මහාචාර්ය පී.ඒ. ද සිල්වා – මෙරට වඩා ජනපි‍්‍රය වී ඇත්තේ පැඞ් සිල්වා ලෙසිනි.

දකුණේ හැදී වැඞී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ පී. ඒ. ද සිල්වා යාන්ත‍්‍රික ඉංජිනේරු උපාධිය ලබනුයේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. 1958 වසරේ කනිෂ්ඨ යාන්ත‍්‍රික ඉංජිනේරුවකු ලෙස ලංගමයට සම්බන්ධ වන පී. ඒ. ද සිල්වා මහතා රත්නපුරේ සහ කුරුණෑගල  ඩිපෝවල සේවය කර අනතුරුව වේරහැර වාහන අලූත්වැඩියා  කිරීමේ අංශයේද කටයුතු කළේය.

ඉන්පසු කටුබැද්ද කාර්මික විද්‍යාලයට සහකාර කථිකාචාර්යවරයකු ලෙස එක්වූ පී. ඒ. ද සිල්වා මහතා ක‍්‍රමයෙන් උසස්වීම් ලබා 1966 මහාචාර්ය පදවිය ලැබීය. ඒ අතරතුර කාලයේ ඵිජ උපාධිය හා ආචාර්ය උපාධිය ලබන ඒ මහතා වානේ සංස්ථාවේ, ප‍්‍රමිති කාර්ංයාශයේ සහ ලෝහ භාණ්ඩ සංස්ථාවේත් ජර්මන් කාර්මික විද්‍යාලයෙත්  සභාපති තනතුරු දැරූ අතර ඔහු වටිනා, දක්ෂ යාන්ත‍්‍රික ඉංජිනේරුවෙකි. සිංහල සහ ඉංග‍්‍රීසි බසින් පොත් කීපයක් රචනා කර ඇති පී.ඒ. ද සිල්වා මහතා දක්ෂ ලේඛකයෙකුද වේ. විවාදාපන්න චරිතයක් වන මහාචාර්ය සිල්වා මෙරට වඩා ජනපි‍්‍රය වී ඇත්තේ පැඞ් සිල්වා ලෙසිනි.

*  උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණු නම ?
පින්න¥වගේ ආරියසේන ද සිල්වා

*  අද ඔබව කවුරුත් දන්නෙ හඳුණන්නේ ?
පී.ඒ. ද  සිල්වා

*  උපන්න ගම්පළාත ?
උපන්නෙ කොළඹ. ඒත් හැදුණ වැඩුණු ගම් වුණේ හික්කඩුවෙ තිරාණගම සහ නාරිගම.

*  උපන් දිනය ?
1935 පෙබරවාරි 24
*  පවුලෙ කීවැනියා විදිහටද උපන්නේ ?
වැඩිමලා. මට බාල නිවුන් සහෝදරයන් දෙන්නෙක් සහ එක නංගියෙක් ඉන්නවා

*  අම්මා තාත්තා.කවුද කියමුද ?
අම්මා රෙජිනා අමරසේකර. තාත්තා පී.සී. ද සිල්වා. ඒත් ඉස්කෝලේ යන කාලේ පාව්ච්චි කරලා තියෙන්නේ  චන්ද්‍රදාස පින්න¥ව කියලා.

*  ඒ කාලේ ඔවුන්ගේ වෘත්තිය වුණේ ?
තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් ලෙස බැඳිලා විශ‍්‍රාම ගත්තේ ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරුවරයගෙ පුද්ගලික සහකාර විදිහට. අම්මා රැුකියාවක් කළේ නෑ.

*  කොහොමද ළමා කාලේ ?
අම්මට මට ගාවට හම්බවුණේ නිවුන් මල්ලිලා දෙන්නෙක් හින්දා මම වැඩිපුර හිටියේ ආච්චි එක්ක. අපේ ආච්චි ඉස්කෝලෙ ගිහින් නැති වුණාට බුද්ධගජ්ජය සකස්කඩය වගේ ඒවා කටපාඩම්. ඒවා මටත් කියලා දුන්නා. අදටත් මට බුද්ධගජ්ජය සකස්කඩය මතකයි.Untitled-16

* ඔබ ඉස්කෝලෙ යන්නේ ?
පටුවත සීලක්ඛන්ද පාසල, හික්කඩුව රජයේ ඉංග‍්‍රීසි පාසල, පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලය , කොළඹ ආනන්ද විද්‍යාලය.

*  කොහොමද ඉස්කෝලෙ කාලෙ ?
පුංචිම කාලෙ තමයි සීලක්ඛන්ද විද්‍යාලෙට ගියේ . ඊට පස්සෙ පානදුර සුමංගලයට ගියේත් පළමු පන්තියට. ඒ ඉස්කෝලේ තුනේ පන්තිය කියන්නේ  වෙනත් පාසලක තුනේ පන්තියේ තැන. ඒ ඉස්කෝලේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. සිංහල කතා කිරීම තහනම්. සිංහල කතා කළානම් සත පහක් දඩ ගැහුවා.

* එතකොට ඔබට ඉංග‍්‍රීසි දැනුම ?
මට ප‍්‍රශ්නයක් වුණේ නෑ. මට හොඳට ඉංග‍්‍රීසි පුළුවන් වුණා. ගෙදරදි අපේ තාත්තා එක්ක කතාකරන්න වුණේ ඉංග‍්‍රීසියෙන්. තාත්තා එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කළේ නැත්තම් ඉල්ලන කිසිදෙයක් ලැබුණෙ නෑ.

*  කොහොමද ඉගෙනීමේ තත්ත්වෙ ?
මම පන්තියේ තුන්වැනියාගෙන් පහළට ගියෙ නෑ. ඒත් කවදාවත් පළවැනියා වෙන්නත් බැරිවුණා.  මට ඉතින් විභාගවලින් හොඳ ලකුණු ලැබෙනවා. සිංහලවලට ඇර අනිත් විෂය වලට ලකුණු 80 ට වැඩියෙන් තිබුණා. මට සිංහල අමාරුයි. සිංහලෙන් මොකුත් ඉගෙනගත්තෙත් නෑ. මම සිංහල කතා කළෙත්  අම්මයි ආච්චියි එක්ක විතරයි.

*  මේ කාලේ ඔබේ ඉගෙනීමේ අරමුණක් තිබුණා ?
මට පොඩිකාලේ ඉඳලම ඉංජිනේරුවෙක් වෙන්න ආසාව තිබ්බේ. ඒ ආසාව ඇතිවෙන්නේ පුංචි කාලේ ඉඳලම රත්මලානේ දුම්රිය යාන්ත‍්‍රික වැඩපළට යන්න එන්න ගත්ත කාලෙ ඉඳලයි. ඒ කාලේ තාත්තා හිටියෙ රත්මලානේ ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු රම්පාල මහත්තයාගෙ පුද්ගලික සහකාර විදිහට.

*  ඉතින් එහෙම වුණාම ?
තාත්තා මාව නිවාඩු කාලේ රත්මලානේ වැඩපළට එක්ක ගියාම රම්පාල මහත්තයා මාව වර්ක්ෂොප් එක පුරාම එක්ක යනවා. ඒකෙ විශාල මැෂින් වැඩකරනවා දැක්කම මට හරි ආස හිතුණා ඒ විෂයට. ඒ නිසාම හික්කඩුවෙ ඉස්කෝලේ යනකාලෙ ඉඳලම මම පොඩි පොඩි ගැජට් හැදුවා. මේ නිසාම මට ගැජටියර් කියලයි ඉස්කෝලෙ කිව්වේ.

*  මොනවද ඉතින් ඔබ  හදාපු ගැජට් ?
හික්කඩුවෙ ඉස්කෝලෙදි ස්ලයිඞ් ප්‍රොජෙක්ටර් එකකුත් ටේ‍්‍රන් සෙට් එකකුත් ක‍්‍රිස්ටල් සෙට් එකකුත් හැදුවා. ඒ කාලේ අපේ පැත්තට කරන්ට් එක නෑ. මේ සියලූ දේවල් හැදුවෙ බැටි‍්‍රවලින්. මම ක‍්‍රිස්ටල් සෙට් එක හදපු වෙලේ ඒක ඇහෙයි කියලා සයන්ස් ටීචර් විශ්වාස කළෙත් නෑ.

*  ඇයි ඒ ?
ඒක ටෙස්ට් කරලා බැලූවෙ උස පොල්ගස් දෙකකට ඒරියල් දාලා කම්බි දාලයි. ඇත්තටම ඒ වෙලේ රේඩියෝ සිලෝන් එක ඇහුණා. හැබැයි ඉතින් ඔය දේවල් කරද්දි කවුරුත් හිතුවෙ නෑ මං හොඳට ඉගෙන ගනියි කියලා. ඒ මං ගෙදර ඇවිත් පාඩම් කළේ නැති නිසා. මම ගෙදර පාඩම් කළේ නැතිවුණාට ඉස්කෝලේ උගන්නන ඒවා හොඳට මතක තිබුණා.

*  ඔය විදිහට කාලෙ ගෙවෙද්දී ?
මම පානදුර සුමංගල විද්‍යාලයට යන්නෙ ඨක්‍ෑ පන්තියේ මැද හරියෙදී. ඒත් ඒ අවුරුද්දෙම ඨක්‍ෑ විභාගෙ රජයෙන් නැතිකරනවා. ඒ වෙනුවට ීීක්‍ විභාගෙ එනවා. ඔය කාලෙත් මම කැමරා, සිනමා ප්‍රොජෙක්ටර්, එන්ලාජර් වගේ ඒවා හැදුවා.

*  පාසලේදීද මේවා හදන්නේ ?
මගේ හොඳ යාළුවෙක් හිටියා කීර්ති පෙරේරා කියලා. එයාගෙ තාත්තට රෙදි මෝලක් තිබුණා. ඒ නිසා එහෙ පොඩි වැඩපළක් වගේ තිබුණා. එහාට ගිහින් තමයි මේවා හැදුවේ. ඔය අතරේ 1951 මම ීීක්‍ විභාගෙ ඉහළින්ම විභාගෙ පාස්වුණා.

*  ඉහළින්ම පාස්වුණා කිව්වේ ?
භෞතික විද්‍යාවටයි, ගණිතයටයි විශිෂ්ට සාමාර්ථ එක්ක. අපිට ගණිතය ඉගැන්නුවේ උප විදුහල්පති සෙනෙට් මන්ත‍්‍රීවරයෙකු වූ ඞී. ඩබ්ලියු. ජේ. පෙරේරා මහත්තයා. ගණිතයට විශිෂ්ට සම්මාන හැම කෙනෙක්ම වගේ ගන්නවා. ඒත් භෞතික විද්‍යාවට ඒ ඉස්කෝලේ විශිෂ්ට සම්මානයක් මං ලැබුවේ අවුරුදු හයකට පස්සෙ කියලයි කිව්වේ.

*  ඉතින් ඊට පස්සෙ ?  
එච්.එස්.සී. මට කරන්න  ඕනවුණේ ගණිත අංශයෙන්. ඉංජිනේරුවෙක් වෙන ආසාව තිබුණනේ. ඒත් අපේ ඉස්කෝලෙ උසස් පෙළට තිබුණේ විද්‍යා සහ කලා විතරයි. මේ නිසා ප‍්‍රතිඵල එන්නත් කලින් කොළඹ ආනන්ද විද්‍යාලේ ඇතුළත් වීමේ විභාගෙට  ලිව්වා. ඒත් එක්කම මරදානේ කාර්මික විද්‍යාලෙ ඇතුළත්වීමෙ විභාගෙටත් ලිව්වා.
මම අසාවෙන් මේ දේවල් කරද්දි පොඩි අර්බුදකාරී තත්ත්වයක් වෙනවා.

*  ඒ මොකද්ද ?
අපේ තාත්තා වගේම විද්‍යාව පන්තිය භාර ආචාර්යවරයා වුණ ඩබ්ලියු. ඩබ්ලියු. කරුණානන්ද මහත්තයත් අකැමැතිවුණා මං මේ දෙක තුනම ඉගෙන ගන්නවට. අන්තිමට මගේ පිහිටට ඉදිරිපත් වුණේ සුමංගල විද්‍යාලෙ උප විදුහල්පති ගණිතය උගන්නපු පෙරේරා ගුරු මහත්තයා.

*  ඔහු කොහොමද ප‍්‍රශ්නෙ විසඳුවේ ?
කරුණානන්ද ගුරුතුමාට කතා කරලා කිව්වලූ මේ ළමයා දෙකම හොඳට කරයි බයවෙන්න එපා කියලා. මම හොඳට මහන්සි වෙලා ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශයයි, කාර්මික විද්‍යාලෙ විභාගෙයි එකපාරින්ම 1953 දී පාස්වුණා. ඔබ්සවර් පත්තරේ ආනන්ද විද්‍යාලෙ ඉහළින්ම තිබ්බෙ මගේ ප‍්‍රතිඵල.Untitled-14

*  ඊටපස්සෙ ?
කොළඹ විශ්වවිද්‍යාලෙන් ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණා. මාත් එක්ක අපේ ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලෙට හතරදෙනෙක් තේරුණා. 1954 ජූනි මාසෙදී අපි විශ්වවිද්‍යාලෙට ආවා. මම විශ්වවිද්‍යාලෙට ආවෙ ගෙදර ඉඳලා. ඒ ආවාම ආයේමත් මං ”ගැජට්” සෙල්ලම පටන් ගත්තා. ඒ අපේ ගුරුවරයෙක් වූ ජේ.සී.වී. චින්නප්පා එක්ක.

*  ගැජට් සෙල්ලම පටන් ගත්තා කිව්වේ ?
චින්නප්පා මහත්තයා සූර්ය තාපයෙන් ක‍්‍රියා කරන ශීතකරණයක්  හදන එකට මම උදව් කළා. විශ්වවිද්‍යාලේ වැඩපොළක් තිබුණා. මම තමයි චින්නප්පා සර්ගේ අන්තේවාසිකයා. යකඩ කපන, ඇණ මුරුච්චි හයිකරන සියලූ වැඩ කළේ මමයි. කවුරුත්  වැඩිය ප‍්‍රැක්ටිකල් එන්නෙ නැති වෙද්දී මම විතරමයි චින්නප්පා මහතාට උදව් කළේ.

*  ඔතන ඔය වැඩ කරද්දී ඔබේ අනෙක් වැඩවලට වෙලාවක් ?
ඒ වෙනකොට මරදානෙ කාර්මික විද්‍යාලෙ යාන්ත‍්‍රික ඉංජිනේරු විභාගේ 1,2 කොටස් පාස් වෙලා හිටියේ. 3 වැනි කොටස සම්පූර්ණ කරන්න බැරිවුණා. උපාධිය තියෙද්දී ඒක වැඩකුත් නෑනේ. අනික මට වෙලාවකුත් තිබ්බෙ නෑ.

*  වෙලාවක් තිබ්බෙ නෑ  කියලා කිව්වේ ?
පොත පතේ දැනුමට අමතරව ප‍්‍රායෝගික පන්ති දිගටම තිබ්බා. මුළු හවස් වරුවම ගෙවුණේ ඒවා එක්ක. ඒ වගේම මේ කාලේ ඉදිවෙමින් පැවති කැලණි පාලම, වරාය ගොඩනැගිලි, වැඩ අවසන් කර තිබු ලක්ෂපාන බලාගාරය වැනිදෑත් බලන්න එක්ක ගියා.

*  ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දී ?
අපේ අවසාන විභාගෙට ලියන අවුරුද්දේ තමයි  ලංගම පටන් ගත්තේ. අවසාන විභාගෙට කිට්ටුව ලංගම ප‍්‍රධාන ඉංජිනේරු ඒ. ආර්. පී. විජේසේකර මහත්තයා අපේ මහාචාර්යතුමා හමුවී කිව්වා අපි මිකැනිකල් අය ඔක්කෝම සීටීබී එකට ගන්නවා කියලා. ප‍්‍රතිඵල එනකල් ඉන්න  ඕනෑත් නෑ කිව්වා.

*  ඉතින් ඊට පස්සෙ ?
අපිත් කැමැති වුණා එක්කෙනෙක් ඇර. ඒ රැුකියාවට අනුව කොළඹින් පිට යන්න  ඕන. ඒත් ඔහුට කොළඹින් පිට යන්න බැරි හේතුවක් තිබුණා. අපි අවසාන විභාගෙට ලියපු ගමන් ලංගමට බැඳුණා. ඒ 58 අවුරුද්දෙමයි. තනතුර ඩිපෝ ඉංජිනේරු. නමුත් ඒ වෙනකොට උපාධි ප‍්‍රතිඵල ඇවිත් නැති හින්දා ලැබුණේ කනිෂ්ඨ ඉංජිනේරු තනතුර.

*  ඔබට පත්වීම ලැබුණෙ ?
රත්නපුරේට. ඇත්තටම මම යනකොටම එතන ප‍්‍රශ්නයක් තිබුණා රත්නපුර ඩිපෝවට අරන් තිබුණු හේන්පිටගෙදර ඥාණසීහ හාමුදුරුවන්ගේ ඉඩම සම්බන්ධයෙන්. මම ගිය ගමන් ඒ ඉඩම නිදහස් කරලා දීලා දඹවින්න වලව්වෙ ඉඩමකට ඩිපෝව අරන් ගියා.Untitled-13

*  ඔබට ලැබුණු පළවෙනි වැටුප මතකද ?
රුපියල් 400 යි. යාන්ත‍්‍රික ඉංජිනේරු උපාධියේ ප‍්‍රතිඵල ආවට පස්සෙ ඒ වැටුප රුපියල් 625 ක් වුණා.

* රැුකියාව කරගෙන ඉන්නකොට ?
රත්නපුරේට ගිහින් ප‍්‍රශ්න විසඳලා මාස හයයි, හතයි හිටියේ. කුරුණෑගලත් ගැටලූකාරී තත්ත්වයක් කියලා මාව එහාට මාරුකළා. ඉතින් මං කුරුණෑගලට ගිහින් ඒ ප‍්‍රශ්නෙත් විසඳුවා. මේ කාලේ වෙනකොට මම විවාහත් වෙලා හිටියේ.

*  ඒ කියන්නෙ විවාහ වෙන්නෙ ?
1958 ජුනි මාසේ. ඇය ලක්ෂ්මී ද සිල්වා. මගේ නෑදෑ පවුලක ගෑනු ළමයෙක්. මීට අවුරුදු දෙකකට කලින් ඇය අප හැර ගියත් ඈ මගේ බිරිඳ වීම අදටත් හරිම සුන්දර මතකයක්.

*  ඒ කිව්වේ ?
අපේ ගෙවල් එක ළඟ. කවදාත් අපි අතරෙ පේ‍්‍රම සම්බන්ධයක් තිබ්බෙ නෑ. අපි හොඳ යාළුවෝ. අපි ගෙවල්වල ආවා ගියා, එකට මල් වැව්වා, වන්දනා ගමන් ගියා. සෙල්ලම් කළා. මගේ වැඩවලදී එයත් එයාගේ වැඩවලදී මාත් හැමවිටම උදව් කළා. ඔය අතරෙ උසස් පෙළ ප‍්‍රතිඵලවලට මට ලන්ඩන්වලට අවුරුදු දෙකකට ශිෂ්‍යත්වයක් ලැබී තිබුණා.

*  නවකතාවක් වගේ ආදර කතාවක් ?
මම ඒ ගමන ගැන එයාට කියන්න ගියා. එයා ඒක අහලා කිව්වා සුද්දියෙක් නම් ගේන්න එපා කියලා. මට ඒ වෙලාවෙ කියවුණා මට සුද්දියෙක් මෙහේ ඉන්නවනේ කියලා. හම්බවුණ ශිෂ්‍යත්වෙ ප‍්‍රශ්නයක් නිසා මට යන්න වුණේ නෑ. ඒත් අපි දෙන්නා ඊට පස්සෙ හොඳට යාළු වුණා.

*  ශිෂ්‍යත්වෙ ප‍්‍රශ්නයක් කිව්වේ ?
මට වයස අඩු ප‍්‍රශ්නයක් කියලා තමයි කිව්වේ. ඒ කාලේ ප‍්‍රින්සිපල් මට අගමැති ඩඞ්ලි සේනානායක මහත්තයා හම්බවෙන්නත් ලියුමක් දුන්නා. මං ගියා. ඒ කාලේ අගමැතිතුමා හම්බවෙන්න එක පොලිස් නිලධාරියයි අවසර ගන්නත් එතන මුරටත් හිටියේ. අගමැති කිව්වා මට විශ්වවිද්‍යාලෙට තේරිලා ඉන්න එකට යන්න. පස්සේ ශිෂ්‍යත්වයක් දෙන්නම් කියලා.

*  ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දී ?
කුරුණෑගල ප‍්‍රශ්නත් විසඳලා මාස හයක් විතර ඉන්නකොට වේරහැර මධ්‍යම කාර්මික වැඩපළට මාරුවක් ලැබුණා. වාහන අලූත්වැඩියා කිරීමේ අංශය බාර යාන්ත‍්‍රික ඉංජිනේරුවරයා හැටියට. මම එහෙ වැඩ ගොඩක් කළා. ඔය අතරේ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියපු වෙලේ අපේ ඩිපෝවේ විශාල කලබැගෑනියක් ඇතිවුණා.
*  ඉතින් ඊට පස්සෙ ?
මම ඒ වෙලාවෙ බස් එකක් උඩ නැගලා කට්ටියට කතා කරලා තත්ත්වය සමථයකට පත් කළා. කාලේත් ගෙවෙද්දී ලංගම ඇදේට යන්න ගත්තා.  ඔය කාලේ කටුබැද්ද කාර්මික විද්‍යාලේ සහකාර කථිකාචාර්ය ගැසට් කරලා තිබිලා මම ඉල්ලූවා.

*  ඒකට මොකද වුණේ ?
මාව තේරුණා. 1960 මැයි 02 වැනිදා මම කටුබැද්ද කාර්මික විද්‍යාලේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක් වුණා. 1966 දී මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ලන්ඩන් විශ්වවිද්‍යාලයට. ඵීක්‍ සහ ආචාර්ය උපාධිය හදාරන්න. නෝනගේ ඥාතියෙක් එහෙ හිටපු හින්දා මුළු පවුලම එහෙ ගියා. අවුරුදු 3 මාස 09 ක් එහෙ ඉඳලා ලන්ඩන් කිංස්ග් කොලේජ් එකෙන් මම ඵීක්‍ උපාධියත් ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළා. ඒ වගේම ලන්ඩනයේ ශීතකරණ හා වායුසමීකරණ ආයතනයේ සාමාජිකත්වයත් ලබා ගත්තා.

Untitled-12

* කොහොමද  ඉතින් එහෙ හිටපු කාලේ ?
මගේ නෝනා එංගලන්තෙ රැුකියාවක් කළා. නෝනා එංගලන්තේ රස්සාවක් කරලා ලැබුණු සල්ලිවලින් කාරෙකක් ගත්තා. 1970 මැයි මාසේ අපි ලංකාවට එනකොට ඒ කාරෙක මම එංගලන්තෙ ඉඳලා කරච්චිවලට එනකල් පදවගෙන ආවා. කරච්චිවලින් කාරෙක නැවට දාලා ආයෙත් කොළඹට ආවම කොළඹ ඉඳලා පානදුරේ ගෙදරටම  පදවගෙන ආවා.

*  ලංකාවට ඇවිල්ලා ?
ආයෙත් කටුබැද්ද කාර්මික විද්‍යාලයට ආවෙ. ඒ ආවම  මම කථිකාචාර්ය තනතුර ලැබුවා. 1972 දි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට උසස් වුණා. 1976 දී මහාචාර්ය  පදවිය ලැබුවා. ඊට පස්සෙ 1977 දී මම වානේ සංස්ථාවේ සභාපති වෙනවා.

*  ඔබට සභාපති තනතුරක්?
ඒක ටිකක් පුදුම වැඩක්. දවසක් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මට හම්බවෙන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. එතකොට මම මගේ සප්ත වාර්ෂික නිවාඩුවට රට යන්න සියල්ල සූදානම් කරලා තිබුණේ. ඒ ගියාම මට කිව්වා වානේ සංස්ථාවේ සභාපතිකම බාර ගන්න කියලා.

*  තවත් අලූත් රාජකාරියක්?
මෙතන තිබුණේ රුසියන් ආධාර ඇතිව ඉදිකරන්න නියමිතව තිබූ ඒ වනවිටත් අවුරුදු 07 ක් තිස්සෙ අතගගා හිටපු වානේ උණුකරන කම්හල ඉක්මනින් හදලා නිමකරන්න. මම ගිහින් අවුරුදු තුනකටත් කලින් ඒ කාර්යය අවසන් කළා.

*  එතකොට විශ්වවිද්‍යාලෙ?
විශ්වවිද්‍යාලේ මගේ පාට් වන් පන්තිය  කළා. මම කරන තාප චලිතය විෂය ඒ කාලේ කරන්න වෙන කෙනෙක් හිටියේ නෑ. දැන් නම් මම ගෝලයෝ කීප දෙනෙක්ම හදලා තියෙනවා. පැය 40 ක් 45 ක් විශ්වවිද්‍යාලෙ වැඩ කළත් මම විශ්වවිද්‍යාලෙන් පඩි ගත්තෙ නෑ. මට වානේ සංස්ථාවෙන් වැටුප්, වාහනයක්, රියැදුරෙක් ඇතුළු පහසුකම් දීලා තිබුණා.

* ඔහොම කාලෙ ගෙවෙද්දී?
1980 අවුරුද්දේ අයවැය විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී කඩුවෙල මන්ත‍්‍රී එම්. ඞී. එච්. ජයවර්ධන මම මස් කන්නේ නෑ, කිරි බොන්නේ නෑ, මාළු කන්නේ නෑ, තවත් වනචර කතාවකුත් කියලා මට හිටගෙන ඉන්න පණ නෑ කියලා නිග‍්‍රහ කරලා වානේ සංස්ථාවෙ සභාපති කමෙන් අයින් වෙන්න කිව්වා. ඒකට පාර්ලිමේන්තුවේ ලොකුවට වාදයකුත් ගියා.

*  ඊට පස්සෙ ?
පස්සෙ පාර්ලිමේන්තු ලොබියෙදී එම්. ඞී. එච්. මට මූණට මූණ හමුවුණා. එතැන අමිර්තලිංගම් සහ යෝගේශ්වරම් මන්ත‍්‍රීවරුනුත් හිටියා. මම ඔහුගෙන් සුහදව ඇහුවා මට එහෙම කියන්න හේතුව මොකද්ද කියලා. ඔහු ආයෙත් ඒ විදිහටම කැත විදිහට මට කතා කළා. මටත් කෝපය ආවා. මොහොතකින් මේ තුන්දෙනාම  පාර්ලිමේන්තුවේ බිම වැටිලා හිටියා. එයාලා නම් කිව්වෙ මං ගැහුවා කියලා. මං කොහොමද ගහන්නේ ? එම්.ඞී.එච්. මනෙ කිව්වේ මට පණ නෑ කියලා.

*  ඇත්තටම මොකද වුණේ ?
මම හිතන්නේ මම පොඩි තල්ලූවක් දාන්න ඇති මම ගැහුවා නම් ඒ එක්කෙනෙක් මැරෙනවා.

*  ඉතින්  ඕකට පරීක්ෂණයක් මොකුත් තිබ්බෙ නැද්ද ?
විනය පරික්ෂණයක් තිබ්බා. ? අට වෙනකල් මාව වේත‍්‍රධාරියගෙ කාමරේ තියාගෙන හිටියා. මම ඒ මුළු වෙලාවෙම කවි කිව්වා. ජේ.ආර්. මහත්තයා මාව වානේ සංස්ථාවේ සභාපතිකමෙන් අයින් කරලා ප‍්‍රමිති කාර්යාංශයේ සභාපති කළා. ඒකටත් කඩුවෙල කාණ්ඩෙ විරෝධය පෑවා පත් කරන්න එපා කියලා.

*  ඉතින් ඊට පස්සෙ ?
ආචාර්ය සිල්වා දක්ෂ ඉංජිනේරුවෙක්. ලෝකේ  ඕන තැනකට යන්න පුළුවන්. එහෙම කෙනකුට සභාපතිකම් එකක් දීපු එක වැරදියි. දෙකක් දෙන්න  ඕන, කියලා ලෝහ භාණ්ඩ සංස්ථාවේ සභාපතිකමත් මට දුන්නා. කඩුවෙල කාණ්ඩෙට නැට්ට කකුල්දෙක අස්සෙ ගහගන්න සිද්ධ වුණා.

*  ඔය විදිහට කාරණා සිද්ධ වෙද්දී ?
වානේ සංස්ථාවෙ මම වැඩ ගොඩක් කළා.  විශ්වවිද්‍යාලෙටත් ගියා. වානේ සංස්ථාවෙත් අර්ධකාලීනව වැඩ කළා. ඒ දෙකටම මම වැටුප් ලැබුවේ නෑ.

පූර්ණ කාලීනව මම වැඩ කළේ ප‍්‍රමිති කාර්යාංශයේ සභාපති තනතුරේ. එකම කාලේ මම  රැුකියා තුනක් කළා. 1983 දී ජේ. ආර්. මහත්තයාගේ කාලෙ දිස්ත‍්‍රික් කවුන්සිල් ක‍්‍රමයෙන් උතුරට දීලා තිබුණු ලූණු හැදීමේ අවසරයේ වැරදි බව පෙන්වා දෙන්න ගිහින් ජේ.ආර්. මහත්තයා සිරිල් මැතිව් ඇමැතිවරයාව අයින් කළා.

*  ඊට පස්සෙ ?
සිරිල් මැතිව් ඇමැතිවරයා අයින් කළාම මමත් තනතුරු දෙකෙන්ම අයින් වෙලා ආයෙත් පූර්ණකාලීනවම විශ්වවිද්‍යලයට සේවය කළා. 2000 දෙසැම්බර් මාසේ විශ්වවිද්‍යාල සේවයෙන් විශ‍්‍රාම ලැබුවා. විශ‍්‍රාම අරගෙනත් ආරාධිත දේශකයකු ලෙස වැඩ කළා.

* ඔය විදිහට කාරණා සිද්ධ වෙද්දී ?
ජර්මන් කාර්මික විද්‍යාලේ සහතික අත්සන් කරන රාජකාරියක් ලැබුණා. ගෙවීමක් නෑ. එතැන සභාපතිකමත් අවුරුදු හතක් අටක් දැරුවා. තාක්ෂණික උපදේශක තනතුරක් තවමත් දරනවා වගේම සහතික අදටත් අත්සන් කරනවා.

*  දැන් කාලය ගෙවෙන්නේ ?
පොත් ලියනවා. මේ වෙනකොට හේමමාලි, කුමරා සහ ඉසිවර අසපුව, අයේෂාගේ සසර ගමන වැනි සිංහල ඉංග‍්‍රීසි ප‍්‍රබන්ධ සහ පරිවර්තන පොත්  හතක් ලියා පළකර තියෙනවා. ඒ වගේම ¥ම එන්ජින්වලින් ලංකාවේ පයිප්ප හරහා වතුර ඇරලා විදුලිය ඉතුරු කරන ක‍්‍රමයක් ගැන මේ දවස්වල ව්‍යාපෘතියක් හදනවා.

*  පවුලේ තොරතුරු කොහොමද ?
¥ දරුවන් හතර දෙනෙක් මට හිටියා. ලොකු දුව නයනා කුමුදුණී. පරිගණක අංශයෙන් ඉහළටම ගිහින් අවුරුදු 54 දී නැති වුණා. එයා විවාහ වෙලා පුතෙක් ඉන්නවා. ඊළඟ පුතා ගිෂාන් ද  සිල්වා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ        රැුකියාවක් කරනවා. විවාහවෙලා ¥ලා තුන්දෙනෙක් ඉන්නවා. ඊළඟ පුතා සමන්ත. පරිගණක ඉංජිනේරුවෙක්. විවහා වෙලා ඔස්ටේ‍්‍රලියාවෙ ඉන්නවා. හතරවැනි දුව නිල්මිණී. පරිගණක ආයතනයක් දාලා තියනවා. විවාහ වෙලා එක පුතෙක් ඉන්නවා.

*  ගෙවා අවසන් කළ කාලේ ගැන මොකද හිතෙන්නේ ?
මම සාර්ථක ජීවිතයක් ගතකළා. බිරිඳ මට කලින් අවුරුදු 79 න් නැතිවීම තමයි එකම කනගාටුව.

* ඔබට ලියනවා නම් කතා කරනවා නම් ?
අංක 16, මෝසස් පටුමග, කොරලවැල්ල, මොරටුව. ලිපිනයට ලියන්නත් 0775579255 සහ 0112 658166 අංකවලට කතා කරන්නත් පුළුවන්.

බියංකා නානායක්කාර
ඡුායාරූපය : චතුර එස්. කොඩිකාර (රිවිර පුවත්පත)