ක්‍රි. ව. 1557 දී ධර්මපාල බෞතීස්‌ම ලැබීම නිසා දෙවන පෑතිස්‌ රජ දවස පටන් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය බුද්ධ ශාසනයට නොලැබී ගියේ

ක්‍රි. ව. 1505 දී අපරදිගින් මෙරටට පැමිණි මුල්ම බටහිර ජාතිකයන් වන පෘතුගීසීන්ගේ ආක්‍රමණකාරී ක්‍රියාදාමය හේතුවෙන් ඇතිවන අභ්‍යන්තර අවුල් වියවුල් නිසා 14 -15 වන සියවස්‌ වල රටේ පැවති සාමකාමී පැවැත්ම ක්‍රමිකව වෙනස්‌ වන්නට විය. විශේෂයෙන්ම දිවයිනේ දේශපාලනික, ආර්ථික හා ශාස්‌ත්‍රීය පරිහානිsයත් සමඟ භික්‍ෂූන් වහන්සේලාගේ තත්ත්වයද දුර්වල වූ බව පෙනේ. ක්‍රි. ව. 1521 දී සිදුවන විජයබා කොල්ලය තුළින් කෝට්‌ටේ රාජධානිය බෙදී යැමෙන් පසුව නිරන්තරයෙන් යුද ගැටුම් හටගත්තේය.

මෙරටට පැමිණි පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජතුමාගේ පක්‍ෂය ගෙන ඔහුගේ සොහොයුරන්ට එරෙහිව සටන් කිරීමට අනුබල දෙන ලදි. එනිසා මෙම වකවානුවේ දී බුදුසමය වේගයෙන් පිරිහිණි. බුවනෙකබාහු රජතුමා කෝට්‌ටේ නගරය තුළ කතෝලික පල්ලියක්‌ ඉදිකිරීමට අවසර දීමෙන් පසු බුදුසමයට අ`දුරු දශාවක්‌ උප්පන්න විය. 7 වන බුවනෙකබාහු රජතුමාට කතෝලික පූජකයන්ගෙන් ලැබුණු බලපෑම මත අනාගතයේ කෝට්‌ටේ රාජ්‍යයට ක්‍රිස්‌තියානි පූජකයන්ට ප්‍රිය මනාප වූ උරුමකරුවෙකු නිර්මාණය කිරීමේ පසුබිම නිර්මාණය කිරීමට ඔවුහු වගබලා ගත්හ.

බුවනෙකබාහු රජතුමා කැළණියේ රජමාළිගාවේ සිටියදී පෘතුගීසි සොල්දාදුවෙකුගේ වෙඩි උණ්‌ඩයකින් මරණයට පත් වූ පසු ඔහු පුත් ධර්මපාල කුමරු බෞතීස්‌ම කරවා පෘතුගාල රජුගේ නියෝජිතයා ලෙස පත් කරන ලදී. මේ හේතු කොටගෙන භික්‍ෂූන් වහන්සේට ද සිංහල බෞද්ධයන්ටද අහිමි වූයේ කෝට්‌ටේ රාජ්‍යයේ අනුග්‍රහයයි.

අසරණ වූ බෞද්ධ ජනතාව සීතාවක රාජධානියේ රැකවරණය පැතූහ. සීතාවක රාජධානියෙන් ද ඔවුන්ට අවශ්‍ය ආරක්‍ෂාව සැළසුණි. කෝට්‌ටේ රාජධානියෙන් පලා ගිය භික්‍ෂූන් වහන්සේලාද සීතාවක රාජධානිය වටා ඒකරාශි වූහ.Image result for පෘතුගීසී

මායාදුන්නේ බෞද්ධ නායකයා වශයෙන් පෙනී සිටිමින් බෞද්ධ පුනරුදයට විශාල මෙහෙවරක්‌ සිදු කළේය. කෝට්‌ටේ රාජධානියේ දළඳා වහන්සේගේ භාරකාරකත්වය ඉසිලූ හිරිපිටියේ රාල විසින් තමා භාරයේ පැවති දන්ත ධාතූන් වහන්සේ රැගෙනැවිත් මායාදුන්නේට භාරකරන ලදී. අභිනවයෙන් දෙල්ගමුවේ දළදා මැදුරක්‌ ඉදිකර දළදා වහන්සේ එහි තැන්පත් කරන ලදී. මෙම සිදුවීමෙන් පසු සිංහල බෞද්ධ බලවේගය මායාදුන්නේ වටා එකතු විය. මායාදුන්නේ නිතරම යුද ක්‍රියාදාමයක නිරත වුවද අවස්‌ථාව ලද හැමවිටම බුදුසමයේ අභිවෘද්ධියට ක්‍රියා කරතත් මායාදුන්නේගේ මරණයෙන් පසු නැවත බුදුසමයේ ගමන් මගට මහත් බාධාවක්‌ ඇති විය.

ක්‍රි. ව. 1557 දී ධර්මපාල බෞතීස්‌ම ලැබීම නිසා දෙවන පෑතිස්‌ රජ දවස පටන් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය බුද්ධ ශාසනයට නොලැබී ගියේ වසර 30 ක පමණ කාල පරිච්ඡේදයක්‌ තුළ බුදුසසුනේ වර්ධනයට ධර්මපාල හා රාජසිංහ යන පාලකයන් දෙදෙනාගේම අනුග්‍රහය නොලැබී යාමිනි. බුදුසසුනේ චිරස්‌ථිතියට සීතාවක මායාදුන්නේගෙන් ආරක්‍ෂාව ලැබුණද හින්දු දහම වැළඳගත් පළමු වන රාජසිංහ (ක්‍රි. ව. 1581-1592) රජුගේ කාලයේදී පෘතුගීසීන් සමග ඇති වූ කුරිරු යුද්ධ නිසාත්, රජුගේ දරුණු සැහැසිකම් නිසාත් බුදු සසුනටත්. භික්‍ෂූන් වහන්සේලාටත් බරපතල හානි සිදු විය.

රාජසිංහ පීතෘ ඝාතකයෙකු වූ බැවින් ඒ කර්මයෙන් මිදීම සඳහා ආගමික පිළිසරණ පැතීය. සිත සෑදීම නොව ඔහු කරන ලද භයානක අකුසලයේ තත්ත්වය පිළිබඳව භික්‍ෂූන් ධර්මානුකූලව පැහැදීළි කරමින් පියා මැරීමේ පවින් කිසිසේත් නිදහස්‌ විය නොහැකි යෑයි තරයේ ප්‍රකාශ කළ හෙයින් රජුට බෞද්ධ දර්ශනය තුළ පිsහිටක්‌ ලැබීමට අවස්‌ථාවක්‌ නොලද කල, කර්මය හා ඵලය පිළිබඳව බුදුදහමට අනුව දැන සිටි රජුට මේ භයානක අකුශල කර්මයෙන් කෙසේ හෝ ගැළවීමට අවශ්‍ය වූ හෙයින් අන්‍යාගමික පිහිටක්‌ විමසා සොයන කල ශිව භක්‌තික පූජකයන් රජු රවටා තම පිළිවෙත් රජුට පුරුදු කරමින් රජු එහි ව්‍යාවෘත කරමින් ක්‍රමානුකූලව රාජ්‍යානුග්‍රහයෙන් බුදු සසුනට සිදු කරන ව්‍යසනය බලවත් කඩාවැටීමක්‌ විය.

ඒ බැව් මහා වංශයේ ඒ කල්හි විශාරද වූ ස්‌ථවිරයන් දුර්ලබ්ධ වූ ඔහුට ධර්ම දේශනා කොට දුෂ්ට වූ සිත සතුටු කරන්නට නොහැකි වූහ. කරන ලද පාපය නසන්නට නොහැක්‌කැයි යන වදන ඇසුවේ දණ්‌ඩෙන් ගසන ලද කෙණෙහි කිපී නයෙකු සේ වූයේ ශිව භක්‌තියෙන්ද පිළිවිස හැකිය කියන ලද වචනය අසා ඇ`ග අ`එ හා ශිව භක්‌ති ගෙන බුද්ධ ශාසනය නසන්නේ භික්‍ෂු සංඝයාද මරවමින් ධර්ම පුස්‌තකද දවන්නේ ආරාමයන් බිඳුවා ස්‌වර්ග මාර්ගයද වැනසූයේ ය . ර් විජේසුන්දර බණ්‌ඩාරත්, දෙවනගල රතනාලංකාර හිමියෝත් රට පුරා මෙම සිදුවීම ප්‍රචලිත කළ අතර ඔවුන් දෙදෙනාම එක්‌ව පෘතුගීසීන් ලවා රාජසිංහ පුත් ධර්මපාල කුමරුන් මරා දැමීමට ක්‍රියා කළෝය. මෙම ක්‍රියාවද සංඝ විරෝධී ආකල්ප හට ගැනීමට බල පෑවේය.

“හේතෙමේ සසර කරනු වූයේ මිසදිටු ගත්තේය. සමන්ත කූටයේ උපන් සියලු ලාභය ගන්නට එහි පවිටු මිසදිටු තවුසන් යෙදවුයේය. මෙසේ ඒ අධාර්මික වූ අඥාන තෙමේ ගත යුත්ත නොදැන, නොගත යුත්ත ගෙන මහත් දුක්‌ ගත්තේය. එකල රාජ භය කරණකොට ගෙනම භික්‍ෂූන් සිවුරු හැර ගිහි වූහ. ඔවුන් අතර සසර බිය දන්නෝ ඒ ඒ තැන ගියෝ වූහ. හෙතෙමේ සියලු ලොවට හිත වූ අතිශයින් නිර්මල වූ බුද්ධ ශාසනය නසා පූර්ව පුණ්‍ය බලයෙන් මෙහි රාජ්‍ය කළෝය”.

මෙයින් පැහැදිළි වන්නේ රජු බෞද්ධ ආගම පිටුදැකීමත් සමග ඔහු කෙරෙහි පැවති බෞද්ධ බලයද දුබල වී රටවැසියන්ද රාජසිංහ කෙරෙහි බෙහෙවින් උරණ වූ බවයි. ශාස්‌ත්‍රීය පොත්පත් පු`එස්‌සා දැමීම හරහා කාලිංග මාඝගෙන් සසුනට වුණු හානියට නොදෙවෙනි හානියක්‌ පළමු රාජසිංහ රජ සමය තුළ සිදුවෙයි. රාජසිංහ සංඝ විරෝධී තත්ත්වයකට පත්වීමට තත්කාලීන දේශපාලන පසුබිමද බලපෑමක්‌ කළ බව දක්‌නා හැකිය. විඡේසුන්දර බණ්‌ඩාරද මෙම සංඝ විරෝධී ආකල්පය ගොඩනැඟී ඒම කෙරෙහි බලපෑ ආකාරයක්‌ විමර්ශකයන් පෙන්වයි. රාජසිංහ රජු රාජ්‍ය ලබා ගැනීමට පියා ඝාතනය කළේය යන අසත්‍ය කතාව විඡේසුන්දර බණ්‌ඩාර විසින් ප්‍රචලිත කළේය. මෙබ`දු කාල වකවානුවක පෘතුගීසීන්ගේ බලපෑම තවදුරටත් තීව්‍ර වනු පෙනේ. එයිනුදු බුදුසමයට එල්ල වූයේ ප්‍රබල අභියෝගයකි.

එමර්සන් ටෙන්ට්‌ විසින් රචිත ලංකා ඉතිහාසය නම් කෘතිය තුළින් දක්‌නට ලැබෙන්නේ වාණිජ කටයුතු හා ආගම පැතිරවීමේ අදහසින් ප්‍රතිකාල්වරුන් ධර්මපාල රජු බෞතීස්‌ම කොට ක්‍රිස්‌තියානිට හරවා ගැනීමත් සමගම දැඩි ප්‍රයත්නයක්‌ දරා ඇත්තේ මෙරට බෞද්ධයන්ගේ පිළිම වන්දනාව සහමුලින්ම අහෝසිකර දැමීමටය. මෙයින් පැහැදිළි වන්නේ පෘතුගීසින් තුළ ලාංකීය බුදුදහම විනාශ කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ පැවති බවයි. පෘතුගීසීන් දිවයිනට පැමිණ නොබෝ කලකින් ශාන්ත සෙබස්‌තියන් නම් කතෝලික පල්ලිය ඉදිකර ඇත.Related image

මෙම පල්ලිය ඉදිකිරීම පෘතුගීසි මතවාද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට බලපෑවේය. ක්‍රි. ව. 1557 දී ධර්මපාල බෞතීස්‌ම කිරීම මත කෝට්‌ටේ රාජ්‍යය කතෝලික රාජ්‍යයක්‌ බවට පත් විය. පසුව ඔහු විහාරස්‌ථාන සතු ඉඩම්, ධන ධාන්‍ය ආදිය ක්‍රිස්‌තියානි ආගම් ව්‍යාප්තිය සඳහා පූජකවරුන් වෙත ඔප්පුවකින් පවරන ලදි. විහාරස්‌ථාන කතෝලික පල්ලි බවට පරිවර්තනය කළේය. බුද්ධ ප්‍රතිමා විනාශ කොට ඒ මත විවිධ පූජකවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කරන්නට විය. බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභා වාර්තාවට අනුව එකල බෞද්ධාගමට පෘතුගීසින්ගෙන් සිදු වී පැවති විනාශය මෙසේයි.

ඔවුන් මුලින්ම කළේ එහි පැවති දහසකට වැඩි තරම් ප්‍රතිමාවන් විනාශ කැර දැමීමයි. එයින් සමහරක්‌ මැටියෙන්ද, සමහරක්‌ දැවයෙන්ද, සමහරක්‌ ලෝකඩයෙන්ද කරන ලද්දේ විය. ඉක්‌බිතිව ඔවුන් කළේ ස්‌තූපයේ ධාතු ගර්භය බිඳීමයි. එහි තිබූ කර`ඩු ආදිය සුණු විසුණු කළ ඔවුහු භාණ්‌ඩාගාරය බිඳීමට පටන් ගත්හ. ඇත් දත්, වටිනා රෙදි පෙරෙදි, තඹ, සඳුන්, මැණික්‌ සහ දාගැබ් පිළිබඳ අලංකාර භාණ්‌ඩ ආදී වස්‌තු රාශියක්‌ එහි තිබී ඔවුන් අතට පත් විය. මෙයින් තම තමන් කැමැති කැමැති දේ පැහැර ගත් ඔවුහු සෙස්‌ස ගිනි තබා විනාශ කළ අතර ස්‌වකීය ආගම ව්‍යාප්ත කිරීමේ අරමුණින් අවුරුදු දෙදහසකට වැඩි කාලයක්‌ මහත් පරිශ්‍රමයකින් ගොඩනගන ලද විහාරාරාම විනාශ කිරීමට ඉදිරිපත් වූහ.

විහාර සුණු විසුණු කර දමා ඒ පිළිබඳ මාහැ`ගි වස්‌තු කොල්ල කමින් පුස්‌තකාල වලට ගිනි තබමින් නැතහොත් පොත් පත් වල පත් ඉරු සුළෙ`ග් විසුරුවා හරිමින් කෲර ධෛර්යයකින් ඉදිරියට ගමන් ගත් මේ කතෝලිකයන් නතර කිරීමට කිසිවෙකුත් නොවීය.”

පළමුවන රාජසිංහගේ අභාවයත් ධමර්පාල රජු ක්‍රි. ව. 1597 මියයැමෙන් පසුවත් බුද්ධ ශාසනයේ හා පිරිවෙන් අධ්‍යාපනයේ ඇති වූයේ විශාල

පසුබෑමකි. වෙරළබඩ තීරයේ නීත්‍යනුකූල පාලකයන් වූ පෘතුගාල්වරුන් විසින් ක්‍රමානුකූලව කතෝලික ආගම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී. විශේෂයෙන්ම කෝට්‌ටේ, සීතාවක, යාපනය යන ප්‍රදේශ වල කතෝලික ආගම ප්‍රචලිත කිරීමට යුහුසු`එ වූ අතර ඒ සඳහා ජෙයුසිටි ඔගස්‌ටියානු සහ ඩොමිකානු නිකාය වලට අයත් පූජකවරුන් පුරෝගාමී වූහ. ඔවුහු පළමුව කතෝලික පල්ලි ආරම්භ කළ අතර පසුව ලංකාවේ හා ඉන්දියාවේ කුලයෙන් හීන ලෙස නම් ලද ධීවරයන් අරමුණු කොටගෙන තම ආගම ප්‍රචලිත කරන්නට විය. බුදු දහමෙන් හා හින්දු දහමෙන් ප්‍රතික්‍ෂේප කරන හිංසාව කතෝලික දහම තුළ ප්‍රතික්‍ෂේප වන්නේ නැත.

අනෙක්‌ අතට සමාජයේ වරප්‍රසාද අහිමිව ජීවත් වූ මෙම ජනතාව ආගමික වශයෙන් පමණක්‌ නොව සාමාජීය වශයෙන් බොහෝ වරප්‍රසාද ලැබෙන කතෝලික ආගම කෙරෙහි ඉතා ඉක්‌මනින් නැඹුරු විය. මෙය බුදු දහමේ පරිහානියට සෘජුවම බලපෑවේය. විශේෂයෙන්ම පෘතුගීසි ධර්මදූත ප්‍රතිපත්ති සැකසීමේ හා කතෝලික ආගම ව්‍යාප්ත කිරීම සම්බන්ධව විශේෂ සම්මේලනයක්‌ ක්‍රි. ව. 1567 දී ගෝවේදී පවත්වා වැදගත් තීරණ කිහිපයක්‌ ගෙන තිබේ. පෘතුගීසි පාලනයට යටත් ප්‍රදේශවල ඇති සියලු මිථ්‍යා දෘෂ්ටික දේවස්‌ථාන විනාශ කළ යුතු බවත් ඒ ආගම් සහ ධර්මය අඩංගු පොත්පත් විනාශ කිරීමටත් එහිදී තීරණය කරන ලදින් ලංකාවේ ඔවුන්ගේ බලය පැතිර පැවති ප්‍රදේශයන් තුළද එම සම්මේලනයේදී ගත් තීරණ නොපසුබටව ක්‍රියාත්මක කෙරිණ.

මෙරට ජනතාව කතෝලික ධර්මය වෙත නැඹුරු කර ගැනීමට බලය යොදවන අතරම ඊට හාත්පසින් වෙනස්‌ වෙනත් උපක්‍රමද භාවිත කොට ඇත. කතෝලික දහම වැළඳ ගන්නා ජනතාවට ගෞරව නම්බු නාම ලබාදීම ඉන් එක්‌ උපක්‍රමයකි. ප්‍රධාන වශයෙන් කරාව, දුරාව, හා සලාගම කුලවල පිරිස්‌ මෙම ආගම වෙත පොළඹවා ගැනීමට පූජකවරු උත්සාහ කළේ මෙයාකාරයෙනි. මෙම ජනතාවට මෙතෙක්‌ නොලැබුණ සමාජ වරප්‍රසාද, නම්බුණාම, නිලතල ලබාදීමට අමතරව ආර්ථික වාසිද සලසමින් ඔවුන් බෞතීස්‌ම කරවා විශේෂ උත්සව පවත්වා ඔවුන් උසස්‌ යෑයි සමාජයේ පිළිගැනීමට භාජන වන ආකාරයට මිෂනාරීන් කටයුතු කර ඇත්තේ කතෝලික ආගම වෙත ජනතාව ආරෝපණය කර ගැනීමටයි. දොන් යන නාමය එසේ ලබා දෙන ලද්දකි.

පෘතුගීසීන් මෙකල අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය තුළ දෙයාකාරයකට, දෙවිධියකට ක්‍රියාත්මක කෙරිණි. බෞද්ධාගමෙන් ජනතාව දුරස්‌ කිරීමටත් කතෝලික ජනතාව තවදුරටත් වර්ධනය කිරීමටත් මෙම ප්‍රතිපත්තිය සකස්‌ කළේය. කතෝලික ආගම වැළඳ ගත්තවුන් මරාල බද්දෙන් නිදහස්‌ වීම ඊට උදාහරණ වේ. තම දේපළ රැක ගැනීමේ අරමුණෙන් බොහෝ බෞද්ධයෝ තම ජීවිතයේ අවසන් සමයේදී කතෝලික ආගම වැළඳ ගත්හ. තම දේපළ රැක ගැනීමේ අරමුණින් මෙලෙස ක්‍රියා කිරීම නිසා පසුකාලීනව ප්‍රබල කතෝලිත සමාජයක්‌ ගොඩනැගුණි.

මීට අමතරව අධිකරණ කටයුතු වලදීද මෙනයින් සංවිධිත දෙබිඩි පිළිවෙත හේතුවෙන් බෞද්ධයන්ට එම දහමට හැරීමට සිදුවිණි. එහි යුක්‌තිය පසිඳන කල බෞද්ධයන්ට අහිතකර වූ පීඩාකාරී සහ කතෝලිකයන්ට හිතකර සහනදායී ප්‍රතිපත්තියක්‌

අනුගමනය කෙරිණි. කතෝලිකයන්ට මහත් වරදකට සු`එ ලිහිල් ද`ඩුවමක්‌ද, බෞද්ධයන්ට සු`එ වරදකට මහත් දරද`ඩු ද`ඩුවමක්‌ දීමද නිසා ආගමට පැමිණීමෙන් විශාල වාසියක්‌ සැලසෙන බව සමාජය අතර ව්‍යාප්ත කිරීම තවත් යෙදූ කූට උපක්‍රමයකි. පිරිවෙන කේන්ඳ්‍රගතව ගොඩනැගුණු ගිහි පැවිදි බෞද්ධ අධ්‍යාපනය සමාජයේ උන්නතියට ඉවහල් විය.

මෙය මනාව වටහා ගත් පෘතුගීසිහු තම ආගම ව්‍යාප්ත කිරීමට අධ්‍යාපනය උපයෝගී කර ගත්තේ ප්‍රධාන වශයෙන්ම අරමුණු කිහිපයක්‌ ඔස්‌සේ ගොඩ නඟාගනිමිනි. එම අධ්‍යාපනය මිෂනාරී අධ්‍යාපනයක්‌ වීම.

එහි හරය ආගම සමග තදින් බැඳී තිබීම. පාලකයාගේ භාෂාව අධ්‍යාපන මාධ්‍යය කිරීම හරහා ඔවුන් අපේක්‍ෂා කොට ඇත්තේ පෘතුගීසීන්ට වඩාත් පක්‍ෂපාතී පිරිසක්‌ බිහි කර ගැනීම නම් වනවාට සැක නැත.

දිවයිනේ අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඡේසු නිකායිකයන් පෙරමුණ ගෙන ඇත්තේ තමුන්ගේ අධ්‍යාපන ක්‍රමය කැටි කර ගත්තේ බුදුදහමේ හා හින්දු දහමේ සමහර ඉගැන්වීම් ක්‍රමවේදද සමගය. ඔවූහු ජේසුස්‌ වහන්සේගේ උපතේ සිට මරණය දක්‌වා සිදුවීම් නොයෙක්‌ ක්‍රම හරහා සමාජය අතරට ගෙන යැමට ක්‍රියා කළහ. නාඩගම්, ගීතිකා හා කැරොල් යන මාධ්‍යයන්ගෙන් පන්සල කේන්ඳ්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමවේදය පෘතුගීසීන් මු`එමනින්ම බිඳ වට්‌ටා පෘතුගීසි ප්‍රදේශ එක්‌ ක රන බව ට වෙන්කර එක්‌ එක්‌ ප්‍රදේශ වල අධ්‍යාපනය හා ආගම ව්‍යාප්ත කිරීමට පූජකවරුන්ට පවරා දී ඇත.

පෘතුගීසි අධ්‍යාපන ක්‍රමවේදය මේ හරහා සාර්ථකත්වයක්‌ සළසා ගනිමින් ජනතාවට ආර්ථික සහන සහ වරප්‍රසාද වැනි දේද ලබා දෙමින් අපේක්‍ෂා කළේ කතෝලික ධර්මය ව්‍යාප්ත වීමයි. කවර ක්‍රියා මාර්ගයක්‌ තුළ වුවද ආගමට හරවා ගැනීමට නොහැකි වූ පිරිසක්‌ද විය. එම පිරිස බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් පෘතුගීසි අභියෝග හමුවේ නොසැළී සිටියහ. පෘතුගීසි ආගමික ප්‍රතිපත්තිය දේශන ක්‍රමයෙන් පවත්වාගෙන යන කල, අපේක්‍ෂිත අරමුණු ඉටු නොවන විට කගපතද භාවිත කිරීමට තරම් සැහැසි වූ අයුරු පෘතුගාලයේ රජු වූ තුන්වන දොන් රජු විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයෙන් පැහැදිළි වේ. මේ ඔවුනගේ කුරිරු ස්‌වභාවයයි.pg1

“උත්සාහවන්ත නිළධාරීන් යොදවා ප්‍රතිමාවන් තිබෙන සියලුම තැන් සොයා ඒවා සුණු විසුණු කොට අ`එ කර දමන ලෙස අපි ඔබට නියෝග කරමු. ලෝහ, ලී, මැටි ආදී කවර ද්‍රව්‍යයකින් වුවද කොටවන ලද, අඹවන ලද හෝ සිතුවම් කරවන ලද එසේම පිටරට වලින් ගෙනෙන සියලු දෙනාට ද මහජන ස්‌ථාන වලදී හෝ ගෙදර ප්‍රතිමාවන් ඇතුළත් උත්සව පවත්වන්නා වූ සියලු දෙනාටද ඉතා දරුණු දඩුවම් පැමිණ විය යුතුය.” මෙම ප්‍රකාශය තුළින් කිය වෙන්නේ පෘතුග්‍රීසීන් විසින් තම ආගම ප්‍රචලිත කිරීම සඳහා ඕනෑම ආකාරයක ම්ලේච්ඡ කටයුත්තක්‌ ක්‍රියාවට නැංවීමට සූදානම් වී සිටි බවයි. එය කොතරම් හිංසාකාරී වුවද ඔවුන්ට කම් නැත.

17 වන සියවස වනවිට වෙරළබඩ තීරයේ විහාරස්‌ථාන බොහෝමයක පල්ලි ඉදිකිරීම නිසා එතෙක්‌ පන්සල් සතුව පැවති සාම්ප්‍රදායික ඉඩම්වල අයිතියද මිෂනාරීන්ට පැවරුණු හෙයින් මිෂනාරීන් බොහෝ පිරිසක්‌ ධනවත් වීමත් පල්ලිය ධනවත් වීමත් සමග ජනතාවට උදවු කරමින් පල්ලිය විසින් පවත්වනු ලබන දේව මෙහෙයට එම ජනතාව සහභාගී කරවා ගැනීමට පූජකවරු උත්සාහ දැරීමත් තවදුරටත් ආගමක ප්‍රවර්ධනයට මං පාදාගත් ක්‍රියාවකි. කතෝලික ආගමේ විශේෂ දිනයක්‌ වු නත්තල හා සම්බන්ධ දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්කර කතෝලිකයෝ දිරිමත් කළහ. පෘතුගීසි පාලනයේ අවසන් කාලය වනවිට මෙරට කතෝලික ජනතාව 250000 පමණ වූ බව ටිකිරි අබේසිංහයන්ගේ පෘතුගීසීන් හා ලංකාව නම් කෘතියේ සඳහන් කර තිබේ. සමකාලීන ජනගහණයට අනුව මෙම ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රමාණයක්‌ වන්නට ඇතැයි සිතිය හැකිය. ක්‍රමික ලෙස කතෝලිකයන් වර්ධනය වීම බුදුදහමේ පැවැත්මට දැඩි තර්ජනයක්‌ විය. දේශීය ආගම් තහනම් කිරීමට පෘතුගීසීන් නීතිමය පියවර නොගන්නා මුත් ගෙන ගිය දැඩි ප්‍රතිපත්ති නිසා සෙසු ආගම් වෙරළබඩ තීරයේ මු`එමනින්ම යටපත් විය. කෙසේ වුවත් ශාසනික වශයෙන් විශාල විලෝපනික තත්ත්වයක්‌ පෘතුගීසි පාලන සමයේ දක්‌නට ලැබුණි.

මූලාශ්‍ර

* මහාවංශය. සංස්‌. සුමඞගල හිමි, හික්‌කඩුවේ. දොන් අන්ඳ්‍රිස්‌ සිල්වා, බටුවන්තුඩාවේ.

* පරංගි කෝට්‌ටේ. -අබේසිංහ, ටිකිරි

* බෞද්ධ තොරතුර පරීක්‍ෂණ සභා වාර්තාව

* සීතාවක රාජධානියේ උන්නතියද අවනතියද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්‌ – අමරසිංහ, සිරිමෙවන්.

* ශ්‍රී ලංකාවේ ශාසනික විලෝපනය ඉදිරියේ වූ භික්‍ෂු මෙහෙවර 1594-1800.-ප්‍රබුද්ධ 2 ධම්මදස්‌ සී ආනමඩුවේ.

* නිරිත බුදුසමය -රෝහණදීර, මැන්දිස්‌


හඳුන්ගමුවේ ඤාණවිමල හිමි