රධාන වේල්ල මැටිවලින් සකස්‌ කළ මධ්‍යයකින් සමන්විත ගල් පිරවූ දිග හා උපරිම උස පිළිවෙළින් මීටර් 1090 ක්‌ හා 41 ක්‌ වන වේල්ලක්‌ වන අතර මුදුනේ පළල මීටර් 10ක්‌ වේ. වම් ඉවුරු සැඳලිවේල්ල මැටිවලින් සකස්‌ කළ මාධ්‍යයකින් සමන්විත ගල් හා පස්‌ පිරවූ දිග හා උපරිම උස පිළිවෙළින් මීටර් 520 ක්‌ හා 20 ක්‌ වන වේල්ලක්‌ වේ.

දකුණු ඉවුරු වේල්ල පස්‌ පුරවා සකස්‌කළ මීටර් 60 ක්‌ දිග උපරිම උස මීටර් 12 ක්‌ වන වේල්ලකි. වැවේ පිටවාන මීටර් 150 ක දිගින් යුක්‌ත වන අතර තත්පරයට ජලය ඝන මීටර් 1610 ක්‌ පිට කිරීමට හැකි වන සේ සකසා ඇත.

මාදුරුඔය ජලාශයට අයත් ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 453 ක්‌ වන අතර අවශ්‍ය වන අමතර ජලය සඳහා මහවැලි ගංගාජලය ලබාගනී. මිණිපේ අන්තර් නිම්න ඇළ මාර්ගය ඔස්‌සේ රත්කිඳ ජලාශයට ලැබෙන මහවැලි ජලය උමඟක්‌ තුලින් මාදුරුඔය ජලාශයට ලබාදීම සිදුවේ.මෙම උමග D හැඩයෙන් යුත් මීටර් 5640 ක්‌ දිග පීඩන උමගකි.

ජලාශයේ ජනසෙත

මාදුරුඔය ජලාශයේ දියවර නිකුත් කිරීම සඳහා ඇළ මාර්ග 2 ක්‌ පවතින අතර ඒවා වම් ඉවුරු හා දකුණු ඉවුරු ඇළ මාර්ග ලෙස හැඳින්වේ. මෙයින් වම් ඉවුරු ඇළ (Zගෘග ඇළ) මඟින් කුඹුරු හෙක්‌ටාර 28000ක්‌ වගා කරවීමට සැලසුම් කර තිබූ අතර දැනට දිඹුලාගල, දම්මින්න, සෙවණපිටිය, අරලගංවිල, රුහුණුකෙත, බෝඅත්ත හා වැලිකන්ද වැනි ප්‍රදේශවල ජීවත්වන පවුල් දහස්‌ ගණනකට අයත් කුඹුරු හෙක්‌ටයාර 22000 කට පමණ යල , මහ කන්න වගා කිරීමට අවශ්‍ය ජලය නිකුත් කරයි.

මෙය කිලෝමීටර් 57 ක්‌ පමණ දිගින් යුත් ත්‍රිපීසියමාකාර හරස්‌කඩකින් යුත් කොන්ක්‍රීට්‌ ඇතිරූ ඇළ මාර්ගයක්‌ වන අතර ආරම්භයේදී තත්පරයට කියුබික්‌ මීටර් 38 ක පමණ ජල ප්‍රවාහයක්‌ ගමන් කිරීමට හැකි ලෙස ඉදිකර තිබේ. එසේම මෙමගින් මෙගාවොට්‌ 5 ක විදුලිබල උත්පාදනයක්‌ ද ජාතික විදුලිබල පද්ධතියට එක්‌ කිරීම සිදු කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ඊගල් විදුලිබල සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව කෘෂිකර්මය සඳහා ජලය නිකුත් කරන විටදී හැරුණු විට අන් කිසිම අවස්‌ථාවක විදුලිය නිෂ්පාදනය සඳහා පමණක්‌ ජලය නිකුත් කිරීමක්‌ සිදුනොකරන අතර පරිසර සංරක්‌ෂණය සඳහා සමාගම විසින් දායකත්වය දැක්‌විය යුතුය. මේ තත්ත්ව යටතේදී වාර්ෂිකව මෙගාවොට්‌ පැය 13000 ක පමණ විදුලිය නිපදවීමක්‌ සිදුකරන අතර එමඟින් මහවැලි අධිකාරියට රුපියල් මිලියන 50 ක පමණ වාර්ෂික ආදායමක්‌ ලැබේ.

එසේම දකුණු ඉවුරු ඇළ මඟින් කුඹුරු හෙක්‌ටාර 14000 ක්‌ වගා කරවීමට සැලසුම් කර තිබූ අතර ප්‍රධාන වශයෙන් ත්‍රස්‌තවාදී උවදුර හා පරිසර ප්‍රශ්න නිසා මෙම කොටස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර දකුණු ඉවුරු ඇළ කිලෝ මීටර් 2 ක්‌ පමණ සාදා මාදුරුඔය ට පහලින් ඇති භෘණ ජලාශයට එක්‌කර තාවකාලික ලෙස අවසන් කර ඇත. මෙමගින් මෙගාවොට්‌ 2.5 ක විදුලිබල උත්පාදනයක්‌ ද ජාතික විදුලිබල පද්ධතියට එක්‌ කිරීමට බලාපොරොත්තු වේ. මෙම කොටසද යථා කාලයේදී ආරම්භ කිරීමට සලකා බලමින් සිටින අතර ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක්‌ ද සිදුකරන ලදී.

මාදුරුඔය අලුත් වේ

මෙම ජලාශය ඉදිකර වසර 30 ක්‌ පමණ ගෙවී පැවතුනද එදිනෙදා සුළු සුළු නඩත්තු කටයුතු හැරුනු විට සැලකියයුතු මට්‌ටමේ ප්‍රතිසංස්‌කරණයක්‌ සිදුකර නොතිබූ බැවින් මෙහි අංශ කීපයක්‌ම අදට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේ අවශ්‍යතාවය තදින් දැනී තිබුණි. මෙම හඳුනාගත් අඩුපාඩු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානම ව්‍යාපෘතියක්‌ වන වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය (DSඋRඡඡ) මගින් සිදුකර ගැනීමට හැකිවීම මහත් භාග්‍යයක්‌ කොට සැලකිය හැකිය.

මෙම ව්‍යාපෘතිය මඟින් පසුගිය කාලයේදී දිවයින පුරා ප්‍රතිසංස්‌කරණය කළ ජලාශ 32 අතරට මාදුරුඔය ජලාශයද ඇතුළත් විය. මෙමගින් ජලාශයේ ගේට්‌ටු ක්‍රියාකරවන විදුලි පාලන පද්ධතිය හා යාන්ත්‍රික පාලන පද්ධතිය නවීන තාක්‌ෂණික ක්‍රමවලට අනුකූල වන සේ දේශීය ඉංජිනේරුවරුන්ගේ දායකත්වය යටතේ කිසිම විදේශීය තාක්‌ෂණ ආයතනයක සහය නැතිව මුළුමනින්ම නවීකරණය කිරීමට හැකිවිය. වානේවලින් සාදා තිබූ උමං වල කොටස්‌ මළ බැඳීම්වලට ලක්‌වී තිබූ බැවින් ඒවාද පිරිසිදුකර තීන්ත ආරක්‌ෂණ ආලේප කිරීමද වැවේ රළපනාවේ (රළ පැන්නුම, සලපනාව) අඩුපාඩු සකස්‌කර එහි හැඩය යථා තත්ත්වයට පත් කිරීමද සිදුවිය.

තවද වේල්ලේ හැසිරීම අධ්‍යයනය කිරීමට අවශ්‍ය මිණුම් ලක්‌ෂ්‍ය (Sමරඩැහ ඡදසබඑs), පීඩනමාන (ඡසැzදපැඑeරි) අලුතෙන්ම මෙහිදී සකස්‌ කළ අතර ජල කළමනාකරණය පහසු කරවන Hඵෂී (Hහාරද-පැඑeදරදකදටසජ්ක ෂබදෙරප්එසදබ Sහිඑeප) හා Cඵඵී (ඤපචමඑeරසzed ඵ්සබඑeබ්බජැ ඵ්බ්ටැපැබඑ Sහිඑeප) වැනි මෘදුකාංග පද්ධතීන් සවිකරන ලදී. මෙමගින් ජලාශයේ ජල දත්ත, කාලගුණ දත්ත වැනි ජලාශයට අදාළ සියලුම දත්ත සෑම මිනිත්තු 10 කට වරක්‌ පටිගත වී සෑම මිනිත්තු 30 කට වරක්‌ අදාළ දත්ත ගබඩාවල ගබඩා වීම සිදුවේ.

ඉදිරි කාලයේදී සිදුකරන සැලසුම් කටයුතුවලදී මෙම දත්තවලින් විපුල ඵල ලැබිය හැකිය. මාදුරුඔය ජලාශ පරිශ්‍රයේ සුන්දරත්වය හා වැදගත්කම අන්තර්ජාලය ඔස්‌සේ නැරඹීමට හැකිවනසේ ඡායාරූපගතකර -ඩසරඑම්ක එදමර උපාංගය මඟින් නැරඹීමට සැලැස්‌වීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින අතර තව නොබෝ දිනකින් වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතියේ නිල වෙබ් පිටුව වන අඅඅගාaපිaෙeඑහග කනට පිවිසීමෙන් ඔබට එය නැරඹිය හැකිය. මේ සියලුම කටයුතුවලට වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 180 ක්‌ පමණ වැය කරන ලදී.

මාදුරුඔයේ මිරිදිය

මාදුරුඔය ජලාශ ව්‍යාපෘතිය ආශ්‍රිතව මිරිදිය ධීවර කර්මාන්තය නඟා සිටුවීමේ වැඩසටහන යටතේ මීගමුව ප්‍රදේශයෙන් පැමිණ මෙහි නැවතී ධීවර කටයුතුවල යෙදෙන පවුල් 120 ක පමණ ජනතාවක්‌ ජලාශ ඉවුරක කුඩා ගම්මානයක්‌ පිහිටුවාගෙන තිබේ. සවස්‌ කාලයේදී ධීවර කර්මාන්තයේ යෙදෙන ඔවුන්ගේ මත්ස්‍ය අස්‌වැන්න මිලදී ගැනීමට මීගමුවේ සිට දිනපතා ලොරි රථ පැමිණේ.

ජලාශය පුරා රුවල් සහිත ඔරුවලින් ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස්‌ විශාල ප්‍රමාණයක්‌ සවස්‌ කාලයේදී දැකිය හැකිය. එසේම වරින් වර ධීවර අමාත්‍යාංශය මඟින් ජලාශයට මත්ස්‍ය පැටවුන් එක්‌කර බෝ කිරීමද සිදුකරයි. එහි පිහිටුවා ඇති කතෝලික පල්ලියේ වාර්ෂික මංගල්‍යය සඳහා දිවයිනේ නන් දෙසින් කතෝලික බැතිමතුන් විශාල සංඛ්‍යාවක්‌ මෙහි පැමිණීම සිදු වේ.

මාදුරුඔය රටේ ජනශුන්‍ය එසේම වනාන්තර වලින් වටවී පවතින ජලාශයක්‌ වන අතර ජෛව විවිධත්වයෙන් හා ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන බිම් පෙදෙසකි. කන්දේගම කන්ද අසබඩ ඉදිකර ඇති අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ මඟින් එහි නිසංසල ගාම්භීරත්වයක්‌ එක්‌කර තිබේ.

පැමිණෙන සංචාරකයින්ට දිනක්‌ තිස්‌සේ නැරඹිය හැකි තරම් පුරාවිද්‍යාත්මක, වාරිමාර්ග හා පරිසර යන පුළුල් පරාසයක විහිදුනු ස්‌ථාන මෙහි පවතී. එසේම ජලාශයට පහල වනයේ සµdරි චාරිකා සඳහා ද පහසුකම් පවතී. මෙම ජලාශය ආශ්‍රිතව ලබාගත් ගුවන් වීඩියෝවක්‌ -ශදමඔමඉe වෙබ් අඩවියේ-ඵ්dමරමදහ් Daප Aeරස්‌ක Fදදඒටැ නමින් අඩංගු වන අතර එය නැරඹීමෙන් මෙහි සුන්දරත්වය මනාව දැකගත හැකිය.

විශේෂ ස්‌තුතිය ( ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාදුරුඔය ජලාශ කාර්යභාර ඉංජිනේරු Dගඵග ධර්මදාස මහතා හා සිවිල් ඉංජිනේරු ආසිරි විඡේසුන්දර මහතා

ඉංජිනේරු – තිළිණ ගුරුසිංහ

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි