“යාපනේ කිසිදාක ද්‍රවිඩ රජුන් විසින් පාලනය කළ රාජධානියක්‌ නොවීය”;අපට සගවන අපේ ඉතිහාසය

යාපනේ කිසිදාක ද්‍රවිඩ රජුන් විසින් පාලනය කළ රාජධානියක්‌ නොවීය. යම් යම් ද්‍රවිඩ චෝල රජුන්ගේ ආක්‍රමණවලට යාපාපටුනේ ප්‍රාදේශීය රාජ්‍යය හා අනුරාධපුරය අගරාජධානිය ආක්‍රමණය කර මංකොල්ල කෑ බව සත්‍යයකි. එසේ වුවද ආරිය සිංහල මහාවංශික සූරිය වංශික අගරජුට යටත්ව රජුගේ ඥාතීන් වන චූල (සුලු) රාජවංශ වූ මලල, ඉරුගල්, ගං`ගා වංශ, අරිට්‌ට බ්‍රහ්මණ හා චන්ද්‍රවංශ වූ වීදිය බණ්‌ඩාර පරපුර යාපා පටුනේ ප්‍රාදේශීය රාජ්‍ය පාලනයක්‌ ඇති කළේ අභ්‍යන්තර රටට ද්‍රවිඩයන් ඇතුල්වීම වැළැක්‌වීමට හා තොටුමුණු පාලනය කිරීමට ඇති වූ අවශ්‍යතාවය මත පමණි. ඒ අනුව පෘතුගීසී යුගය තුළ යාපා පටුන ආණ්‌ඩුකළ සිංහල ආරිය ක්‍ෂත්‍රිය රජදරුවන්ගේ පරම්පරාවලියක්‌ පහත විස්‌තර කරමි.

ක්‍රි.ව. 1591 දී පෘතුගීසීන් විසින් එවකට යාපා පටුනේ ප්‍රාදේශීය රජු වශයෙන් සිටි මහා (පෙරිය) පුල්ලි (බ්‍රහ්මණ වංශනාමය ඇති) පෙරිය පුල්ලි නම් ආරිය සිංහල ගං`ගා බ්‍රහ්මණ වංශික රජු මරා දමා, ඔහුගේ පුත් වූ වර රාජසිංහ (සිංගෙයි) මහා පුල්ලි (පෙරිය පුල්ලි) එදිරිමාන්න සිංහ නම් XII වර රාජසේකර නම් වූ රජුව 55 වන යාපනේ රජු වශයෙන් පෘතුගීසීන් යටතේ කිරුලු පළඳින ලදී. එම රජුගේ මව කුරුණෑගල මුන්ඩකොන්ඩපල නුවර නාථගනේ සිටි ආරිය ඉරුගල් බණ්‌ඩාරවලියෙන් පැවති එදිරිමාන්නසූරිය රජුගේ සොහොයුරියක්‌ වූ නිසා රජුට එදිරිමාන්නසිංහ නාමය ලැබුණි. මවගේ හා පියාගේ නාමය රජුට භාවිත කළ නිසා රජුට සාගෝ රජු නාමයකින් වැසියන් විසින් රජු ඇමතීය.

මෙම රජු තම මවු පාර්ශවයෙන් පැවති තම ඇවැස්‌ස මාමාගේ දුවණිය වූ (පසුකලක ක්‍රි.ව. 1591 දී බෞතීස්‌ම ලැබූ) අරසි දෝන අන්තෝනියෝ රපෝසා නම් වූ කුමරිය හා විවාහ වූයේ ක්‍රි.ව. 1570 දීය. එම රාජකීය විවාහයෙන් ලැබූ (ක්‍රි.ව. 1591 පසුව) දොම් කොන්ස්‌තන්නීනු ද ක්‍රිස්‌ටෝa නම් වූ කුමරු පසුකලක විවාහ වූයේ, ආරිය සිංහල අරසකේෂරී පාණ්‌ඩව කුමරු නම් (ක්‍රි.ව. 1616 -1619) යාපනේ වැඩබලන රජු ගේ දියණීය සම`ගය. එම විවාහයෙන් ලැබූ පුතු වූ De Furtodo නම් විය. අසුර වර්ණකුලාට්‌ට ගේ සේනාව මාලිගයට කඩා වැදී ක්‍රි.ව. 1621.02.11 දී මෙම ආරිය සිංහල ගං`ගා වංශික ඔටුන්න හිමි කුමරුවන් කුරිරු ලෙස ඝාතනය කරන ලදී (පෘතුගීසි කුමන්ත්‍රණයක්‌ මගින්).

ඉහත කී වර රාජසිංහ සාගේ රජුගේ බාල සොහොයුරු වූ ගාගෝගේ දියණිය වූ ගං`ගා වංශික දෝන කතරිනා දිසාදි රෙබෙලෝ විවාහ වූයේ ත්‍රිකුණාමල කොඩ්ඩියාරම රජ වූ නානගතේ එදිරිමාන්න සිංහ රජුගේ පුතෙකු වූ ඉදැල්ලේ පිලිප් කුමරු සම`ගය. ඒ දෙපළගේ දුව විවාහ වූයේ ගං`ගා විල්ගම පරපුරේ පානම විජයසිරි රජු සමඟය. යාපනේ සිංහල රජ පවුල පෘතුගීසීන් විසින් බලයෙන් කතෝලික කුලවන්නම් ලබාදී කතෝලික කරණය කළද, ඔවුන් බෞද්ධයන්ම විය.

ක්‍රි.ව. 1543 දී පමණ යාපනේ රාජ්‍යයෙන් කොටසක්‌ බලහත්කාරයෙන් කඩාගෙන යාපනේ රාජ්‍යයේ කොටසක්‌ වූ පිච්චලායිපල්ලිය ප්‍රදේශයේ අයබදු ලබා ගත් (ඔටුනු පළඳින්නේ නැතිව) රාජ්‍ය බලය බලහත්කාරයෙන් සිංහල අසුර-නාග-වර්ණකුල වික්‍රතුක්‌කුරි පන්දාර්ගේ (මන්නාරම බදු එකතු කරන්නා) සහ ද්‍රවිඩ මුක්‌කර් ස්‌ත්‍රියකගේ පුත් වූ (ද්‍රවිඩ මිශ්‍ර) I සංකිලි රාජාන්ගේ පුත් වූ පුවිරාජන් ලවා (ක්‍රි.ව. 1560-1565) පිච්චලායිපල්ලිය පාලනය කරන ලදී. පුවිරාජන් පන්දාර්ගේ දුවණිය වූ ක්‌ලෑරා සිල්වා බලහත්කාරයෙන්ම පෘතුගීසින් ලවා යාපනේ ආරිය සිංහල රාජ්‍යය කරවන ගං`ගා බ්‍රාහ්මණවර රාජසිංහ එදිරිමාන්න සිංහ (සාගෝ) රජුට විවාහ කර දුන්නේ සාගර නාග කුරුකුල අසුරයන්ගේ සහය පෘතුගීසීන්ට ලබාදෙන බවට වූ පොරොන්දුවත්,

තම නැව්වලින් බදු අය නොකිරීමේ පොරොන්දුවත් ගිවිසුමකින් ලබා ගෙන ඉහත විවාහය මගින් බිහිවූ අසුර කුරුකුල හා ද්‍රවිඩ මිශ්‍ර රාජවංශික කුමරකු වූ දොම් කොන්ස්‌තන්තීනු Leaw (ලෙව්) කුමාරයා යාපනේ සිංහාසනයේ තැබීමටයි. එමගින් යාපනේ සිංහල ආරිය රාජවංශයක්‌ සිංහල අසුර වර්ණකුල හා ද්‍රවිඩ මිශ්‍ර තම රජ පෙළපතක්‌ද සෑදීමට වූ පොරොන්දුව මත, පෘතුගීසීන්ට දෙකඩ වූ යාපනේ එක්‌සත් රාජ්‍යයක්‌ කිරීමට සහ පෘතුගීසින්ට වාසිදායක වූ දේශපාලන කුමණ්‌ත්‍රණයක්‌ මගින් යාපනේ පාවාදීමටය. නමුත් යාපා පටුනේ ආරියවංශ අගමැති විසින් ලෙව් කුමරා මරා දැමීය. එමගින් රාජවංශයේ කිළුට මැකීය.

ගං`ගා වංශික වරරාජසිංහ රජුගේ සොහොයුරිය හා විවාහ වූ අරසකේෂරී පාණ්‌ඩව කුමරුගේ පුත් වූ II සංගිලි සේතු කුමරා XIII සේතුරාජසේකර නමින් යාපාපටුනේ (ක්‍රි.ව. 1617-1621) තෙක්‌ 56 වන රජු ලෙසට රජකම් කළේය. II සංගිලි/සේතු (පාලම) රජු පැවතෙන්නේ පොලොන්නරුවේ රජකම් කළ I පරාක්‍රමබාහු නම් අරකේෂරී පාණ්‌ඩව ආරිය සිංහල රජ පරපුරකිනි. II සංගිලි රජු විවාහ වූයේ ගං`ගා වංශික ගාගෝ මුදලිගේ සොහොයුරිය සම`ගය. එම විවාහයෙන් රජුට කොන්ස්‌තන්තීනු නම් වු කුමාරයෙක්‌ද, වැඩිමල් දියණිය දෝන ඉසබෙලා ලෙසට නම් වූ කුමාරියක්‌ද,

දෝන මාරියා ලෙසට නම් වූ කුමාරිකාවක්‌ ද විය. පුතු වූ කොන්ස්‌තන්තීනු නම් වූ බෞද්ධ කුමරා සහ කුමරුගේ බෞද්ධ වූ මවද ක්‍රි.ව. 1622.07.18 දින කොළඹට ගෙන ආවේ සිංහල බෞද්ධ ආරක්‍ෂකයන් 75 දෙනෙක්‌ සම`ගය. පෘතුගීසීන් විසින් කොළඹ ශාන්ත අන්තෝනි පල්ලියේ දී බලහත්කාරයෙන්ම ඉහත කී පෘතුගීසි කුලවන්නම් පවරන ලදී. බෞද්ධ වූ කුමරුන්ගේ මව එම “මාග්‍රට්‌” නම් ද ඇය විසින් ප්‍රතික්‌ෂේප කළ බවද සඳහන් වේ. ඉන්පසුව රජුට “දොන් පිලිප්” ලෙසට නම්කර ගෝවේ දී එල්ලා තබා හිස ගසා මරා දමන ලදී. එම රජ පවුල ගෝවට ගෙන ගියද කුමාරියන් දෙදෙනා සමග මව් බිසව පැන ගොස්‌ යාපනයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් දකුණු ඉන්දියාවේ ප්‍රබල රජෙකු යටතේ ආරක්‍ෂාව ලැබීය. කුමරුන්ව ගෝවේ මැගී විද්‍යාලයට ඇතුලු කර ක්‍රි.ව. 1635 දී පෘතුගීසීන් විසින් ඔප්පුවකින් යාපනය රාජ්‍යය පෘතුගීසි රජුට ලියවාගෙන දරුවන්ද නොමැති කුමරුව මරා දැමීය. II සංගිලි රජුගෙන් පසුව පෘතුගීසීන් විසින් එදිරිමාන්නසිංහ නැමැත්තෙක්‌ (II සංගිලි රජුගේ මාමා වූ) පත්කළේ නැත.

මේ කාලයේ දී ක්‍රි.ව. 1628 දී උඩරට රජකම ලබාගෙන සිටි හේරත් මුදියන්සේලාගේ සෙනරත්/ සේනාරත්න රජු තම භාරයේ සිටි û විමලධර්මසූරිය රජුගේ හා දෝන කැතරිනා නම් උඩරට කිරුල හිමි ලේනව කුමරියගේ වැඩිමල් පුතු වූ (උපත ක්‍රි.ව. 1601) කුමාරසිංහ ඌව රජුට හා මාතලේ රජ වූ විජයපාල (උපත ක්‍රි.ව. 1603) කුමරුට, යාපා පටුන ආක්‍රමණය කර II සංගිලි රජුගේ සිංහල දියණියන් දෙදෙනා විවාහ කරදී යාපනේ උරුමය හා උඩරට උරුමය ශක්‌තිමත් කරන ලදී. ක්‍රි.ව. 1629 දී අතපත්තු මුදලි හරහා යාපනේ රාජ්‍ය උඩරට පාලනයේ තබා ගැනීමට 5000 හමුදාවක්‌ යොදවා කළ යුද්ධය අසාර්ථක වී අතපත්තු මුදලිට අච්චුවේලියේ දී මැරුම් කෑමට සිදුවිය. පෘතුගීසීන් ඉන්පසුව යාපනේ බලවත් විය.

ඌවේ කුමාරසිංහ කුමරුට දෝන ඉසබෙලා කුමරිය විවාහ කරදී ලැබූ පුතු අඹන්වෙල රාල හා දියණියක්‌ ද විය. බාල දියණිය වූ දෝන මරියා විවාහ කර දුන්නේ මාතලේ විජයපාල කුමරුටයි. එම විවාහයෙන් ඇයට දරුවන් ලැබුණේa නැත. ඒ නිසා විජයපාල දෙවැනි විවාහයක්‌ ඉරුගල් පරපුරෙන් (විල්බාවේ) විවාහ වී පරපුරක්‌ ගෙන ගියා කුමාර ආස්‌තාන් නමිනි. නමුත් යාපනේ II සංගිලි සිංහල රජුගෙන් පැවත එන එකම පරපුර වන දෝන ඉසබෙලාගේ සහ කුමාරසිංහ කුමරුගෙන් පැවත එන අඹන්වෙලරාලගේ පරපුරයි.

යාපනයේ සිංහල ජනයාට හිමි ඉඩම්.

ක්‍රි.ව. 1505 දී යාපා පටුනේ රාජ්‍යයේ 120,000 ජනගහනයක්‌ වාසය කළ බව පෝල් ඊ. පීරිස්‌ දැරණියගල විසින් සාධක ඉදිරිපත් කෙරේ. 65% සිංහල ජනතාවද, 19% මුස්‌ලිම් ජනයා ද, 15% වඩුකර් ද්‍රවිඩ සෙබළුද වාසල කළහ. යාපනයේ ඕලන්ද යුගයේ පවා සිංහල මුදලිවරුන්ට හිමිව පැවති මුදල් ආරවුලක තොරතුරු අනුව යාපනේ පදිංචිව සිටි එම ඉඩම් හිමි සිංහල ජනයා ගැන තොරතුරු රාජ්‍ය ලේඛනාගාරයේ ඕලන්ද තෝම්බු අංක 4404 හි මෙසේ සඳහන් වේ. දොන් ඇලෙක්‌සැන්ඩර් වනිගරත්න මනන්පේරි මුදලිආර් ට එදිරිව අර්සකුලසූරිය යාපනේ මුදලියාර් ගේ මුදල් සම්බන්ධව නඩුව ක්‍රි.ව. 1765 සිට 1773 දක්‌වා පැවති බවත් එම ලේඛනයේ යාපනයේ ඉඩම් සම්බන්ධව සඳහන් වන තැන්වල සෙනෙවිරත්න කහඳව මුදලියර්ගේ උරුමයත්, කණ්‌ඩාව මුදියන්සේලාගේ උරුමයත් සහ සීමන් ප්‍රනාන්දු සිවේසනාජො පුල්ලේ අයගේ මැදිහත්වීම් ගැන එම නඩුවේ දක්‌නට ඇත.

තවද 4393 ඕලන්ද තෝම්බුවේ යාපනයේ අග්‍රාමාත්‍යව සිටි අමරකෝන් මුදලිආර් ගේ පරපුරේ සහ ඔහුගේ පුතුන්ගේ දේපල හා මුදල් ආරවුල් පිළිබඳ විස්‌තර ක්‍රි.ව. 1782 සිට ක්‍රි.ව. 1787 දක්‌වා තෝම්බු ලේඛනවල සඳහන් වේ. අමරකෝන් පරපුරේ දේපල ඔවුන් යාපනෙන් ඉවත්වීමත් සම`ගම ඔහු හා ගැටුණුq කදිරගාමින් තමෝදරන් හා නාගනාදර් විසින් පසුකලක බ්‍රිතාන්‍යයන් හරහා අත්පත් කර ගත් බව පෙනේ. මේ ආකාරයට යාපනයේ ගිණුම් වාර්තාවල ක්‍රි.ව. 1787 සිට 1788 දක්‌වාද ඕලන්ද තෝම්බු අංක 3533 සිට 3555 දක්‌වා ද සිංහල ජනයාගේ නම් සහිතව මුදල් හුවමාරුව පිළිබඳව විස්‌තර සඳහන් වේ. මේ ආකාරයට ම ක්‍රි.ව. 1792 – 1793 දක්‌වා ලේඛනවල ද සිංහල ජනයාගේ තොරතුරු ගැනද සඳහන් වේ. මෙකල යාපනයට ගෙන්වන ලද වහලුන් සමග ජීවත්වීමට අකමැති වූ සිංහල ජනයා වන්නියට උඩරටට පැමිණියහ.

ක්‍රි.ව. 1793 පසුව ඕලන්ද හා ඉංග්‍රීසි යුගවලදී පවා දුම්කොළ වගාකිරීම සඳහා යාපනේ ඉඩම් ඔවුන් විසින් බද්දට ලබාගත්තේ සිංහල රත්නසිංහ නැමැත්තාගෙන් බවත්, ඒ සඳහා රික්‌ස්‌ ඩොලර් 2000 ක්‌ අවුරුද්දකට ගෙවන ලද බවට ලිත සාක්‍ෂි ඉදිරිපත්කර ඇත. ඊට පසුව සිංහලයන් පන්නාදමා ඕලන්දයන් එම ඉඩම් බලයෙන් අත්පත්කර ඒවා මලබාර් වහලුන්ට ලබාදුනි. අද ඔවුහු ද්‍රවිඩ රාජ්‍යයක්‌ පතති. එම මලබාර් වහලුන්ගෙන් පැවතෙන්නන් ක්‍රි.ව. 1948 සිට අද දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ව අල්ලේ නැටවීම පිළිබඳව විස්‌තරයක්‌ පසුව පලවේ.

ටික්‌කම මහින්ද කුමාර