කෘතිම බුද්ධිය භාවිතා කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර

ෆේස්බුක් සමාජ ජාලය අද වන විට අපේ ජීවිතයේ එක් අංගයක් බවට පත්වී හමාරයි. ඒ වගේමයි දැන් ෆේස්බුක් එකේ නැති කෙනෙක් නැති තරම්. මේක අපේ ජීවීතයට කොයිතරම් බලපෑම් කරාද කිව්වොත්. දැන් කෙනෙක් මැරෙන්න කලින් ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාන එකත් සාමාන්‍ය දෙයක් වෙලා.

පසුගිය දිනවලදී ඔබට මතක ඇති ඒ වගේ ගොඩක් සිදුවීම් වුණා. ඒවාට හොදට ගොසිප් සයිට්වල පළ කෙරුනා ” මැරෙන්න කලින් ෆේස්බුක් එකට කිව්ව දේ මෙන්න” කියලා වගේ

Image result for facebook suicide recognize
ඔබ වෙත අවදානාත්මකව දැනුම් දෙන පණිවිඩ අ‌ාකාරය

කෘතිම බුද්ධිය භාවිතා කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර ගන්නා බව ෆේස්බුක් ආයතනය නිවේදනය කළේය.

Pattern Recognition තාක්ෂණය යොදාගනිමින්වෙබ් අඩවිය තුල පළකරනු ලබන ඡායාරූප, අදහස් සහ සජීවි වීඩියෝ දර්ශන මඟින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අධ්‍යයනය කර සියදිවි හානි කරගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට හැකි මෘදුකාංගයක් තම ආයතනය සතුව පවතින බවත් මෘදුකාංගය හරහා අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර අනතුරු ඇඟවීමේ ස්වභාවය මත පුහුණුවලත් උපදේශකයින්ට ක්‍රියාත්මක වී අදාල ආයතනයන්ට හැකි ඉක්මණින් දැණුම් දිය හැකි බව ෆේස්බුක් සමාගම පවසනවා.

දත්ත ප්‍රවාහයක් (Data Stream) තුල ඇති රටාවන් හඳුනාගැනීම සඳහා Pattern Recognition තාක්ෂණය යොදාගනියි.මේ සඳහා විශේෂිත වු Pattern Recognition Algorithms  භාවිතා කරනු ලබන අතර වෛද්‍ය පරියේෂණ කටයුතු, ආරක්ෂක කටයුතු,Bigdata සහ Cloud Computing වල වැදගත් අංගයක් ලෙස Pattern Recognition Algorithms හැදින්විය හැක.

Image result for facebook suicide recognize
ඔබ වෙත අවදානාත්මකව දැනුම් දෙන පණිවිඩ අ‌ාකාරය

ඒ නිසා විරහා පෝසට් බූට් පෝස්ට්, ලයිව් වීඩියෝ ද‌ාන්න කළින් මීට පස්සේ නම් දෙපාරක් හිතුවොත් හොදවෙයි

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)