ලංකාවෙත් කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරයක්

ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේදී විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම විද්‍යාගාරය විවෘත කෙරිණි.

කොඩ්ජෙන් සමාගම මෙහි පෞද්ගලික හවුල්කරු වේ. ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන පහක ආයෝජනයක් කර තිබේ.

මේ පිළිබඳව ලක්බිම කළ විමසීමකදී මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ.කේ.ඩබ්. ජයවර්ධන මහතා පැවැසුවේ මෙම විද්‍යාගාරය මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන පිරිසට පර්යේෂණ කිරීමට යොදාගන්නා බවයි.

මෙය දියුණු රටවල තිබෙන ක්‍රමවේදයක් බවත් විශ්ව විද්‍යාලයක ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගනිමින් ආචාර්ය උපාධිය හදාරණ පිරිසට නව තාක්ෂණය ඔස්සේ පර්යේෂණ කිරීමට මෙහිදී හැකියාව ලැබෙන බවත් හෙතෙම පැවැසීය.

මෙහි අරමුණ නව තාක්ෂණය දියුණු කර රටේ ආර්ථිකය, කාර්මික ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා නව තාක්ෂණය යෙදවීම බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

Image result for artificial intelligence university
Boston University Neuromorphics Lab team, robotics, artificial intelligence

තනූජා නානායක්කාර

like page