ගුවන්යානාවක කලු පෙට්ටිය ගැන හැම‌දේම

අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කළු පෙට්ටිය” යනුවෙන් හඳුන්වන උපකරණයක් ගුවන් යානයක තිබෙනවා. මේ ගැන  බොහෝ වෙලාවට කථා කරන්නේ ගුවන් අනතුරක් සිදු වුනාම. මෙම උපකරණයේ තාක්ෂණික නම තමයි Flight Recorder. සැබවින්ම මෙවන් උපකරණ 2ක් ගුවන් යානයක දැකිය හැකියි. එකක් Flight Data Recorder (FDR) ලෙස හඳුන්වන අතර අනෙක Cockpit Voice Recorder යනුවෙන් හඳුන්වනවා.

මෙයින් FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වන තොරතුරු තැන්පත් කර ගැනීම. අ‍නික් උපකරණය වන CVR එකෙන් වෙන්නේ ගුවන් නියමු කුටියේ හඬ තැන්පත් කර ගැනීම කියලා නමින්ම තේරෙනවනේ. CVR එකේ තැන්පත් වෙන්නේ ගුවන් නියමුවන් එකිනෙකා කථා කරන දේවල් ඒ වගේම ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් කථා කරන දේවල් සහ ඊට අමතරව අවට හඬද ආදියයි. කෙසේ වෙතත් සමහර ගුවන් යානා වල මෙම උපකරණ දෙක ම එක් කොට එක් උපකරණයක් ලෙසත් දකින්න පුළුවන්.

ලෝකයේ මුල්ම ‍ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවුනු අතර එය වුනේ කොහෝමද කියන්න කවුරුවත් ‍ඉතිරිව සිටියේ නම් නෑ.මොකද අනතුරින් සියලුම දෙනා මිය ගිය නිසා…මේ ගැන සොයා බලමින් සිටි පුද්ගලයෙක් 1956 දී ඔහුගේ මුලු දැනුමම එක් කොට කඩා වැ‍ටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ සිද්ධවන්නා වු කතා,1-O0wh96ahpOXJOxTK_NzyZg

“කළු පෙට්ටිය” කියා කිව්වට මෙය උපතින්ම තැඹිලි පාට වුනු කුඩා පෙටි‍ටියකි.මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් විදිහට හදලා තියෙනවද කිව්වොත්.
කාලතුවක්කුවක දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් හානියක් නොවෙන්නත් ,සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටියයේ ක්‍රියා විරහිත කිරිමට ,විනාශ කරන්නට නොහැක.
ඒත් තැඹිලි පාට පෙට්ටියට කළු පෙට්ටිය කියන්නේ මොකද???
ඒ තැඹිලි පාට පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන හින්දා තමා ඒකට “කළු පෙට්ටිය” කියලා තමා කවුරුත් කියන්නේ…

මුල්ම කා‍ලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවෙන කොට ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් නම් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.

කළු පෙට්ටිය ලෙස හඳුන්වනු ලබන මෙම උපකරණයේ මූලිකම කාර්යය වන්නේ ගුවන් අනතුරක දී එම අනතුරට හේතුව සොයා ගැනීමට ඉවහල් වන දත්ත ලබා ගැනීම. ඊට අමතරව යානයේ එන්ජින් වල සහ වෙනත් උපකරණ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම, ගුවන් යානා සුරක්ෂාව සඳහා වන යම් යම් පරාමිතීන් පරීක්ෂා කිරීමටත් මෙම උපකරණය යොදා ගන්නවා. මම අහල තියෙනවා සමහර ගුවන් නියමුවන් සම්මත වේගයට වඩා වැඩි වේගයකින් පැමිණ තම සේවා මුරය ඉක්මනින් අවසන් කිරීමට උත්සහ කරන බව. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේ වගේ දේවලුත් මේකෙන් බලා ගන්න පුළුවන්.

මෙම උපකරණය සකස් කර තිබෙන්නේ ඉතා ඉහළ විනාශකාරී තත්වයන්ට පවා ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට, පීඩනයට, ශීතලට, ගින්නට ආදී තත්වයන්ට. ඒ වගේම මෙම උපකරණය කළු පෙටිටි‍ය කියා හැඳින්වුවා ට මේ කොහොමටවත් කළු නම් නැහැ.  ඒකෙ තියෙන්නේ ගින්නට පවා ඔරොත්තු දෙන දොඩම් ගෙඩියේ පාටට හුරු තැඹිලි පාටක්. මොකද මේ පාට ඕනෙම තැනක සොයා ගැනීමට හැකියාවත් තියෙනවානේ.

ඒ වගේම කළු පෙට්ටිය සවි කරලා තියෙන්නේ ගුවන් යානයේ පිටිපස කොටසට (වලිගෙ ට) හේතුව ගුවන් අනතුරකදී හානිය අවම වන්නේ මෙම ප්‍රදේශයට නිසා.

කළු පෙට්ටියේ ඉතිහාසය ගැන කථා කරනවා නම් මුලින්ම කළු පෙට්ටිය ගැන තොරතුරු සඳහන් වන්නේ 1939 වගේ ඈත අතීතයේ ප්‍රංශයෙන්. මෙම නිෂ්පාදනය ඡායාරූප ක්‍රමය පදනම් වූ පටිගත කිරීමක් ලෙසයි විකිපීඩියා වල සදහන් වන්නේ. ක්‍රමයෙන් මේක දියුණු වෙලා තියෙන්නේ විශාල පුද්ගලයින් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්.

මා මුලිනුත් සඳහන් කළා මේ කළු පෙට්ටි විශාල බලයන්ට ඔරොත්තු දෙන බව. මෙම උපකරණ සකස් කර තිබෙන්නේ මළ නොකන වානේ වලින් හෝ “ටයටේනියම්” කියන ලෝහයෙන්. ඒ වගේම තමයි මෙම උපකරණය අනතුරක දී සොයා ගැනීමට හැකි වන පරිදි සංඥාවක් නිකුත් වන ආකාරයෙන් සකස් කර තිබෙනවා. මෙම සංඥාව දින 30 ක් පමණ කාලයක් නිකුත් වන ආකාරයට සකස් කර තිබෙන අතර මීටර් 6000 ක පමණ ගැඹුරකට ගිලුනා වුවද එය ක්‍රියාත්මකයි.WarrenBlackBox

තවත් දෙයක් කියන්න අමතක වුනා දැන් එන අළුත් උපකරණ වල දත්ත ගබඩා කිරීමේ කාලය පැය 24 ක් පමණ වෙනවා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදී අළුත් පැය24 දත්ත මෙහි ගබඩා වෙනවා. පරණ ඒවා මැකෙනවා.

මුල් කාල වලදී දත්ත ගබඩා වුනේ “චුම්බක පටි” වල උනත් අළුත් ඒවායේ නම් “මයික්‍රෝ චිප්ස්” තමයි භාවිතා කරන්නේ.

තවත් දෙයක් තමයි මෙම උපකරණ අනතුරකදී සොයා ගත්තත් අපේ රටේදී නම් ඒවා කියවීමේ හැකියාවක් නැහැ. ඒවා කියවන්න නම් ඉන්දියාවට හරි නිෂ්පාදකයා ගාවට හරි ගෙනියන්න වෙනවා. නිෂ්පාදකයා ගාවට ගෙන ගියොත් සිදු වුන වැරැද්ද ඒ ‍අයගේ අතේ නම් ලැබෙන වාර්තාව ටිකක් සැක සහිතයි නේද? මොනාවා වුනත් ඒ වැරැද්ද ඊට පස්සේ හදාගන්න නම් පුළුවන්.

කොහොම උනත් උඩදී අනතුර ගැන දකින කෙනෙක් නැති නිසාත්, බ්‍රේක් ගහල නවත්තලා බැහැලා දුවන්නත් බැරි නිසා මේ කළු පෙට්ටියේ තොරතුරු ඉතාම වැදගත් මොනවා හරි වුන දේ හොයා ගන්න.

ගුවන්යානා තුළ ඇති කළු පෙට්ටිය සම්බන්ධ තවත් තොරතුරු 07ක්

01 ගුවන්යානා අනතුරකදී සත්‍යය ලෙසම සිදුවූ අනතුර, එහි ස්වභාවය, නියමුවාගේ හඬපට ආදී සියල්ල දෘඩ තැටියක් තුළ සටහන් වන උපකරණයකි.

02 දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රහාරක ගුවන්යානා ආදිය සඳහා ප්‍රථම වරට මෙය 1942 වර්ෂයේදී හඳුන්වා දී ඇත.

03 එහෙත් 1956 දී ඔස්ට්‍රේලියානු ගගන යානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් වොරන් විසින් විධිමත් ලෙස සැකසූ FDR^ (Flight Data Recorder) නැතහෙත් CVR (Cock Pit Voice Recorder) හඳුන්වා දෙන ලදී.

04 කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද, මෙය තැඹිලි පැහැති කුඩා පෙට්ටියකි. සෑම කළු පෙට්ටියකම පිටතින් Flight Recorder Don’t open (ගුවන්යානා තොරතුරු සටහන් වූවකි, විවෘත නොකරන්න) ලෙස සටහන් කර ඇත.

05 සෙල්සියස් අංශක 1000ක උෂ්ණත්වයකදී හෝ අයිස් බවට පත්වන ඕනෑම සෘණ උෂ්ණත්වයකදී හෝ අඩි 20,000ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුණද මීට හානි සිදුනොවේ.

06 මුල් කා‍ලයේදී කළු පෙට්ටියෙන් ගුවන් නියමු කටහඬ, අනතුර සිදුවද්දී ගුවන්යානය ගමන් කළ උස සහ වේගය, ගමන් කළ දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුළ තිබූ ටේප්වල ගබඩා වුවද, වර්තමානයේ ඒ සඳහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.

07 වර්ෂ 2010 ජූලි 19 වැනිදා අවුරුදු 85ක්ව සිටියදී ඩේවිඩ් වොරන් මිය ගිය අතර, ඔහු ඉටුකළ සේවයට ගෞරවයක් වශයෙන් ඔහු මිහිදන් කළ පෙට්ටියේ  ගුවන්යානා තොරතුරු සටහන් යන්ත්‍ර‍ෙය් නිෂ්පාදකයාය, විවෘත නොකරන්න (Flight Recorder Inventor Do not Open) ලෙස සටහන් කර තිබිණි.

Family members carry the coffin of scientist Warren at his funeral in Melbourne

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙන්