කතරගම දෙවියන් අදටත් වැඩවසනා යැයි සැළකෙන ගුප්ත හාස්කම් පිරුණු කැබිලිත්ත දේවාලය

දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලනඥයන් ධනපතියන් ලොකු මුදලක්‌ වැයකර වන්දනාවේ යන එක්‌ ස්‌ථානයක්‌ වන්නේ ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලයි. මේ හා සමානව අපේ රටේ සල්ලි ඇති පුද්ගලයින් හා දේශපාලනඥයන් බුරුතු පිටින් දෙවියන් වැඳීමට යන ස්‌ථානයක්‌ වන්නේ කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලයයි.
Related image
යාල ජාතික වන උද්‍යානයට අයත් අංක 02 කලාපයේ රමණිය කුඹුක්‌කන්ඔය ආසන්නයේ ඇති මෙම සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය ඈත අතීතයට උරුමකම් කියා පාන ඓතිහාසික ගුප්ත වු ස්‌ථානයකි.

කිසිදු ගොඩනැගිල්ලක්‌ නොමැති මෙම ස්‌ථානයේ අඩි 9 ක්‌ පමණ උසින් යුතු සියඹලා ගසක්‌ පවතින අතර මෙම ස්‌ථානයට ආසන්නයේ ඕකන්ද ඓතිහාසික දේවාලය ද කුමන ජාතික වන උද්‍යානද මායිමේ පිහිටා තිබේ.

නිතර අතුපතු ගෑ පරිදි සකස්‌ වු කුඩා බිම් තිරුවක මෙම සියඹලා රුක හට ගෙන තිබෙන අතර. මෙම සියඹලා ගස මුල් කරගෙන බැතිමතුන් පුද පුජාවන්a සිදු කරති.

කතරගම දෙවියන් ජන සමාජය හ`දුනා ගනු ලබනුයේ දුටු ගැමුණු මහා රජතුමා කතරගම දේවාලය ඉදිකිරීමෙන් පසුවයි.
කතරගම දේවාලය ඉදිකිරීමට පෙර සිටම මෙම අඩවිය කතරගම දෙවියන්ගේ අණසක පැතිර තිබූ බිමක්‌ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි.

කැබිලිත්ත භූමිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ මෙහි ඇති ගුප්ත වූ හාස්‌කම් රැසක්‌ හේතුවෙනි. 1602 දී අප දිවයින ආක්‍රමණය කළ ඕලන්දක්‌කාරයින් විසින් දේවාල පන්සල් කොල්ලකමින් දේශිය උරුමයන් වනසමින් සිටි සමයේ දී කතරගම දේවාලයේ වස්‌තුව රැක ගැනිමට පාරම්පරික කපුවරුන් සිය දිවිහිමියෙන් ක්‍රියා කරනු ලැබීය. ඕලන්දක්‌කාරයින් රුහුණු ප්‍රදේශයට පැමිණීම නිසා දේවාලයේ රහසිගත වු වස්‌තුන් සියල්ල රැගෙන කපුමහත්වරුන් මෙම සියඹලා දේවාලය පිහිටි භූමියට පැමිණියහ.

කැබිලිත්තට පැමිණි කපු මහත්වරුන් ඔවුන්ට නෑකම් කියන කැබිලිත්තේ රාළ නම් පුද්ගලයකුට දේවාලයේ වටිනා වස්‌තුව රැක දෙන ලෙස ඉල්ලා දෙවියන්ගේ වස්‌තුව අසළ සියඹලාගස්‌ බෙනයක්‌ තුළ ස`ගවා උදේ සවස පුජා වර තුනක්‌ කළ බව පැවසේ.

කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැ`ද හීsලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ. උඩු රැවුලක්‌ ඇති මෙම කැබිලිත්ත රාළ දෙවියන්ගේ වස්‌තුව රැක ගෙන මාස කීsපයක්‌ මෙම ස්‌ථානයේ සියඹලා ගසට පුද සත්කාර කරමින් දෙවියන්ගේ වස්‌තුව රැක ගනු ලැබීය. මේ අතරතුර පානම ප්‍රදේශයට ඕලන්දක්‌කාරයින් පැමිණියේ විශාල පිරිසක්‌ සම`ගයි.

දේවාලයේ වස්‌තුව ඇති ස්‌ථාන සොයමින් පැමිණි ඕලන්දක්‌කාරයින් මෙම සියඹලා ගස පිහිටි ස්‌ථානයට ද පැමිණි අතර ඕලන්දක්‌කාරයින් 10 දෙනෙකු සමග තියුණු සටනක්‌ කරන්නට කැබිලිත්තේ රාළට සිදුවිය. ඔහු තනිවම තියුණු සටනක්‌a කර ඕලන්දක්‌කාරයන් මරා දැමිSsය. සටනේ දී සිදු වු තුවාල නිසා කැබිලිත්තේ රාළ මරණාසන්න තුවාල ලබා මෙම ස්‌ථානයේ දී මිය ගිය අතර මිය යන මොහොතේ තමන් කුමන හෝ බළවේගයකින් කතරගම දෙවියන්ට අයත් වස්‌තුව

රැක ගන්නා බවට කළ ප්‍රාර්ථනයක්‌ නිසා කැබිලිත්තේ රාළ මිය යැමෙන් පසු අදෘෂ්‍යමාන බළවේගයකින් මෙම භූමියේ අරක්‌ගෙන සිටින බව පැවසේ.Image result for කැබිලිත්ත දේවාල

කතරගම දෙවියන්ගේ වරම් ගෙන මෙම ප්‍රදේශයේ සැරිසරන කැබිලිත්තේ රාළ මිය ගිය පසුව දේවාලයේ වස්‌තුව නැවත කතරගම පාරම්පරික කපුවරුන් පැමිණ රැගෙන ගොස්‌ දේවාලයේ තැන්පත් කළ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි. පසුව මිය ගිය කැබිලිත්ත රාළගේ නමින් මෙම අඩවිය නම් කරනු ලැබිය.

එතැන් සිට මෙම සියඹලා ගස පිහිටි භුමිය ඓතිහාසික භුමියක්‌ ලෙස පැරන්නන් නම් කරනු ලැබීය. මෙහි නොපෙනෙන දේවාලයක්‌ද පවතින බව ජනප්‍රවාදයේ එන අතර මහා හාස්‌කම් රැසක්‌ පවතින කිසිදු නිදන් සොරකුගේ ඇසට නොපෙනෙන තළගුලු වෙහෙර සහ නිල් මානෙල් පැළැස්‌සද මෙම භූමියේ පිහිටා ඇති බව පැරන්නන් පවසයි.

කතරගම දෙවියන් භාවනානු යෝගීව වැඩ වසන භූමියක්‌ ලෙස මෙම දේව අඩවිය හඳුන්වනු ලබයි. මෙම භූමියට අතීතයේ දී හේන් ගොවියන් තම අස්‌වැන්න නෙලා ලබා ගත් අලුත් බව භෝග ගෙන පුද පූජාවන් තැබීමට පැමිණි අතර වනයේ දඩයම් කිරීමට එන දඩයම්කරුවන් දෙවියන්ට මස්‌ තළප තබා පුද සත්කාර කළ බව පැවසේ. Related image

මෙම සියඹලා දේවාලය අවට විශාල බෝධියක්‌ද පවතින අතර මේ වටා ඇති වනයේ වෙහෙර විහාර රැසක නටබුන් රැසක්‌ අදත් දක්‌නට ලැබේ. 1818 ඌවේ කැරැල්ල සමයේ දී වීරකැප්පෙටිපොල නිළමේතුමන්ද මෙම ස්‌ථානයට පැමිණ පුද පූජාවන් තබා දේව ආශිර්වාදය ලබා ගත් බව ඉතිහාසයේ කියවේ. ජනයාගෙන් වෙන් වූ මෙම භූමියට එදා ඉ`දහිට ගැමියන් පැමිණි අතර වසර 30 ක්‌ යුද්ධය පැවතිSsමත් සම`ග මෙම ඓතිහාසික භූමියට කිසිවකු පැමිණ නොමැත.

යුද්ධය අවසන් වීමත් සමග මෙම ඓතිහාසික භූමියට භූතයින් අරක්‌ගත් පරිදි විවිධ පුද්ගලයන් පැමිණිSsමත් සමග නිසලව පැවති භූමිය විවිධ අයුරින් අපවිත්‍ර වීමත් , දේශපාලනඥයන් විසින් තම නම්, ගම් ගසා ගෙන දේව පිළිම, පහන්, මල් ආසන ඉදි කිරීමත් සම`ග තිබු ගෞරවාන්විත බව නැති කර දමා තිබේ. මෙයට අමතරව ගං ඉවුරු තුළ වැසිකිළි සෑදීමත් සම`ග විශ්‍රාම ශාලා ස්‌වරූපයක්‌ මෙන් පරිසරය හැඩ ගැසුණු අතර කැබිලිත්ත දේවාලයට දඹදිව සංචාරකයන් ව්‍යාපාරයක්‌ මෙන් විවිධ පුද්ගලයන් විසින් සංචාරක නඩ සුදානම් කරමින් සුදුස්‌සන් මෙන්ම නොසුදුස්‌සන්ද රැගෙන පැමිණියහ.

මෙම දේවාලයට පැමිණීමට මාර්ග තුනක්‌ පවත. යාල අංක 02 ඔස්‌සේ මැණික්‌ ග`ග තරණය කර පැමිණිය හැකි අතර, ගල්ගේ මුර පොළ අසළින්ද කොටියාගල කුමණ ප්‍රදේශයෙන් ද මෙම භු+මියට පැමිණීමට හැකි මාර්ගවේ. දැඩි ලෙස දුෂ්කර වු මංමාවත් පසු කර ගෙන පැමිණිය යුතු මෙම වන්දනා ගමන සඳහා විශාල මුදලක්‌ වැය වේ.

එක්‌ ජීප් රථයක්‌ ස`දහා රුපියල් තිස්‌පන්දාහත් – හතලිස්‌දාහත් (35000 – 4000ත් ) අතර මුදලක්‌ අය කරනු ලබන අතර ගමනට ජීප් රථ දෙකක්‌ යැමට සිදුවන්නේ ම`ගදී හමුවෙන ජලය පිරි ආරවල්, මඩවළවල් තරණය කිරීම ස`දහායි.Image result for කැබිලිත්ත දේවාල

මේ වන විට කතරගම මූලික ප්‍රධාන දේවාලය අමතක කර දැමු බොහෝ පිරිසක්‌ මෙම උතුම් භූමියට පැමිණීsම දැඩි ලෙස වැඩි වී ඇත. පැමිණෙන පිරිස්‌ අතර ශ්‍රද්ධාවෙන් පේවී එන අයද, විනෝද සංචාරයන් ලෙස පැමිණෙන අයද සිටින අතර මෙසේ පැමිණි පිරිස්‌ අතරින් වැඩි පිරිසකට සෙතක්‌ වුවාට වඩා අවැඩක්‌ වු අවස්‌ථා රැසක්‌ පවතීs.

අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක්‌ බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක. භාවනානු යෝගී ස්‌වාමීන් වහන්සේලා සිටින ආරණ්‍යකට අප යන විට දීs නිශ්ශබ්දතාව රකිමින් පියමන් කරමින් පරිසරයටවත් නොදැනෙ ලෙස ගමන් කළ යුතු වේ. එවැනිම අයුරින් පැවතිය යුතු පරිසරයක්‌ වු මෙම බිමේ විවිධ පැතිවලින් පැමිණ පුද පුජාවන්a තබා මුදල් උපයන හොර කපුවන් පිරිසක්‌ද නිතරම පැමිණ අධික ලෙස මුදල් ඉපයීsම පටන් ගෙන ඇත. මෙම ස්‌ථානයේ සිටින අදෘෂ්‍යමාන දේවතාවන්ගෙන් උදහසට ලක්‌ව පීඩා විඳීන විශාල පිරිසක්‌ ද සිටිති .

මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට ද`ඩුවම් දීමට නිතරම ජීවමානව පෙනිsSs සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙන අතර මෙම ස්‌ථානයේ විවිධ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලැබූ ඉදිකිරීම්, පහන් පැල සු`ඵ වේලාවකින් මෙම අලින් පැමිණ බිමට සමතලා කරනු ලබන්නේ නැවත කිසිදු අයුරකින් ඉදිකිරීමක්‌ සිදු කරන්නට ඉඩ නොතබමින්ය.

මේ වන විට මෙම පුදබිම ආසන්නයේ යුද හමුදා ක`දවුරක්‌ද ස්‌ථාපිත කිරීම නිසා පුදබිම යන්තම් හෝ බේරී පවති. කාන්තාවන්ට කිසිදු අයුරකින් මෙම සීsමාවට පැමිණීමට ඉඩ නොදෙන අතර කාන්තාවන් සම`ග පැමිණි බොහෝ පිරිසකට හිරිහැර සිදුව තිබේ.

කුමන පුද්ගලයකු පැමිණිය ද දේව අඩවියේදී පරිසරයට සතා සිවුපාවට කරුණාව දැක්‌වීමට පැමිණෙන බොහෝ අය ක්‍රියා කරනු ලබන අතර මෙම සීsමාවේදී වැරදි කළ අයට ක්‍ෂණිකව ලැබුණු ද`ඩුවම් පිළිබ`දව උදාහරණ කිSපයක්‌ මෙහි පහත දැක්‌වේ. නැසිSගිය ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතා දැව සංස්‌ථාවේ සභාපතිව සිටි සමයේදී මෙම කුමණ ප්‍රදේශයට පැමිණි ඔහුගේ හිතවතෙතු වු ගුවන් විදුලි හා සිනමා පට අධ්‍යක්‍ෂකවරයකු මෙම දේව අඩවියේ දී වනයේ වටිනා කලුවර ගස්‌ කපා රැගෙන යන්නට සුදානම් කරනු ලැබිය. මෙම අධ්‍යක්‍ෂකවරයාට සිදු වු දෙය අදටත් සොයා ගැනීsමට නොහැකි පරිදි ඔහු අතුරුදහන් විය.

1978 වසරේ දී මෙම අඩවියට පැමිණි වන ජීවි අඩවි නිලධාරියකු (මුස්‌ලිම් ජාතිකයකු) වැලි කුකුළෙකුට වෙඩි තබා මරා මස්‌ කෑමට සැරසෙද්දී ලේ බඩ යමින් රෝගාතුරවිය. ඔහු වහා ජීප් රථයට දමා ගනු ලැබූ අවස්‌ථාවේදී ජීප්රිය ගිනිගනු ලැබීය.

මේ රාජගිරිය ප්‍රදේශයේ සිට පැමිණි බැතිමතෙකු වන දිලූම් රණසිංහ මහතා පැවසු අපූqරු සිදුවීමකි. මම වසර 03 ක්‌ තුළ මෙම භූමියට 05 වතාවක්‌ පැමිණියා. අපි එන්නේ මස්‌පිළීs නොකා ඉ`දලා පේවිලා. අපි කණ්‌ඩායමක්‌ ආවා.ආපු පිරිසෙන් එක්‌ අයෙක්‌ කතරගම දී බිත්තර ආප්පයක්‌ කාලා තිබුණා. අපි දේව අඩවියට ආවා. මම කිව්වා කවුරු හරි හරියට පේවෙන්න බැරි වුණානම් එන්න එපා පිරිසිදුව ආපු අය ගඟෙන් නාලා දේව අඩවියට පය තබන්න කියලා.

ඒත් බිත්තර ආප්ප කාපු එකා තමන්ට සිදුවූ වරද කිව්වේ නැහැ, අපි බනියි කියලා. මෙයත් දේව අඩවියට ආවා පස්‌සේ ටික වෙලාවකින් මේ පුද්ගලයා දුවනවා දැක්‌කා. මහා හයියෙන් කෑ ගැහුවා. මම බැලුවා මොහු බඩ අල්ලන් කෑගහනවා. බඩඑළියත් දිගටම යනවා. මම අසමෝදගම් ටිකක්‌ දුන්නා. ඒත් අඩුවක්‌ වුණේ නැහැ.

මම ඇහුවා මොනාද කෑවේ කියලා. බිත්තර ආප්පයක්‌ කැවුණා කියලා කිව්වා. මම එයා ගේ අතින් ප`ඩුරක්‌ ගැට ගහලා බාරයක්‌ වුණා. ඒත් මෙම පුද්ගලයාගේ කෑගැසීsම අඩු වුණේ නැහැ. අපි පූජාව කරන්න ඕනි නිසා අපේ වැඩ කර ගෙන ගියා.Image result for කැබිලිත්ත දේවාල

පුජාව ඉවර වෙලා එනකොට කෑගහපු මිනිහා හො`දටම නිදි. උදෙන්ම නැ`ගිටලා බඩේ අමාරුව හැදුණු පුද්ගලයා මගෙන් ඇහැව්වා, අනේ අයියේ ඔයාට ගොඩක්‌ පිං. මම හිතුවේ මම මැරෙයි කියලා මට මොනාද අර දුන්න ගුළි කියලා ඇහැව්වා මමත් පුදුම වුණා. මම එහෙම බෙහෙතක්‌ මෙයාට දුන්නෙ නැහැ. එයා ඒක පිළිගත්තෙම නැහැ. මම විදිහට පැමිණිලා ඒ බෙහෙත දුන්නෙ කතරගම දෙවියෝ බව පස්‌සේ අපිට වැටහුණා.

තව දිනක්‌ කතරගම පූජකවරයෙක්‌ සමග පැමිණි බැතිමතකු මෙම ස්‌ථානයේ ඇති ගුප්ත බව තේරුම් ගෙන සිය කරේ තිබු රන් මාලය සියඹලාගසට පැළඳුවා. පූජාව අවසන් වූ පසුව කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පුද්ගලයකු මෙම රන් මාලය කිසිවකුටත් නොදැනෙන්න රැගෙන සිය නිවසට ගියා. සිය බිරිදගේ ගෙලට දමා ලස්‌සන බැලූ මෙම පුද්ගලයාට උදෑසන දක්‌නට ලැබුණේ තමන් ජීවන උපායන මාර්ගය සිදුකර ගෙනගිය ලක්‍ෂ ගණනක බඩුත් සමඟ ගිනිගෙන අළු වී ඇති අයුරුයි.

කේ. ඩී. දේවප්‍රිය