අනිවාර්යෙන්ම ඔබත් එකපාරක් හෝ මෙතනට ගිහින් ඇති

ශ්‍රී ලංකා ද්වීපයේ එදා මෙදාතුර වීරත්වයට, ගෞරවයට හා අතිශයින් ජනාදරයට පාත්‍ර වූ ඇතුන් පිළිබඳව සොයා බලන විට මෙරට ප්‍රථම නිදහස් සටනට උරදෙමින් එළාර රජු පරදවා ලක්දිවට නිදහස ලබා ගැනීමේ සටනේදී දුටුගැමුණු රජුට සහාය වූ කඩොල් ඇතු, අඩසියවසකට ආසන්න කාලයක් මහනුවර ඇසළ මහ පෙරහැරේ ශ්‍රී දන්ත ධාතු කරඬුව වැඩම වූ රාජා ඇතු හා තම වර්ගයා වෙනුවෙන් සටන් වැද දිවි පිදූ පනාමුරේ ඇත් රජුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

දෙපා ඇති ඇතැම් මනුසතුන්ටත් වඩා මානුෂික ගුණාංගයන්ගෙන් සපිරුණු මෙම ඇතුන් තිදෙනා මෙසේ වීරත්වයට හා ගෞරවාදරයට පාත්‍රවී ඇත්තේ මෙලක්දිව වෙනුවෙන් එකිනෙකට වෙනස් වූ කාර්යභාරයක් ඉටුකර ඇති නිසාවෙනි.

මෙම වීර ඇත් පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්තිසහගත වන්නේ අදින් වසර 2,175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිසාවෙනි.මෙරට වංස කතා සාහිත්‍ය අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි.

මහාවංසයේ එන පරිදි “ඒ බිසව් සුදුසු කල පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දයද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය.

Image result for කඩොල් ඇතුගේ දළ

එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ඡද්දන්ත කුලයෙන් ඇත් පැටවකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවූ ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී”.

(මහාවංසය. පරි : 22, ගාථා : 59 – 63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමුවූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කළපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලා ගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි.

එසේම ඇත්පැටවා අල්වා ගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු බාරයක් වූ බවත්, එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවුරු කරයි

එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක්වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී මාගම් පුරවරයේ රැඳී සිටිමින් එළාර රජුගෙන් රට මුදා ගැනීමට සේනා රැස් කරන්නට විය.

මෙම කාලයේ සහෝදර තිස්ස කුමරු තම පිය රජුගේ ඇවෑමෙන් පසු කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමිවූ අතර තම සොයුරාට බියෙන් තම මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගා වැවට ගොස් තිබේ.

ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහෝදරයාට හසුන් යැව්වද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹිණි. වර්තමාන යුදඟනාව දාගැබ අසලදී සිදුවූ මෙම සහෝදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පැමිණෙන ලදී.

එහිදී තිස්ස කුමරු පැරැදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කිරීමත් සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්‍ෂපාතීත්වය හිමිවිය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින් වේ.

අනුරාධපුර ඉතිහාසයේ සුරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත මෙරට පාලන බලය හිමිවන අතර ඒ අනුව සේන හා ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක්ද, අසේල රජු වසර 16ක්ද, ඉන්පසු එළාර රජු වසර 40ක්ද වන ලෙස වසර 76ක් මෙරට පාලන බලය ගෙන යන්නට විය.

යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු මේ ලක්දිව එක්සේසත් කර බුදු දහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරද වූ දැවැන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහා වංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහා වංසයේ 23 වැනි පරිච්ඡේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ.

Image result for කඩොල් ඇතු

“ඒ කඩොලැත් තෙමේ බල ලක්‍ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්‍ර වූයේ මහා කඳ ඇති විය.” (මහාවංසය, පරි. 23, ගාථා : 1,2)

තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,

“දකුණු ‍ෙදාර කඩොලැතුය, නන්දමිත්‍රය, සුරනිමලය යන ඒ තුන්දෙනා ඉතිරි චාරිත්‍රයෙහි යුද්ධ කළෝය. ඒ නුවර වනාහි පරිබාත්‍රයක්ද උස්වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළ ‍ෙදාරය (යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළීය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ ය‍ෙදාරට පැමිණියේය. තොරණ හුනු දෙමළ අනෙක ප්‍රකාර ආයුධයන්ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැලියම්ද දැමූය.

පිටලු ලහට දුවන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි. ගෝඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි යෙ‍ෙදාර හැරීමය. යව ‍ෙදාර බඳවයි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය.

ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැඟී ඇතින් කුම්භස්ථලය පිරිමැද දරුව කණ්ඩුලය මුළු ලක්දිව රජය තට දෙන්නෙමිය ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණකළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එලවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත්තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදදින් ලැහැලි බින්දේය. එළිපත පයින් පහළේය. ‍ෙදාරබා සහිත ඒ ය‍ෙදාර ගුගුරා ගෙණ බිමහෙනි.”

මෙම යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමුවන අතර, එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදදින් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදී.

මෙසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පාවීම නිසා රෝගාතුර විය. මේ පිළිබඳව කම්පා වූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට එම ඇතුව රැගෙන යන ලදී. මෙසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුර වූ කඩොල් ඇතු යුදඟනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මියගොස් ඇත. කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැ¾ඩිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති අතර, එහිදී වෙන් කරගත් දළ යුගලය දේවාලයට පූජා කර ඇති බව මත පළවේ.

කඩොල් ඇතු මිහිදන් කළ ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතර, එම ස්ථානය පිළිබඳව ජනප්‍රවාද රාශියක් පවතී. එනම් එම ස්ථානයේ අදටද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවයි.

ලාංකේය රාජ්‍යයෙන් පවා පිදීමට ලක්වූ කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ මෙම දළ යුගල දුටුගැමුණු රජු ඉදිකළ මහාතූප මළුවේ තැන්පත් කර ඇති බවයි. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්‍රියා කළ මහාතූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතුමත පදනම් වන බව පෙනේ.

නමුත් මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ටී. ජී. කුලතුංගයන් තම “අනුරපුර මහාවිහාරය” ග්‍රන්ථයේදී සඳහන් කරන්නේ මෙබඳු අදහසකි.

Related image
කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ

“රුවන්වැලි සෑයේ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. මේවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් විසින් හඳුන්වා දීම දක්නට ලැබේ.

සත්‍ය වශයෙන්ම මේවා ආයකය ප්‍රතිසංස්කරණය කිරීමේදී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල් බව සැලකිය හැකිය. මෙම වර්ගයේ ගල් කැබිලි රුවන්වැලි සෑ පන්සල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමුවිය.” (40 පිටුව)

එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන පැනයට පිළිතුරු සෙවීමේදී මීළඟ අවධානය යොමුවන්නේ රුහුණු කතරගම මහා දේවාලය වෙතය.

සුමිත් රණසිංහ මහතා විසින් රචිත “කතරගම් පුවත” නම් ග්‍රන්ථයේදී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහැරේ චාරිත්‍ර ගෙනහැර පාන අතරදී පෙරහර මංගල්‍යයේ 6 වැනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීමද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනයද සිදු කරන බවයි.

“ගබඩාපිළි හා ගොටුමහන පිලේ නියෝජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහ රජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත් දළ දෙක ප්‍රධාන දේවාලයේ ‍ෙදාරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ.” (පිටුව 84)

කතරගම දේවාලය හා බැඳි ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගලසද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්න ඇති බවය.

උෟව – වෙල්ලස්ස කැරැල්ල සමයේදී මෙම දළ යුගල දේවාලයෙන් ගෙන ගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවටද මත තිබේ.

ඇත් දළය ලෙස හඳුනා ගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳව සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ. එසේම වර්තමානයේ ඒවා මඳක් අවපැහැ ගැන්වී ඇත.

ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවයි.

Image result for කඩොල් ඇතුගේ දළ
දළ යුගල සැගවිමට හෑරූ කුහරය

කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ  කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ  කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි.

මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි.

Image result for කඩොල් ඇතුගේ දළ
යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු

බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය.

පසුව දින කිපයකින් ඇතා මියගිය අතර  එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ  බව ඉතිහාසය කියයි..

කතරගම දේවාලයට  නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.

දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත.

මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජතපුර බලකොටුවේ ‍ෙදාර අඟුළු සිඳලූ ඒ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල්‍ය පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදාවෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී.