දියුණු වෙන්න හිතන ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතුම ලිපියක්

විටෙක ඔහු කටු පඳුරු සහිත වියළී, ඉරිතැලී ගිය පොළවක අමාරුවෙන් ඉහළට වැඩී අතු පතර විහිදුවා ලූ මහා වෘක්‌ෂයක්‌ බඳු විය. අද මුළු ලොවක්‌ ඔහුගේ රස මසවුළු ගැන කතා කළත් මේ පැමිණි මග වැටී තිබුණේ මහා බාධකයක්‌ හරහාය. මේ ගමනේ ඕනෑම තැනකදී ඇද වැටීමට, ආපසු හැරී යැමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාධාරණ හේතු සාධක තිබුණත් නොපසුබස්‌නා වීර්යයත් ඉලක්‌ක ගත අරමුණත් ඔහු ජයටැඹ කරා රැගෙන ආවේය.

සිනමා පටයක නැගෙන ප්‍රබන්ධයක්‌ මෙන් ගොඩනැඟෙමින් ආ ඔහුගේ ජීවිතයේ දුක සැප බෙදා ගැනීමට සෙවණැල්ලක්‌ මෙන් ළඟින් සිටි ඇය විමලාවතී රාජකරුණාය. ලෝකයක්‌ දැන හඳුනාගත් ගල්කිස්‌ස මවුන්ට්‌ ලැවීනියා හෝටලයේ ලෝක ප්‍රසිද්ධ සූපවේදියා වූ තෙම්මාදුරගේ පබිලිස්‌ සිල්වාගේ ප්‍රිය බිරිඳ වූ නිසාම ඇයද සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින්නීය. නමුත් මේ කිසිවක්‌ ජීවිතයට ආභරණයක්‌ නොකරගත් ඇය බොහොම අව්‍යාජ ලෙස අප සමඟ මේ කතා බහට එක්‌ වූවාය.

තෙම්මාදුර පබිලිස්‌ සිල්වා උපත ලබන්නේ 1937 අප්‍රේල් 21 වැනිදාය. නමුත් තමන්ගේ උපත ඒ දිනයම දැයි නිශ්aචිතව කීමට හැකියාවක්‌ නැත්තේ ඔහුගේ දෙමාපියන්ටද පබිලිස්‌ සිල්වාගේ උපන් දිනය පිළිබඳ හරිහැටි මතකයක්‌ නොතිබූ බැවිණි. කෙසේ වුවද තෙම්මාදුර අප්පුසිඤ්aෙÆaට හා කුමාරසිංහ පොඩිහාමි මාතාවට දාව ගාල්ල රඡ්ගමදී මෙලොව එළිය දුටු කුඩා පබිලිස්‌ගේ උප්පැන්නයේ සටහන් වී තිබුණේ 1937 අප්‍රේල් 24 වැනිදා ලෙසය.

දරුවන් පස්‌දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා ලෙස උපන් ඔහුව කවුරුත් හැඳින් වූ ආදර නාමය වූයේ කිරිමහත්තයා යි. කිරි මහත්තයාගේ පළමු පාසල වූයේ රඡ්ගම දේවපතිරාජයයි. දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ පාසල් ගමන ඇරඹූ කිරි මහත්තයාගේ පාසල් ගමනද යුද්ධයක්‌ මෙන් විය. දේවපතිරාජයේ හෝඩියේ පන්තියට ඇතුළු වූ ඔහුට මාසයකට වඩා කාලයක්‌ එහි අධ්‍යාපනය ලැබීමට සිදු නොවූ අතර අනතුරුව එම ප්‍රදේශයේම මිෂනාරි පාසලකට ඇතුළත් කරන ල දී.

කිරිමහත්තයාගේ පාසල් මාරුවද ඔහුගේ අධ්‍යාපනය සේම වේගවත් හා කෙටි එකක්‌ විය. මිෂනාරි පාසලේද දෙවසරකට වඩා නොසිටි ඔහු ඉන් ඉවත්වී සිරිසුමන විද්‍යාලයට ඇතුළු විය. මේ වන විට නාහෙට නාහන හිතුවක්‌කාර කොළුගැටයකු වූ ඔහුට පාසලෙන් දඬුවම් විඳීමට සිදු වූයේ නිරන්තරයෙනි. ස්‌වභාවයෙන්ම අධ්‍යාපනයට කිසිදු සමත්කමක්‌ හෝ උනන්දුවක්‌ නොපෙන්වූ කිරිමහත්තයා අනෙකුත් සියලු දේවලදී ඉදිරියෙන්ම සිටින චරිතයක්‌ විය.

කොල්ලන් සමඟ ගුස්‌ති ඇල්ලීම, පාසල් නොගොස්‌ කැලේ පැනීමට, වැල්ලේ කරක්‌ ගසමින් දඩබ්බරකම් කිරීමට, ආදී කටයුතු වලදී ඔහු අනෙකාට වඩා ඉදිරියෙන් සිටියාය. මේ නිසාම ඔහුගේ පාසල් ගමන හතර වැනි පන්තියෙන් පසු අවසන් විය.

මේ වන විට පවුලේ තිබුණු අගහිඟකම් නිසාම දුරබැහැර ප්‍රදේශයක නිවෙසක මෙහෙකාර සේවයට තම දරුවාව පිටත්කර හැරීමට ඔහුගේ දෙමාපියන්ට සිදු වන්නේ තවත් හේතු කාරණා ගොඩකට පිළියමක්‌ ලෙසිනි. පවුලේ බර කරට ගෙන ඉතිරි දරු පැටවුන්ගේද බඩගින්දර නිවමින් ඔවුන් රැකබලාගත්තේ කිරිමහත්තයාගේ මවයි. ඔහුගේ පියා කිසිදා ස්‌ථිර

රැකියාවක්‌ කළ අයෙකු නොවීය. කඩයප්පම් සෑදීමෙන් හා එළවළු විකිණීමෙන්ද තම ජීවිතය ගෙනගිය මව සමඟ වෙළෙදාමේ යැමට ඔහු පසු කාලීනව පුරුදු වූවාය. කෙසේ වෙතත් අම්මා සමඟ මෙන් ළඟ ඇසුරක්‌ තාත්තා සමග නොවූ ඔහුගේ ජීවිතයේ පියාගේ ඇතැම් ක්‍රියා කලාපයන් ද සිත් ගත්තේ නැත.

දිනක්‌ පියා සමග ඇතිකරගත් ප්‍රශ්නයකදී ඔහුගෙන් පහර කිහිපයක්‌ කෑ කිරිමහත්තයා ගමෙන් පිටවී කොළඹට පැමිණෙන්නේ අතට හසුවන රැකියාවක්‌ කිරීමට හිත හදා ගෙනය. එහෙත් රඡ්ගම මිනිහෙකුට රැකියාවක්‌ සොයා ගැනීමට උදව් කිරීමට ද රැකියාවක්‌ දීමට ද බොහෝ දෙනෙක්‌ බිය වූහ. කෙසේ වෙතත් 1955 ජුනි 20 වැනිදා ඇති වූ මහා සූර්යග්‍රහණය දිනයේදී ඔහු සේවය කළේ ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි සයිවර් හෝටලයකය.

කෙටි කාලයක්‌ සයිවර් හෝටලයේ සේවය කරන ඔහු එතැනින් ඉවත්ව තවත් රැකියාවක්‌ කර අවසානයේ නතර වන්නේ පිටකොටුවේ සංචාරක වෙළෙන්දෙක්‌ ලෙසිනි. ලොසිංජර, ඇපල්, නාරංබික්‌, දොඩම්, රසකැවිලි ආදී ඕනෑම දෙයක්‌ රැගෙන පදික වේදිකාවේද බස්‌වලද වෙළෙ¹ම් කිරීම ඔහු කලකින් ලැබූ තෘප්තිමත් රැකියාවක්‌ විය.

හිතේ සතුටින් කරගෙන ගිය පදික වෙළෙ¹ම් රැකියාවටද ආයුබෝවන් කියා ඔහුට නැවත ගමට යන්න වෙන්නේ 1956 ජාතිවාදී කෝලහලය නිසාය. එසේ ගමට යන කිරිමහත්තයාට ඔහුගේ පාසල් කාලයේ මිතුරු මිතුරියන් අතර තරමක්‌ ළඟින් ඇසුරු කළ විමලාවතී නැවත හමුවෙයි.

* කොහොමද ඔබ දෙදෙනාගේ විවාහය සිදු වන්නේ?

“අප විමලාවතී මහත්මිය සමග කතා බහට එක්‌වීමු”

අපි හැදුනේ වැඩුනේ පාසල් ගියේ එකට. පවුල් දෙකේ අයත් එකිනෙකාව හොඳින් හඳුනනවා. අපේ සම්බන්ධයට මුලින් පොඩි පොඩි ප්‍රශ්න ආවත් පස්‌සෙ කාලයේදී අකමැත්තක්‌ තිබුණේ නැහැ. 1956 දී අපි කසාද බැන්දා.

* නමුත් ඔබලා විවාහ වෙනකොට පබිලිස්‌ සිල්වාට රැකියාවක්‌ තිබුණේ නැහැ නේද?

එයාට රැකියාවක්‌ නැහැයි කියන එක මට කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. කවදාවත් රැකියාවක්‌ කරන්න කියල බල කළෙත් නැහැ. ඉදිරි ජීවිතේ ගැන සැලසුමක්‌වත් මුකුත් හිතන්න ශක්‌තියක්‌ තිබුණේ නැහැ. එදිනෙදා කීයක්‌ හරි සොයාගෙන ජීවත් වුණා විතරයි.

* ගල්කිස්‌ස මහ හෝටලේ රැකියාව ලැබෙන්නේ කොහොමද?

මගේ අයියයි මාමයි වැඩ කළේ ගල්කිස්‌ස හෝටලයේ. ඒ අය තමයි රස්‌සාව සොයා දුන්නේ.

* රැකියාවට ගිය මුල්ම දවස්‌වල මොනවද ගෙදර ඇවිත් කිව්වේ?

අඟුරු අදින්න, ළිපට ගින්දර දාන්න, පොල් ගාන්න, වගේ වැඩ තමයි තියෙන්නේ කිව්වා. අපිටත් ඉතින් ඒකේ වෙනසක්‌ තේරුණෙ නැහැ. මොකද ඒව ගෙවල්වලත් කරන වැඩනේ කියල හිතුන නිසා.

* ඒ ලැබුණු වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් උනාද?

මුල්ම පඩිය රුපියල් හතලිහයි. ඒ පඩියෙන් අවි ගොඩක්‌ දෙනෙක්‌ ජීවත්වුණා. මොකද මම නැවතිලා හිටියේ අපේ ගෙදර. ඒ නිසා අම්මයි තාත්තයි සහෝදරියොයි මගේ ළමයි ටිකයි ජීවත්වුණේ මේ පඩියෙන්. අගහිඟකම් ගොඩක්‌ තිබුණා. අපිත් නිකං හිටියේ නැහැ. ජීවත් වෙන්න නොයෙක්‌ වැඩ කෙරුවා.

කොහු ඇඹරුවා, කඩයප්පන් හැදුවා, දුර පළාත්වලින් හාල් අරං ඇවිත් විකිණුවා. බැරිමතැන තනමල්විල මහ කැලෑවේ හේන්කොටලත් තියෙනවා. එතකොට මහත්තය හෝටලේ වැඩ. ගෙදර එන්නේ මාසෙකට දෙකකට වතාවයි. එයත් යාළුවෝ එක්‌ක ඇවිත් හේන්කොටන්න උදව්වෙලා තියෙනවා. මහ වනන්තරේ මැද්දේ වන සත්තුන්ට බයේ දුක්‌වින්ද කාලෙකුත් අපේ ජීවිතවල තිබුණා.

එතකොට ඔබ කොළඹ ජීවිතේට හුරුවුණේ කොහොමද?

එහෙම හුරුවෙන්න දෙයක්‌ තිබුණේ නැහැ. එදා ගමෙන් ආපු විදිහමයි අදත් ඉන්නේ. ඒ විදියටමයි අදත් සිතන්නේ. ගෙදර වැඩටික කරපුවහම ඒගැන හිතන්නත් කාලයක්‌ නැහැ. අපි 1978 තමයි කොළඹ පදිංචියට ආවෙ.

දූ දරුවෝ කීදෙනෙක්‌ ඉන්නවද ඒ අය තාත්තගෙ රැකියාවට කැමතිදි?

අපිට දරුවෝ 5 යි, පුතාල දෙන්නයි දූල 3 යි. ලොකු පුතත් චෙෆa කෙනෙක්‌. පොඩි පුතා බැංකුවක රැකියාව කරනවා. එයත් දැන් මේ පිළිබඳ උනන්දුයි. දූලා කසාද බැදලා.

දරුවෝ ගැන සොයා බලල කටයුතු කරන්න තාත්තට වෙලාවක්‌ තිබුනද?

ඒ සියල්ල කරන්න වුනේ මට තමයි. ඒවා කරන්න එයාට වෙලාවක්‌ තිබුණෙත් නැහැ. ගොඩක්‌ වෙලාවට ළමයින්ගේ නම් ඉදන් වරද්දවල තමයි කතා කරන්නේ.

පබිලිස්‌ මහත්තයා ගෙදරදිත් කෑම උයනවද?

කවදාවත් උයලා නැහැ. ඒ විතරක්‌ නෙමෙයි එයා රස්‌සාවට ගිහින් අවුරුදු 58 ක්‌ වෙනවා. මේ වෙන කම් දරුවෝවත් මන්වත් එයා උයපු කෑමක රසවත් බලලා නැහැ.

ඔහු හෝටලේ කෑමද ගෙදර කෑමද වැඩිපුර කන්න කැමති?

ගෙදර හදන කෑම කන්න කැමතියි. මොකද අපි ගෙදර ගොඩක්‌ වෙලාවට ගමේ ගොඩේ කෑමනේ හදන්නේ. වැටකොළු, පතෝල, කොහිල, කොස්‌ දෙල් කන්න ආසයි. වැඩිපුරම ආස කරන්නේ මීකිරිවලට.

පබිලිස්‌ සිල්වාගේ ජීවිතය පළමුතැන වුණේ රැකියාවයි. ඒ තම අඹු දරුවන්a දෙවෙනි තැනට දැමීමට නොවේ. ඔවුන් සුරක්‍ෂිත කිරිමට නම් රැකියාව සුරක්‍ෂිත විය යුතු බව ඔහු ඇදහු නිසාය. ළිපට ගල්අගුරු දමන කුලීකාරෙයකුගේ ස්‌වභාවයේ

රැකියාවකට ගල්කිස්‌ස මවුන්ට්‌ ලැවීනියා හෝටලයේ රැකියාවට බැඳුණු ඔහුට පළමු උසස්‌වීම ලැබුනේ තුන්වන ශ්‍රේණියේ කොකියෙකුගේ ස්‌ථානයයි. එහිදී ප්‍රධාන කෝකිවරුන්ට අත් උදව් දීම දවසකට පොල් ගෙඩි සීයයක්‌ පමණ ගා කිරි මිරිකීමට ඔහුට සිදුවෙයි. නමුත් මේ සියල්ල ඉතා කැමැත්තෙන් ලොකු වගකීමක්‌ කොට ඉටු කිරීමට ඔහු සමත් විය.

දසවසරක්‌ ඉක්‌ම යන විට ඔහු බොහෝ දුර ගමනක්‌ පැමිණ සිටියාය. වසර පහලොවකදී ඔහු මවුන්ට්‌ ලැවීනියාවේ ප්‍රධාන සූපවේදියා විය. එතැන්සිට මුළු ලෝකයක්‌ දැන හඳුනා ගන්නට ඔහුට ගතවූයේ ඉතා කෙටි කාලයකි. මෙතරම් දුරගමනක්‌ ආවේ හතරේ පන්තිය පමණක්‌ සමත් හරිහැටි ලිවීමට කියවීමට වත් දැනුමක්‌ නොතිබු ධෛර්ය පමණක්‌ ඉතිරිව තිබූ තරුණයෙකි. ඔහු තවමත් තම ජීවිතයේ කිසිවක්‌ නොසඟවා පවසන්නේ තමන් තුළ ඉන්නා වූ නිර්ව්‍යජ මනුෂ්‍යයාය.

තම ජීවිතයෙන් විශාල පනිවුඩයක්‌ ඉදිරි පරම්පරාවට ලබාදීමේ උදාර අරමුණ නිසාය.

පබිලිස්‌ සිල්වා ගේ ගතිගුණ මොනවගේද?

තරුණ කාලේ නම් එයා හොඳ චන්ඩියෙක්‌, අසාධාරණ වැඩ පෙන්වන්න බැහැ. කාටවත් වැරැද්දක්‌ කළෙත් නැහැ. මේ රස්‌සාවට ආවට පස්‌සේ ඒ හැමදේම ඉතා ඉක්‌මනට වෙනස්‌ වුණා. හිතාගන්නවත් බැරිවිදියට තැන්පත් ගතිගුණ ඇති වුණා.

ඔහුට තිබුණු ධෛර්යවන්ත කම ගැන මොකද හිතුනේ?

රස්‌සාවට ආපු මුල් කාලේ මාසයකින් දෙකකින් තමයි ගෙදර ගියේ. අපි කොළඹට ආවහමත් උදේ 5 ට ගෙදරින් පිටවෙනවා. ආයේ එන වෙලාවක්‌ කියන්න බැහැ. ළමයි තාත්තව දැක්‌කේ කලාතුරකින්. ඒ අය යනකොටත් නිදි එන කොටත් නිදි. තාමත් එහෙමමයි. උදේ පහමාරට හැමදාම යනවා. එන වෙලාවක්‌ නැහැ. ඒ කැපවීම නිසා තමයි අපි කවදාවත් නොහිතපු විදියේ ජීවිතයක්‌ අද ලැබිලා තියෙන්නේ. මෙහෙම ජීවිතයක්‌ අපි හීනෙකින්වත් දැකලා තිබුණේ නැහැ.

ඔහුගේ දියුණුවට ඔබේ දායකත්වය කොහොමද?

ගෙදර දොරේ වැඩ ගැන කිසිම බරක්‌ දුන්නේ නැහැ. මේ වෙනකම් ළමයෙකුට බෙහෙත් ටිකක්‌වත් ගේන්න ගිහින් නැතුව ඇති. ගෙදරින් ගියාහම එන්නේ කීයටද අද කලින් එනවද. මෙච්චර වෙලා මොනවද කළේ කියලා කවදාවත්ම අහලා නැහැ. එහෙම අහන්න එයා ඉඩතියලත් නැහැ. අරෙහෙ යන් මෙහෙයන් සාප්පු සවාරි යන් කියලා කවදාවත් කරදර කරලා නැහැ. ළමයි පස්‌දෙනාගේ කිසිම වැඩක්‌ කියලා නැහැ. කවදාවත් ඉස්‌කොලෙකටවත් එක්‌ක ගිහින් නැහැ. ඒ හැමදෙයක්‌ම මම තනියම කරගත්තේ. එයාගෛa

රැකියාවේ ස්‌වභාවයත් අරමුණත් මම දන්න නිසයි. ගෙවල්වලින් එහෙම නිදහසක්‌ ලැබෙනවා නම් මහත්තුරුන්ට වෙන කරදර නැහැහේ. මම කවදාවත් එයාව පාලනය කරන්න ගියේ නැහැ. එහෙම කළානම් මේ කිසිදෙයක්‌ කරන්න වෙන්නේ නැහැ.

ඔහුගේ සූප ශාස්‌ත්‍රයේ රහස මොකක්‌ද?

අපි මොකක්‌ හරි කෑමක්‌ හදල දුන්නත් මොනවද දැම්මේ කොහොමද හැදුවේ කියලා අහනවා. නිතරම පර්යේෂණ කළා. පැරැණි කෑම වට්‌ටෝරු ගැන හෙව්වා. අලුත් කෑම ජාති හැදුවා. මුළු ජීවිතේම කැප කළේ ඒවට. ඒකතමයි එයාගේ රහස.

මේ දියුණුව පසුපස තිබුණේ උත්සාහයද වාසනාවද?

අනිවාර්යෙන්ම එයාගේ උත්සාහය.

මේ දේවල් ලැබෙන කොට ජීවිතේ වෙනස්‌ කම් වුණාද?

අපේ ගති පැවතුම් පැත්තෙන් නම් කිසිම වෙනසක්‌ වුණේ නැහැ. ඒ කාලේ ගමේදී සරම කමිස ඇන්ද කෙනා තමයි දැන් කලිසම ඇන්දත් ඉන්නේ. මම ඇන්දෙත් රෙද්දයි හැට්‌ටෙයි. ඒකවත් අපිට හරියට අඳින්න තිබුණේ නැහැ. ඇඳුම් දෙකයි තිබුණේ. අද ඉතිං ඒවා ගැන හිතෙනකොට ලොකු සතුටක්‌ දැනෙනවා. ඒකාලේ අපි විඳින්න ඕන හැම දුකක්‌ම වින්දා. නමුත් එහෙම වුණා කියලා කොළඹ ඇවිත් උපරිම සැපවිඳින්න කවදාවත් උත්සාහ කළේ නැහැ.

ඔහුගේ තව බලාපොරොත්තු තියෙනවද?

මමත් ඒ ගැන අහල තියෙනවා එතකොට කියන්නෙ කුස්‌සියේ වැඩනම් දැන් ගොඩක්‌ ඉවරයි නමුත් ඒ ගැන  තව පොත් පත් ලියන්න ආසයි කියලා.

රංග විදානේ
ඡායා-සමන් අබේසිරිවර්ධන

මේ වගේ වටිනා ලිපි කියවන්න ලැබෙන්නේ අපේ පේජය ලයික් කරපු ඔබට පමණමයි