යහන්ගල ගැන ඇති ජනප්‍රවාදය නම් යහන් ගල තුළ රාවනා රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති

නකල්ස් යනු රක්ෂිත වනාන්තරයකි. මධ්‍යම කඳුකරයේ උතුරු සීමාව තුළ පිහිටි මෙම රක්ෂිතය හෙක්ටයාර් 22000 කින් පමණ සමන් විතය. එහි සාම්ප්‍රදායික කුඹුරු ගොවිතැන ජීවනෝපාය කර ගත් ගම්මාන 50කට අධික ගණනක් පවතින අතර ස්වාභාවික නිර්මාණ රාශියක් පිරී රමණීය භූමි ප්‍රදේශයකි.

නකල්ස් වර්තමානයේ බොහෝ ලෙස දෙස් විදෙස් සංචාරකයන් අතර වැඩි කතා බහට ලක් වූයේ මී මුරේ නම් ගම්මානය නිසාය. තවද ලංකාවේ සුවිශේෂී කන්දක් වන ලකේගල පිහිටීම ද ඊට ඉවහල් වුණි. එවැනිම තවත් සුවිශේෂ කන්දක් නකල්ස් ගිනි කොන දෙසට වන්නට පිහිටා ඇති අතර එය “යහන්ගල” නම් වේ. ගලේ බණ්ඩාර දෙවියන් වැඩ සිටි කන්ද ලෙස ප්‍රදේශයේ ජනප්‍රවාදයක් පවතින අතර යහන්ගල අරුත ලැබීමට රාවණා රජුගේ දේහය මෙම පර්වතය තුළ තැන්පත් කොට ඇති බවත් ඉවහල් වේ.

දුමෙන් බර කඳුකර ප්‍රදේශය ලෙස දුම්බර මිටියාවත නමලත් නකල්ස් රක්ෂිත ක්‍රියාදාම සංචාරකයන්ට ​ෙතා්තැන්නකි. කඳු තරණය (Mountaineering) කඳු නැගීම (Rock Climbing) දියඇළි දඩයම (Waterfall Hunting) ගුහා ගවේෂණය (Cave Exploring) පතන හා තැනිතලා (Plains) රාත්‍රී කඳවුරු බැඳීම (Night Camping) සහ දිගු දුරක් හා අමාරු ගමන් (Hiking and Trekking) සඳහා සියලුම ස්වාභාවික දායාදයන්ගෙන් පරිපූර්ණ ඉසව්වකි.

මේ සියල්ල සපිරි සුවිසල් වනපෙත නකල්ස් වන අතර එහි ඕනෑම ඉසව්වක ගම්මානයක් දැකිය හැකි නිසා ගමන් පහසුව මඳකට පවතියි. නකල්ස් කියු සැණින් ආවර්ජනය වන ගම් අතර මීමුරේ නාරංගමුව කුඹුක්ගොල්ල, රංගල, තංගප්පුව, බඹරැල්ල, හුළුගඟ, පන්විල, රණමුරේ ඇටන්වල රඹුක්ඔළුව, කළුගල, උඩගල්දෙබොක්ක, කරඹකැටිය හා ලුලුවත්ත ප්‍රසිද්ධ වේ. අප විසින් හඳුනා ගත් නම් සහිත කඳු 45 ක් පමණ නකල්ස් හී ඇති අතර නම් සහිත හා රහිත සමස්ත දිය ඇලි ගණන 50 කට අධිකය.

අලුගල්ලෙන කපුඅටුවලෙන හා වෙඩි ලුනු ගුහාව හැරුනු විට ලකේගල ගුහාව සහ දූවිලි ඇල්ල ගුහාව සේම රැහැස්සේ​ ගුහා ද ඇතැම් හු දැන් දන්නෝය. තවද අප්පල පතන ගිනිකෙළිය පතන රැහැන කොටු පතන, කොමල පතන, ලඹුලැස්ස පතන, පිටවල පතන, ගෝන පතන, බෙලන්ගොල්ල පතන හා කොටගඟ පතන වැනි පින් මී/කුරු ශාක සහිත තුන්හිස්ගල කන්ද වැනි ඉසව් මෙහි පවතියි.

නකල්ස් වන පෙත කුමන මාර්ගයකින් ගිය ද මාර්ගයක් සාදා ගෙන වුව අතරමං නොවී ගමකට ළඟා විය හැකි බව ක්‍රියාදාම සංචාරකයන් දනිති. මන්ද නකල්ස් තුළ පවතින කාලගුණික තත්ත්ව දෙක සහ ජල පෝෂක ඉසව් තුළ පවා පහසුවෙන් ගූගල් (Google Maps) සිතියම්වලට හසුවන ලෙස තාක්ෂණික මෙවලම්වල පිහිට ලබා ගත හැකි බැවිනි.

ලකේගල යනු වෙලන්ගොල්ල පතන තුළ නැගී තිබෙන කන්දකි. වෙලන්ගොල්ල පතන පවා මීටර් 1100ක් පමණ උසකින් පිහිටි කන්දක තැන්පත් වන අතර එහි එක් කොනක යහන්ගල නම් පර්වත රාජයා නැගී සිටියි. ස්වභාව ධර්මයේ අරුම පුදුම කඳු වන මෙම යහන්ගල සහ බෝගවන්තලාවේ හරිත කන්ද යනු කන්දක උඩ පිහිටි කන්දක් ලෙස දැකිය හැකි කඳු වේ. ප්‍රාදේශීය සභාව මගින් යහන්ගල සංවරණ ස්ථානයක් ලෙස නාම පුවරු සවි කොට ඇති බැවින් ගමන් මාර්ගය හඳුනා ගැනීමට අපහසු නොවේ.

​ෙකසේ ​ෙහා් අප ගමන පටන් ගත්​ෙත් නුවර සිට මහියංගණය පාරෙ උඩුදුම්බරට පැමිණ එතැනින් කඩගල පාරේ ​ෙකළවරටම පැමිණි පසුවය. මාර්ගය අවසන් වන කෙළවරේ වන පියස ආරම්භ වන අතර සියල්ලෝම උඩක්කාව දෙසට ගමන් කරන එම වනගත අඩි පාරේ ගමන ඇරඹීය.

කැලෑ වර්ග ක්‍රමයෙන් අඩි 4 ක් පමණ මාර්ගයක් වූ අතර මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක දී වම් පස මාර්ගය තෝරා ගෙන ගම්වැසියෙකු පැවසු පරිදි කොස් ගස් තුනක් පිහිටි ස්ථානයට පැමිණියෙමු. ඉන් පසු වන කැලය මැදින් පීරාගෙන ගොස් අප නැවතත් වෙලන්ගොල්ල පතනට ගමන් කර අඩි මාර්ගයට සේන්දු වුවෙමු.

මෙහිදී අප සූදානම්ව පැමිණි සුවිශේෂී කරුණට අදාළ මූලික සාධක හමුවුණි. එනම් අලි වසුරුය. අප මෙහි පැමිණී දිනට දින දෙකකට පෙර වන අලි එකොළොස් දෙනෙක් පමණ වෙලන්ගොල්ල පතන තුළ සැරිසරනු දුටු බව ප්‍රදේශවාසීන් අපත් සමග පැවසීය.

මෙම නිසා අපට කඳවුරු බැඳීමේ දී හා පතන තුළ සැරිසැරීමේ දී වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙසට ඔවුන් ඔවදන් දී අපට අලි වෙඩිල්ලකුත් ලබා දුණි. කෙසේ හෝ අපට පතන දක්වා යන ගමන අතර තුර අලි වසුරු ස්ථාන කිහිපයකම දැක ගත් අතර කඳු ගැටය නැගීමේ දී පවා ඒවා දැකීම අලින්ගේ කඳු නැගීමේ හැකියාව මනාවට කියා පාන්නක් විය.

ක්‍රමයෙන් මාන කැලය පසු කර කුඩා වන ලැහැබකට සේන්දු වුණු අප එහි වු හඳුනා ගැනීමට අපහසු වූ අඩිපාර දිගේ ඉහළට ගමන් කළෙමු. වැසි රහිත කාලගුණයක් වුයෙන් ගස් වැල් වෙළී තිබුණි. කුඩාල්ලන්ගෙන් කිසිදු කරදරයක් සිදු​ෙනාවුනද කටු සහිත ශාක හා ගස් අතු පතුරු වලින් බාධාවක් එල්ල වුණි.

කෙසේ හෝ බසයෙන් බැස ගෙන හෝරාවක පමණ ගමනින් පසු අප වෙලන්ගොල්ල පතන උඩට ආවෙමු. වෙලන්ගොල්ල පතන යනු පිටවල පතනට පමණක් දෙවැනි වන ඉතාමත් ලස්සන පතනකි. මාන පඳුරු යාය විසින් මුළු පතනම වසා ගෙන සිටින අතර ස්ථාන කිහිපයක එක පොකුරට දුටු පයිනස් ගස් කිහිපයක හැරුණු විට සමස්ත පතනම විවෘත ප්‍රදේශයක් විය.

වෙලන්ගොල්ල පතන අතිශය අලංකාර විය. ඒ මත එහා කෙළවරේ නැගී සිටි යහන්ගල පර්වත රාජයා ඇති දැවැන්ත විය. එය තුළ ගාම්භීර බවක් සේම තේජාන්විත බවක් ද ගැබ්ව තිබු අතර නඩය දෑස් හොඳින් වට පිටාව වෙත යොමු කර ගෙන සිටියේ වන අලි හමු වෙතැයි අපේක්ෂාවෙනි.

මෙම ස්ථානයේ දී වම් පසට ගමන් කළ හොත් පොළවට සමාන්තරව යහන්ගලේ වම් පාදමට ළඟා විය හැකි අතර දකුණු පසට ගමන් කරතොත් මීටර් ගණනක් දුරට පේන පතන තුළ ඇවිද යා හැක. අප යා යුතුව තිබුණේ ඉදිරියට බැවින්ම කෙළින් අප මාන පඳුරු පීරාගෙන අප විසින්ම මාර්ගය සාදාගෙන යාමට පටන් ගත්තේ අපට මඟපෙන්වන්නෙකු නොසිටි බැවිනි. ​ෙමම ගමනට මඟ පෙන්වන්නෙකු අවශ්‍ය නොවූ අතර මාන පඳුරු යාය මැදින් කිලෝ මීටර් 2 ක් පමණ දුරක් යා යුතුව තිබුණි.

අඩි 8 ක් පමණ උසට වැඩුණු මාන පඳුරු අතරින් ගමන් කිරීම අතිෂය දුෂ්කර විය. මන්ද, මාන කොළ මත තිබෙන භූවට දෑත් සීරෙන හෙයිනි. කෙසේ නමුත් අලි වසුරු බොහෝමයක් දකිමින් අප ක්‍රමයෙන් ඉදිරියට ඇඳුනෙමු. අඩ හෝරාවකට පසු පයිනස් ගස් යායක් පසු කර මාන පඳුරු අතරින් රිංගා යන විට නැවුම් දිය දහරාවක් අපට හමු වුණා.

නඩයට එහි වැතිර ජලය පානය කර මඳක් විවේක ගත් අතර පසුව ගල් තලාවක් අසලට පැමිණි අප සුවිශේෂි හැඩයකින් දැකීමට ඇති යහන්ගල පර්වතය දැක ගත හැක විය. එහි කණ්ඩායම් ඡායාරූපයක් ගත් අතර නැවත ගමන ආරම්භ කළෙමු. තවත් හෝරාවක් පමණ ගමන් ගත අප යහන්ගල පර්වතය පාමුල දැවැන්ත ගල් තලාව අසලට ආවෙමු.

එහිදී වම් පසින් කිසිසෙත් කන්ද තරණය කිරීමට නොහැකි බව වැටහුණු නිසා නිශ්චිත මඟ සොයාගෙන අප කන්දේ දකුණ දෙසට ගමන් කෙරුවෙමු. එසේ යන විට දිනක් දෙකක් පරණ අලි වසුරු දැක ගත් අතර ඒ හැරුණු විට මාන පඳුරු අතරින් නැගි සිටි තනි ගල් පර්වත විටෙක අපට අලින් ලෙස පෙනුණි. කන්දේ දකුණු පසට යත්ම අපට ඉහළට යා හැකි මාර්ගයක් දැක ගත හැකි විය. එහි කිසිදු අඩි සලකුණක් නොවු නමුත් අප මාන පඳුරු හා ගල් තලාව අතරින් පරීක්ෂාකාරිව ඉදිරියට ඇඳුනෙමු.

මෙම කොටස අතිශය අවදානම් විය. මන්ද අප ගමන් කරන විට අපගේ වම් පස ඇති දැවැන්ත හෙලක් වූ නිසාවෙනි. එලෙසම මෙම ගමන හෝරාවක් පමණ වුයේ නැග්මක් සේම ගල් පර්වත කටු පඳුරු හා මාන පැඳුරු මතින් නැගි අමාරු වුූ නිසාවෙනි. කෙසේ හෝ දහවල් 2 ට පමණ වන විට සියල්ලෝම යහන්ගල පර්වතය උඩට පැමිණි අතර එම ඉහළ කොටස අක්කර දෙක තුනක් පමණ ප්‍ර​ෙද්ශයක් විය. දෙපැත්තකට යා හැකි වූ අතර මුළු කන්දම ගුවනට විවෘත ප්‍රදේශයක් විය.

කිසිඳු ජල උල්පතක් හෝ උස් ගසක් නොතිබු නමුත් කැඩී ගිය ගල් පර්වත කැබලි තැනින් තැන දැකීමට හැකි විය. එනම් පර්වතය උඩට දැඩි ලෙස අකුණු වැදෙන බවයි. සමස්ත කන්ද ඉහළ එහෙ මෙහෙ අප ඇවිඳින්නට වූ අතර අවට සිරි නැරඹීමට ද අමතක නොකළෙමු. පසෙකින් අසල් වැසීව තිබූ කෙහෙල්පොත් දෙරුවේ ගල ඉතාමත් අලංකාර ලෙස දක්නට ලැබුණු අතර එම කඳු ගැටයට පවා වෙලන්ගොල්ල පතනේ සිට ඉතාමත් පහසුවෙන් යාමට හැකි වන බව අප දුටුවෙමු.

තවද මීමුරේ ලකේගල, ගැරඬිගල, මැද මහනුවර කන්ද, දුම්බානා ගල වැනි කඳු ද උඩගල් දෙබොක්ක, උඩත්තාව වැනි ගම්මාන ද අපට දැක ගැනීමට හැකි වුණි. නිල් වන් අහස නිසාවෙන් ප්‍රදේශයේ ලස්සන ද කිලෝ මීටර් ගණනක් දුරට ඇදෙන මහියංගණය සිට දෙහිඅත්තකණ්ඩියට ගලායන මහවැලි ගංගාව ද රත්කින්ද උල්හිටිය ජලාශ හා සොරබොර වැවද අපට දක්නට ලැබුණි.

කෙසේ හෝ සවස තුන හමාර පසු වන විට අප නැවත වෙලන්ගොල්ල පතන කරා යාමට සැරසුණේ යහන්ගල මුදුනේ දී කඳවුරු බැඳීමට සුදුසු ස්ථායක් වෙලගොල්ල පතනේ තිබෙනු දුටු නිසාය. එම ස්ථානයට මඳක් දුරින් අලියෙකු සැරිසරණු අප දුටු අතර සමස්ත දින දෙකටම අප දුටු එකම සත්ත්වයා ඌ පමණක් විය. කෙසේ හෝ නැවත ආ ම​ෙග්ම පහළට යාමට මෙලෙස ගත විම වැඩි වෙතැයි සිතූ අප සෘජුවම ඉහළ සිට පහළට බැසීමට තිරණය කළේ ජීවිතයේ එක් වරක් විඳිය හැකි අතිශය අන්තරාදායක ගමනක් මගිනි.

කෙසේ හෝ අංශක 70 ක පමණ බෑවුමක් වූ හෙලක් අප සෘජුවම ගල් වැටි, පර්වත ගස් අතරින් රිංගාගෙන ලිස්සා යමින් පහළට බැසගත් අතර අඳුර වැටීමට ප්‍රථම කඳවුරු බඳින ස්ථානයට අප යා යුතුව තිබුණි. මෙහි වූ මාන පඳුරු අතිශය උස් විය. ක්‍රමයෙන් අඩ හෝරාවක් පමණ ගමන් ගත් පසු අපට මීටර 3ක පමණ උස ඇල්ලක් සහිත සිසිල් ජල දහරාවක් පතන තුළ හමු විය. මාන පඳුරු යායෙන් වටව තිබූ එම ස්ථානය දුර නිසා දැක ගත නොහැකි විය. මඳ විවේකයක් ගත් අප නැවත ගමන ඇරඹුවේ විටෙක අසල වූ ගල් පර්වත උඩට නැග කඳවුරු භූමිය බලා ඒ අනුව දිශාව සොයා ගනිමිනි.

ක්‍රමයෙන් අප මානා කැලය පීරාගෙන අප දුටු ගල් තලාව දෙසට ඇඳෙන්නට වූ අතර නැවතත් අපට ජල දහරාවක් හමු විය. කෙසේ හෝ අඳුරත් සමගම කඳවුරු බඳින ස්ථානයට ළඟා වූ අප ලහි ලහියේ කූඩාරම් ගැසීමටත් තවත් සමහරු වේළී ගිය දර හා කොටන් සොයන්නටත් විය. කඳුවුරු භූමියේ දෙපසින් මඳක් ඈතට වන්නට අප ගිනි මැල දෙකක් සෑදු අතර අඳුර වැඩීම නිසා ගිලි මැල දෙක දල් වන්නට විය.

​ෙමවර අප ගිනි මැල දෙකක් සෑදුවේ වන අලින්ගෙන් රාත්‍රීයේ ආරක්ෂා වීම නිසාය.

යහල්ගල මුළුමනින්ම අඳුරින් වැසුණු අතර පතන ද අඳුර විසින් ගිල දැමුවේ සඳවතිය අහස් කුසේ නොතිබු​ණු හෙයිනි. ලී කෝටු හැඳි ලෙස භාවිත කරමින් නුඩ්ලස් උයාගෙන කා පසු අසල තිබු දිය දහරාවෙන් ගත සෝදා ගත්තේ හොඳ හැටි විදුලි පන්දම් එළි ආධාරයෙනි. මීදුම් සලු දසතම වෙලා ගන්නා අතර අපගේ ගත වටා දැවටුණු සීතල සමග දිය නා ගන්නා විට දැනෙන සුවය කඳු නගින්නන්හටම උරුම අත්දැකීමකි.

කොපමණ කූඩාරම් අවට අප සැරිසරුව ද අපගේ දෙසවන් හා දෙනුවන් නිරත්තරයෙන් තිබුණේ අවට වන පියස හා පතන වෙතය. මන්ද විශාලතම සත්ත්වයා වන අලියා කිනම් වෙලාවක හෝ කූඩාරම් දෙසතට පැමිණෙතැයි බියෙනි. කෙසේ හෝ හෙම්බත් රැයට හෝරාවක් පමණ තිබිය දී සියල්ලෝම කූඩාරම් තුළට ගොස් සුවසේ නිදන්නට විය.

නමුත් පිරිමි පාර්ශ්වයේ දෙදෙනකු පැය දෙකට වරක් බැගින් කූඩාරම් වලින් පිටතට විත් මුර කෙරුවේ අලි අනතුරක් සිදු වෙතැයි බිය අප තුළ ද තිබු නිසාවෙනි. පාන්දර ජාමේ එකෙකුගේ කෑ ගැසීමට අවදිව අවට විපරම් කළ අපි දිළි​ෙසන දෑසක් පතන තුළින් දුටු නමුත් ඒ වල් ඌරකු බව පසුව වටහා ගෙන නැවත නින්දට ගියෙමු.

හිරුටත් කලින් පසු දින අවදි වූ අප අලුයමට දිළි​ෙසන යහන් ගලන් වෙලන්ගොල්ල පතනේ මාන පඳුරු යායේ වැටුණු පින්නේ සුන්දරත්වයක් තැනින් දැක ගත හැකිවීම ගැන ආඩම්බර වූයෙමු. ක්‍රමයෙන් නැගෙනහිර පක්ෂයේ කඳු ගැටයෙන් හිමි හෙමිහිට හිරු නැගෙන්නට වූ අතර හිරු කිරණ වැටුණු පතන තුළ උදහැක්කේ තිබූ අලංකාර බවට සමාන කිරීමට උපමා නොතිබුණි.

හොඳ හැටි අවට පරිසරය විපරම් කළ අපට දක්නට ලැබුණේ අප සිටි ගල්තලාවට මීටර් 50 ක් පමණ පහළ වන්නට දැවැන්ත දිය දහරා දෙකක් කුඩාරම් භූමියට දෙපසින් ගලාගෙන ගොස් හෙළකින් පහළට වැටෙන බවයි. එහි දිය ඇලි 2 ක් තිබු අතර එම දිය ඇළි යුගලය දුටු එකම පිරිස අප බව පසු කාලීනව අපට දැක ගැනීමට ලැබුණි. කෙසේ හෝ සීතල ජල දහරාවන් දෙකෙන්ම පිරිස නැගගත් අතර දිය කෙළීමට කදීම ඉස්පාසුවක් එය විය. තව දුරටත් අවට ගල්තලාවෙන් පතන තුළත් සැරි සැරූ යහන්ගල තවත් ආකාරයකින් අලංකාරවත් ලෙස දකින්නට ලැබුණි.

උදෑසන ආහාර ලබා ගත් අප දහවල් එකොළහ පමණ වන විට නැවත බස් රථය වෙත යාමට ගමන් ඇරඹුවෙමු. නැවතත් අප පිවිසි ඉසව්ව සොයා ගෙන මාන පඳුරු යාය මැදින් ඉදිරියට ගමන් කළෙමු. හිරු කිරණින් සම්පූර්ණයෙන්ම අප නැහැ වී තිබු හෙයින් මාන පඳුරු පීරාගෙන කඳු ගැට නැග තැන පල්ලම් බසිමින් යෑම දුෂ්කර විය. නමුත් දෙහෝරාවකට ප්‍රථම අප යහන්ගල තවත් ආකාරයකින් දැක ගත් පසු අප වන පියස අසල වූ අඩි මාර්ගය තුළට පැමිණියෙමු.

යහන්ගලේ පවතින ජනප්‍රවාදයට අනුව එහි ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිට ඇත. උඩබකාව ගමට අවශ්‍ය ආයුද බලා දුන් ගලේ බණ්ඩාර දෙවියෝ කුඹුරු ගොවිතැන සශ්‍රීක කිරීමට උපකාර කරන ලදි. තව දුරටත් යහන්ගල ගැන ඇති ජනප්‍රවාදය නම් යහන් ගල තුළ රාවනා රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති බවයි.

රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ හෙයින් රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇතැයි ලෙස උපකල්පනය කළ හැක. මන්ද වචනයේ අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස දුර තියා පැහැදිලිව දැක ගත හැකි කන්දකි. කෙසේ හෝ සවස 4 පමණ වන විට බස් රථය අසලට ආ අපි අසල වූ දිය පිහිල්ලෙන් ගත දොවාගෙන ඇල්ල ගල ඇල්ලේ සුන්දරත්වය ද දකිමින් කොලොම්තොට බලා පිටත් වුණෙමු.

මුලාශය ඉරිදා ලක්බිම

කවරයේ ඡායාරූපය ලබාගත් වීඩියෝව