සා.පෙළ ලියන ඔයාට ගොඩයන්න ටිප්ස් 9 ක්

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ගත කරන මෙම කාලසීමාව ඉතාමත් විමසිලිමත්ව ගත කළ යුතුයි. මෙපමණ කාලයක් පුරා පාසල් අධ්‍යාපනය මඟින් ලබාගත් දැනුම තවත් නොබෝ දිනෙකින් ඇගයීමට ලක් කෙරෙන නිසා ඊට හොඳ සූදානමක් ලබා ගත යුතුයි.

මේ නිසාම දුවා දරුවන් පමණක් නොව මාපියන් ද එකසේ තමාගේ කාලය, ශ්‍රමය මේ සඳහා වැය කරමින් කළ කැපකිරීම මල්ඵල ගැන්වීමට අවසාන මොහොත දක්වාම කටයුතු කළ යුතුයි. එම උත්සාහයට මෙම ලිපිය මඟින් සාකච්ඡාවට ලක්වන කරුණු මනා පිටිවහලක් වනු ඇත.

තමා පාඩම් කළ දේ නැවතත් පුනරීක්ෂණය

Image result for exam fear

සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් අතුරින් බහුතරයක් මේ වනවිට පාඩම් කටයුතු බොහෝදුරට නිමා කර තිබේ. නමුත් එම පාඩම් කළ දේ නැවතත් ක්‍රමවත්ව වැඩපිළිවෙලක් යටතේ පුනරීක්ෂණයට ලක් කළ යුතුයි.

මෙම වැඩසටහන තමා විභාගයට මුහුණ දෙන කාලසීමාවේ සිට මේ දක්වා පවතින කාලපරාසය තුළ බෙදී යන පරිදි අදාළ ශිෂ්‍යයා විසින්ම සකසා ගත යුත්තක්. මෙම පුනරීක්ෂණයේදි මූලිකත්වය ලබාදිය යුත්තේ තමා විසින් එක් දිනකදී සිදු කරන එසේත් නොමැති නම් පුනරීක්ෂණය කරන වැඩ ප්‍රමාණයටයි.

මෙම වැඩ පිළිවෙලේදී දිනකට එක් විෂයක් පමණක් වෙන් කරගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. කෙසේ වෙතත් මෙම සමස්ත පුනරීක්ෂණ ක්‍රියාවලිය අවසානයේදී දරුවාට තනිවම තමා පුනරීක්ෂණය කළ වැඩ ප්‍රමාණය කොපමණ ද යන්න අවබෝධ කරගත හැකි වේ.

නමුත් එම ක්‍රියාවලිය නිසි සංවිධානයකින් තොරව සිදු කළ හොත් ඇතැම් විෂයන් දරුවාට මඟහැරී යාමට ද පුළුවන්. ඒ වගේම පෙර පැහැදිලි කළ පරිදි මෙම පුනරීක්ෂණයේදී වඩාත් වැදගත් වන්නේ පාඩම් කරන පැය ප්‍රමාණය නොව දරුවා කරන වැඩ ප්‍රමාණය බව මතක තබාගන්න.

මේ මඟින් දවස අවසානයේදී තමා කළ වැඩ ප්‍රමාණය පිළිබඳ දරුවාට තනිවම යම් තෘප්තියක් ඇති වන අතර එය සිතට ද විශාල ශක්තියක් ද වනු නොඅනුමානයි.
1. සිතට එන අනවශ්‍ය සිතුවිලිවලට ඉඩදෙන්න එපා

Image result for exam fear

පෙරට වඩා වර්තමානයේදී දරුවන්ගේ සිත් වලට විවිධාර දේ ග්‍රහණය කරගන්නට අවස්ථාවන් ඕනෑ තරම්. නමුත් ඒ දේවල් අතුරින් තමාගේ අධ්‍යාපනය අඩාල කරන අනවශ්‍ය දේ දරුවන්ගේ සිත්වල ඇති වීම බරපතළ ගැටලුවක්.

මෙවැනි දේ නිතර නිතර සිතුවිලි ලෙස ඇතිවීම නිසා දරුවන්ටත් නොදැනීම පාඩම් කටයුතු, පුනරීක්ෂණ සඳහා පවතින සීමිත කාලය අනවශ්‍ය අන්දමින් වැය වේ. මේ නිසා විභාගයට නුදුරේදී මුහුණ දීමට සිටින දරුවන්ගේ මන සේ සන්සුන්භාවය නැති වීම, අධිෂ්ඨානය නැතිවීම මෙන්ම අධ්‍යාපන කටයුතු පවා අතපසු වේ.

ඒ නිසා තමාට කිරීමට තිබෙන පාඩම් ප්‍රමාණය අධික වන අතර ඊට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දරුවන්ගේ සිතෙහි යම් භීතිකාමය තත්ත්වයක් ඇති විය හැකියි. ඒ නිසා සිතට එන අනවශ්‍ය සිතුවිලිවලට ඉඩ නොදීම හෝ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව ඒවාට ඉඩ ලබාදෙන බවට මනස හුරු කරවීමට ද හැකියි.

මේ සඳහා දරුවාගේ සිතීමේ රටාවට “මම මේ වෙලාවේ මොන දේ හිතුණත් විභාගයට මුල් තැන දෙන්න ඕන.” වැනි සිතුවිලි පුරුදු පුහුණු කිරීම මඟින් සිතට එන අනවශ්‍ය සිතුවිලි පාලනය කළ හැකියි.

2. පුනරීක්ෂණයන් අතරදී ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට පුරුදු වීම

මෙම ක්‍රමයේදී ඉලක්ක ගත කාල පරාසයකට ආදර්ශ ප්‍රශ්න පත්‍ර හෝ විෂයට අදාළ තෝරාගත් ගැටලු වලට පිළිතුරු ලිවීම කළ යුතුයි.

මෙම ක්‍රියාවලිය විභාගයට පෙර පුහුණුවක්. ඒ වගේම පෙරදී තමා විසින් පිළිතුරු ලියන ලද ප්‍රශ්න උත්තර තිබේ නම් ඒවා නැවත තනිව හෝ මාපියන්ගේ උදව් ඇතිව සාකච්ඡා කිරීම ඉතා වැදගත්.

මෙම ක්‍රියාවලිය ද පෙර පැහැදිලි කරන ලද සංවිධානාත්මක වැඩසටහන තුළ ක්‍රියාත්මක විය යුතුයි.

3. කාලය කළමනාකරණය

Related image

මෙම ක්‍රමයේදී අනවශ්‍ය ගමන් බිමන්, විනෝද චාරිකා, දුරකථනවලට ගතවන කාලය, රූපවාහිනි නැරඹීමෙන් මිදි ඔබට පවතින සීමිත කාලය මනාලෙස කළමනාකරීව පරිහරණය කිරීම ඉතා වැදගත්.

4. තමා පාඩම් කළ දේ පිළිබඳ විශ්වාසය

Image result for school exam

ස්වයං අභිමානයක්, විශ්වාසයක් තනිවම සිත තුළ ඇති කරගත යුතුයි. මෙම ආත්ම විශ්වාසයෙන් “මට පුළුවන්” කියන සිතුවිල්ල තමාගේ සිත තුළ නිතර රඳවා ගත යුතුයි.

තමා පිළිබඳ ගොඩනැඟෙන විශ්වාස පෙර පැහැදිලි කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ස්වයංක්‍රීයවම ඔබගේ සිත තුළ ගොඩ නැගෙනු ඇති.

5. ආපසු පාඩම් සඳහා තනිව උත්සාහ නොකරන්න

Image result for school exam

අපහසු, අමාරු පාඩම් සඳහා තනිව උත්සාහ කිරීම මේ දිනවල නොකළ යුතුයි. ඔබට එවැනි ගැටලුවක් තිබේ නම් ඊට වෙනත් අයෙකුගේ සහාය ලබා ගත හැකියි.

එසේ තනිව උත්සාහ කර ඔබට ඊට මුහුණ දීමට අපහසු වුණොත් ආත්ම විශ්වාසයට යම් හානියක් විය හැකියි.

6. මනස සන්සුන්ව තබාගන්න

 

දරුවකුට මේ කුමන ක්‍රියාවක් සිදු කිරීමත් සංසුන් මනසක් තිබීම ඉතා වැදගත්. මෙහිදී සිතට එන වේදනා, ප්‍රශ්න, ගැටලු පිළිබඳ නොසිතීම, අනවශ්‍ය ලෙස කාලය ඒවා පිළිබඳ සිතීමට වෙන් නොකර මනස සැහැල්ලුවෙන් සංසුන්ව තබා ගැනීම ඉතා වැදගත්.

මේ සඳහා ආගමික වතාවත්වල නිරත වීම, පරිසරය නැරඹීම, පාඩම් කරන ස්ථානය ආලෝකය වැටෙන නිදහස් තැනක් බවට පත් කිරීම වැනි සරල ක්‍රම මීට භාවිතා කළ හැකියි.

7. අසුබවාදී සිතුවිලිවලට ඉඩක් දෙන්න එපා

Image result for school exam

දරුවන්ගේ සිතේ ඇතිවන “මට බැහැ” ආදී වූ අසුබවාදී සිතුවිලිවලට මනසේ ඉඩක් නොතැබිය යුතුයි. “මට පුළුවන්, මම මෙච්චර වැඩ කරලා තියෙනවා, වැඩ කරපු ප්‍රමාණෙන් මම හොඳට ලියනවා” වැනි සුබවාදී සිතුවිලි නිතර සිතේ රඳවා ගත යුතුයි.

මේ සඳහා මාපියන් ද විශේෂයෙන් උපකාර කළ යුතුයි. එසේ නොමැතිව දරුවන්ගේ ප්‍රතිඵල පිළිබඳ තර්ජනාත්මක අවවාද ලබා නොදීම ඉතා වැදගත්. මෙහිදී තමාගේ දරුවා උද්දීපනය වන පරිදි මනසට සිතුවිලි ඇති කිරීම ද ඉතා වැදගත්.

8. අන් අය සමඟ සංසන්දනය එපා

Related image

“එයා මට වඩා දක්ෂයි, හොඳට ලකුණු ගනීවි” ආදී ලෙස තමාගේ දක්ෂතාව සංසන්දනාත්මකව නොසිතීම ඉතා වැදගත්.

එහිදී තමා කළ වැඩ ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් වී විභාගයට මුහුණ දීමට සූදානම් වනවා හැර අන් දරුවන්ගේ දක්ෂතා, වැඩ කටයුතු පිළිබඳ කරදර නොවිය යුතුයි.

9. මා පිය සහයෝගය ඉතා වැදගත්

Image result for school exam

නිවසේ පවත්වන උත්සව, රණ්ඩු අඩදබර නැති සාමකාමී පරිසරයක් නිතරම නිවසේ ඇති කිරීමට වගබලා ගත යුතුයි. මේ කාලයේදී දරුවාගේ කායික සෞඛ්‍යය ද ඉතා වැදගත් නිසා ඒ සඳහා අවශ්‍ය සහයෝගය දරුවාට ලබාදීම ද ඉතා වැදගත්.

විශේෂයෙන් දරුවාගේ හැකියාවන් අගය කිරීම ද නුදුරේදී පවත්වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ජය ගැනීමට දරුවන්ට විශාල ශක්තියක් වේවි.
සටහන – නුවන්ති කුලරත්න

ව්‍යවහාරික මනෝ විද්‍යාඥ අචාර්ය – නිමල් ලියනගේ

like page