“මම තමයි මේ කොටසේ ව්‍යාපෘතිය භාරව ඉන්න ප්‍රධාන ඉන්ජිනේරුවා.”මා දුටුවේ පාර අතුගාමින් සිටි මිනිසෙකි..!

ජපානයේ ජීවත් වන අවධියේ මා පදිංචිව සිටියේ අසබු ජූබාන් නමැති තෝකියෝ නගරයේ අතිශයෙන්ම කාර්ය බහුල ප්‍රදේශයකය. අතොරක්‌ නැතිව පාරේ එහේ මෙහේ යන පිරිස මෙන්ම වාහන සංබ්‍යාව කාගේ සිත තුළ වුවත් දැඩි ආතතියක්‌ ඇති කරන තරම්ය.

සවස්‌ ජාමේ වන විට අප නිවස ඉදිරියේ තිබූ මාවතේ යම් කිසි අලුත්වැඩියාවක්‌ කරන බවක්‌ කීප දවසක සිට නිරීක්‌ෂණය කෙළෙමි. උදෑසන වන විට පෙරදින කරමින් තුබූ අලුත්වැඩියාවේ ලකුණක්‌ හෝ දැකිය නොහැකි විය. දිනෙන් දින මගේ කුහුල වැඩෙන්නට විය. ඒ නිසාම රාත්‍ර්‍රs කාලයේ සිදුවන මෙම ගොඩනැගීම් ගැන සොයා බලන්නට උත්සුක වුණෙමි.

දිනක්‌ මම කඩපළට ගොස්‌ පැමිණෙන විට සිරිත් පරිදි පාරේ තැනක යම් කිසි අලුත්වැඩියාවක්‌ සිදුවන බව දැක එතැනට කිට්‌ටු කෙළෙමි. එතැන සිටි කෙනෙක්‌ පාර හාරා තිබෙන තැන අවට ඉදලකින් අතුගානවා දුටු මම ඔහු වෙතට කිට්‌ටු කෙළෙමි. ඔහුට හිස නවා ආචාර කෙළෙමි.

“මහත්මයා මෙතැන මොකක්‌ද සිදුවන්නේ?”

“මෙතන අපි උමං දුම්රියක්‌ හදනවා.”

“උමං දුම්රියක්‌? මම කවදාවත් දැක්‌කේ නැහැනේ පස්‌ පුරවපු ලොරි යනවා.”

“අයියෝ. පස්‌ අයින් කළේ 1967 වසරේදී. මේ පාර සකස්‌ කරන විට. ඔබට අවශ්‍ය නම් ඇතුළට ගිහින් බලන්න පුලුවන්.”

මම ඔහු සමග වළට බැස්‌සෙමි. මගේ දෑස්‌ මටම අදහන්නට බැරි විය. සුවිශාල උමගක්‌ තුළ යන්ත්‍ර සූත්‍ර සහිතව කඩියන් මෙන් වැඩ කරන මිනිසුන්ය. රේල් පාරේ වැඩ සෑහෙන පමණට අවසන්ය. මට වැඩේ තේරුම් ගියේය. මම මගේ මිතුරාට සමුදී ඔහුගෙන් රැකියාව පිළිබ`දව විමසීමි.

“මම තමයි මේ කොටසේ ව්‍යාපෘතිය භාරව ඉන්න ප්‍රධාන ඉන්ජිනේරුවා.” ඒ පිළිතුරෙන් මම වික්‌ෂිප්ත වීමි. මා දුටුවේ පාර අතුගාමින් සිටි මිනිසෙකි.

“එහෙනම් ඔබ පාර අතු ගෑවේ.”

“මගේ අවට පිරිසිදු කරන එක මගේ යුතුකමක්‌. අනික අනිත් අය වැඩ කරන දිහා බලාගෙන ඉන්න මට බැහැ. ඒක මට පුරුදු නැහැ.”

මා සිටින්නේ ලංකාවේ නොව ජපානයේ බව මට පසක්‌ විය. ජපානයේදී දුම්රිය ස්‌ථානාධිපති හෝ ඉන්ජිනේරුවකු වශයෙන් වැඩ ආරම්භ කරන ආධුනිකයකු දුම්රිය මැදිරි පවා පිරිසිදු කරනවා බොහෝ අවස්‌ථාවල දැක ඇත්තෙමි. ඒ තුළින් තමන්ගේ රැකියාව පමණක්‌ නොව තමන් යටතේ සිටින අයගේ දහඩිය සුව`ද වි`දීමට උසස්‌ නිලයන් දරන්නන්ට හැකිවන බව මගේ වැටහීමයි.

එහෙත් ජපානයේදී මේ ලැබූ පාඩම් ප්‍රයෝගිකව අත්හදා බලන්නට යැම නිසා මට අපහසුතාවන්ට මුහුණදීමට පවා සිදු විය. වරක්‌ ලෙබනනයේ තානාපති කාර්යාලයේ වතුර ටැංකිය අලුත්වැඩියා කිරීම නීරීක්‌ෂණය කිරීමටත් එය නිවැරැදි ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස්‌ දීමටත් මා වහලයට නැගීම දරාගත නොහී අයෙක්‌ තානාපති වතුර ටැංකියට නගී ලෙස පුවත්පතකට උපහාසයෙන් ලියූ බවක්‌ මට මතකය. වසර දෙකක්‌ තිස්‌සේ යතුරු ලියන්නියක්‌ නොමැතිව තානාපති වශයෙන් මගේ සියලු ලිපි යතුරුලියන කිරීමෙන් මා තානාපති තනතුර හෑල්ලු කළ බවක්‌ කෙනෙක්‌ ප්‍රකාශ කළා මතකය.

තමන්ගේ ගෙදර අඩුපාඩු සකස්‌ කිරීමට අසල්වැසියාට බාර දීම නිසා ලාංකික අපි බොහෝ කරදරවලට මුහුණ දුන් බව සහ මුහුණ දෙන බව අදද ප්‍රායෝගිකව අත්දකිමු. අප මේ තත්ත්වයෙන් අත් මිදිය යුතු බව මගේ වැටහීමය. එය සිදුවීමට නම් බොහෝ දේ වෙනස්‌ විය යුතුයි. මෙය මගේ පෞද්ගලික අදහසය.

රංජිත් ගුණරත්න