වසර 5000 කට පමණ පෙර ලොව දියුණුව පැවැති ලෝක පූජිත රාජ්‍යයකි අද අප ඊජිප්තුව

ලොව පැරැණිම ශිෂ්ටාචාරයන් ගැන කතා කරන විට නයිල් මිටියාවත හෙවත් මිසර ශිෂ්ටාචාරය පළමුව සිහියට නැඟේ. සැතපුම් 4132 ක්‌ වූ ලොව දිගම ගංගාව වන නයිල් නදිය මේ ප්‍රදේශය හරහා ගලාගිය ද මිසරය එදා එහෙම පිටින්ම වාලුකා තලයකි. අදත් ඒ තත්ත්වය එහෙම පිටින්ම මඟහැරී නැත. එහෙත් එදා තිබුණු වාලුකා තලය මත අද ලොව දියුණුම රාජ්‍යයක්‌ වශයෙන් ඊජිප්තුව පෙරමුණ ගෙන ඇත. ලොව විවිධ දෙසින් සංචාරකයන් දහස්‌ ගණනින් ඊජිප්තුව කරා ඇදී එන්නේ මේ සුවිශේෂ සංවර්ධනයත් එදා පැවැති ශිෂ්ටාචාරයේ සලකුණුත් දැක බලා ගැනීමට ය. අපට ද පසුගියදා ඒ අසිරිය දැක ගැන්මට අවස්‌ථාවක්‌ ලැබිණි.

ක්‍රි. පූ 3100 දී හෙවත් මෙයට වසර 5000 කට පමණ පෙර ලොව දියුණුව පැවැති ලෝක පූජිත රාජ්‍යයකි අද අප ඊජිප්තුව නමින් හඳුන්වන්නේ. ලොව පුදුම හතෙන් එකක්‌ වන මහා පිරමීඩ නිර්මාණය කර ඇති එකම රට වූ ඊජිප්තුව පිරමිඩ දේශය වශයෙන් ද හැඳින්විය හැක. අප්‍රිකාවේ ඊශාන දෙස නැතහොත් උතුරුකරයට සමීපව රතු මුහුදත්, මධ්‍යධරණී මුහුදත් ආසන්නයේ පිහිටා ඇති මෙම දේශය ලෝකයේ වැදගත් වීමට කරුණු කිහිපයක්‌ හේතු වී ඇත. එතරම් ඈත යුගයක සිට විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කීම ඉන් පළමුවැන්නයි.

Image result for nile river

ඊජිප්තුවේ අගනුවර කයිරෝ ය. ඒ එරටට ඇති විශාලම නගරයයි. රථ වාහනවලින් මාර්ග පිරී ඇත. එහෙත් බයිසිකල්, මෝටර් රථ හෝ ත්‍රීවීලර් වැනි අඩු ආදායම් මට්‌ටමේ වාහන කිසිවක්‌ මෙහි දක්‌නට නැත. මිලියන 62 ක්‌ පමණ ජනගහනයක්‌ ඇති ඊජිප්තුව ආදි කාලයේ උතුරු සහ දකුණු වශයෙන් රාජ්‍ය දෙකක්‌ ලෙස පාලනය විය. පසුව ක්‍රි. පූ. 3100 දී මෙනාස්‌ රජු විසින් එක්‌ රාජ්‍යයක්‌ බවට පත් කර ස්‌ථාපිත කරන ලද ප්‍රදේශයයි අද ඊජිප්තුව. මෙහි පළමු අගනුවර වූයේ මෙම්පස්‌ (පැපචයසි) ය

ඊජිප්තුවේ ඇති අපූරු පිරමිඩ නයිල් නදී නිම්නය ආසන්නයේ වූ ගීසා හි අක්‌කර 13 ක භූමි Zභාගයක පිහිටුවා ඇති අතර, ඉන් විශාලම ත්‍රිකෝණ ස්‌ථූපය හෙවත් පිරමිඩය අඩි 480 ක්‌ උසය. ඒ කාෆු (ණයමමෙ) රජුගේ ය. වසර දහස්‌ ගණනකට පෙර මෙම පිරමිඩ සෑදීමට නයිල් ගඟේ පස්‌ ගෙන ඇති බව කියෑවේ. ඒවා සාදා ඇත්තේ එරට රජකළ පාරාවෝ රජුන්ගේ මෘත ශරීර ආරක්‍ෂිතව තැන්පත් කිරීම සඳහා ය.

පසු කලෙක මේ පිරමිඩ ක්‍රමය වෙනුවට වෙනත් විවිධ ක්‍රමවේද සොයා ගෙන ඇතත් මේ සා විශාල පිරමිඩ පිළිබඳ කතාව ඉතා වැදගත් ය. පැරැණි පාරාවෝ රජුන්ගේ මෘතදේහ හෙවත් සජීවී ලෙස පෙනෙන “මමී” ද කයිරෝ කෞතුකාගාරය තුළ දී දක්‌නට ලැබේ. වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ විනාශ නොවී මෙම මෘත ශරීර රැක ගැනීමට ඔවුන් එදා යොදා ගත් විද්‍යාත්මක ක්‍රම මෙතෙක්‌ හරිහැටි වර්තමාන ලෝකයට අවබෝධ වී නැත.

එහිදී ඔවුන් කර ඇත්තේ ශරීරයේ කොටස්‌ වෙන් කොට යළිත් රසායනික ද්‍රව්‍යයන් ගල්වා එම්බාම් කර තැන්පත් කිරීමයි. මේ තුළින් අපට අවබෝධ කර ගත හැක්‌කේ එදා එම තාක්‍ෂණ ක්‍රමය ඉහළ මට්‌ටමක පැවති බව ය. මෙම මෘත ශරීර බොහොමයක්‌ සමඟ ඔවුන් පරිහරණය කරන ලද දෑ ද අනාගතයට ඔවුන්ට පරිහරණයට අවශ්‍ය යෑයි සිතන දෑ ද එක්‌කොට ආරක්‍ෂිතව තබා ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ මරණින් පසුව යළිත් ජීවිතයක්‌ කරා ඔවුන් යන බව ඊජිප්තු වැසියන්ගේ විශ්වාසය වූ බවය. ඔවුන්ගේ භාණ්‌ඩ පමණක්‌ නොව ඒ ඒ පාරාවෝවරුන් සඳහා අවශ්‍ය යෑයි හැඟෙන මෙහෙකාරවරුන් පවා සංෙ€තවත්ව මෙහි දක්‌වා ඇත.

රතු මුහුදත්, මධ්‍යධරණි මුහුදත් යා කරන සූවස්‌ ඇළ ද ඊජිප්තුවේ විශාල හපන්කමකි. එතෙක්‌ කල් දකුණු අප්‍රිකාව හරහා සැතපුම් දහස්‌ ගණනක්‌ වූ මුහුදු මාර්ගය මේ ඇළ නිසාවෙන් ඉතා කෙටි විය. ඊජිප්තුව එදා එක්‌සත් අරාබි රාජ්‍ය වශයෙන් පැවැති කාලයේ සිට මරණයේ නගරය ලෙස හැඳින් වූ “සකාරා” අදත් සොහොන් භූමියකි. මරණින් මතු ජීවිතය පිළිබඳව පුදුමාකාර විශ්වාසයක්‌ ඇතිව මළවුන්ගේ මෘත ශරීර ආරක්‍ෂිතව තැබීමට ඊජිප්තු ජනතාව දැඩි කැපවීමක්‌ කර ඇති බැව් මෙවන් සොහොන් නරඹන විට සිතේ.

කයිරෝ මහා කෞතුකාගාරයෙහි ඇති පෙර සඳහන් කළ “මමී” දැක බලා ගන්නට දහස්‌ ගණන් විදේශිකයෝ රොක්‌වෙති. ශරීරයේ සෙසු කොටස්‌ වසා ඇතත් එම පාරාවෝවරුන්ගේ වියළි මුහුණු පැහැදිලිව අද ද දැක ගත හැකිය. මෙම ස්‌ථානයෙහි මමී 16 ක්‌ ඇති අතර රැජිනියන් දෙදෙනකුගේ මමී ද එහි වේ. ඊජිප්තුවේ රජ කළ රැජනියන් අතරින් නෙප්රිත් (භැෙeරසඑය) රැජනට වැදගත් තැනක්‌ හිමිව ඇත. දෙවියන්ගේ දියණිය, නයිල් නදිය පාලිකාව, මධ්‍යධරණී හි අධිපතිනිය ආදී නම්වලින් හැඳින් වුණු ඇය රජ කර ඇත්තේ 14 වන සියවස මැද භාගයේ දී ය. නෙප්රිත් ඉන් පෙර සිටි (ටුටුන්කාමන් රජුට පසුව) අවි (Aහ) රජුගේ දියණියයි. ඇයගේ සැමියා ද පාරාවෝ කෙනෙකි. නෙප්රිත් දේවිය ඊජිප්තු රාජ පරම්පරාවේ සුවිශේෂත්වයක්‌ ගන්නේ ඇය විසින් හඳුන්වාදුන් ඒකදේව (ඵදබදඑයෑසිබ) අදහස නිසයි.

ඊජිප්තුවේ නොමැකෙන නාමයක්‌ රැඳවූ අනිත් රැජන නම් ක්‌ලියෝපැට්‌රා ය. ක්‌ලියෝපැට්‌රා පිළිබඳ සුවිශේෂත්වය වන්නේ ඇය රෝමයේ ජුලියස්‌ සීසර් සමඟ පෙම් සබඳතා පැවැත්වීමයි. ඒ අනුව ඇය රට පාවාදීමක්‌ කළ බව ද සමහරු කියති. කෙසේ වුවද ක්‌ලියෝපැට්‌රා සීසර් මළ පසු මාක්‌ ඇන්තනී සමඟ හිතවත් වූ බව ද කියෑවේ.

Related image

පාරාවෝ රජුන්ට බිසෝවරුන් කිහිපදෙනකු තබා ගැනීමට එදා බලයක්‌ තිබිණි. එපමණක්‌ නොව ලේ නෑකම ඇති කාන්තාවන් ද බිරියන් ලෙස තබා ගැනීමට ඉඩකඩ තිබිණි. දෙවන රාම්සස්‌ රජුට භාර්යාවන් 99 ක්‌ වූ අතර දියණියන් 76 ක්‌ ද, පුතුන් 101 ද සිටි බව කියවෙයි. ඊජිප්තුවේ රජවරුන් ගැන සඳහන් කරන විට ටුටුන්කාමන් (ළමා රජු) අමතක කළ නොහැක. ක්‍රි. පූ. 1320 දී ටුටුන්කාමන් රජ වන විට ඔහුගේ වයස අවුරුදු 09 කි. රාජ්‍යත්වයට පත් වූවා සේම තරුණ වියේදීම ඔහු මරණයට පත්විය. එම මරණය කෙසේ වී දැයි මෙතෙක්‌ ස්‌ථිර නිගමනයක්‌ නැත. ඒ සම්බන්ධව විවිධ සැක සංකා මතු ව තිබේ. කෙසේ වුවද ටුටුන්කාමන්ගේ මමිය ආරක්‍ෂා කර තබා ඇත්තේ තනි රත්රන්වලින් තැනූ මිනී පෙට්‌ටියකය. ලක්‍ෂ ගණන් වටිනා රත්රන් ඒ මමිය සමග වෙයි.

ඊජිප්තුවේ වැදගත් දේවාල කිහිපයක්‌ම ඇත. ඉන් ඉතා ප්‍රසිද්ධව ඇත්තේ අබුසිම්බල් දේවාලයයි. කයිරෝවට දකුණු දෙසින් ඇති ලක්‍ෂර් දේවාලය ද දැවැන්ත කුළුණු නිසා ලෝක ප්‍රසිද්ධ ය. ඒ අතර කනක්‌ දේවාලය ද විදේශිකයන්ගේ සිත් ගත් තවත් තැනකි. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝව අධික ජනගහනයෙන් යුත් නගරයකි. එමෙන්ම වැදගත් භූමිභාගයක පිහිටි බැවින් එය ද නගරයේ දියුණුවට හේතු වූ බව කිව හැකිය. එය පිහිටා ඇත්තේ ද නයිල් ගඟ අසබඩ ය. අප්‍රිකාවේ දකුණු දෙසින් බුරුන්ඩි (ඊමර්බාස) නගරයෙන් පටන් ගෙන රටවල් කිහිපයක්‌ හරහා ගලා යන නයිල් නදිය මධ්‍යධරණී මුහුදට වැටෙන්නේ ඊජිප්තුව හරහා ය. ඊජිප්තුවේ ජීවන රේඛාව ලෙස ද මේ නදිය හැඳින්වෙයි.

ඒ ආදි යුගයේ සිටම මෙම ශිෂ්ටාචාරයත් එහි පැවැත්මත් ර¹ ඇත්තේ මේ ගංගාව මතම බැවිණි. ගංගා ගලා ගිය ද පැහැදිලි අහසක්‌ ඇත ද ඊජිප්තු ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ ඉතාම අඩු වශයෙනි. මේ නයිල් නදියේ ජලය ද නොවිනි නම් අද ඊජිප්තුව නමින් රටක්‌ නොතිබෙන්නට පවා ඉඩ තිබිණි. එහෙත් අද ලොව වැදගත්ම රටක්‌ බවට එය පත්ව ඇත්තේ නයිල් නදිය නිසාය. එක්‌තරා කලෙක මේ නදිය උතුරා ගියේය. එය ව්‍යසනයක්‌ නොව භාග්‍යයක්‌ යෑයි සැලකූ එරට දිරිමත් ජනතාව විවිධ වාරිමාර්ග ක්‍රම යොදා එම ජලය රැස්‌කර ගත්හ. ඒ තුළින් සමෘද්ධිමත් රටක්‌, ශිෂ්ටාචාරයක්‌ බිහි කළහ. ජලයෙන් විය හැකි උවදුරු වළක්‌වා ඒ තුළින් රට සංවර්ධනය කිරීම සඳහා ලෝක ප්‍රකට අස්‌වාන් වේල්ල බැඳ විශාල ප්‍රදේශයක්‌ සශ්‍රීකත්වය කරා ගෙන ඒමට ද ඊජිප්තු වැසියෝ සමත් වූහ. එම අස්‌වාන් වේල්ලෙහි දිග කිලෝමීටර් 07 ක්‌ පමණ වන අතර මෙම වේල්ල ආශ්‍රිතව නසාර් විල පිහිටා ඇත.

භාණ්‌ඩ සහ මඟී ප්‍රවාහනය සඳහා ඔටුවා ද මෙරටට වැදගත් වේ. රාත්තල් 500 ක්‌ පමණ බර ඔසවාගෙන පැයට කිලෝමීටර් දෙකක්‌ දෙකහමාරක්‌ පමණ වේගයෙන් ගමන් කිරීමට ඔටුවාට හැක. ඊජිප්තුවේ ජලය හිඟ බැවින් ඔටුවාට තම මොල්ලියේ දෙසතියකට සෑහෙන ජල ප්‍රමාණයක්‌ රැක ගැනීමට හැකියාවක්‌ ලබාදීමට සොබාදහම මානුෂීය වී ඇත. එදා මෙන්ම අදත් බොහෝ විට ගමනාගමනය සඳහා නයිල් නදිය ද පරිහරණය කෙරේ. විශේෂයෙන් ඒ සඳහා ප්ලුකස්‌ (කෙමන්s) බෝට්‌ටු යොදා ගැනේ. නයිල් ගඟබඩ ඇති පැපයිරස්‌ (ඡැච්සරි) ගස ද මේ රටට ආවේණික අගනා වෘක්‍ෂයකි. මේ ගසේ කොළවලින් කඩදාසි සෑදීමට ආදි කාලීන යුගයේ සිටම එරට වැසියෝ දැන සිටියහ.

එදා ඔවුන් සිය ලේඛන කලාවට යොදා ගත් මෙම පැපිරස්‌ කඩදාසි අදත් කයිරෝ කෞතුකාගාරයෙහි දක්‌නට හැක. අක්‍ෂර ලිවීමට මෙන්ම චිත්‍ර ඇඳීමට ද එරට වැසියන් භාවිතයට ගත්තේ මෙම පැපිරස්‌ කොළ ය. එදා විවිධ සංකේත මගින් සිදුකෙරෙන සංනිවේදන ක්‍රම පැරැණි සමාජයේ ඉතාම වැදගත් විය. ඉහළට, පහළට, වමට, දකුණට ලියූ අක්‍ෂර තුළින් එදා ඔවුන් බිහිකළ ලේඛන කලාව පසු කලෙක ග්‍රීක භාෂාවට පවා මුල් විය. ඊජිප්තුවේ භාවිත වන භාෂාව හඳුන්වනුයේ හයිරෝග්‍රැෆික්‌ (Hසැරදටක්‌හඑයසජ) නමිනි. ඔවුන් එදා භාවිතයට ගෙන ඇත්තේ අක්‍ෂර 24 ක්‌ පමණි. මේ අක්‍ෂර වර්තමාන ලෝකයට හඳුනාගන්නට ලැබුණේ 1799 දී ය.

තාරකා ශාස්‌ත්‍රය, ගණිතය, වෛද්‍ය විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදී විද්‍යාත්මක දැනුම් සම්භාරයක්‌ එදා ඊජිප්තු වැසියන් සතු වූ බව අද ඇති නටබුන්වලින් මනාව පැහැදිලි වේ. අද ලොව භාවිතයට ගෙන ඇති දින දර්ශනය පවා මුලින්ම හඳුන්වා දී ඇත්තේ එදා ඊජිප්තු ජනතාවයි. එමෙන්ම නක්‍ෂත්‍රය පිළිබඳ දැනුම ගැන ද කිව යුත්තේ එයයි. ඊජිප්තු නටබුන් අතර ඇති කැටයම් කලාව ඉතා විශිෂ්ටය. සුවඳ විලවුන් නිපදවීමටත් පරිහරණයටත් මෙරට වැසියන් ආදි යුගයේ සිටම පුරුදුව සිටි බව පෙනේ. අද ද එරට ඉතා පුළුල් ලෙස මෙවන් භාණ්‌ඩයන් සහ සුවඳ විලවුන් ව්‍යාප්තව ඇත.

මධ්‍යධරණී මුහුද ආසන්නයේ ඇති ඇලෙක්‌ස්‌සැන්ඩි්‍රයාව ඊජිප්තුවේ දෙවන අගනුවරයි. එහි ඇති කැටකෙම් (ජ්ඒජ්ප) ප්‍රදේශයෙන් සොයාගත නොහැකි මෙවලමක්‌ නැති තරම් ය. ඇලෙක්‌සැන්ඩ්‍රා වරාය දකින විට හැඟී යනුයේ එතරම් අලංකාර වරායක්‌ ලොව නැති තරම් ය. මිලියන 20 ක ජනහගනයක්‌ ඇති එම නගරය ඉතා ආකර්ශනීය ය. එමෙන්ම ධනවත් ය. පැරැණි යුගයේ වැල්ලට යටව තිබුණ ද අද වන විට මෙය ද ඉතා සශ්‍රීක ප්‍රදේශයකි. විශේෂයෙන් 19 වැනි සියවස මැද සිට ක්‍රමක්‌ ක්‍රමයෙන් ඊජිප්තුවේ කෘෂිකාර්මික දියුණුවක්‌ ආරම්භව ඇත.

නවීන විද්‍යා දැනුම ද උපයෝගී කරගෙන වත්මන් තරුණ පරපුර දියුණූව කරා යන ගමන සාර්ථක බව පෙනේ. ඇලෙක්‌සැන්ඩ්‍රා ප්‍රදේශය පමණක්‌ නොව සමස්‌ත වශයෙන් මුළු ඊජිප්තුවේම අද වැලිකතර වෙනුවට කොළ පැහැයක්‌ දක්‌නට ලැබේ. එදා රටඉඳි ගසට පමණක්‌ සීමා වූ බිම අද ශීතල දේශගුණයෙහි වැවෙන ගෝවා පැළය පවා හොඳින් වැවේ. කෙසෙල්, දොඩම් සහ වෙනත් විවිධ පලතුරු වර්ග ඉතා හොඳින් වැඩී ඇත. එවන් විවිධ අපනයනයන් තුළින් සෑහෙන ආදායමක්‌ ලැබෙන අතර මෙරට ධන උල්පත වන්නේ තෙල් ය. ඒ තුළින් ඉපයෙන ආදායම ඉතා ඉහළය. ආපන ශාලාවල වැඩිපුරම ඇත්තේ පලතුරු ය. නැතහොත් ඒ සම්බන්ධ ආහාරය . කෝපි හෝ තේ වර්ග විවිධාකාරව බීමට ඇත. මේ හෝටල්වල ඇති එකම අඩුපාඩුව නම් වතුර හිඟකමය. එහෙත් ජලය මිලට ගැනීමට ඇත.

ඊජිප්තුව අද මෙතරම් දියුණු තත්ත්වයකට පත්වීමේ මූලික අවස්‌ථාව එළඹුණේ (1947 – 1952) මෙරට පාලනය කළ මොහොමඩ් අලි පාලකයා නිසා ය. ඔහුගේ යුගයේ ක්‍රියාත්මක වූ නව වාරි ක්‍රම නිසාවෙන් විශාල කෘෂිකාර්මික දියුණුවක්‌ මෙරට ඇතිවිය. පැරැණි අගනුවර වූ ඇලෙක්‌සැන්ඩ්‍රා හි ඇති විශ්වවිද්‍යාලය ද ජාත්‍යන්තර වශයෙන් වැදගත් තැනක්‌ ගනී. දැවැන්ත ගොඩනැඟිලි සමූහයකින් යුතු එහි විවිධ දේශයන්ගෙන් පැමිණි සිසුහු උගනිති. විශේෂයෙන් දකුණු අප්‍රිකානු දරුවන් රාශියක්‌ ම මෙහි අධ්‍යාපනය ලබනු දැකිය හැක. එමෙන්ම අරාබි මෙන්ම ජර්මන් හා ප්‍රංශ භාෂා ද මෙහි ඉගැන්වෙයි. විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති පුස්‌තකාලය ද ඉතා අගනේය. මෙම පුස්‌තකාලයේ බාහිර බිත්තියක ඉතා අලංකාරව ලියූ විවිධ භාෂා අක්‍ෂර අතර සිංහල අක්‍ෂර කිහිපය දකින විට ඇතිවන්නේ ලොකු සතුටකි.

ඡේ. ශීලා වික්‍රමරත්න