පිරිමි අමතක කරන දේ ගැන ගැහැනු දුක් වෙනවා ගැහැනු මතක තියාගන්නා දේ ගැන පිරිමි දුක් වෙනවා – අයින්ස්ටයින්

“පිරිමි අමතක කරන දේවල් ගැන ගැහැනු දුක්වෙන අතර ගැහැනු මතක තබාගන්නා දේවල් ගැන පිරිමි දුක්වෙනවා.” ඇල්බර්ට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා කිව්ව එම කතාව තුළ ගැහැනු පිරිමි අතර ඇතිවන විරුද්ධ ලිංගික ප්‍රේමයේ ප්‍රමුඛ ගැටලුවක් මනාව ඉතාම කෙටියෙන් පැහැදිලි කරනවා.

ආදරය කළ සහ ආදරය කරන හැමෝම දන්නා පරිදි ඉතා අසීරුම කාර්යය වන්නේ ආදරයෙන් බැඳීමෙන් පස්සේ එතැනින් එහාට සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ කෙසේද කියන කාරණය පිළිබඳ සෙවීමයි. ආදරය කරන්න අනෙකාට ඉඩ දීමෙන් පස්සේ දෙදෙනා ගත කරන පසු කාලය ආදරයට ඉඩදීම දක්වා වූ කාලය තරම් සුන්දර නැහැ කියලා බොහෝ දෙනා කියනවා. සිනමාපටයක වුණත් පෙම්වතාට පෙම්වතිය හිමිවෙන සිද්ධියෙන් කතාව නිමා වෙනවා මිසක එහෙත් ඊට පස්සේ මොකද වෙන්නේ කියන දේ ගැන කතා කරන්නේ නැහැ.

එහෙත් මියෙන තුරාම අවබෝධයෙන් ආදරය කළ අය ගැන ඕන තරම් කතා, ඕන කාලයකින් අහුලා ගන්න පුළුවන්. ඔයා මාව තේරුම් ගන්නේ නැහැ, ඔයා මාව අගය කරන්නේ නැහැ, ඔයාට මාව වටින්නේ නැහැ කියන ප්‍රශ්න පදනම් කරගෙන ගැටලු රැසක් ඇරඹුමෙන් පස්සේ නිර්මාණය වෙනවා නේද? ඇත්තෙන්ම මෙම ලිපි පෙළ පදනම් කරගෙන ආදරය කරන කිසි කෙනෙක්ට උපදේශනයක් දෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම හැකියාවක්ද මට නැහැ. කෙසේ වෙතත් ආදරය සම්බන්ධ ඉගැන්වීම් අප සමාජයේ අඩුව පැවතීම ආදරය සමාජය අඩුවෙන් වටහා ගැනීමට තවත් හේතුවක් වෙලා තියෙනවා.

ආදරය ඉතාම සමස්ත පරිසරයටම පොදු ලෝක ධර්මතාවක් වුණත් පිරිමි ආදරය කරන විදියට නෙවෙයි ගැහැනියෙක් පිරිමියෙක්ට ආදරය කරන්නේ. මන්දයත් පිරිමි සහ ගැහැනු ඇත්තටම වෙනස්. එම නිසාම තමයි බ්ධඩද ට්පඥර නම් ලේඛකයා ර්ඥද ජ්පධථ ර්චපඵ එධථඥද ජ්පධථ ඍඥදභඵ කියලා පොතක් පවා ලිව්වේ.

ගැහැනු සහ පිරිමි වෙනස් කියන කතාවෙන් කිසිසේත්ම කියවෙන්නේ නැහැ ගැහැනියට වඩා පිරිමියා උසස් හෝ පිරිමියාට වඩා ගැහැනිය උසස් යන කාරණය. ඉතාම සරලව කියනවා නම් ගැහැනිය සහ පිරිමියා එකිනෙකට වෙනස් ජීවීන් දෙදෙනෙක්. එම වෙනස නිසාම තමයි ගැහැනු පිරිමින්ටත්, පිරිමි ගැහැනුන්ටත් ආදරය කරන්නේ. එහෙත් මෙම වෙනස් ජීවීන් දෙදෙනා ඔවුනොවුන්ගේ ශාරීරික සහ මානසික වෙනසට ආදරය කරන ගමන්ම, තවත් අතකින් එම වෙනස නැති කරගන්න නිරන්තර අරගලයක්ද අතීතයේ සිටම කරනවා.

එම අරගලය තුළ ඔවුන් එකිනෙකා තේරුම් ගන්නවා වෙනුවට ඔවුන් දෙදෙනා එක්කෙනෙක් වෙන්න අසාර්ථකව උත්සාහ කරනවා. ඇයි අපි දෙන්නාට එක විදියට හිතන්න බැරි. ඇයි ඔයාට මම කියන දේ තේරෙන්නේ නැත්තේ වගේ ප්‍රශ්න ඔන්න ටිකෙන් ටික පැන නඟින්න පටන් ගන්නවා.

සෑම මහත්මයෙක් තුළම සිටින ආදරණීය දඩයක්කාරයා

ඉතාම කෙටියෙන් කියනවා නම් පිරිමියා පරිණාමය වුණේ දඩයක්කාරයෙක් ලෙසටයි. එහෙත් ගැහැනිය පරිණාමය වුණේ පවුල රකින්නිය ලෙසයි. ඔබගේ මනස වසර ලක්‍ෂ 50ක පමණ අතීතයකට ගෙනියන්න. අපේ ආදීතම මුතුන් මිත්තන් ගත කළ එම අසීරු ජීවිතය ගැන නිකමට වගේ පරිකල්පනය කරලා බලන්න. ඔවුන් ආදරය කරන්න ඇත්තේ කෙසේද? ඔවුන් ජීවත් වෙන්න ඇත්තේ කෙසේද? ඔවුන් සොබාදහමේ ගුප්ත සරදම් අවබෝධ කරගත්තේ කෙසේද?

පිරිමියා වසර දහස් ගණනක් තිස්සේ ආහාර සපයන්නා ලෙස පරිණාමය වෙද්දී, ඔහු තුළ රෝපණය වුණ හුරු පුරුදු, ගති ලක්‍ෂණ වගේ දේවල් ඔහුගේ වත්මන් පරම්පරාවේ ආදරයට බලපාන්නේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන්ද? වනසතුන්, ගහකොළ, ස්වාභාවික විපත් සහ නිරන්තර අවදානම් සමඟ නිරන්තරව ගැටුණු ඔහු මූලිකත්වය දුන්නේ වැඩවලටයි.

ඔහු වැඩ නොකළා නම් ඔහුගේ යැපෙන්නන් ජීවත් වෙන්නේ නැහැ. ඒ පුරුද්ද නිසාම තමයි පිරිමි ඉතිහාසයේ ඉඳලාම වැඩවලින් ආදරය පෙන්වන්න උත්සාහ කරන්නෙ. “හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමි” කියලා ජෝතිපාල ගායනා කරන්නේ ආදරය වෙනුවෙන් වැඩ පෙන්වන්න පිරිමි දක්වන කැමැත්ත පෙන්වමින්.

ඉතාම කෙටියෙන් කියනවා නම් ටජ් මහල ඉදිකිරීමේ සිට ආදරය වෙනුවෙන් කළ රාජ්‍ය ආක්‍රමණ දක්වා පිරිමියා පෙලඹුණේ වැඩවලින් හැඟීම් පෙන්වන්නයි. එහෙත් බොහෝ විට ගැහැනියට ආදරය වෙනුවෙන් පිරිමියා කරන වැඩ දහසකට වඩා ආදරයෙන් දෙන එක හාදුවක් ප්‍රමාණවත් බව අනෙක් අතට ස්ත්‍රීන් පවසනවා.

අතීතයේ සිටම ගැහැනියට පැවරුණු කාර්යය මීට හාත්පසින්ම වෙනස්. ආහාර සොයා යන පිරිමි ඔවුන්ට තිළිණ කළ දරුවන් සමඟ ගල් ගුහා තුළ රැඳෙන්න ස්ත්‍රීන්ට සිද්ධ වුණා. වන සතුන්ගෙන් වගේම වෙනත් ගෝත්‍රවල ආක්‍රමණ සහ කරදරවලින් බේරිලා ගුහා තුළ ඉතා සුපරික්‍ෂාකාරීව ඉන්න ඇයට සිද්ධ වුණා.

ඇය දරුවන් දහයක් හැදුවොත් පහක් හයක්ම ඉපදිලා මාස හයක් යන්නත් කලින් මැරුණා. එම නිසා ස්ත්‍රිය උපරිම සුපරික්‍ෂාවෙන් වසර දහස් ගණනක් ජීවත් වුණා. ස්ත්‍රියගෙ වසර දහස් ගණනකට පෙර ආදි මිත්තණියන්ගේ එම සුපරික්‍ෂාව අද ගැහැනියගේ ඉව බවට පත්වෙලා තියෙනවා. ගැහැනුන්ට ඉව තියෙනවා කියන කතාව සහතික ඇත්ත. ඔවුන්ට යමක් සිද්ධ වෙන විට දැනෙන්න පටන් ගන්නවා.

මන්දයත් ඔවුන් වසර දහස් ගණනක් තිස්සේ සුපරික්‍ෂාකාරීවීමේ පුරුද්ද වර්ධනය කරගත්තා. ඒ වගේම එය ඔවුන්ට පරිණාමය සමඟ ජානවලට එක්වුණ දෙයක්. එසේම ගල් ගුහා තුළ ගැහැනුන්ට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ට හවස් වරුවේ හත හමාරේ සිට නමය දක්වා රූපවාහිනිය නරඹන්න පහසුකම් තිබුණේ නැහැ. එම නිසා ඔවුන් අසල ගල් ගුහා තුළ ඉන්න කාන්තාවන් එක්ක නිරන්තර කතාවට පෙලඹුණා.

ඔවුන් ඉතාම සුපරික්‍ෂාකාරීව දවස ගෙවූ නිසා කන් පරිසරයට වඩා වඩාත් සංවේදී වුණා. අදත් වැඩිපුරම කතා කරන්න වගේම, එක එක කතා අහන්න කැමැති ගැහැනු කියන කාරණය රහසක් නෙවෙයි. එය විද්‍යාත්මක සත්‍යයක්. එය ගැහැනියගේ වරදක් හෝ අඩුපාඩුවක් නොවන අතර ඇයගේ ඓතිහාසික ගමන තුළ ඇයට හුරුවුණ දෙයක්. ගැහැනුන්ගේ කතාව නිසා ලොවට දායාද වුණ වාසි අපමණයි.

ගැහැනිය සහ පිරිමියාට හිමිවෙලා තිබුණ කාර්යයන් අනුව ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව ජීවන රටාවන්ද එකිනෙකට වෙනස් වුණා. එහෙත් අද ටයි පටිය පැලඳගෙන වැඩට යන සෑම මහත්මයෙක් තුළම අතීතයේ සිටි තියුණු සහ දරුණු දඩයක්කාරයා ඉන්නවා කියන වග අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම ඉස්සර වගේ ගල් ගුහා තුළ ඉන්නේ නැතිව ලස්සනට ඇඳලා පිරිමිත් සමඟ කරට කර වැඩ කරන්න යන සෑම ගැහැනියක් තුළම අතීත ආදරණීය සහ සුපරික්‍ෂාකාරී පවුල රකින්නිය සිටින වග අමතක නොකළ යුතුයි.

ආදරය යනු ගනුදෙනුවක්ද?

“ගැහැනු සිතන්නේ විවාහයෙන් පස්සේ පිරිමි වෙනස් වෙයි කියලා. ඒ වගේම පිරිමි හිතනවා විවාහයෙන් පස්සේ ගැහැනු වෙනස් නොවෙයි කියලා. නමුත් ඒ දෙකම සිද්ධ වෙන්නේ නැති නිසා දෙදෙනාම දුක් වෙනවා.” විවාහය අසාර්ථක වුණත් අයින්ස්ටයින් එහෙම කියනවා. එහි කිසියම් සත්‍යයක් තිබෙනවාද? විවාහය ආදරයේ කූටප්‍රාප්තියම නෙවෙයි.

ඇත්තටම විවාහයෙන් පසුවත් ආදරය පවත්වාගෙන යන එක තමයි ඉතා අසීරුම කාර්යය වෙන්නේ. විවාහයෙන් පසුව ජීවන තරාදියේ වගකීම් පැත්තට බර වැඩිවෙලා ආදරය පැත්තට බර අඩුවෙන බව බොහෝ දෙනා කියන කතාවක්. එහෙත් විවාහයට පෙර ආදරය සහ විවාහයට පසු ආදරය ලෙස දෙකක් තියෙන්න විදියක් නැහැ.

ආදරය ආදරයමයි. එහෙත් ආදරය කරන විදියේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. බොහෝ දෙනා විවාහය ගනුදෙනුවක් කියන විට බොහෝ දෙනා විවාහය නම් උත්තරීතර බැඳීම තුළ කිසිම ගනුදෙනුවක් තියෙන්න විදියක් නැහැ කියලා පවසනවා. මෙම අදහස දෙස මධ්‍යස්ථව බැලුවොත් විවාහය ගනුදෙනුවක් නොවුණත් විවාහ වෙන ගැහැනිය සහ පිරිමියා අතර ඇත්තටම ගනුදෙනුවක් සිද්ධ වෙනවා. කෙනෙක් මෙයට එකවරම විරුද්ධ වෙන්න පුළුවන්.

එහෙත් මෙම ලිපිය ලියන්නේ විද්‍යාත්මක කරුණු පදනම්ව නිසා සාම්ප්‍රදායික කෝණයෙන් ප්‍රතිවිරුද්ධ මත පැන නඟින්න පුළුවන්. ඇත්තටම ආදරය සහ විවාහය ගනුදෙනුවක් නෙවෙයි කියනවාට වඩා එය ගනුදෙනුවක් සිතා කටයුතු කිරීමෙන් එය සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ගනුදෙනුවකදී සිද්ධ වෙන්නේ එක පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයට යමක් ලබාදී, අනිත් පාර්ශ්වයෙන් තෘප්තිමත් යමක් ලබාගැනීමයි. එතකොට ආදරය නම් ගනුදෙනුවේදී හුවමාරු වෙන්න ඕන මොනවාද? නැහැ.

නැහැ. ආදරය කියන්නේ ඉතාම උතුම් පරම පිවිතුරු දෙයක්. ඒ තුළ කිසිම දෙයක් හුවමාරු වෙන්නේ නැහැ. මේවා පත්තරවල පළ කරලා හැදෙන වැඩෙන කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔළුව අවුල් කරන්න එපා. සමහර වෙලාවට මේක කියවන ඔයාට එහෙම හිතුණොත් ඒ සිතිවිල්ල ඔහොමම ටිකක් වෙලා තියාගෙන ඉන්න. අපි තව ටිකක් කියවලාම තීරණයක් ගනිමු.

ආදරය කරන්නේ ගැහැනු සහ පිරිමි. ආදරය කරද්දී ගැහැනියට එරෙහිව පිරිමියා නැඟී සීටීමටත්, පිරිමියාට එරෙහිව ගැහැනිය නැඟී සිටීමටත් තේරුමක් නැහැ. අවශ්‍ය වෙන්නේ දෙදෙනාගේ වෙනස් අවශ්‍යතා වටහා ගැනීමයි. මල් පලතුරු වගේම ගැහැනු සහ පිරිමිත් වෙනස්. අන්න ඒ නිසා ආදරය නම් ගනුදෙනුවේදී පිරිමියා ගැහැනියගෙන් සේවාවන් බලාපොරොත්තු වෙන අතර ගැහැනිය පිරිමියාගෙන් සම්පත් බලාපොරොත්තු වෙනවා.

“සල්ලි ගස්වල හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරයි” කියන කතාව වැරැදි නැහැ වගේම “පිරිමියෙක් බඳින්න කැමැති අම්මා වගේ අතට පයට ආදරයෙන් වැඩ කරලා දෙන කෙල්ලෙක්” කියන කතාවේ වරදක් නැහැ. විශේෂයෙන්ම කිසියම් කෙනෙක්ට දක්වන ප්‍රේමය විවාහය දක්වා ගෙනියද්දී ගැහැනිය පිරිමියගෙන් සම්පත්ද, පිරිමියා ගැහැනියගෙන් සේවාවන්ද බලාපොරොත්තු වෙනවා. එම නිසාම තමයි අඩු ලුහුඬුකම් ඉදිරිපස ‍ෙදාරෙන් තට්ටු කරන විට ආදරය පස්ස ‍ෙදාරෙන් පලා යනවා කියලා කතාවටත් කියන්නේ. මේ සෑම පුංචි උපහැරණයක් තුළම සැඟවුණ විද්‍යාත්මක සත්‍යයක් පැහැදිලිව තියෙනවා.

පිරිමියා ගැහැනියගෙන් සේවා බලාපොරොත්තු වීම (ඉඥපමඪජඥඵ) වැරැදියි කියලා කාන්තා සංවිධාන කියයි. ඒ වගේම ගැහැනු සැප සම්පත් (අඥඵධභපජඥඵ) හොයන එක වැරැදියි කියලා තවත් අතකින් පිරිමි කියයි. නමුත් මෙම එරෙහි වීමට වඩා පරිණාමයෙන් ගැහැනියට සහ පිරිමියාට උරුම වුණ ගති ස්වභාවය තේරුම් ගැනීම ඉතා වැදගත්. එහෙත් ආදරයේදී සම්පත් සහ සේවා හුවමාරුව පමණක් හොඳ සම්බන්ධතාවකට බලපාන බව මෙම ලිපියෙන් කිසිසේත්ම කියවෙන්නේ නැහැ. නමුත් එය ඉතාම ප්‍රබලම ප්‍රායෝගික කරුණක් වෙනවා.

“ඉස්සර කාලේ නම් අද වගේ නැහැ. සල්ලි බලේට ආදරය ගන්න බැහැ.” කෙනෙක් එහෙම කියන්න පුළුවන්. නමුත් ගැහැනිය අද වගේම එදත් පිරිමියගෙන් සම්පත් බලාපොරොත්තු වුණා. එහෙත් අතීතයේදී පිරිමියාගේ ඇඟපතේ විශාලත්වය, ජවය, නිර්භීත බව දිහා බලලා ගැහැනු ඔහුට සම්පත් හිමිකර ගැනීමට ඇති හැකියාව පිළිබඳ තීරණයකට ආවා. මන්දයත් දරුවන් හදා වඩා ගැනීම, පවුල රැක ගැනීම ඇයට පැවරුණු මූලික කාර්යය නිසා ඇය තම ගෝත්‍රයේ හිටිය හැඩිදැඩි පිරිමින්ට එක පයින් කැමැති වුණා. මන්දයත් එවැනි පුද්ගලයන්ට වැඩි වැඩියෙන් දඩයම් සහ ගොවිතැන් කරලා සම්පත් රැස්කර ගැනීමේ හැකියාව තිබෙන බව ඇය විශ්වාස කළා.

එහෙත් අද ගැහැනු එහෙම දඩයක්කාරයෙක් වගේ ඇඟපත නොතිබුණත් දඩයක්කාරයෙක් ලෙසම සම්පත් රැස්කර ගැනීමට ප්‍රිය පිරිමින්ට ඔවුන් නොදැනුවත්වම කැමැති වෙනවා. මෙය ඔවුන්ගේ වරදක් නොවන අතර ගැහැනියක් පසුකාලීනව මවක් ලෙස ඇයගේ අනාගතයට පිරිමියා සතු සම්පත් වැදගත් වෙනවා. වර්තමානයේ සිරුරින් කුඩා වුණත් බලය, ධනය, උසස් ජීවන තත්ත්වය තියෙන පිරිමින්ට සම්පත් රැස් කර ගැනීමේ හැකියාව තියෙන බව ගැහැනු ඉවෙන් හරියට දන්නවා. ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඩේවිඩ් බුෂ් සිදුකළ පර්යේෂණයෙන් හෙළි වුණේ ජර්මන් ගැහැනුන්ගෙන් 38%ක්ද තායිවාන ගැහැනුන්ගෙන් 63%ක් සහ ඉන්දියානු ගැහැනුන්ගෙන් 87%ක් විවාහයේදී මූලිකව පිරිමියා සතු සම්පත් පිළිබඳ සලකා බලන බවයි.

එසේම අනිත් අතට පිරිමියා ගැහැනියගෙන් සේවා බලාපොරොත්තු වෙනවා. රෙදිපිළි සෝදා දීම, කෑම හදලා දීම, දරුවන් හදා වඩා ගැනීම ඒ අතර වෙනවා. ගොඩක් පිරිමි අතට පයට වැඩ ටික කරලා දෙන තුරු බලාගෙන ඉන්නවා කියන චෝදනාව බහුලව තියෙනවා. ඇත්තටම සම්පත් සැපයීම වෙනුවෙන් අතීතයේ සිටම ඔහු ගැහැනියගෙන් සේවා බලාපොරොත්තු වුණා.

අන්න ඒ නිසා තමයි මහා ධනවතෙක් වුණත් වැඩකාරයන් දහසක් හිටියත් තමාගේ බිරියම හදලා දෙන කෑම කන්න ඔය තරම් කැමැති. එක් එක් ගැහැනියගෙන් ගැහැනියට සහ පිරිමියාගෙන් පිරිමියාට මෙම සම්පත් සහ සේවා අපේක්‍ෂා කරන ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙම මූලික සත්‍යය අඩු හෝ වැඩි වශයෙන් ඔවුන් තුළ තිබෙනවා. ඉතා වැදගත් වන්නේ තමා සතු කාර්යයට එරෙහිවීම නොව ගැහැනියට සහ මිනිසාට ස්වභාවධර්මයෙන් පැවරුණු කාර්ය වටහා ගැනීමයි. ඉතින් ආදරයේ මෙම ප්‍රායෝගික ගනුදෙනුව වටහා ගැනීම හොඳ සම්බන්ධතාවකට ඉතා වැදගත්.

මන්දයත් ඔවුන් වසර දහස් ගණනක් තිස්සේ සුපරික්‍ෂාකාරී වීමේ පුරුද්ද වර්ධනය කරගත්තා. ඒ වගේම එය ඔවුන්ට පරිණාමය සමඟ ජානවලට එක්වුණ දෙයක්. එසේම ගල් ගුහා තුළ ගැහැනුන්ට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ට හවස් වරුවේ හතහමාරේ සිට නවය දක්වා රූපවාහිනිය නරඹන්න පහසුකම් තිබුණේ නැහැ.

එම නිසා ඔවුන් අසල ගල් ගුහා තුළ ඉන්න කාන්තාවන් එක්ක නිරන්තර කතාවට පෙලඹුණා. ඔවුන් ඉතාම සුපරික්‍ෂාකාරීව දවස ගෙවූ නිසා කන් පරිසරයට වඩා වඩාත් සංවේදී වුණා. අදත් වැඩිපුරම කතා කරන්න වගේම, එක එක කතා අහන්න කැමැති ගැහැනු කියන කාරණය රහසක් නෙවෙයි. එය විද්‍යාත්මක සත්‍යයක්. එය ගැහැනියගේ වරදක් හෝ අඩුපාඩුවක් නොවන අතර ඇයගේ ඓතිහාසික ගමන තුළ ඇයට හුරුවුණ දෙයක්. ගැහැනුන්ගේ කතාව නිසා ලොවට දායාද වුණ වාසි අපමණයි.

ගැහැනිය සහ පිරිමියාට හිමිවෙලා තිබුණ කාර්යයන් අනුව ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව ජීවන රටාවන්ද එකිනෙකට වෙනස් වුණා. එහෙත් අද ටයි පටිය පැලඳගෙන වැඩට යන සෑම මහත්මයෙක් තුළම අතීතයේ සිටි තියුණු සහ දරුණු දඩයක්කාරයා ඉන්නවා කියන වග අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම ඉස්සර වගේ ගල් ගුහා තුළ ඉන්නේ නැතිව ලස්සනට ඇඳලා පිරිමිත් සමඟ කරට කර වැඩ කරන්න යන සෑම ගැහැනියක් තුළම අතීත ආදරණීය සහ සුපරික්‍ෂාකාරී පවුල රකින්නිය සිටින වග අමතක නොකළ යුතුයි.

ආදරය යනු ගනුදෙනුවක්ද?

“ගැහැනු සිතන්නේ විවාහයෙන් පස්සේ පිරිමි වෙනස් වෙයි කියලා. ඒ වගේම පිරිමි හිතනවා විවාහයෙන් පස්සේ ගැහැනු වෙනස් නොවෙයි කියලා. නමුත් ඒ දෙකම සිද්ධ වෙන්නේ නැති නිසා දෙදෙනාම දුක් වෙනවා.” විවාහය අසාර්ථක වුණත් අයින්ස්ටයින් එහෙම කියනවා. එහි කිසියම් සත්‍යයක් තිබෙනවාද? විවාහය ආදරයේ කූටප්‍රාප්තියම නෙවෙයි.

ඇත්තටම විවාහයෙන් පසුවත් ආදරය පවත්වාගෙන යන එක තමයි ඉතා අසීරුම කාර්යය වෙන්නේ. විවාහයෙන් පසුව ජීවන තරාදියේ වගකීම් පැත්තට බර වැඩිවෙලා ආදරය පැත්තට බර අඩුවෙන බව බොහෝ දෙනා කියන කතාවක්. එහෙත් විවාහයට පෙර ආදරය සහ විවාහයට පසු ආදරය ලෙස දෙකක් තියෙන්න විදියක් නැහැ. ආදරය ආදරයමයි. එහෙත් ආදරය කරන විදියේ වෙනසක් ඇති වෙන්න පුළුවන්.

බොහෝ දෙනා විවාහය ගනුදෙනුවක් කියන විට බොහෝ දෙනා විවාහය නම් උත්තරීතර බැඳීම තුළ කිසිම ගනුදෙනුවක් තියෙන්න විදියක් නැහැ කියලා පවසනවා. මෙම අදහස දෙස මධ්‍යස්ථව බැලුවොත් විවාහය ගනුදෙනුවක් නොවුණත් විවාහ වෙන ගැහැනිය සහ පිරිමියා අතර ඇත්තටම ගනුදෙනුවක් සිද්ධ වෙනවා. කෙනෙක් මෙයට එකවරම විරුද්ධ වෙන්න පුළුවන්. එහෙත් මෙම ලිපිය ලියන්නේ විද්‍යාත්මක කරුණු පදනම්ව නිසා සාම්ප්‍රදායික කෝණයෙන් ප්‍රතිවිරුද්ධ මත පැන නඟිImage result for women worry about forgotten of men eistine