පාලකයන්ගේ දුර්වලකම් නොතිබුණානම් අද අපේ රට ගුවන්යානා හදලා විකුණනවා -ආචාර්ය රේ.විජයවර්ධන

ලාංකීය ශිෂ්ටාචාරයේ වසර 2500ක ලිඛිත ඉතිහාසයක්‌ අප සතු ව පවතී. ඉන් ඔබ්බට විහිදුණු ඉතිහාසය පිළිබඳ හෝඩුවාවන් පුරාවෘත, සෙල්ලිපි මගින් හෙළි කරයි. පොදුවේ ගත් කල මේ ප්‍රෙෘඪ ඉතිහාසය තුළ ලොව මවිත කළ ඉංජිනේරු තාක්‌ෂණයක්‌, වෛද්‍ය විද්‍යාවක්‌ ඇතුළු තාක්‌ෂණික ක්‍රමවේදයන් අප රට තුළ පැවතිණි. දිවයින පුරා විවිධ යුගයන්ට අයත් ඉපැරැණි ගෘහ නිර්මාණ, වාරි ඉංජිනේරු තාක්‌ෂණ, කෘෂිකර්මාන්ත, සහ කලා ශිල්ප මේ පිළිබඳ සාක්‌ෂි දරයි. පසුකාලීනව අධ්‍යාපන ක්‌ෂේත්‍රය පුළුල් වීමත් සමග නව නිර්මාපණකරුවෝ සහ චින්තකයෝ සමාජයේ විවිධ ස්‌ථර තුළින් බිහි වූ හ.Related image

එහෙත් “ලොවෙන් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත” යන වැකියට අභියෝග කළ හැකි පුද්ගලයන් බිහි වන්නේ ඉතා කලාතුරකිනි. එවැන්නන් කුමන ක්‌ෂේත්‍රයකින් බිහි වුවත් ඔවුන් රටකට මෙන්ම ලෝකයට ද අමිල සම්පතකි. මෑත කාලය තුළ ඉංජිනේරු ක්‌ෂේත්‍රය තුළ බිහි වූ එවැනි විද්වතකු ලෙස දේශමාන්‍ය, විද්‍යාජෝති ආචාර්ය රේ විඡේවර්ධනයන් ප්‍රකට චරිතයකි.

විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධනයන් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයන් බොහොමයකි. ඊට හේතුව ඔහු පෞද්ගලික ප්‍රසිද්ධිය පිළිබඳව උනන්දු නොවූ බැවිනි.එහෙත් දියුණුව ප්‍රාර්ථනා කරන අයට ඔහු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන්නේය. වඩාත් වැදගත් වනුයේ ඔහුගේ දැනුම සහ විද්‍යාවට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ “රේ” නමිනි.

ඔහු ගේ සම්පූර්ණ නම පිලිප් රේවත විඡේවර්ධන ය. එතුමා මෙලොව උපන්නේ 1924 අගෝස්‌තු 24 වැනි දා ය. එතුමා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයයෙන් සහ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයයෙන් හැදෑරූ අතර උසස්‌ අධ්‍යාපනය හදාරන ලද්දේ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයෙනි. ඔහු උසස්‌ අධ්‍යාපනය හදාරන ලද්දේ ගගන විද්‍යාව (Aeronautics), කෘෂිකර්මය (Agriculture) සහ යාන්ත්‍ර විද්‍යාව (Machanics) යන ඉංජිනේරු විද්‍යාවේ ප්‍රධාන කොටස්‌ 3ක්‌ මුල් කරගෙන ය. ඊට අමතරව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් හාවඩ් ව්‍යාපාරික පාසලෙන් ලබාගැනීමට ද හේ සමත් විය.

ආචාර්ය රේ. ගේ පියා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරු වෛද්‍ය ඩී. විජයවර්ධන මහතායි. ආචාර්ය රේ. ගේ අධ්‍යාපනය සහ රැකියාවට මුල් පසුබිම සලසනු ලැබූයේ පියා විසිනි. මව ඉංගිරිසි ජාතික කාන්තාවකි.ඇය ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ආචාර්ය රේ. ගේ විනය හා කාර්යක්ෂම බවට මවගේ බලපෑම බෙහෙවින්ම විය. ඇය එවකට බෝපිටිය සහ ගිරිඋල්ල අතර, අසුපිටින් ගමන් ගනිමින් ගම්වාසීන්ට නොමිලයේ ප්‍රතිකාර කළාය.

උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු තම ජීවිත කාලය ම කැප කලේ ගගන විද්‍යාවේ සහ කෘෂිකර්මයේ විවිධ මානයන් පුළුල් කිරීම උදෙසා ය. ගගන විද්‍යාව තුළ ඔහු පෑ දස්‌කම් කිසිසේත් ම සුළු කොට තැකිය නොහැකි ය. ගුවන් යානා නියමුවකු ලෙස ඔහු බලපත්‍රයක්‌ ද ලබාගෙන තිබූ අතර, ජලය මත සිට ගුවන් ගත කළ හැකි සහ ජලය මත ගොඩබැස්‌විය හැකි ආකාරයේ ගුවන් යානාවක්‌ (A sea plane) පවා නිර්මාණය කිරීමට ඔහු සමත් විය. එමෙන් ම කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ උන්නතිය උදෙසා එතුමා කළ පර්යේෂණ සහ නව සොයාගැනීම් අදටත් ලොව පුරා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වේ.

ආචාර්ය රේ. විජයවර්ධන, වරෙක මොරටුව සරසවියේ කුලපතිවරයා වූ අතර තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ද විය. පොල් පර්යේෂණ ආයතනයේ වසර 50ට වඩා පර්යේෂණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ඔහු සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික විද්‍යා සභාව, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහුගේ සේවය ලැබූ ආයතන කිහිපයකි.

රෝද දෙකේ ට්රැක්ටරය

ලෝකයට රෝද දෙකේ ට්‍රැක්ටරය හඳුන්වා දුන්නේ ඔහුයි. රෝද හතර ට්‍රැක්ටරය අභිබවා රෝද දෙකේ ට්‍රැක්ටරය බිහිකිරීම ඔහුගේ විශිෂ්ට කාර්මික ඥානයේ ප්‍රතිඵලයකි.
ඔහු කුඩා කාලයේ බෝපිටිය අසල කුඹුරුවල මී හරකුන් පසුපසින් යමින් සී සෑම් කළ ගොවීන් දෙස බලා සිටියේය. ඔවුන් එහෙ මෙහෙ සහ ඇවිද යන දුර පිළිබඳව කල්පනා කළේය.

Image result for රේ විජේවර්ධනගේ පසුව ඔහු බෝපිටිය ගමේ කම්මලට ගියේය. එහි සයිමන් බාස් උන්නැහේ හමුවිය. ඔහු අතින් ඉතා සරල රෝද දෙකක් සහිත “ලෑන්ඩ් මාස්ටර්” නම් ට්‍රැක්ටරය බිහිවිය. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඉන්පසුව, එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. එම අධ්‍යාපනය ලැබුවේ මොරටුව තාක්ෂණික විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය කරා ගියේය. එහිදී ඔහුගේ ගුරුවරයා වූයේ ආචාර්ය “එඩ්මන්ඩ් ඩී.බෝනෝ” ය. එහිදී ඔහුට වර්තමානයේ අන්තර්ජාතික ට්‍රැක්ටර් නිෂ්පාදනයේ දැවැන්තයින් වන “හෙන්රි ෆර්ගියුෂන්” වැනි අය ඇසුරු කිරීමට ලැබුණි.

එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසුව, ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්වූයේ ඔහු විසින්ම පැදවූ සැහැල්ලු ගුවන් යානයකිනි. එය, එවකට මිසරය (වර්තමාන ඊජිප්තුව) හරහා ඉන්දියාවේ, මදුරාසිය කරා තනිවම ළඟා විය. එම ගුවන් යානයෙහි කොම්පාසුව හැර වෙනත් උපකරණ නොවීය. මදුරාසියේ දී එම ගුවන් යානය විකුණා ලබාගත් මුදල් ටික ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඉංජිනේරු පර්යේෂණ කටයුතුවල දිගටම නියැලුණේය. ඒ අනුව මුලින් කී රෝද දෙකේ ට්‍රැක්ටරය බිහිවිය.Image result for රේ විජේවර්ධනගේ

ඔහු ගේ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස 1955 වර්ෂයේ දී ලොව ප්‍රථම රෝද දෙකේ අත් ට්‍රැක්‌ටරය නිෂ්පාදනය කිරීමේ භාග්‍යය ඔහුට හිමි විය. ඔහු ගේ මේ නව සොයාගැනීම ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයන්හි කෘෂිකාර්මික රටවල ඉතා කෙටි කලකින් අතිශයින් ම ජනප්‍රිය තත්ත්වයට පත් විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ අත් ට්‍රැක්‌ටර් නිෂ්පාදන කර්මාන්තායතනයක්‌ මහා පරිමාණයෙන් මේ නව අත් ට්‍රැක්‌ටරය නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ය. කෘෂිකාර්මික කටයුතුවල දී වැය වන කාලය සහ ශ්‍රමය යම් මට්‌ටමකින් අඩු කිරීමට මේ නව නිෂ්පාදනය හරහා හැකි වූ අතර එය එම කාලවකවානුවේ දී ලොව පුරා ඇති වෙමින් පැවැති හරිත විප්ලවය සඳහා ද වැදගත් රුකුලක්‌ විය.

සැහැල්ලු ගුවන් යානා

ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. වඩාත් වැදගත් වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

Image result for ‘‘ගොවිතැන මගේ ජීවනෝපායයි. ගුවන්යානා මගේ විනෝදාංශයයි’’
Young Ray Wijewardene during his Cambridge flying days in the 1940s

එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා අප රටට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේයImage result for රේ විජේවර්ධනගේ

Image result for රේ විජේවර්ධනගේ
Ray Wijewardene flies over Sri Lanka in one of his own light aircraft during 1980s

කෘෂිකර්ම ක්ෂේත්‍රයට

එහෙත් පසු කලෙක චින්තකයකු ලෙස ඔහු හරිත විප්ලවය දෙස බැලුවේ වෙනත් කෝණයකිනි. 1940 දශකයේ දී පමණ ඇරඹි හරිත විප්ලවයේ මූලික අරමුණ වූයේ වර්ධනය වෙමින් පැවැති ලෝක ජනගහනයට අවශ්‍ය කරනු ලබන ආහාර නිෂ්පාදනය වැඩි කිරීම ය. ඒ සඳහා සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස්‌ අධික ප්‍රමාණයෙන් කෘෂි රසායන සහ පොහොර වර්ග භාවිත කිරීම දිරිගන්වන ලදී. එහෙත් මෙලෙස අධික ලෙස කෘෂි රසායන සහ පොහොර භාවිත කිරීම හරහා අධික ලෙස අස්‌වැන්න වැඩි වුව ද, වගා ක්‌ෂේත්‍රය තුළ පාරිසරික සමතුලිතතාව බිඳ වැටීමට ලක්‌ වන බව හෙතෙම දැඩි ලෙස අවධාරණය කළේ ය.

මේ ආකාරයෙන් මත ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු බහු ජාතික පොහොර සමාගම්වල දැඩි දෝෂ දර්ශනයට පවා ලක්‌ වන්නට එතුමාට සිදු විය. එහෙත් එතුමා තුළ එදා වූ ගැඹුරු දැක්‌ම අප රට තුළ පමණක්‌ නො ව ලොව පුරා කෘෂිකාර්මික රටවල අද විද්‍යමාන වෙමින් පවතී. ලංකාවේ මධ්‍ය කඳුකර කෘෂිකර්මාන්ත ආශ්‍රිත ප්‍රදේශ වන හපුතලේ, වැලිමඩ ප්‍රදේශවල හඳුනා නො ගත් මරණත් රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝග සඳහාත් වගඋත්තරකරුවා ලෙස කෘෂිකර්මාන්තයේ දී භාවිත කරනු ලබන පොහොර සහ කෘෂි රසායන බලපාන බවට මතයක්‌ පවතී.

ආචාර්ය රේ. හට ගුවන් ක්ෂේත්‍රයේ සුදුසු රැකියාවක් ලබා ගත නොහැකි විය. ඔහුගේ පියා කියා සිටියේ “පුතේ ඔබට රට වෙනුවෙන් කළ හැකි දෙයක් තිබෙන බවයි” ඒ අනුව ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු නයිජීරියාවේ පිහිටි අන්තර් ජාතික නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ ආයතනයට සම්බන්ධ විය. එහිදී නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ අතර, ”Conservation Farming” (සංරක්ෂණ ගොවිතැන) කෘතිය ලිව්වේ ය.

Related image
Industrial Agriculture Advocates Say Organic Farming Cannot Produce Enough Food for 7 Billion People. A Group of Rice Farmers in the Philippines is Proving Them Wrong.

ඉන් පසුව කෘෂිකර්ම ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කිරීමටත්, තිරසාර කෘෂිකර්ම පදනමක් ඇති කිරීමටත් කටයුතු කළේ ය. බොහෝ වගා ක්ෂේත්‍රවල අස්වැන්න නෙලීම සඳහා වන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කළේ ය. අනෙක් අතට, අවම සීසෑම (Zero Tillage) සහ සරල වල් පැළෑටි මර්දන ක්‍රම හඳුන්වා දුන්නේ ය. ඉංජිනේරු විෂය ක්ෂේත්‍රය සහ කෘෂිකර්මය එකට ප්‍රගුණ කළ පුද්ගලයින් අතලොස්සකින් ආචාර්ය රේ. ප්‍රමුඛ විය.

ඔහු රසායනික පොහොර සහ කෘෂි රසායන අධි භාවිත කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‌ෂේප කළ අතර ඒ වෙනුවට පරිසර හිතකාමී චිරස්‌ථායී කෘෂිකර්මාන්තය (Ecologically Sustainable Agriculture) ප්‍රචලිත කිරීමට දායක විය. කෘෂිකාර්මික වගා බිම් විධිමත් ලෙස සකස්‌ කිරීම සහ කාබනික පොහොර භාවිතය තුළින් අස්‌වැන්න ප්‍රශස්‌ත මට්‌ටමකට ළඟා කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. කඳුකර ප්‍රදේශවල බෑවුම්වල වගා කිරීමේ දී හෙල්මළු ක්‍රමය භාවිත කිරීම, වගා ක්‌ෂේත්‍රයේ පාංශු ඛාදනය වැළැක්‌වීම සඳහා උස්‌ ශාක සිටුවීම වැනි ක්‍රම මගින් පරිසර හිතකාමී චිරස්‌ථායී කෘෂිකර්මාන්තයක්‌ ගොඩනැඟිය හැකි බැව් ඔහු පෙන්වා දුන්නේ ය.

දේශීය බලශක්ති සංවර්ධනය

ගගන විද්‍යාව සහ කෘෂිකර්මාන්ත ක්‌ෂේත්‍රයට අමතරව බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ද මනා නිපුණත්වයක්‌ සහ දැක්‌මත් පැවැති චින්තකයකු ලෙස ආචාර්ය රේ හඳුන්වා දිය හැකි ය. ඔහු විසින් දර (Firewood) භාවිතයෙන් විදුලිය ජනනය කළ හැකි ද යන්න සාර්ථකව අත්හදා බලන ලදී. මේ ආකාරයේ පර්යේෂණ සඳහා ආරම්භයක්‌ ලබා දුන් ආචාර්ය රේ ගේ සිහිනය යථාර්ථයක්‌ කරමින් ඉදි කෙරෙන බලාගාර (Dendro power plant) මගින් අද වන විට ජාතික විදුලි පද්ධතියට විදුලිය එක්‌ කරනු ලබයි.Image result for රේ විජේවර්ධනගේ

ආචාර්ය රේ. ගේ කාක්කපල්ලිය පිහිටි කොහොඹ වත්තට 1991 දී මා ගිය විට ආනයනය කළ ඩීසල් යෙදූ වාහනයකින් මා පැමිණි බව කියා දෝෂාරෝපණය කළේ ය. ඔහු දේශීය බලශක්ති ක්‍රමය දියුණු කළ යුතු බවට තර්ක කළේ ය. ඉන් වසර 17 ට පසුව රේ. ඇතුළු අප කණ්ඩායම පොල් පර්යේෂණ ආයතනයේ , මූලිකත්වයෙන් වසර 2008 දී දේශීය බලශක්ති ක්‍රම සංවර්ධනය කිරීම උදෙසා වූ ජනාධිපති සම්මානය ද දිනා ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකාව ජාතියක් ලෙස නිදහස ලබා තිබුණ ද, බලශක්තිය වෙනුවෙන් අප රට නිදහස ලබා නොතිබෙන බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබිණි. ඩීසල් කිලෝවක අඩංගු බලශක්තිය දර කිලෝ 4.0 ඇති බව පෙන්වා දෙනු ලැබීය.

එය ගල්අඟුරු වලින් නම් කිලෝ දෙකකි. වසර 2005 දී අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද එය තහවුරු කරන ලදී. ඒ අනුව යමින් ග්ලිරිසීඩියා මගින් විදුලිය නිපදවීමේ තාක්ෂණය දියුණු කර, සනාථ කරන ලදී. එය දැන් දැන් දියුණු වෙමින් භාවිතයට එක් වෙමින් පවතී.

ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවීමටත්, එහි පර්යේෂණ කටයුතු සංවර්ධනය කිරීමටත් ඔහු පුරෝගාමී විය. ආචාර්ය රේ. ට අයත් කාක්කපල්ලිය පිහිටි අක්කර 147 ක් විශාලැති වූ පොල් වත්ත, එකම විශ්ව විද්‍යාලයක් බවට පත් කරනු ලැබීය.

පොල් වගාකරුවකු ලෙස

ඔහු බෙහෙවින් ම පොල් වගාවට ආදරය කළේ ය. වසර 50 ටත් වඩා, පොල් පර්යේෂණ ආයතනයේ, පර්යේෂණ සංවර්ධන වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළේ ය. පොල් ඉඩමක ඉහළ පලදාව මෙන් ම, ඉහළ ලාභයක් ලබා ගැනීමේ ක්‍රම පෙන්වා දුන්නේ ය.

Image result for රේ විජේවර්ධනගේ
Image from the cover of Conservation Farming book by Ray Wijewardene

ආසියා සහ ශාන්තිකර පොල් ප්‍රජාව මඟින් උපහාර, තිළිණ ලැබීය. ආචාර්ය රේ. පසුකාලීනව විවේකීව, මෙන් ම විශාල ජාතික පර්යේෂණ මෙහෙවරක් සිදු කළේ පොල් වගාව මඟිනි. මිහිතලය තුළ වූ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩු කිරීමත්, මිහිතලයේ උෂ්ණත්වය අඩු කිරීම සහ වැඩිපුර හිරු එළිය ප්‍රයෝජනයට ගැනෙන පර්යේෂණ කළේ ය.එහි වැවිලි කර්මාන්තය, තිරසාර කෘෂිකර්මය, දේශීය බලශක්ති උත්පාදනය, පොල් කර්මාන්ත සංවර්ධනය, ජල සංරක්ෂණය යන මේ සියලු අංශ මනාව දැක බලා ගත හැකි අයුරින් ලෝකයේ එකම ආදර්ශන මධ්‍යස්ථානයක් ලෙසට දියුණු කළේ ය.

එහි මූලිකව ඉතා සරු පොල් වගාවකි. පොල් වගාවට, ප්‍රධාන වශයෙන් පොහොර ලබා ගනු ලැබුයේ, කොළ පොහොර ක්‍රමය පදනම් කරගෙන ග්ලිරිසීඩියා කොළ වලිනි. ග්ලිරීසීඩියා දර, ගැසිෆයර් තාක්ෂණය මගින් විදුලිය ජනනය කළේ ය.

එම විදුලියෙන් නිවාස ආලෝක වූ අතර, ජල සම්පාදන පොම්ප ක්‍රියාකර, පොල් වගාවට ජල සම්පාදනය කළේ ය. ඔහුගේ පෞද්ගලික ගමනට යොදාගත් මෝටර් රථය බල ගැන්වූයේ ග්ලිරිසීඩියා දහනයෙන් ලබා ගත් විදුලිය මගිනි.

පොල් ලෙලි වැලලීම වෙනුවට ඉහත කී විදුලි බලයෙන් ඉතා සරල ලෙස පොල් ලෙලි පල් කිරීම වෙනුවට පොල් ලෙලි තෙත් කර කොහු නිෂ්පාදනය කරනු ලැබීය. එමගින් ලැබෙන කොහුබත්, පොල් ඉඩමේ තෙතමනය සහ පසේ සරු බව රැක ගැනීමට යොදා ගැනිණි.මේ සියලු දේ අධ්‍යයනය කිරීමට වගාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආචාර්යවරුන් සහ විද්වතුන් නිතර කොහොඹ වත්තට පැමිණියහ. දේශීය බලශක්තිය සහ කෘෂිකර්මය ආචාර්ය රේ. එක් කළේ ය.

මෙලෙස කෘෂි බලශක්‌ති සහ පාරිසරික ක්‌ෂේත්‍ර වෙනුවෙන් ඔහු සිදු කළ මෙහෙය සහ ඔහු ඇති කළ කතිකාවත අදට ද අප රටට වලංගු වේ. වර්තමානය වන විට අප ශීඝ්‍ර ලෙස යටිතල පහසුකම්හි දියුණුවක්‌ ලැබුවේ යෑයි පාරම් බෑව ද තිත්ත ඇත්ත නම් ඊට සාපේක්‌ෂව රටේ නිෂ්පාදන හැකියාව දියුණු නො වූ බවයි. සරලව පැවසුව හොත් අපි තවමත් ඉතා Rජු ලෙස විදේශයන් ගෙන් ගෙන්වන බඩු භාණ්‌ඩ මත යෑපෙමු. මේ තත්ත්වය එකවර නැති කිරීමට අපට ක්‌ෂණික විසඳුම් නැති බව සත්‍යයකි. එහෙත් ක්‍රමානුකූලව සකස්‌ කළ සැලැස්‌මක්‌ තුළින් මෙය අවම කළ හැකි ය. මේ සැලැස්‌ම රටේ සියලු ක්‌ෂේත්‍ර ආවරණය වන ලෙස සකස්‌ වන සැලැස්‌මක්‌ විය යුතු ය. ආචාර්ය රේ වැනි විද්වතුන් කාලයක්‌ තිස්‌සේ ඇති කළ මතවාද සහ සොයාගැනීම් වැදගත් වන්නේ මෙවන් පසුබිමක ය.Image result for රේ විජේවර්ධනගේ

උදාහරණයක්‌ ලෙස කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය සැලකූ විට කෘෂි රසායන සහ රසායනික පොහොර සඳහා විදේශයන්ට ඇදී යන මුදල් අවම කිරීම සඳහා රේ වැනි විද්වතුන් නිරන්තරයෙන් අවධාරණය කල කාබනික පොහොර ආශ්‍රිත කෘෂිකර්මාන්තය ආදේශ කළ හැකි ය. දේශීය ආහාර ප්‍රයෝජනයට ගැනීමට මහජනතාව පෙලඹවිය යුතු වේ. මන්ද යත් එම ආහාර සඳහා පරම්පරාගතව අපේ ජාන හැඩගැසී ඇති බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් අපේ ජාන විකෘති වීමක්‌ සිදු නො වන හෙයිනි. මෙමගින් බොහොමයක්‌ පිළිකා ඇති වීමේ අවදානම් මගහැරී යන බැව් දැන් සොයාගෙන ඇත.

මෙය බහු ජාතික සමාගම්වලට අනුව ගල් යුගයට යැමක්‌ වුව ද අනාගත පරපුර ණයෙන් මිදවීමට සහ සෞඛ්‍යයෙන් සුරක්‌ෂිත කිරීමට නම් මේ තීරණය ගත යුතු ව ඇත. බලශක්‌ති ක්‌ෂේත්‍රය සැලකූ විට දිනකට ටොන් දහස්‌ ගණනින් එකතු වන කැළි කසළ ද සම්පතක්‌ ලෙස විදුලිය සහ ගෑස්‌ ජනනය සඳහා උපයෝගී කර ගත හැකි ය. මේ සරල උදාහරණ කිහිපයක්‌ පමණි. Image result for රේ විජේවර්ධනගේ

රේ ඇති කළ චින්තනය පරමාදර්ශය කරගත් විද්වත්තු, වෘත්තිකයෝ සහ විද්‍යාඥයෝ අදටත් අප රට තුළ දේශීය ආර්ථිකය නැංවීම සඳහා නිහඩ දායකත්වයක්‌ සපයති. එවැනි චින්තකයන් විසින් ඉදිරිපත් කරනු ලබන නව නිපැයුම්, සොයාගැනීම් සහ සංකල්ප සඳහා රට තුළ ලැබෙන ඇගැයීම පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක්‌ ඇති බව අප පිළිගත යුතු ව ඇත. මේ තත්ත්වය වෙනස්‌ කිරීමට නම් පාලකයන් ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ ආකල්පමය වෙනසක්‌ වෙසෙසින් ම අවශ්‍ය ය.

ආචාර්ය රේ. පිහිනීමට ශූරයෙකු විය. වසර 1968 මෙක්සිකෝවේ පිහිටි ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. වසර 1970 දී යැන්වින් වල පැවති ආසියානු තරගාවලියේ දී පිහිනීම වෙනුවෙන් රිදී සම්මානය, ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

ඔහු සැබැවින් ම ශ්‍රී ලාංකික පුත්‍රයෙකි, පර්යේෂකයෙකි. ප්‍රායෝගිකව සියල්ල ප්‍රගුණ කළ ගුරුවරයෙකි. ඉතා යහපත් උතුම් මිනිස් ගුණාංග සහිත පුරවැසියෙකි.
ඔහු ඉංජිනේරු ශිල්පය අභිබවා, කෘෂිකර්මය ඊට බද්ධ කළේ ය. විද්‍යාවේ අනාගතය දුටුවේ ය. වර්තමාන අපට මෙන් ම අනාගත පරපුරටද යහපත් ක්‍රම හෙළි කර දුන් විද්‍යාඥයෙකි.

හැමදෙයකදිම පිටරට තමයි හොදම දේ, හොදම උගත් තාක්ෂණයෙන් පිරි වැඩිහිටි අය ඉන්නෙත් එහේ සිටියෙත් එහේ කියා.පටු දැනුමින් අන්ධවුණ නූතන පරම්පරාවට මෑත අතීත ලංකාවේ සිටි මෙවන් විශිෂ්ඨයන් පිළිබදව දැනුවත් කිරීම. අපගේ සමාජ වගකීම බව සිතමු.
තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරමු

චන්දිම කසුන් – SL HITZ වෙනුවෙන්

මුලාශය 1 : විදුසර පුවත්පත – දේශීයත්වය උදෙසා රේ බිහි කළ චින්තනය – ප්‍රසන්න කුමාරතිලක/ආචාර්ය මෙත්තිකා විතානගේ
මුලාශය 2 : සිළුමිණ (2010/09/19) – ආචාර්ය එච්.ඒ.ජයන්ත ගුණතිලක