වතුරේ ගිලෙන්නට පෙර මගීන් 155 දෙනාගේම ජීවිත බේරුණේ යානයේ සිටි ගුවන් සහායිකාවන් තිදෙනා

ගුවන් යානාව ලෝකයේ සුරක්ෂිතම ගමනා ගමන ක්‍රමය වීමට ප්‍රධාන හේතුව මහා මාර්ගවල මෙන් ගුවනේ මාර්ග තදබදයක් නැති වීමය. නවීන ගුවන්යානා ඉහළම තාක්ෂ‚ක උපකරණවලින් සමන්විත නිසා අහසේදී ගුවන්යානා දෙකක් ඝට්ටනය වීමට ඇති ඉඩ ඉතා අල්පය. 

ඕනෑම හදිසියකදී ගුවන් යානාවක් බේරා ගැනීමට හැකි ක්‍රම සහ විධි ගැන මනා ලෙස ප්‍රගුණ කොට ඇති නවීන යුගයේ නියමුවන් පදවන ගුවන් යානාවකට ගොඩවීමට අප බිය විය යුතු නැත.

එහෙත් මේ නියමුවන්ට අමතරව මගීන්ගේ නිරුපද්‍රතාව රැක ගැනීමට දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩකරන තවත් කණ්ඩායමක් අහසේ සිටින බව අප අමතක නොකළ යුතුය. මේ ඉතා වැදගත් කාර්යයේ යෙදෙන පිරිසට ඉංග්‍රීසියෙන් කියන්නේ Air Hostess හෝ Air Stewardess කියාය.

එහි නිවැරදි සිංහල පරිවර්තනය ගුවන් සත්කාරිකාව හෝ ගුවන් සහායිකාව විය යුතුය. ඔවුනට කිසිම විටක Air servant කියා ඉංග්‍රීසියෙන් කියන්නේ නැත. ඒ නිසා මෙයට වසර 50කට පෙර Air Hostess යන වචන දෙක —ගුවන් සේවිකාව˜ යනුවෙන් සිංහලට පරිවර්තනය කරන්නට ඉඩදීම එවකට රජය කළ බරපතළ වැරැද්දකි.

යුරෝපයේ ගුවන් සහායක සහයිකා ධුරය සඳහා අයැදුම් කරන්නන් බොහෝ විට උපාධිධාරින් විය යුතුය. ඇතුළත් වීමේ විභාගය ඉතා අමාරුය. ඔවුන් ග‚තය බුද්ධි පර්ක්ෂණය වෘත්තීය අභියෝග්‍යතාව මනෝ මිතික පරීක්ෂණය හා සාමාන්‍ය දැනුම ඇතුළු විභාග ගණනාවකින්  ඔවුන් සමත් විය යුතුයි. 

ඉන් අනතුරුව ආගන්තුක සත්කාරය, ආහාර ස්වස්ථතාව, ආත්මාරක්ෂාව, ප්‍රථමාධාර දීම, ගුවන් යානාව පැහැරගැනීමකදී හෝ අනතුරකට පත් වීමේදී කටයුතු කළ යුතු ආකාරය, අමුත්තන් පිළිගැනීම වැනි විෂයන් තිහක් පමණ අඩංගු විධිමත් පාඨමාලාවක් හදාරමින් අවුරුදු තුනක විශිෂ්ට පුහුණුවක් ලබා ගනී.

එම කාලය තුළ එකම විභාගයක් හෝ අසමත් වුවහොත් ඔවුනට ගෙදර අනිවාර්යයෙන්ම යන්නට සිදු වේ. ඉහළ පුහුණුවක් ලබා රැකියාව ලබා ගන්නා ගුවන් සහායකයන්ගෙන් සිදු වන සේවය අති මහත්ය. ගුවනේදී ඔවුන් ඉටු කළ යුතු කාර්යයන් ගණන පනහකටත් වැඩියැයි මට සිතේ.

ගුවන් යානයට නගින සෑම මගියකුම සිනහ මුහු‚න් පිළිගන්න ගුවන් සහායිකාව මුලින්ම ඔවුන් වාඩිවන ආසන පෙන්නුම් කරයි. ඇය අබල දුබල මගීන්ගේ බෑග් ආදිය ඉහළින් තැබීමට උදව් කරයි. ගුවන් යානයේ මගීන්ට නිසි වේලාවට ආහාරපානවලින් සංග්‍රහ කරයි. ඉන්පසු කෑම පිඟන් හා භාජන පරිස්සමින් ඉවත් කරයි.

ළදරුවන්ට අවශ්‍ය කිරි පිටි රත් කර දෙයි. පුංචි ළමුන් හුරතල් කරයි. වැසිකිළි පිරිසිදු කරයි.

වැඩිහිටි මගීන්ට යානයට නැගීමට හෝ ඉන් බැසීමට උදව් වෙයි. සමහර මගීන් කොතරම් කලහකාරී ලෙස හැසිරුණත් ඇය ඉතා ඉවසීමෙන් හා සිනාමුසු මුහු‚න් තම රාජකාරිය කළ යුතුය.

තමන්ගේ ගුවන් සමාගමේ හා තමන්ගේ රටේ තානාපතිවරුන් මෙන් හැමවිටම අමුත්තන් ඉදිරියේ ඔවුන් ගෞරවනීය ලෙසත් ආදර්ශමත් ලෙසත්  හැසිරිය යුතුය. ඒ නිසා පැය දහයක් පමණ ගුවන් යානය තුළ සිටගෙන ඔවුන් කරනා මහඟ= සේවය මගීන් කිසිසේත් සුළු කොට තැකිය නොයුතුය.

ඇතැම් ඉන්දියන් හා අරාබි ජාතිකයන් අපේ ශ්‍රී ලංකා ගුවන් සහායිකාවන් අමතන්නේ ඔවුන් අත පල්ලෙන් වැටුණු වැඩකාරියන් ගාණටය.  ඔවුන්ගේ කතාව සැරපරුෂය.

—ඔහොමද අපේ ගුවන් සහායිකාවන්ට තමුසෙලා කථා කරන්නේ?˜ කියා මේ විදේශිකයන්ගේ හොම්බට දෙකක් අනින්නට මට හිතුණු වාර අනන්තය.  එසේම මහජන මුදලින් පිනට රට සවාරි ගහන ඇතැම් දේශපාලකයන් හිතන්නේ ගුවන් සහායක සහායිකාවන් ඔවුන්ට අනිත් මගීන්ට වඩා වැඩි සැලකිලි ගෞරව දැක්විය යුතු බවයි.

˜මට තේ එකක් ගේනවා˜ ˜මට බියර් එකක් දැන්  ඕනෑ˜යි ගුවන් සහායිකාවට අණ කරන මේ දේශපාලන ලොක්කන් ˜කරුණාකර˜ ˜please˜ කියන වචනය දන්නේවත්  නැත.

නමුත් ගුවන් සහායිකාවන්ගේ නියම වටිනාකම මොවුන්ට තේරෙන්නේ ගුවන් යානය තුළ හදිසි අවස්ථාවක් ඇති වූ විටය. හදිසි අනතුරකදී ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් යානය බේරාගැනීමට බලවත් වෑයමක යෙදෙද්දී යානයේ මගීන්ගේ ජීවිත රැක ගැනීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මේ විශිෂ්ට ගුවන් සහායක හා  සහායිකාවන්ටය.

Related image
ජේන් හැරිසෙන්

මෙම ලිපි පෙළේ පළමුවැන්නේ විස්තර කෙරුණු ඇන්ජිම කි්‍රයා විරහිත වී Hudson ගංගාවට පහත් කරන ලද United Airline 1549 යානය වතුරේ ගිලෙන්නට පෙර මගීන් 155 දෙනාගේම ජීවිත බේරුණේ යානයේ සිටි ගුවන් සහායිකාවන් තිදෙනා වූ ඩොනා, ඩොරින් හා ශීලා ඉතා කඩිනම් ලෙස ඔවුන්ව එළියට ගත් නිසාය.

මගින් නිරුපද්‍රිතව බේරාගැනීමට ගුවන් සහයිකාවන් තුන්දෙනාට පුළුවන් වූයේ ඔවුන් ඒ පිළිබඳව අවුරුදු පහක මනා පුහුණුවක් ලබා සිටි නිසාය. ඇමෙරිකන් ජනමාධ්‍ය මොවුන් තිදෙනා හැඳින්වූයේ  (Angels of Sky)   අහසෙන් මතුවූ සුරංගනාවෝ යනුවෙනි.

එසේම මෙම ලිපි පෙළේ පස්වැන්නේ ලියවුණ Aloha ඇලෝහා ගුවන් යානයේ වහලය ගැලවී ගුවන් සහායිකාවක්  අහසට ඇදී මිය ගිය අවස්ථාවේදී බරපතළ තුවාල ලබා වැටී සිටි මගීන් දෙදෙනෙකු වෙත බිම දිගේ බඩ ගා ගෙන ගොස් ඔවුන්ගේ ජීවිත බේරා ගත්තේ ගුවන් සහයිකා Susanය.

2013 ජූලි 16 ASIA 214 බොයිං ගුවන්යානය සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ගුවන්තොටුපළට ගොඩ බසිද්දී බිමට කඩා වැටු‚. ගිනි ගෙන දැවෙන යානයේ සිටි මගීන් බේරාගැනීම සඳහා එහි ගුවන් සහායක සහායිකාවන් තම දිවි පරදුවට තබා බලවත් සටනක් කළෝය.

ආසන ඇඹරී හිරවී සිටි මගීන්ගේ බඳපටි කපමින් ඔවුන් යානයෙන් එළියට ඇද දැම්මේ ගිනි දලූවලට ඔවුන්ගේ අත් පා පිච්චෙද්දීය. ඔවුන්ගේ තැනට සුදුසු නුවණ හා උත්සාහය නිසා කෑලි හතරකට කැඩී ගිනිගෙන තිබුණ යානයේ සිටි 291 දෙනාගෙන් 288 දෙනෙකුගේම ජීවිත ගැලවු‚.

1968 අප්‍රේල් 8 දා මගීන් 116ක් සමග BOAC  712 අංකය සහිත බොයිං 707 ගුවන් යානය ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළින් අහසට නගිද්දී එහි එක එන්ජිමක් පොළොවට කඩා වැටු‚. ගුවන් නියමුවන් තිදෙනා හදිසි කවුළුවට නැග කඹයක ආධාරයෙන් බිමට පැන ගත්හ.

ගිනිගත් ගුවන් යානයේ මගීන් නිරුපද්‍රිතව එළියට ගැනීමේ බරපතළ වගකීම තිබුණේ ගුවන් සහායක සහායිකාවන් 11 දෙනා අතය. ඔවුන් වහ වහා තමන්ට නියමිත හදිසි දොරටු භාරගෙන Emergency chute (බිමට පැනීමට දිග හැරෙන රබර් දෝනාව) කි්‍රයාත්මක කළහ.Related image

වම් පැත්තේ ඉදිරි හදිසි දොරටුව භාරව සිටියේ 31 හැවිරිදි ගුවන් සහයිකා Jane Harrisons ය. ඉදිරි පෙළ සිටි මගීන් බොහෝ දෙනා ඇයගේ දිරිමත් කිරීම මත එසැණින් රබර් බෝට්ටුවට පැන බිමට ලිස්සා යමින් පණ බේරා ගත්හ. chute එකට බැසීමට බය වී කෑ ගසමින් සිටි කාන්තාවන්ගේ අතින් ඇද පහළට තල්ලූ කරමින් ඇය ඔවුන්ගේ ජීවිත බේරා දුන්හ. දැන් යානය තුළට කළු දුම වැදී හුස්ම ගැනීමටත් ඉතා අපහසුය.

බිම සිටි ගිනි නිවන හමුදා නිලධාරීන් ඇයට පිච්චෙන්න කලින් බිමට පනින්න කියා ඇයට කෑ ගසන්නට විය. ඇය අවසන් වරටත් ගුවන් යානය දෙස බැලූවේ තමන්ගේ කොටසේ  වෙනත් මගියකු වැරදීමකින් හෝ ඉතුරු වී ඇතිදැයි බැලීමටය.

ඔවුන් සියලූ දෙනාම බේරී ඇති බව දැක සැනසුම් සුසුමක් හෙළුෑ හැරිසන් බිමට පැනීමට රබර් දෝනාවට පය තැබුවා පම‚.  —අනේ අපිව බේරගන්න˜ කියා පුංචි කටහ~ක් යානයේ ඈතින් ඇසු‚. වහා යානයේ ඈත කොනට ඇස් යොමු කළ ඇය දුටුවේ ආසන පෙළක හිරවී ගින්නට දැවෙන්නට ඔන්න මෙන්න කියා සිටින කාන්තාවන් දෙදෙනෙකු හා අට හැවිරිදි පුංචි ගැහැනු ළමයකුය.

ඔවුන්ගේ ජීවිත බේරානොගෙන ගුවන්යානයෙන් තනිවම එළියට යෑම ඇය ලබා තිබූ පුහුණුවටත් සදාචාරාත්මක බවටත් පටහැ‚ බියගුලූ කටයුත්තක් බව ෙජ්න් හොඳාකාරව දැන සිටියාය.

ඒ නිසා මේ අහිංසක දරුවා හා කාන්තාවන් දෙදෙනා කෙසේ හෝ මර‚න් ගලවා ගැනීමේ උත්තම චේතනාවෙන් ඇය ගිනිගෙන දැවෙන යානය තුළට නැවත දිව්වාය. මහත් පරිශ්‍රමයකින් ගින්න නිවා ගුවන් යානයට ඇතුළු වූ ගිනි නිවන හමුදා භටයන්ට කාන්තාවන් දෙදෙනා, පුංචි දැරිය හා ෙජ්න් හැරිසන්ගේ සිරුරු එක තැන හමුවීම ඉතා අනුවේදනීය දර්ශනයක් විය.

Related image
නිර්ජා බැනට්

මගින් හතර දෙනෙකු බේරාගැනීමට ගොස් තම ජීවිතය පිදූ වීර ගුවන් සහායිකා බාබර් ජෙනි හැරිසන්ට බි්‍රතාන්‍යයේ සිවිල් වැසියකුට ලැඛෙන ඉහළම ගෞරවය වූ ජෝර්ජ් ක්‍රොස් (George  Cros) සම්මානය හිමි විය.

එළිසබත් මහා රැජින ඇය වෙනුවෙන් ඇයගේ පියා ඇලන් හැරිසන්ට ජෝර්ජ් ක්‍රොස් සම්මානය පිරිනමද්දී උත්සවයට පැමිණ සිටි ෙජ්න් හැරිසන්ගේ රැකියා සගයින් හා එදා පණ බේරාගත් ගුවන් මගීන් දිගටම කඳුළු සලන්නට වූහ.

ගුවන් යානා ලොවේ වීරතම ගුවන් සහායිකාව වශයෙන් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේ Pan Am ගුවන් සමාගමේ සේවය කළ 22 හැවිරිදි පන්ජාබ් ජාතික  Neerja Bhanot තරු‚යගේ නමයි.  ඉතා රූමත් නීර්ජා විවේක කාලවලදී මෝස්තර නිරූපිකාවක් වශයෙන්ද කටයුතු කළාය.

1986 සැප්තැම්බර් 5දා උදෑසනින්ම අවදි වූ ඇය තව දින දෙකකින් එළැඹෙන තම 23 වෙනි උපන් දිනය උත්සවයට තමන්ගේ ගුවන් සමාගමේ යහළු යෙහෙළියන් 20කට ආරාධනා කිරීමට දෙමව්පියන්ගේ අවසර පැතුවාය. 

ඔවුන් දෙදෙනාටම දණ ගසා ආචාර කොට ඇය බොම්බායේ ගුවන් තොටුපළට ගියේ  ඇමෙරිකාව බලා යන Pan Am 73 යානයේ සේවය සඳහාය. බොම්බායෙන් පිටත් වුණ එම ගුවන්යානය කරච්චියේ ටික වෙලාවකට නවත්වා  තවත් මගින් පටවා ගත්තේය.

ගුවන් යානයේ පසුපස කොනේ අමුත්තන්ට සිසිල් බීමවලින් සංග්‍රහ කරමින් සිටි නීර්ජා හදිසියෙන්ම තම කවුළුවෙන් දුටුවේ භයානක දර්ශනයකි. ග්‍රෙනේඩ්  තුවක්කු  පතරොම් හා පිහි ඔසවා ගත් ත්‍රස්තවාදීන් හතර දෙනෙකු ඈත පර්යන්ත ගොඩනැගිල්ලේ සිට යානය කරා දුව එමින් සිටියහ.

පුහුණු කාලයේදී ඉගෙන ගත් අන්දමට ඇය වහාම intercom ඉන්ටකොම් දුරකථනය හරහා රහස් වචන කිහිපයකින් ගුවන් නියමුවාට සිදුවන්නට යන පැහැර ගැනීම ගැන දැනුම් දුන්නාය.  මෙවැනි අවස්ථාවල නියමුවන්ට උපදෙස් ලැබී තියෙන්නේ ත්‍රස්තවාදීන්ට ගුවන් යානය වෙන රටකට යාමට බැරි වන ලෙස යානය අත හැර පලා යායුතු බවයි.

ඒ අනුව ත්‍රස්තවාදීන් යානයට එන්නට පළමුව නියමු කුටියේ රහස් කවුළුවෙන් වහලයට නැග කඹයක එල්ලී බිමට පැන පලා යන්නට නියමුවන් තුන් දෙනාම සමත් වූූහ.

ගුවන් යානයට ඇතුළුවූ ත්‍රස්තවාදීන් ෂික් ආගමිකයකු වූ නීර්ජා (Neerja Bhanot) හැරෙන්නට අනෙක් ගුවන් සහායක සහායිකාවන් දස දෙනාම ආසනවල බැඳ දැම්මෝය. ඒ නිසා භීතියට පත්ව සිටි මගින් 379 දෙනා අස්වැසීමත් ඔවුනට කෑම බීම සැපයීමත් තනිකරම කරන්නට සිදුවුයේ තරුණ නීර්ජා ගුවන් සහායිකාවටය.

තම හිත තුළ ඇති භය කාටවත් නොපෙන්වා සිනාමුසු  මුහු‚න් ත්‍රස්තවාදීන් සමග කතා කරන අතරේ ඇය නිතරම කල්පනා කළේ මේ මුර්ගයන්ගෙන් තම මගීන් බේරාගැනීමට හැකි උපක්‍රමයන්  ගැනය.

ත්‍රස්තවාදීන් ඇය හරහා පාකිස්තානයට තම නියෝග Demands ඉදිරිපත් කළේය.  හිරයේ සිටින තම අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් සියලූ දෙනාම  වහා නිදහස් නොකළහොත් පැය භාගයකට වරක් ඇමෙරිකන් මගියකුට වෙඩි තබා මරණ බවට ඔවුන් තර්ජනය කළහ. පාකිස්තානය  ඔවුන්ගේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළහ. 

කෝපාවිෂ්ට වූ  ඔවුන් තමන් කොතරම් දරුණු මිනිස්සු දැයි පෙන්නුම් කිරීම සඳහා අහිංසක ඇමෙරිකන් ජාතිකයකු අසුනින් එළියට ඇද  හිසට වෙඩි තබා මරා  යානයෙන් බිමට තල්ලූ කළෝය. ඉන්පසු ඔවුන් නීර්ජාට අණ කළේ සියලූම මගීන්ගේ පාස්පෝට් එකතු කරන ලෙසය. 

ඉතිරි ඇමෙරිකන් ජාතිකයන්ට අත්වන භයානක ඉරණම කුමක්දැයි හොඳාකාරව දැන සිටි ඇය පාස්පෝට් එකතු කරන අතරේ ඉතා සුක්ෂම ලෙස ඇමෙරිකන් පාස්පෝට් 41ක් ආසන යට හා කුණු බක්කිවල සැඟවූවාය.

Image result for angles of sky air united airline 1549
angles of sky air united airline 1549

භීතියට පත්ව සිටි මගීන් අස්වසමින් ඔවුන්ට වතුර ඛෙදන අතරේ යානයේ එක දොරක් අසල වාඩිවී සිටි ශක්තිමත් පුරුෂයකු ඇමතු ඇය —ඔබතුමාට දැන් කම්මැලි ඇතිනේ.

මෙන්න මේක කියවන්න˜ කියා සඟරාවක් ඔහු අත තැබුවාය. සඟරාවේ පිටු අතර ඇය ගුවන් යානාවේ උපදෙස් මාලා පොතෙන් ඉරා ගත්  පිටු කිහිපයක් සඟවා තිබුණාය. හදිසියකදී යානාවේ දොරටුව ඉක්මනට විවෘත කොට රබර් දෝනාව පොළොවට විසි කළ යුතු අන්දම රුප සටහන් සහිතව  එහි සඳහන් වී තිබු‚.

සඟරාව කියවන බව ත්‍රස්තවාදීන්ට පෙන්නුම් කරමින් ඔහු එම උපදෙස් මාලාව හොඳට කට පාඩම් කර ගත්තේය.

පැය 16ක්ම  ධාවන පථයේ නවත්වා තිබූ ගුවන් යානයේ විදුලි ජනක යන්ත්‍රයේ තෙල් ඉවර වීම නිසා  විදුලිය ඇන හිටියේය. තව මොහොතකින් පාකිස්තාන් කමාන්ඩෝ භටයන් යානයට කඩා වදීවියයි නිවැරදිව අනුමාන කළ ත්‍රස්තවාදීන් යානාවේ මගීන් හා සේවක මණ්ඩලයත් මරාගෙන මැරෙන්නට තීරණය කළෝය.

  ඔවුන් අඳුරේම ගුවන්යානයේ හතර අතටම ග්‍රෙනේඩ් විසි කරන්නටත් වෙඩි තබන්නටත් වූහ. වෙඩි වැදුණ මගින් මහා හ`ඩින් විලාප දෙමින් මිය යන්නට වූහ. තමන් වහා පියවරක් නොගතහොත් මගීන් සියලූම දෙනාම දරුණු ලෙස මරණයට පත්වන බව වටහා ගත්  නීර්ජා භානොට් ත්‍රස්තවාදීන්ට නොපෙනෙන ලෙස  ආසන්නයේම තිබු හදිසි දොරටුව විවෘත කළාය.  ඒ සමගම (emergency chute) හදිසි රබර් පයිප්ප දෝනාව ක්‍රියා කෙරු‚.

මුලින්ම යානයෙන් එළියට පැන තම ජීවිතය බේරා ගැනීමට හොඳටම පුළුවන්කම තිබුණත්  නීර්ජා එවැනි බියගුළු වැඩක් කළේ නැත. ඇයට වුවමනා වූයේ මුලින්ම තමන්ගේ භාරයේ සිටින මගීන් සියලූ දෙනාම මුදවාගෙන තමන්ගේ පණත් බේරාගැනීමය. බොරුවට සඟරාව කියවමින් සිටි මගියාද වහාම තමන් ඉගෙනගත් දේ ක්‍රියාවට නගමින් එතන තිබු හදිසි දොරටුව හැර රබර් දෝනාව බිමට හැලූවේය.

වෙඩි  නොවැදුණ මගින් 50ක් පමණ විගස එතනින් පහළට පැන පණ බේරාගත්හ.

තමා භාරයේ ඇමෙරිකාවේ දෙමව්පියන් කරා යමින් සිටි දරුවන් දෙදෙනෙකු (unaccompanied children) වෙඩි පහරවලින් බේරාගැනීමට  ඇය තම ඇෙ`ගන් ආවරණය කර ගත්තාය. ගුවන් යානාවේ පසුපසේ සිට අඳුරේ හැමතැනටම වෙඩි තබමින් ඉදිරියට ආ ත්‍රස්තවාදීන් නීර්ජා භානොට් යානාවේ හදිසි දොරටුව  තුළින්  මගීන් එකිනෙකා බැගින් එළියට තල්ලූ කරනවා දැක බලවත් කෝපයට පත් වූහ.

නීර්ජා දෙසට දුව ආ ත්‍රස්තවාදී නායකයා —හැතිරී උඹ අපිව රැවට්ටුවා˜ කියමින් ඇයගේ හිසට වෙඩි වරුසාවක්  එල්ල කළේය.  ඒ සමගම පාකිස්තාන් කොමාන්ඩෝ භටයන් යානය තුළට කඩා වැදුණෝය. ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.  ඒ වනවිටත් ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරින් අහිංසක මගින් 19 දෙනෙකු මරු වැලඳ ගෙන සිටියහ. නීර්ජාට පිංසිදුවන්නට මගින් 359කගේ  ජීවිත එදා බේරු‚. 

  නමුත් එසේ බේරුණ මගීන්, ආරක්ෂක හමුදා නිලධාරීන් හා පාකිස්තාන් හා ඉන්දියානු රජයන් බලවත් ලෙස ශෝකයට පත් කරති. වීර නීර්ජා භානොට් ගුවන් සේවිකාව රෝහලට ගෙන යනවිටත්  ජිවිතයෙන් සමුගෙන තිබු‚.Image result for neerja bhanot air hostess

ගුවන් යානා ඉතිහාසයේ විශිෂ්ටතම වීරවරිය වූ නීර්ජා භානොට්ගේ අවමගුලට  ඉන්දියන් අගමැති,  ජනාධිපති, පාකිස්තාන් විදේශ ඇමැති ඇමෙරිකා තානාපති ඇතුළු  විසිදහසක පමණ පිරිසක් සහභාගි වූහ. ලෝක ජනමාධ්‍ය  ඇගේ නිර්භීතකම් හා වීරත්වය අගය කරමින් දීර්ඝ ලිපි පළ කළෝය. 

මරුවා තමන්ට අත වනද්දී තම සේවයේ වගකීමත් මානුෂික යුතුකමත් නිර්භයව ඉටුකරමින් මගීන්ගේ ජිවිත බේරාගැනීමට ගොස් තම දිවිය පුද කළ නීර්ජා භානොට්  වීරවරිය මුළු ලොවටම ආදර්ශයක් යයි නිව්යෝක් ටයිම්ස් පත්‍රය විශේෂ කතුවැකියකින් කියා සිටියේය.

ඇය වෙනුවෙන් පුද කෙරුණු ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වූ අශෝක චක්‍රය ඇයගේ පියා භාර ගත්තේ කඳුළු සලමිනි. නීර්ජ භානොට් වෙනුවෙන් විශේෂ අනුස්මරණ මුද්දරයක්ද නිකුත් කරමින් ඉන්දියාව ඇයට තවත් ගෞරව දැක්වූ අතර පාකිස්තාන් රජයද ඇයට වීර සම්මානයක් පුද කෙරුවේය.

ඇමෙරිකාව පිරිනැමූ Justice for crimes නීර්ජා භානොට් වෙනුවෙන්  භාර ගත්තේ ඇයගේ සොහොයුරායි. එපමණක් නොව මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද 2016දී ඇයට භාරත් ගෞරව වීර සම්මානය පිරි නැමුවේය.

ගුවන් සහායිකාවන් තම දිවි පරදුවට තබා හෝ මගින් බේරාගන්න පිරිසක් බව Jane Harrison ෙජ්න් හැරිසන් හා නීර්ජා භානොට් එදා මුළු ලොවටම පෙන්නුම් කළේය.

ඒ නිසා ඔබ අද හෙට ගුවනේ යන්නට ලෑස්ති වෙනවා නම් මෙය සිහිතබා ගන්න. ගුවන් සහායිකාවන් යනු ඔබට ලස්සන බැලීමට ගුවනේ සිටින බෝනික්කන් පිරිසක් නොවේ.

එසේම ඔවුන් ඔබේ බැලමෙහෙවරේ යෙදෙන දාසියන් ද නොවේ. ගුවන් සහායිකාවන් සේවයේ යොදා තිඛෙන්නේ ගමනාන්තය දක්වා ඔබ හා අනිත් මගීන්ගේ ආගන්තුක සත්කාරයේ යෙදීමටය. ඔබව ආදරයෙන් ගුවනේදී රැකබලා ගැනීමටය.
එම නිසා ගුවනේ යන ඔබ නිතරම ගුවන් සහායිකාවන්ට විනීතව කතා කළ යුතුය. වාද නොකර ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය. ඔවුනට කීකරු විය යුතුය.

  හොඳට මතක තබා ගන්න හදිසි අවස්ථාවකදී තම පණ නල පුද කරමින් හෝ ඔවුන් ඔබගේ ජීවිතය රැක ගන්නවා ඇත.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන