මිරිස් අඹරන පළි ගහන හාස්කම්-විස්කම් පාන සීනිගම දෙවොල ගැන මෙතෙක් නෑසූ කතාවක්

“දෙවොල් දෙවියෝ අපේම කෙනෙක්. මෙහාට ඇවිල්ල ඔය මාසාච්චි පවුලක අපේ අක්කා කෙනෙක් අරගෙන ඉඳලා තියෙන්නෙ. ඕක හින්දනේ අපේ අම්මට මැරෙනකම්ම අවුරුද්දකට සැරයක් දෙවොල් සාලාවක් නටන්න වුණේ”

ගරා වැටී ඇති දේවාලය කිසිදු දේව බලමහිමයක් නොහඟවන්නක් වුව ද ඒ අසල රුක්ෂ වෘක්ෂය නම් සිත තුළට කිසියම් ගුප්ත බලයක් ඇඟවන බවකි පියදාසට හැඟුණේ. අඩි සියයක් පමණ හරි කෙළින් අහසට නැග අතුපතර විහිදගෙන සිටින මේ වෘක්ෂ රාජයාට කිසියම් දෙවියකු අධිගෘහිතව ඇතැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

මේ ගස අනාදිමත් කාලයක සිට මෙහි පැවත එන්නක් විය යුතුය. ඒ ගස දෙවොල් දෙවියන්ගේ සැරයටිය මුල් අල්ලා පැළවීම නිසා හටගත්තක් බව අම්මා කියනු පියදාස අසා ඇත. අම්මා තමා ළඟ වූ පඬුරු පියදාසට අතගස්සවා දේවාලයේ වූ පින්පෙට්ටියට දැම්මාය.”

(ඉණිමගේ ඉහළට ගුණදාස අමරසේකර විසිදුනු ප්‍රකාශන, තෙවන මුද්‍රණය, 2009 පි. 163) ගුණදාස අමරසේකර සූරීන් එසේ සඳහන් කරනුයේ දෙවොල් දේවාල පද්ධතියේ මූලස්ථානය වන සීනිගම දෙවොල් මහා දේවාලය පිළිබඳව නොව සීනිගම අත්‍යාසන්නයේ වේරගොඩ පිහිටි ශ්‍රී දෙවොල් මහා දේවාලය අළලාය. වේරගොඩ දෙවියන් යනු දෙවොල් දෙවිඳුනට ව්‍යවහර වන තවත් නාමයකි.

දෙවොල් දෙවියන් වේරගොඩ මාසාච්චි පරපුරෙන් විවාහයක් කරගෙන එහි විසූ බවත්, දරුවකු (පුත්‍රයකු) ලද පසු දිනපතා සහල්, ‍පොල්, සීනි, මාළු ආදී ෙදෙනික අවශ්‍යතා රැගෙන ආ බවත්, රැකියාවක් නොකරන පියා ඒ විස්කම් කරනුයේ කෙසේ දැයි දැනගැනීමට කොලු වියට පත් පුතුට මව කළ නියෝගයෙන් පුත්‍රයා සියල්ල රහසින් බලා සිටි බවත් ජනප්‍රවාදයන්හි සඳහනි.

එදින කිසිදු භාණ්ඩයක් නොවෙනස් වූයෙන් එහි රහස දැනගත් දෙවොල් සිය පුත්‍රයා මරා දැමූ බවත් ජන විශ්වාසයයි. දෙවොල්ගේ සැරයටිය සෝලු ලීයෙන් නිර්මිත වූවකි. ඔහු එය වේරගොඩ දේවාල භූමියෙහි රෝපණය කළෙන් විසල් වනස්පතියක්ව වැඩිණි. සුවිශාල වෘක්ෂයක්ව පැවත ඉදිරී වැටුණු සෝලු ගසින් පැනනැගුණු සෝලු ගස අදත් වේරගොඩ ශ්‍රී දෙවොල් බිමෙහි පුදපෙත් ලබයි. බැතිමත්හු භාරහාර වෙති.

ඇසළ මංගල්‍ය නිමිත්තෙන් වේරගොඩ ශ්‍රී දෙවොල් මහා දේවාලයේ වාර්ෂික පුනේ‍යාත්සවයක් පැවැත්වේ. මාසාච්චි පරපුරට අයත් දෙවොල් දෙවියන්ගේ ඥාතීහු අදත් වේරගොඩ වෙසෙති.

සැදැහැවත් බොදු බැතිමතුන් වන වේරගොඩ ජනතාවගේ ඉටු දෙවිඳු දෙවොල් සාමි හෙවත් දෙවොල් දෙවියෝය. එහි පුද පිළිවෙත් යාග හෝම පෞරාණික සම්ප්‍රදායට අනුගතව පැවත එයි. ඓතිහාසික තොටගමු රත්පත්විහාරය නිර්මාණය කිරීමේදී වෙහෙර තැනීමට පස් ලබාගැනීම පිණිස වෙහෙරගොඩින් ලද සම්පත් දායකත්වය හේතුවෙන් එම ග්‍රාම නාමය නිර්මාණය වූ බව ඔවුන් සඳහන් කරනුයේ මහත් අභිමානයෙනි.

දෙවොල් දෙවියන් දෙවොල් දේව සත්කට්ටුව හෝ තුන් කට්ටුව පිළිබඳ සිංහල සාහිත්‍යයේ එකමිතියක් නොපවත්නේය.
එහෙත් මහාචාර්ය තිස්ස කාරියවසම් මහත්මා දක්වන අන්දමට දවෛල් දෙවි අපදානය හා සබැඳි සුවිසල් සාහිත්‍යයක් විසිර පැතිර පවත්නේය.

එමතු නොව සිංහල ජනශ්‍රැති,කෝලම්, නැටුම්, වන්නම්, ගිනිකෙළි (ගිනි පෑගීම) ආදී සංස්කෘතිකාංග ඔස්සෙත් දෙවොල් දෙවි පුවත නන්විධ මුහුණුවරින් සිංහල ජන ජීවිතය, ජන සංස්කෘතිය, පුද පිදවිලි, අහිතර විධි, විශ්වාස යනාදිය අත්නොහැර සිටී. දිවයිනේ චිර ප්‍රචලිත ගිනි පෑගීම නම් වූ යාතුකර්මය සීනිගමින් උපත ලබා ලක්දිව පුරා ප්‍රචලිත වූ බව ජන විශ්වාසයයි.

දෙවොල් දෙවියන් ප්‍රාදේශික ආධුනික දෙවියකු ලෙස ඇතැම් පර්යේෂකයන් නිර්වචනය කළ ද එය සත්‍ය විය නොහැකි බව විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමාණික විද්වතුන්ගේ ශාස්ත්‍රීය ගවේසණ හා පර්යේෂණ කෙරෙන් හෙළි වෙයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය ගණනාථ ඔබේසේකර,මහාචාර්ය බන්දුසේන ගුණසේකර, සංගීත විශාරද සී. ද එස්. කුලතිලක, ස.ජ. සුමනසේකර බණ්ඩා, නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන, සිරිපාල මාදුවගේ, ඒ.පී. ඤාණදාස, ලීලා පෙරුමාදුර ආදී ප්‍රමුඛ විද්වත් පර්ෂදකයක් විසින් මේතාක් සම්පාදිත ශාස්ත්‍රීය ලිපි‍ලේඛන සමුච්චය සීනිගම දෙවොල් දෙවියන් පිළිබඳ ගැඹුරු පුළුල් හා අධ්‍යයනයකට පසුබිම් කරගත හැකිය.

සීනිගම දෙවොල් දෙවියන් යනු කවරෙක්ද යන්න අළලා අධ්‍යනයකට මූලික සරසක් වනුයේ එතුමන්ගේ අපදානය සෙසු දේව අපදානවලට වඩා නන් විධ විවිධ විචිත්‍ර මානුෂික සහ අතිමානුෂික මුහුණුවර රැසකින් සමලංකෘත හෙයිනි.

දෙවොල් දේව වන්දනය සීනිගම ප්‍රධාන දේව මන්දිරයට (දියඹ හා ගොඩ දේවාල යුග්මයට) අමතරව දිවයිනේ සිව් දිග පැවැති බව ඉතිහාස පුවත් සාධක එළවයි. වේරගොඩ, උඩුගල්පිටිය, ගිංතොට, උණවටුන, ලණුමෝදර, රිදියගල,සහ හොරවල නවගමුව ඉන් කිහිපයකි. උඩරට ගම්දනව්වලට ද දෙවොල් දේව වන්දනය පැතිර පැවැත්තේය.

චිරප්‍රචලිත අපදානයක පැතිකඩ කිහිපයක් තිබිය හැකි වුවද දෙවොල් දෙවියන් හඳුන්වන පුද්ගල සඥා නාම සමුච්චයම සංඛ්‍යාත්මකව අප විස්ම ගන්වයි.

1. දෙවොල්දෙවියන්
2. දෙවොල් දේවතාවා
3.රන්වන් දෙවියෝ
4.රටවන් දෙවියෝ
5.වාසල හාමුදරුවෝ
6. වාසල දේවතාවා
7. වාසල යකුන්
8. දෙමළ දෙවොල් යකු
9.දෙවොල් කඩවර
10. දෙවොල් පත්තිනි
11. දෙවොල් දෙවි සත් කට්ටුව
12. දෙවොල් දෙවි තුන් කට්ටුව
13. දෙවොල් බණ්ඩාර
14. සතර දෙවොල් බණ්ඩාර
15. දොළහ දෙවි
16. වේරගොඩ දෙවි
17. කෙහෙල් ගමුවේ දෙවි
18. ගහේ බණ්ඩාර දෙවි
(ශාස්ත්‍රපති නෝමන් සිරිපාල සූරීන්ගේ නිබන්ධයක් ඇසුරිනි)

මෙයින් පෙනී යන්නෙ,ලක්දිව විවිධ පෙදෙස්හි දෙවොල් දේව වන්දනාව විවිධ විචිත්‍ර විවිධාංග මුහුණුවරින් දේශජ ජන සංස්කෘතියේ සමවායෙන්, සුසංයෝගයෙන් හා විසංයෝජනයෙන් ප්‍රචලිත වූ අයුරුයි.

සිංහල සාහිත්‍ය වංශයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ හියු නෙවිල් (1848-1897) මේ දැවැන්ත ඓතිහාසික අනුස්මරණීය කාර්යය ඉටු කළේ හතළිස් නව වසරක් (49) බඳු ඉතා කෙටි ජීවිත කාලයක දීය. එහි දී ඔහු අත්විඳි අනන්ත අප්‍රමාණ දුක්පීඩා පරිදේවයන් කෙබඳු වී දැයි මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ලියා ඇත්තෙ අපමණ චිත්ත සංවේගයකිනි.

“මේ අන්දමින් අප රටේ ජාතික සංස්කෘතියෙහි විවිධ අංශ අළලමින් මේ සා විශාල පර්යේෂණාත්මක කාර්යයන්හි නිරත වෙමින් කාලය ගත කළ ලොවට සිංහල ලකුණ අඳුන්වා දුන් මෙම විදේශීය ප¾ඩිවරයා, මේ සා සුළු කාලයක් තුළ මේ කටයුතු සියල්ලම කළේ මනා ශරීර සෞඛ්‍යයකින් යුක්තව යයි නොසිතුව යුතුයි.එය එම ජීවිතයෙන් ගතහැකි ලොකුම ආදර්ශයයි.

මම යාර 46ක් පමණ ඈතින් සිටි ‍පොලිස්කරුවන්ට කතා කරන්නට ගියෙමි. මේ පිරිස තැත් කළේ සුළු නිලධාරීන්ට පහර දී මගේ පාලනයට රිදවීමටයි. මේ පිරිස මට ගහනු වෙනුවට අතිරේක මහෙස්ත්‍රාත් ස්ටීවන් මහතාටත, කච්ච්ෙරියේ මුදලිටත්, ප්‍රධාන සාජන්ට්වරයාටත් ගල්වලින් ගහන්ට පටන් ගත්හ. ඒ අයට උදව් කරනු පිණිස මම ආපසු දිව ගියෙමි.

මෙම කැරලිකරුවන්ගේ හැඟීම් පාලනය කිරීම අසීරු විය. අදාන්ත කැරලිකරුවන් සමූහයක් යාර සියයකට වැඩි දුරක් මා පසුපසින් විශාල ගල්වලින් සහ ගඩොල් කැටවලින් මට පහරදෙමින් මා ලුහුබැඳ ආහ. මා ලත් තුවාල ඉතා දරුණු ඒවා විය. මා හිතුවාටත් වඩා ඒවා බරපතළ තත්ත්වයේ පවත්නා බව මට ඒත්තු ගියේය. (Ceylon Administration Reports, 1891, Colombo, Eastern province F11)

1891 මේ කැරලි තත්ත්වය නිසා බරපතළ ලෙස රෝගී වූ හියු නෙවිල් මේ සියලු පර්යේෂණ කටයුතු කළෙමි. එම රෝගී තත්ත්වය යටතේම බව අප අමතක නොකරනු වටී.

අවුරුදු දෙකකට පසුවත් ඔහු තමන් ලත් තුවාල ගැන මෙසේ ලීවේය.
“මගේ අසනීප තත්ත්වය ඉතා වැඩිය. මට වැඩි වේලාවක් එකතැන වාඩිවී සිටීමට අමාරුය. ඒ වාගේම වුවමනා ප්‍රමාණයට මට ආහාර ගන්නටත් අමාරුයි.

(1893 05 15) ඊළඟ මාසය වනවිට ඔහු තමාගේ දින‍පොත තවත් ලියා තබන්නට පුළුවන්කමක් ලැබුණේ නැත. මට ලියන්නත් අමාරුයි. මගේ පපුව රිදෙනවා. වෛද්‍යවරුන් කියන්නේ මා ලත් තුවාල හින්දා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. ඒ වාගේම මට ඉතා ප්‍රබල ලෙස ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳී තිබෙනවා. (1893 8.5)

රෝගීව මේ තරම් අසරණව සහ අමාරු තත්ත්වයකින් සිටියත් ඔහු තම ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු අත්හැරියේ නැත. ඔහු නිවාඩු ලබාගෙන 1897 ලක්දිවෙන් ගියේය. ඔහුට යාමට හැකි වූයේ ප්‍රංශයටයි. 1897 අප්‍රේල් 10වන දා ඔහු තම ‍ලේඛන සියල්ල සහ ලිඛිත ග්‍රන්ථවල අත්පිටපත් ද එහි තබා මියගියේය.

ප්‍රංශ රජය මේ සියල්ල එක්සත් රාජධානිය ලබා ගන්නා තුරු රැකගත්තේය. අවුරුදු 32ක් තරම් සුළු කාලයකි ඔහු ලක්දිව වැඩවාසය කළේ. ඔහුගේ මුළු ජීවිතයම සීමා වූයේ වසර 49කටයි. මේ කාලය තුළ සිංහල දෙමළ සහ පාලි භාෂා ඉගෙන යටපත් වී ගිය සිංහල සංස්කෘතියත්, සිංහල ගැමි සංස්කෘතියත්, උප සංස්කෘතීනුත් ලොවට පෙන්වා දීමට මෙම විදේශීය පරිපාලක විද්වතා විසින් කරන ලද මහඟු සේවය සහ ඔහුගේ ජීවිත කාර්යය ද අප රට උගත් පරපුරට මෙන්ම තරුණ පරපුරට ද හොඳ ආදර්ශයකි”

හියු නෙවිල් (1848-1897) මහාචාර්ය තිස්ස කාරියවසම්, පූජිත ජීවිත, සිව්වන වෙළුම, (සංස්) අමරසිරි ‍පොන්නම්පෙරුම සහ රංජිත් අමරකීර්ති පලිහපිටිය, 1991 පි. 61-72)
“ගද්‍ය සහ පද්‍ය ‍පොත් ඒකක වශයෙන් ගත් කල්හි ඇත්තේ 931+638⋆1569කි. 2777 වන්නේ කෙසේ දැයි ඔබට කුහුලක් ඇතිවනු ඇත.

එකම ‍පොතේ පිටපත් කිහිපයක් එක්රැස්කරගත් හෙයින් ඒ අමතර පිටපත්වලින් ඒ ඉතිරිය සම්පූර්ණ වෙයි” යනුවෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කර ඇත.

රංජිත් අමරකීර්ති
පලිහපිටිය