අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස්‌ මහ සිහිනයි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස්‌ ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක්‌ දිනක්‌ නින්දේදී දුටුව සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් දුන් කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය.

කොසොල් මහ රජතුමා දුටුව සිහින 16 පළමුව මතක්‌ කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙත ය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදුවන අනතුරු පිළිබඳවය.

එනම් රාජ්‍යත්වයට, භෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක්‌ වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්‌ වූ අතර එයට විසඳුමක්‌ වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන සර්ව චතුස්‌ක නම් වූ යාගය සිදු කළ යුතු බවයි.Dreams of King Kosol කොසොල් රජතුමා දුටු සිහින 16

මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස්‌ මත එම යාගය කිරීමට පෙරාතුව මේ පිළිබඳ වැඩි විස්‌තර දැනගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීම ද සිදු කරනු ඇත. එහිදී බුදුහිමි යථාර්ථවාදී දේශනාවක්‌ කොසොල් රජතුමාට දේශනා කළහ. එනම්,

“උසහා රුක්‌ඛාගාවියො ගවාච අස්‌සො කංසා

සිගාලිවි කුම්භො පොක්‌ඛරණීච අපාක චන්දනං

ලාපූනි සීදන්ත සිලාප්ලවන්ති මණ්‌ඩුකියො කණ්‌හා සප්පො ගිලන්ති

කාකා සුවණ්‌ණා පරිවාරයන්ති තසාවකා ඵලකානං භයාතීති”

මෙහිදී කොසොල් රජතුමා සිහින 16 ක්‌ දුටුව බවත් ඒවාගෙ තේරුම පැහැදිලි කර දෙන ලෙසත් බුදු හිමිගෙන් ඉල්ලූ පුවතක්‌ වැඩිදුරටත් විස්‌තර වේ. එම ජාතක කතාවෙහි ඇතුළත් සිහින දාසය පිළිබඳ මදක්‌ විමසා බැලීම වැදගත් වනු ඇත.

එම සිහින 16 පිළිවෙලින් ගත්කළ
1. කලු ගොනුන් 4 දෙනෙක්‌ රජ මිදුලට පැන තරගෙට වගේ ඇන ගන්නා විධියට ඉඳ පිරිස එකතු වූ කළ ආපසු පැන දිවීම.
2. ගස්‌ ලොකු වෙන්නට පෙර ගෙඩි හට ගැනීම.
3. වැදූ විගසම එම වසු පැටියන්ගෙන් එළදෙනුන් කිරි බීම.
4. පුරුදු ගොන් බාන පුරුදු කරත්තය නොඇද නුපුරුදු කරත්තය ඇදගෙන යැම.
5. දෙපැත්තෙන්ම කටවල් දෙකක්‌ තිබූ සතෙක්‌ දෙපැත්තෙන්ම භක්‍ෂණය කිරීම.
6. කහවනු ලක්‍ෂයක්‌ වටිනා රන් තැටියකට හූනෙකු මුත්‍රා කිරීම.
7. මිනිසකු ලණුවක්‌ අඹරන අතර, සිවල් දෙනක්‌ එහි කෙළවර කෑම.
8. හිස්‌ කළගෙඩි තිබියදී එහි නොබලා පිරුණු කළවලටම තව තවත් ජලය පිරවීම.
9. පොකුණක සිවුපාවුන් බැස දිය බීවත් දිය බොර නොවී දියට බැස කළඹන තැනම පිරිසිදු වීම.
10. එක හැලියේ බත් තුන් විදියකට ඉදීම.
11. සඳුන් අරටුවක්‌ ගින්නෙන් දැවී අළු වීම.
12. වියලුන ලබු ගෙඩියක්‌ වතුරට දැමූ කල දිය යට යැම.
13. පර්වතයක්‌ දිය මතුපිට පා වී තිබීම.
14. රන් හංසයන්ට කපුටන් රජෙක්‌ වීම.
15. කුඩා මැඩියො සර්පයන්ට එළවීමත් සර්පයො මැඩියන්ට බියේ දිව යැමත්.
16. දිවියෙක්‌ පසු පස හරකෙක්‌ එළවා ගොස්‌ ඌව මරාගෙන කෑම ආදී වශයෙනි.

1වැනි සිහිනය:-

1
කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.

බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.

2වැනි සිහිනය:-

2 1
කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?

2 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.

3වැනි සිහිනය:-

3 1
කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.

3 2
බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.

4වැනි සිහිනය:-

4 2
කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.

4 1

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.

5වැනි සිහිනය:-

5 1

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.

5 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත – චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

6වැනි සිහිනය:-

6 1

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු හයවන සිහිනය නම් මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.

6 2

බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.

7වැනි සිහිනය:-

7 1

කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.

7 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.

8වැනි සිහිනය:-

8 1

කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.

8 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.

9වැනි සිහිනය:-

9 1

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු නව වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.

9 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.

10වැනි සිහිනය:-

10 1

කොසොල් රජතුමා: ස්වාමීනි, දසවන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් තුනකට කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.

10 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.

11වැනි සිහිනය:-

11 1

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.

11 2

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

12වැනි සිහිනය:-

12 2

කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.

12 1

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.

13වැනි සිහිනය:-

13 1

කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.

13 2

බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.

14වැනි සිහිනය:-

14 1

කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.

14 2

බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.

15වැනි සිහිනය:-

15 a

කොසොල් රජතුමා: ස්වාමීනි, පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.

15 b

බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

16වැනි සිහිනය:-

15 1

කොසොල් රජතුමා: ස්වාමීනි, දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි, මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?

15 2

බුදුරජාණන්වහන්සේ:  මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.

මෙම සිහින 16 තුළ අන්තර්ගත වන්නේ ගැඹුරු අර්ථයන් ය. රටක සමාජයක පිරිහීම මින් ප්‍රධාන වශයෙන් අන්තර්ගතය. මිනිස්‌ ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් පිරිහීගෙන යන කාලය වර්තමානය තුළ සිදුÊවෙමින් පවතී. එදා කොසොල් රජතුමා දුටු සිහින එදාට බලපාන ඒවා නොව අදට බලපාන ඒවා බව බුදුහිමි බුදු ඇසින් එදා අනාගතය බලා වදාළහ.

මෙම සිහින 16 ම සම්පිණ්‌ඩනය කොට බැලීමෙන් ප්‍රධාන කරුණු කීපයක්‌ ඔස්‌සේ එය විකාශනය වී ඇති බව පැහැදිලි වේ. අද කාලීන වශයෙන් සිදුවන සියලු ප්‍රශ්න ගැටලු මෙම සිහින 16 තුළ අන්තර්ගතය. ඒවා සිදුවන අයුරු දැසින් බලාගෙන ඉන්න කෙනෙකු සේ බුදු හිමි බුද්ධ C¹ණයෙන් අද සිදුවන සියලු දේවල් එදා මනාව දේශනා කළහ.

ò යුක්‌තිය දහම නොපිටට පෙරළීම.

ò ආයුෂ අඩුවීම.

ò කටේ වරද නිසා නැති ප්‍රශ්න ඇතිවීම.

ò මව්පියන්ට වැඩිහිටියන්ට නොසැළකීම.

ò දුවා දරුවන් හිතුමතේට ක්‍රියා කිරීම හා ගරු දෙගුරුන්ට ද අවනත නොවීම.

ò සුදුසු අයට සුදුසු තැන අහිමි වී නුසුදුසු අයට එම ස්‌ථාන ලැබීම. ò බොරුව, වංචාව, තුළින් තවකෙකු අසරණ වීම සඳහා ක්‍රියා කිරීම. ò පිරිමින්ට ආවේණික ක්‍රියා ගැහැනුන් ද කිරීම හා කිරීමට උත්සාහ කිරීම. ò දෙපැත්තෙන්ම පගා ගැනීම හා වාසි අතට නඩුහබ සිදුවීම. ò සිල්වතුන්ට, ගුණවතුන්ට පූජා සත්කාර නොකිරීමත් වද හිංසා දීමත් දුස්‌සීලයන්ට තැන දීමත් ආදිය සිදුවීම. ò නිවෙස්‌ තුළ ස්‌වාමි භක්‌තිය නොකොට පරදාර සේවනය සිදුවීම. ò අයබදු ගැනීම ආදිය වැඩි වී ජනතාව කෑකෝගැසීම. ò අපරාධ, දූෂණ වැඩිවීම හේතුවෙන් දෙවියන් කෝප වී අව්ව, වැස්‌ස නිසි කලට නොදී අනිසි කලට ඒවා ලැබී ජනතාවට වද පැමිණීම. ò දුසිරිත්කම් ඇති ගිහි පැවිදි අය බිහිවී බුදු සසුන කෙළෙසීම. ò මිල මුදල්වලට යට වී කළගුණ සැලකීම හා ගුණ ධර්ම නොදත් පිරිසක්‌ සේ කටයුතු කිරීම. ò ජාතිය ක්‍රම ක්‍රමයෙන් වැනසීමත්, ඇත්ත බොරුව වී බොරුව ඇත්ත වීම මිසදිටුවන් ජය පැන් බීම. ò ආගම ධර්මයට තැන නොදීම හා පහත් මිනිසුන් වැදගත් අයට ගැරහීම. ò අඩු වයසින් විවාහ වීමත් ගැහැනුන්ට මිනිසුන් යටත් වීමත්, රාගයෙන් ජීවිත පවා විනාශ කිරීම. ò ගිහියන් විසින් කළ යුතු දේවල් පැවිද්දන් කිරීමත්, පැවිද්දන් විසින් කළ යුතු දේවල් ගිහියන් කිරීමත් ආදී වශයෙනි.

මේ ආදී වශයෙන් මුළුÊසමාජ සංස්‌ථාවම පිරිහීමට බලපාන සියලු ප්‍රශ්න, ගැටලු එම සිහින තුළ අන්තර්ගතය. එය අද සිදුවන අයුරු ඇස්‌ කන් තිබෙන කාට වුවද අවබෝධ කර ගත හැකිය. එදා බුදුරජාණන්වහන්සේ පහදා දුන් මෙම සිහින 16 අද සිදුවන අයුරු අමුතුවෙන් කිව යුතු නැත. රටත්, සමාජයත්, ජනතාවත් පිරිහීගෙන යන ප්‍රවණතාවය අද ශීඝ්‍රයෙන් උත්සන්න වී ඇත. ජාති, ආගම්, කුල, මල සේම දේශපාලනික වශයෙන් ද මිනිසුන් විරසක වී බේද භින්නතා ගොඩ නගාගෙන තිරිසන් සත්ත්වයන්ටත් අන්ත විධියට පිරිහී ඇත.

මෙම කරුණු දැක බලා කෙනෙකුට හෝ පිරිසකට ආවේගයක්‌ ඇති නොවිය යුතුය. එයට හේතුව මෙම කරුණු තුන් කාලයම කැඩපතකින් මුහුණ බලන්නා සේ දැකිය හැකි උත්තමයෙක්‌ දේශනා කර තිබීම හේතුවෙනි. එසේ නම් අප කළ යුත්තේ තනි තනිවම මෙම කරුණු අධ්‍යයනය කොට තම තමන්ම සුචරිතවත් වීමය. එකිනෙකා තනි තනිව හැදෙන කළ සියල්ලෝ ම හැදුනා වන්නේය. බුදු දහමේ අන්තර්ගත කරුණු ජාති, ආගම්, කුල, පක්‍ෂ භේදයකින් තොරව කාටත් පොදු වූවකි. කාල, දේශවලට සීමානොවී සෑම කාලයකටම සදාතනික අයුරින් බලපාන එම උතුම් පරම සත්‍ය තව තවත් ගවේෂණය කොට අප සැම දෙනෙක්‌ම හොඳ මිනිසුන් වීමට උත්සාහවත් විය යුතුය. රටක සමාජයක ජීවත් වීමේදී අප කවුරුත් වගකීම්වලින් පිරිපුන්ව සිටින්නෙමු. එබැවින් අප සියලු දෙනාම වගකීමෙන් කටයුතු කිරීමට සිතට ගත යුතුය.