වැල්ල හාරා වතුර බොන ලංකාවේ ගමක්

මෙම ගම්මානය තියෙන්නේ මහා වන මැදය. එනිසා බළධාරීන් දක්‌වන්නේද අඩු සැලකිල්ලකි. කිසිදු පහසුකමක්‌ නොමැතිව දිවි ගෙවන මෙම කිව්ලේවත්ත ගම්මානයේ ජනතාව ගැනයි මේ සටහන.

පවුල් 35 කින් යුත් මේ ගම්මානයට යන්න ලෙහෙසියෙන් බැරිය. එයට මහා කට්‌ටක්‌ කෑ යුතුය. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ බක්‌මිටියාව ග්‍රාමසේවා වසමේ මෙම ගම්මානය පිහිටා තිබේ.

මෙම ගම්පියස අම්පාරට අයත් වුවත් අම්පාර සිට යන්න කිසිම ප්‍රවාහන පහසුකමක්‌ නැත. ඒ නිසා මෙම ගම්මානයේ අයට අම්පාර සිට කිලෝ මීටර් 60 කට ආසන්න දුරක්‌ මඟ ගෙවා ගොස්‌ පන්නල්ගමට යා යුතුය.

එතැන් සිට වන මැදිsන් වැලි පාරේ තවත් කිලෝ මීටර් හත අටක්‌ ගිය විට බක්‌මිටියාව ගම්මානය හමුවේ.

එම ගම්මානයද පසු කරමින් අලින්ගෙන් පිරි වැලි පාරක්‌ ඔස්‌සේ තවත් කිලෝ මීටර් 06 ක්‌ පමණ මහ වන මැදින් ගිය විට මෙම කිව්ලේවත්ත ගම්මානය හමුවේ. නමුත් අම්පාර සිට බක්‌මිටියාවට පමණක්‌ බස්‌ රථ ධාවනය වන නිසා මෙම ගම්මානයේ ජනතාවට තම ගමට බක්‌මිටියාව හරහා බස්‌ රථයකින් ඒමට නොහැකිව ඇත.

මොනරාගල සිට සියඹලාණ්‌ඩුව හයේ කණුව කෝන්ගස්‌පිටිය හරහා මෙම ගමට බස්‌ රථයක්‌ ආවද එය දිනපතාම නිසිසේ නොපැමිණීම නිසා මෙම ගම්මානයේ ජනතාව දැඩිසේ දුෂ්කරතාවට පත්ව ඇත.26 2

මෙම ගම්මානයට කිසිදු ජල පහසුකමක්‌ නැත. නියං සමයේ ගම්මානයේ තිබෙන ළිං සියල්ලම සිඳී පතුල මතුව ඇති නිසා මෙම ජනතාවට කිලෝ මීටර් තුන හතරක්‌ දුර ගෙවා ලේවාර ඔයට ජලය සොයා යා යුතුව ඇත.

මේ වන විට විටින් විට වැසි ඇද වැටුණද තවමත් මෙම ඔයෙහි ජලය නොමැති නිසා මෙම ලේවාර ඔයේ වැල්ල හාරා බීමට සහ නෑමට ජලය සොයා ගැනීමට මෙම ගම්මානයේ ජනතාවට සිදුව ඇත.

කිව්ලේවත්ත ගම්මානයේ නිමල් රණසිංහ මහතා කීවේ මෙවැනි කතාවකි.

අපි පුදුම දුකක්‌ විඳින්නේ. අපේ මුතුන් මිත්තෝ 1818 කාලේ ඉඳන් තමයි මේ ගම්මානයේ පදිංචි වෙලා ඉන්නේ. ඒ කාලේ ඉඳන් මෙම ගම්මානයේ අය ජීවත් වුණේ හේන් කරලා. නමුත් දැන් අපිට වගා කරන්න විදිහක්‌ නැහැ වන සංරක්‍ෂණයෙන් හරියට කරදර.

ඉස්‌සර කොටි කලබල තිබ්බ කාලේ අපේ වගා කරපු ඉඩම් අපි අත්ඇරලා දැම්මා. හේන්වලට යන්න බැරි නිසා. කොටින්ගෙන් පණ බේරගන්න. නමුත් ඊට පස්‌සේ මෑතකදී වන සංරක්‌ෂණයෙන් මායිම් දැම්මා.

ඒ මායිම් දැම්මාහම අපේ ගම්මානයේ වගා කරපු ඉඩම් ගොඩක්‌ වන සංරක්‌ෂණයේ මායිම් නිසා කැළයට හසු වුණා. පස්‌සේa බොහෝම අමාරුවෙන් අපි දිගින් දිගටම ඉල්ලීම් කරපු නිසා ඊට පස්‌සේ වන සංරක්‌ෂණයෙන් මායිම් දාලා අල්ලගත්ත. ඉඩම්වල වගා කරන්න දුන්නේ.

අපේ ඉඩම් වන සංරක්‌ෂණයෙන් අල්ලගන්න හැදුවත් කැලේ ඇතුලේ තැන් තැන් පිටින් ඇවිල්ලා අක්‌කර පහළොව විස්‌ස එක එක මිනිසුන් මහා කැලේ විනාශ කරලා වගා කරනවා. වනජීවි අය ඒකට ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා.

අපේ ගම්මානයේ ජනයා පුදුම දුකක්‌ තමයි විඳින්නේ. හේන් කරේ නැතිනම් අපිට ජීවත් වෙන්න විදිහක්‌ නැහැ. හේනක්‌ වගා කරලා ලැබෙන ආදායමින් තමයි අපි අවුරුද්දක්‌ම ජීවත් වෙන්නේ යනුවෙන් නිමල් රණසිංහ මහතා කිවේය.

කිව්ලේවත්ත විඡේනායක මහතා කිවේ මෙවැනි කතාවකි.

මහත්තයෝ එන්න අපේ ගමේ තියෙන ළිං ටික බලන්න. මේ ළිං ටික හිඳිලා තියෙන්නේ. වැස්‌ස යන්තම් පටන් ගත්තත් ළිංවල වතුර නැහැ. ඒ නිසා හැම අවුරුද්දකම නියං කාලයේම අපිට මේ ආකාරයෙන් කරදර විඳින්න සිද්ධ වෙනවා.

ඒ නිසා අපිට කිලෝ මීටර් දෙක තුනක්‌ දුර ගෙවා ගෙන ලේවාරේ ඔයට ගිහින් වැල්ල හාරලා බොන්න නාන්න වතුර ගන්න සිද්ධ වෙලා තියෙනවා. හැම කාලෙම කොච්චර ලොකු නිය`ගයක්‌ තිබ්බත් අපිට රජයෙන් වතුර බව්සරයක්‌වත් එවලා නැහැ.

එකම පිහිට තමයි ලේවාරේ ඔය. ලේවාරේ ඔය නැත්තම් අපිට වතුර නැතිව මැරෙන්නයි වෙන්නේ. අපේ ගමට කිsසිම බලධාරියෙක්‌ගෙන් නිසි අවධානයක්‌ යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගම්මානයේ ජනතාවට කිසිම පිළිසරණක්‌ නැහැ.

අපේ ගමේ අය ඔක්‌කෝටම ලොකු ළිඳක්‌ හදලා වතුර ටැංකියක්‌ ගහල වතුර දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් කිසිම බලධාරියෙක්‌ එහෙම කරන්නේ නැහැ. අපේ ගම්මානය ගැන කිසිම තැකීමක්‌ නැහැ.

ගොඩක්‌ වෙලාවට මේ වතුර බිව්වාම බඩේ අමාරුව හැදෙනවා. දොස්‌තර මහත්තුරු වතුර උණුකරලා බොන්න කීවත් සමහර වෙලාවට අපි හේන්වලට ගිහින් රෑ වෙලා ගෙදර එද්දී වතුර උණු කර කර ඉන්න වෙලාවක්‌ නැති නිසා වැල්ල හාරලා ගන්න වතුර එහෙමම බොනවා” යනුවෙන් විඡේනායක මහතා කීවේය.

අලි මගේ ගේ කැඩුවා. ලොකු= අම්මලාගේ ගේ කැඩුවා. අපේ අයියගෙත් ගේ කැඩුවා. ඒ වගේ ගෙවල් ගොඩක්‌ කැඩුවා. අපේ අයියගේ වත්තේ තිබ්බ පොල් ගස්‌ 300 ක්‌ විතර අලි පෙරළල දැම්මා. මේ ගම්මානයේ කිහිප දෙනෙක්‌ අලි ගහලා මියගියා.

තවත් කිහිප දෙනෙක්‌ බොහොම අමාරුවෙන් තමයි අලි ගහන්න පන්නද්දී බේරිලා තියෙන්නේ. හැමදාම හවස්‌ වෙද්දී අලි ගමට එනවා. ඒa නිසා පාරක යන්නත් රෑට බයයි. කොහෙන් අලි ගහයිද කියලා දන්නේ නැති නිසා. ගම්මානයට වන අලින්ගෙන් පුදුම කරදරයක්‌ තියෙන්නේ.

අද වත්තේ තියෙන ගහක්‌ හෙට උදේ වෙද්දී අලි ඇවිල්ලා පෙරළල දායිද කියලා අපිට හිතා ගන්න බැහැ. වතුවල තියෙන කෙසෙල් ගස්‌, කොස්‌ ගස්‌, පොල්ගස්‌ අලි පෙරළල විනාශ කරලා දානවා. ගෙවල් කඩනවා. අපේ ගෙදරටත් දවසක්‌ අලි ඇවිත් බිත්තිවලට පහර දුන්නා. බොහෝම අමාරුවෙන් තමයි කෑ ගහලා අලින්ව පන්න ගත්තේ.

හරි ගැටලුවක්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා අලි වැටක්‌ ගහලා මේ ගම්මානයේ ජනතාවට ආරක්‌ෂාවක්‌ ලබා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතිනම් අපිට හරියට අලි වෙඩිවත් දෙන්න. බස්‌ එක හරියට එන්නේ නැහැ. එක පාරක්‌ ආවොත් ආයේ එන්නෙA නැහැ. යනුවෙන් ඩී. එම්. විඡේසිංහ මහතා සිය දුක්‌ගැනවිල්ල පවසා සිටියේය.

ඩී. එම්. තනුජා කිවේ මෙවැනි කතාවකි –

අපි අයිති දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට. අපේ ගමට එන්න පාරක්‌ තියෙනවා බක්‌මිටියාව හරහා. ඒත් එන්න බස්‌ එකක්‌ නැහැ. අපිට සායන මධ්‍යස්‌ථානයක්‌ තියෙන්නේ බක්‌මිටියාව ගම්මානයේ.

මාසයකට වතාවක්‌ සායනයක්‌ තිබ්බත් අපිsට ගොඩක්‌ වෙලාවට යන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට මෝටර් සයිකල් තිබුණොත් මහත්තයා එක්‌ක බක්‌මිටියාවට යනවා. සමහර දවස්‌වලට අපි කැලේ මැද්දෙන් පයින් බක්‌මිටියාවට යන්න යනවා. එහෙම යන වෙලාවට සමහර දාට අලි පාරේ ඉන්නවා. එතකොට අපි අපහු හැරිලා එනවා.

ගොඩක්‌ දවස්‌වල මේ ගමේ අම්මලාට යන්න එන්න ක්‍රමයක්‌ නැති නිසා සායන මධ්‍යස්‌ථානයට යන්න වෙන්නේ නැහැ. සියඹලාණ්‌ඩුව පැත්තෙන් කෝන්ගස්‌පිටිය ගමේ සායන මධ්‍යස්‌ථානයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එන නිසා අපි සමහර දවස්‌වලට එහාට ගිහින් දරුවන්ගේ බර කිරන් එනවා. එහෙම ගියොත් අපිට ත්‍රිපෝෂ ලැබෙන්නේ නැහැ.

ඒ නිසා අපිට ළඟ කෝන්ගස්‌පිටියයි. දමනට අපි සම්බන්ධ වෙලා තියෙන එක හරිම ගැටලුවක්‌ වෙලා ඒ පැත්තෙන් අපිට එන්න අමාරුයි. ඒක නිසා අපිව සියඹලාණ්‌ඩුවට සම්බන්ධ කරලා දුන්නා නම් ඒ මිස්‌ලා හරහා අපේ සෞඛ්‍ය කටයුතු කරගන්න පුළුවන්. බක්‌මිටියාව පැත්තෙන් අලි ඉන්න නිසා දමන පැත්තේ සෞඛ්‍ය සේවා නිලධාරින් ගමට එන්නේ කලාතුරකින් යෑයි තනුජා කීවාය.

මම දවස්‌ දෙකකින් නෑවේ නැහැ. කිලෝ මීටර් 04 ක්‌ විතර දුර ඉඳලා ලේවාරෙ ඔයට ආවේ. ඔයේ වැල්ල හාරාලා තියෙන වළවල්වලින් තමයි අපි වතුර අරන් නාන්නේ. ගෙදර වැඩට නම් දරුවෝ වතුර අදිනවා. ඒත් නාන්නනම් මට මෙහෙට එන්න වෙනවා. වතුර නැතිව අපි මේ විඳින දුක අපි මැරෙනකම් විඳින්න වෙනවා යෑයි කිව්ලේවත්ත පටස්‌ගල සිටින හීං මැණිකා මාතාව පවසන්නට වූවාය.

මේ කිව්ලේවත්ත ජනතාව විඳින දුක්‌ කන්දරාවෙන් කොටසකි. බොන්නට දිය පොදක්‌ නැත. අලින්ගෙන් හානිs එමටය. ගමට එන්න පාරක්‌ බස්‌ රථයක්‌a හරියට නැත. වගා කරන්න තිබෙන ඉඩම් වලටද වන සංරක්‌ෂණයෙන් ගැටුම් ඇතිව ඇත.

නමුත් මහා වනපෙත විනාශ කරමින් මහා පරිමාණයෙන් අක්‌කර විස්‌ස විසිපහ අනවසරයෙන් කැලෑ එළිකරමින් මහා පරිසර විනාශයක්‌ සිදු කරද්දී වන සංරක්‌ෂණ නිලධාරි රොත්තට ඒවා පෙනෙන්නේ නැත. දිව ගිලෙන පිපාසයෙන් හෙම්බත්ව වැල්ල හාරා මඩ පැහැති වතුර බොද්දී ඒ මිනිස්‌aසු පුරුදු වෙලා තියෙන්නේ වැල්ල හාරලා වතුර බොන්න කියලා ඇ`ග බේරාගන්න නිලධාරීන් අඩුම තරමේ මේ අසරණයින්ට බීමට පායන සමයේ වතුර බවුසරයක්‌වත් ගෙනත් දෙන්නේ නැත.

එක්‌කෝ මෙම ගම්මානයට මඳක්‌ හෝ යැමට පහසුකම් ඇත්තේ කොන්ගස්‌පිටිය පැත්තෙන් නිසා මෙම ගම්මානය කෝන්ගස්‌පිටිය ගම්මානය අයිති මොණරාගල දිස්‌ත්‍රික්‌කයට සම්බන්ධ කර දෙන්නේ නම් මීට වඩා පහසුවක්‌ මෙම ජනයාට ඇති බව ඔවුහු පවසා සිටිති.

සුසන්ත අමර බන්දු

like page