හෙළයන් එක් ලක්ෂ දසදහසක් ඇතුන් 2200ක් හා කාලතුවක්කු 500කින් පෘතුගීසින්ට පහර දුන් හැටි

මුල්ලේරියා සංග්‍රාමය සිදුවූයේ 1562 වසරේ අගෝස්තු මාසයේය. එම මහා සංග්‍රාමයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ හා උදාරත්වයත් අභිමානයත් පිළිබඳව නූතන පරපුරට ඇත්තේ අඩු වැටහීමකි.

පෘතුගාලය් නාවික හෙන්රි කුමාරයාගේ සමුදුරු තරණය වැඩපිළිවෙළට අනුව පෘතුගීසි නෞකාවක් ඉන්දියන් සාගරය ඔස්සේ ප්‍රථමවරට ගමන් ගත්තේ 1498 වසරේදීය. එයින් වසර 7ක් ගෙවුණු තැන 1505 නොවැම්බරයේ එක් අවාසනාවන්ත සැන්දෑවක අනපේක්ෂිත නාවික කණ්ඩායමක් ලංකාවට පා තැබූහ.

ඔවුහු පෙරදිග ලෝකය දිග් විජය කළ මුහුදු කොල්ලකරුවෝ වූහ. දින කීපයකින් මෙම මනරම් දිවයින පෘතුගාලයේ මනුවෙල් අධිරාජයාගෙ කිරීටයට යටත් කරගන්නට හැකි වෙතැයි එම පිරිසේ නායකයා වූ ලොරැන්සෝද අල්මේදා විශ්වාස කරන්නට ඇත. ඔවුන් ඉතා කෙටි කලක් තුළ ඒ වනවිටත් පෙරදිග බොහෝ රාජ්‍ය අවි බලයෙන් යටත්කොට තිබිණ.

ලිස්බන් නුවරින් ඇරැඹි පෘතුගීසීන්ගේ යුද ගමන ඉන්දියාවේ ගෝව දක්වා පැමිණ තිබිණ. දිගු ඉතිහාසයක් තිබූ පෙරදිග රාජ්‍යයන් පෘතුගීසීන් හමුවේ දණගසා තිබුණේද නිවට නියාලු විලසින්ය

ලංකාව සම්බන්ධයෙන් එය එසේ නොවීය. පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ගේ ගමන කොළොම් තොට සමීපයේදී නවතන්නට සමත් මහා රණ ශූරයෙක් විය. හේ සීතාවක රාජසිංහ නම්විය. පෘතුගීසීන්ට මල්වානෙන් ඔබ්බට යන්නට රාජසිංහ ඉඩදුන්නේ නැත.

1562 දී මුල්ලේරියා වෙලේදී පෘතුගීසීන් ලද පරාජය අනභිභවනීය වන්නේ එවැනි පරාජයක් යුරෝපයේදී පෘතුගීසීන් ලබා නොතිබූ හෙයිනි. රාජසිංහ අධිරාජ්‍යවාදීන්ට අමතක නොවන පාඩමක් එදා ඉගැන්වූයේය.

16වැනි සියවසේ මුල්ලේරියා වෙලේ සිදු කළ සටන 21 වැනි සියවසේ නන්දිකඩාල් කළපුවේ සටනට වඩා වැදගත්කමින් ඉහළය. මන්ද එදා සීතාවක හමුදාව යුද වැදුණේ අපිම නිෂ්පාදනය කළ අපේම අවිවලින් නිසාය. සටන මෙන්ම සටන් බිමේ සතුරා පරාජය කළ උපාය උපක්‍රමද දේශීය විය. පෘතුගීසීන්ගේ අනභිභවනීය යැයි සැලකූ හමුදා පරාජයට පත්වූයේ දේශීය යුද තාක්ෂණය හමුවේය.

රුඛෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයාගේ සටහනකට අනුව එදා සීතාවක යුද ශක්තිය මෙසේය.

හේවායන් – 50,000

කුලීකරුවන් – 60,000

ඇතුන් – 2,200

ලෝකඩ කාලතුවක්කු – 500

පොරො – 10,000

නාරාසන – 3,000

කැති – 20,000

කුන්තනි – 2,000

උදලු – 6,000

ලෝ කුරුවන් – 400

වඩුවන් – 1,000

කාලතුවක්කු – 400

බෝට්ටු – 400

නාවික යාත්‍රා – 65

මෙම කාලතුවක්කු සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවලම නිෂ්පාදනය කරන ලද ඒවාය. යපස් උණුකොට වානේ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබූ බවට සාධක අදත් සීතාවකින් හමුවෙයි. පන්ජාබයෙන් පැමිණි ශික් ජාතික ඉන්ජිනේරුවන් හා හමුදා නිලධාරීන් රාජසිංහ රජුට යුද අවි නිපදවීම සඳහා තාක්‍ෂණික මඟ පෙන්වීම් කළ බවට සාක්ෂි ඇත. මුල්ලේරියා සංග්‍රාමය සිදුවන විට මායාදුන්නේ රජු 1521 – 1580 සීතාවක රජුවිය. ඔහු පුත් ටිකිරි බණ්ඩාරයන් සීතාවක අග සෙනෙවි විය. යුද සංවිධානය ඔහු විසින් තරයේ සිදු කෙරිණි.

දොන් ජුවන් ධර්මපාල රජුයේ කෝට්ටේ රාජධානිය පෘතුගීසි හමුදා විසින් ආරක්ෂා කෙරිණි. 1562 අගෝස්තු තුන්වන සතියේ සීතාවක හමුදාව කෝට්ටේට පහර දුන්නේය. ඊට නායකත්වය දුන්නේ වික්‍රමසිංහ මුදලිගේ සේනාංකයයි. ඉන් කිපුණු පෘතුගීසීහු ‍දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් සීතාවක හමුදාව ලුහුබැඳ ආහ.

සීතාවක හමුදාව මුල්ලේරියා වෙලට ඔබ්ඛෙන් මාපිටිගම වාඩිලා සිටියේය. මෙතසස්ගේ හමුදාව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉදිරියට ගමන් කළේය. එහි පෘතුගීසි භටයන් 1,200ක්ද, දේශීය ලන්සක්කාර් සෙබළුන් 7,000ක්ද වූ බව කියැවේ.

වික්‍රමසිංහ මුදලිගේ කුඩා සේනාංකය වරින්වර ප්‍රහාර එල්ල කරමින් පසු බසිමින් සතුරා මුල්ලේරියා වෙල්යාය දක්වා ඉදිරියට ගත්තේය. සතුරු හමුදා මා ඒ දණ්ඩ දක්වා පැමිණි විට රාජසිංහ සීතාවක හමුදාවන් අණදීමේ වගකීම සියතට ගත්තේය.

ඉලංගම් සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද, ඇත් අස් හමුදාවලින්ද, අතුරුගිරියෙන් හා කොරතොටින් පැමිණි සේනාංකද මුල්ලේරියාව සහ කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩාපැන ප්‍රහාරය ආරම්භ කළහ.

රාජසිංහ පෙරමුණ ගත් අතර කොරතොට හා හේවාගම ආරච්චිවරු පසු පසින් පහර දෙමින් සතුරා වෙල මැද කොටු කළහ. එය කිසිසේත් ගරිල්ලා සටනක් නොවේ. එවකට ලෝකය දිග් විජයකළ අනභිභවනීය වූ යුරෝපීය හමුදාවක් සිංහල හමුදාව සමග මුහුණට මුහුණ සිදුවූ සංග්‍රාමයකි.

ඒ වනවිට පෘතුගීසි හමුදා පරාජයක් ගැන අසා කියවා හෝ තිබුණේ නැත. මහා ලේ ගංගාවක් ගලාගිය අතර පෘතුගීසීහු තම තුවක්කු බයිනෙත්තුවලින් දැඩි ප්‍රහාර එල්ල කළහ.

මෙලෙස දින කීපයක් තිස්සේ ඇවිලී ගිය යුධ ගැටුම් වලින් දෙපාර්ශවයටම බරපතල හානි සිදු වෙමින් පැවතිණි .මුල්ලේරියාවේ ගැටුම්කාරී තත්වය උග්‍ර අතට හැරෙමින් තිබියදී සීතාවක පෙදෙසට නන් දෙසින් එක් රැස් වූ රණකාමී සිංහල තරුණයන් රණබිම කරා යන්නට මායාදුන්නේ රජුගෙන් අණ ලැඛෙන තුරු බලා සිටියේය සීතාවක රාජ්‍යට අයත් අංගම්මඩු ,ඉලන්ගම්මඩු වලින් මෙම තරුණයන් ට විවිධ යුධ ශිල්ප පුහුණු කෙරිණි .

මායාදුන්නේ රජු විසින් මුල්ලේරියා වෙලේ කදවුරු බැද සිටි ටිකිරි කුමරු වෙත නව සේනාංකයක් යවන ලද්දේ මෙම රණකාමී තරුණයන් ද යොදා ගනිමිනි .සිතාවකින් ලැබුණු නව සිංහල සේනාංකයේ සම්ප්‍රාප්තියත් සමග මුල්ලේරියා වෙලේ පෘතුගීසින් හා සටන පැය 16 එක දිගට පවත්වාගෙන යමින් පෘතුගීසි බල ඇණිය සමුල ඝාතනය කරන්නට ටිකිරි කුමරුට හැකියාව ලැබිණි.

හතර අතින් පෘතුගීසි හේවා පන්නයන් වැටලු සීතාවක හමුදා මුල්ලේරියා වෙල පෘතුගීසි ලෙයින් රත් පැහැ ගැන්වූ බව සිංහල සටන් ඉතිහාසය කියයි .එදා මුළු ලොවම තම අණසකට නතුකරගන්නට ක්‍රියාකරමින් සිටි පෘතුගීසින් ප්‍රථම වතාවට දකුණු ආසියාවේදී ප්‍රබල ප්‍රහාරයකට ලක්වන්නට සිදු වුයේ නැත්නම් සමුල ඝාතනයකට ගොදුරුවන්නට සිදු වුයේ මේ පුංචි දිවයිනේ දී වීම විශේෂත්වයකි .මුල්ලේරියා සටන වැදගත් වන්නේද එම හේතුව නිසාවෙනි .

එවකට යුධ ශක්තිය අතින් ලෝකයේ ප්‍රධානතම බලවේගය බවට පත්ව සිටි පෘතුගීසින්ට සිය පරාජය වසාගන්නට කලේ මෙවන් ප්‍රකාශයකි

අප පරාජය වුයේ මහා ඇලෙක්සැන්ඩර් ,ඇනිබාල් හෝ ජුලියස් සීසර් වැනි රණ ශුරයෙකුටයි නොඑසේනම් ඊටත් වඩා බලගතු පුද්ගලයෙකුටයි

මුල්ලේරියා සංග්‍රාමය අවසානයේ දිවි ගලවාගත් පෘතුගීසීන්ට ඔයේ නවතා තිබූ පාරුවලට යා හැකි වනසේ සිංහල හමුදාව මඟ විවර කරමින් දෙපසට වී ඉඩ දුන්නේය. පසුදින ජය සමරා උත්සවයක් පැවැත් වූ අතර හේවාගම, කොරතොට, ආරච්චිවරුන්ටද සෙසු නිලයන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙම සංග්‍රාමයෙන් පසු සීතාවකට ගොඩබිමින් එන සතුරු උවදුරු වැළැක්වීමට ශක්තිමත් බල කොටුවක් කඩුවෙල ඉදිකෙළේය. හේවාගම ඉවුරේ කන් විද්දගල නමින් ගගට නෙරාගිය ගල් පර්වතයක් ඇති අතර එම ගලේ ගගට නෙරූ කොටස සිදුරු කොට එම සිදුරෙන් යකඩ දම්වැලක් යවා පහළින් ඇති ගල් කුලුනක් අතරෙන් ගංපතුලින් ගෙන ගොස් ගල් හිටියාව නම් ඉඩමේ අදත් දකින්නට ඇති ගල කුලුනකට බැඳ තිබුණේ ගගඟදිගේ ඉහළට පැමිණෙන සතුරු බෝට්ටු වැළැක්වීමටය. කන්විද්දගල තිඛෙන්නේ බියගම පාරේ රක්මාපා වත්ත තොටුපළට විරුද්ධ පැත්තේය.

සංග්‍රාමයේ කැපී පෙනුණු සේනා නායකයන් අතර වික්‍රමසිංහ මුදලි, කොරතොට ආරච්චි, අමරකෝන් මුදලි, සෙම්බ පෙරුමාල් ආදී නායකයන් 40ක් සිටි බව වාර්තා වේ. කෝට්ටේ රාජධානියට එරෙහිව පැවැති අනවරත යුද්ධ සඳහා වෙල්ලස්සෙන් බින්තැන්නෙන්, කටුවනින්, කළුතරින් සීතාවකට අයත් විවිධ ප්‍රදේශවලින් පැමිණි හමුදා සටනට දායකවී තිබේ.

පරාජය වූ පෘතුගීසි හමුදා නිලයන් අතර, නනෝ පෙරෙයිරා, ලසර්දා, අන්තෝලියො, ඩයස් ද ලොම්බා, මැනුවෙල් ලොරැන් සෝ, ගැස්පාර් ගුරේටස්, අන්ද්‍රෝද ෆොන්සේකා, මෙනසෙස් ආදීහු වූහ.

හෙළයේ ප්‍රතාපවත් ඉතිහාසය ගැන ඔබේ මිතුරන්ටත් දැන ගන්න ශෙයා කරන්න යාලුවනේ