අපේ ගමන් මග වැටිලා තිබුණේ බල්ගේරියා, ඉතාලිය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉරානය,ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව හරහායි

දේශීයත්වයට මුල්තැන ලබාදෙමින් 70 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණ ආණ්ඩුව රට පාලනය කළේය. ඒ අනුව දේශීය නිෂ්පාදනවලට මුල්තැන ලබාදෙමින් විදේශයෙන් ආනයනය කරන භාණ්ඩවලට වැටබැන්දේය. ඒ දේශීය නිෂ්පාදනවලට මුල්තැනක් ලබාදීමටය. කෙසේ වෙතත් මෙරට තුළදී නිෂ්පාදනය නොකර විදේශයෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කිරීමට එම ආණ්ඩුව කටයුතු කළේය.

මේ අනුව ආහාර ද්‍රව්‍ය සේම යාන වාහන ආනයනයද සීමා විය. කෑමබීම වර්ග මෙරටේම නිෂ්පාදනය කළත් යානවාහන මෙරට තුළ නිෂ්පාදනය නොවන නිසා එම අංශයෙන් ගැටලූවක් ඇතිවිය. ඊට විසඳුමක් ලෙස විදේශයන්හි රැුකියා කරනු ලබන අයට තමන් උපයන මුදල අනුව වාහනයක් මිලදී ගැනීමට බලපත‍්‍රයක් ලබාදුන්නේය.

ඊට අමතරව මෙරට නිෂ්පාදන විදේශයන්ට අපනයනය කරන අයට ද වාහන බලපත‍්‍ර ලබා දුන්නේය. ඒ අනුව විදේශ විනිමය ඩොලර් 2000ක් ඉපයූ පුද්ගලයෙකුට එක් කාර් රථයක් ආනයනයට බලපත‍්‍රයක්ද, ඩොලර් 4000ක් උපයන අයෙකුට කාර් 2ක් සඳහාද, ඩොලර් 6000ක් උපයන අයෙකුට කාර් 3ක් ගෙනඒමට අවසර ලබාදී තිබුණි.

ඊට එහා වැඩි ඩොලර් ප‍්‍රමාණයක් ඉපයු අයට වැඩි වටිනාමකින් යුත් කාර් මිලට ගැනීමට හැකි අතර වසර පහකට වතාවක්්, වසර පහක් පැරණි කාර් ආනයනයට අවසර ලබාදී තිබුණි.  ඒ අනුව වාහන ආනයන බලපත‍්‍ර සඳහා එකල විශාල ඉල්ලූමක් තිබුණි. එසේ නොමැති නම් ඒ වන විට රටේ සැලකිය යුතු වාහන ප‍්‍රමාණයක් තිබූ නිසා වාහන ආනයනය සීමාකිරීමත් එහි අරමුණ විය.

එහෙත් අද මෙන් එකල වාහන ආනයනය පහසු නොවීය. යටත් විජිතයක් ලෙස පැවැති ශී‍්‍රලංකාව එවකට නිදහස ලබා තිබුණත් එංගලන්තයෙන් ශී‍්‍ර ලාංකිකයන්ට ලබාදී තිබූ වරප‍්‍රසාද එලෙසම ලබාදී තිබිණ. එකල එංගලන්තයට ශී‍්‍ර ලාංකිකයන්ට යාමට වීසා අවශ්‍ය නොවීය. එම වාසිය ද සැලකිල්ලට ගෙන එංගලන්තයෙන් වාහන ගෙන්වීමට මෙරට ගැණුම්කරුවෝ දැඩි උනන්දුවක් දැක්වූහ. එකල භාණ්ඩ ආනයනයට අද මෙන් විශාල ප‍්‍රමාණයේ නෞකා නොවීය.  එමෙන්ම එම නෞකාවල සියලූම ආනයන බඩු පටවා ප‍්‍රවාහනය කළේය. එසේ යාත‍්‍රා කරන නෞකාද මාස ගණනක් ගමනාන්ත වරායට පැමිණීමට කල්ගත වන්නේ ගමන් කරන නැව් මාර්ගයේ ආසන්නයේ ඇති වරායවල නැවත්වීම නිසාවෙනි. මේ නිසා එංගලන්තයේ සිට ගොඩබිම් මාර්ග ඔස්සේ වාහන පදවාගෙන පැමිණීම මෙරට කිහිපදෙනෙක් පුරුදුව සිටියහ. එසේ ගොඩබිම් මාර්ගය ඔස්සේ වාහන පදවාගෙන පැමිණ වාහන අලෙවිය ආරම්භ කළ කිහිපදෙනෙකු අද වන විටද වාහන අලෙවි ක්ෂේත‍්‍රයේ කටයුතු කරතිි. කැලණියේ කමල් සිරිවර්ධන, ගම්සභා හන්දියේ විජිත රණසිංහ මහත්වරු ඉන් ප‍්‍රධාන වෙති.

එසේ මෙරටින් ලබාගත් බලපත‍්‍රයකින් එංගලන්තයෙන් වාහනයක් මිලට ගැනීමට 1976 ජූලි 24 වැනි දින විජිත රණසිංහ මහතා පළමුවෙන්ම එංගලන්තයට ගියේය. එහිදී ඔහු මිලට ගෙන ඇත්තේ පර්ජෝ 404 වර්ගයේ මෝටර් රථයකි.

‘‘මම ගැරේජ් එකක් කළේ. ඒ නිසා වාහන ගැන දැනුමක් තිබුණා. වාහනයක් ගන්න ආස නිසා ඉස්කෝලේ මහත්තයකුගේ වාහන බලපත‍්‍රයක් මම මිලදී ගත්තා. එහි වටිනාකම පවුම් 135යි. ඒ කාලේ පවුමක් රුපියල් 50ක් විතර ඇති. ලන්ඩන්වල මගේ යාළුවෙක් හිටියා. මම ගුවන් යානයෙන් ගිහිල්ලා හීත්‍රෝ ගුවන්තොටුපළෙන් බැහැලා යාළුවත් එක්ක වාහන ගැන හෙව්වා. එතකොට ලංකාවට ගේන්න දෙන්නේ අවුරුදු 5කට වැඩි කාලයක් පාවිච්චි කළ වාහන විතරයි. හොඳ තත්ත්වයේ පෝර්ජෝ 404 වර්ගයේ වාහනයක් ඒ බලපත‍්‍රයේ ගාණට හම්බ වුණා. ඒ වන විට එම වාහනය වසර 7ක් විතර පාවිච්චි කරලා තිබුණේ. මම වාහනය හොඳට පණගන්වා බැලූවා. ඇන්ජින් එක හොඳම තත්ත්වයේ කියලා තේරුණා. ටයර් 4ත් අලූත්. ඒ වාහනය හොඳයි කියලා ගත්තා.’’යනුවෙන් රණසිංහ මහතා පැවසීය.

එංගලන්තයේ සිට ගොඩබිම ඔස්සේ ඇරඹු ශී‍්‍රලංකා ගමන එතරම් අපහසු නොවීය. පසු කළ යුතු රටවල් ගණනාවකි. එම රටවලට ඇතුළුවීමට නම් වීසා අවශ්‍ය වෙයි. ඒ සඳහා පහසු වූයේ එංගලන්තයේ ලන්ඩන් නුවර ඒ සෑම රටකම තානාපති කාර්යාලය බැගින් පිහිටා තිබීමයි. එම පහසුව නිසා සෑම රටකම තානාපති කාර්යාලයකින් අවශ්‍ය වීසා ලබාගැනීමට ඉතා පහසු බව රණසිංහ මහතා පවසයි. ඔහුට ගමන් පහසුවක් වී ඇත්තේ එම රටවල ඔටෝ මොබයිල් ඇසෝසියට් ආයතනයේ කාර්යාල පිහිටා තිබීමයි.

‘‘මාර්ග සිතියම්, නතර වෙන තැන්, රටවල් වල සීමා ඉක්මවන ස්ථානය, නතර වෙන්න හැකි හෝටල් ආදිය සියල්ලක් ගැනම විස්තර ඔටෝ මොබයිල් ඇසෝසියට් එකෙන් දෙනවා. එහිදී මට තවත් යාළුවෙක් හම්බවුණා. බදුල්ල පැත්තේ බන්දුල කියලා.එයත් එංගලන්තයේ ඉදලා ගොඩබිමින් වාහනයක් ලංකාවට ගේන්න ආපු කෙනෙක්. ලංකාවට සැතපුම් 10,200ක් විතර තියෙනවා. අපේ ගමන් මග වැටිලා තිබුණේ බල්ගේරියා, ඉතාලිය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉරානය,ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව හරහායි. ඒ කාලෙත් ඒ රටවල පාරවල් හොඳම තත්ත්වයේ තිබුණා. වැඩිම දුරක් යන්න තියෙන්නේ ඉරාන් ,ඉරාක්වල හා ඉන්දියාවේදීයි. දවසට කිලෝමීටර් 750ක් විතර යන්න පුළුවන්. මොකද, උදේ හයට ගමන ආරම්භ කළාම හවස හයට පමණ තැනක නතර වෙන්න කියලයි ඔටෝ මොබයිල් සංගමයේ කාර්යාලයෙන් කිවුවේ. ඉරාකයේ හා ඉරානයේ දවස් හතරක් විතර යන්න වෙනවා කිව්වා.’’යැයි රණසිංහ මහතා මිලට ගත් වාහනය ලංකාවට ගොඩබිම් මාර්ගය ඔස්සේ පදවාගෙන ආයුතු මාර්ගය ගැන පවසයි.

‘‘ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ඉරාන්වල පාරවල් අධිවේගී මාර්ග වගේ හොඳයි. ඒ කාලයේදී ඉරානයේ යුද්දේ ආරම්භ වන සලකුණු විතරයි තිබුණේ. නමුත් යුද්ධයක් තිබුණේ නැහැ. කොහොමහරි ලන්ඩන් වලින් බල්ගේරියාවලට ආවා. අපි හෝටල්වල නතර වෙන්න ගියේ නැහැ. ප‍්‍රධාන හෝටල් ඉදිරිපිට තමයි ?ට වාහන නතර කරන්නේ. කෑම ගැන වැඩිය බැලූවේ නැහැ. වැඩිපුර වතුර ටිකක් වාහනයේ තියාගත්තා. හැම රටකම මසකට වීසා දීලා තිබුණා. නමුත් අපි වැඩි කාලයක් රස්තියාදු නොවී කාලය ඉතුරු කරන්න එක දිගට දහවල් කාලයේ එන්න ආවා.’’ ඔවුන් බල්ගේරියා පසු කර ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය මාර්ග ඔස්සේ ඉරාන්වලට පැමිණ තිබේ. එහෙත් මෙම රටවල් හරහා ගමන් කරන විට ලෝක ප‍්‍රසිද්ධ ස්ථාන ඇතත් ඔවුන් ඒවා නැරඹීමට උනන්දු නොවුයේ නියමිත දින ගණනට සිය ගමනාන්තයට ළඟාවීමට නොහැකි වේයැයි ඇති බිය නිසාවෙනි. එම රටවල ගමන් කිරීමේදී භාෂා ප‍්‍රශ්නයන්්ද ගැටලූවක් නොවීය. එහෙත් ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීමත් සමග තත්ත්වය මීට වඩා වෙනස් කිරීමට රණසිංහ මහතා සහ ඔහුගේ මිතුරා කටයුතු කර ඇත. ඊට හේතුව එම රට සම්බන්ධයෙන් ඔවුන් පෙර දැනුවත් වී තිබීම නිසාවෙනි.

‘‘අපට උපදෙස් ලැබී තිබුණා ඇෆ්ගනිස්ථානයේ හොරු ඉන්නවා කියලා. ඒ නිසා රාත‍්‍රිය ගත කරන්න ගියේ නැහැ. උදේ හයට දේශසීමාවෙන් ගමන් ආරම්භ කරලා සවස හය වනවිට ඇෆ්ගනිස්ථානයේ අනික් සීමාවට ආවා. ඒත් ඊළඟට ඇතුළු වුණු පාකිස්තානයේ ගමන වෙනස් එහෙට ආවාට පස්සේ අපිට හුරු කෑම බීම ඒ අයගේ හැසිරීම් අපට හුරුයි ඒ නිසා වැඩි ගැටලූවක් ඇති වුණේ නැහැ. අපේ රටේ 18 වංගුව වගේ දැඩි වංගු සහිත පාරක් තමයි කයිබර්පාස් ප‍්‍රදේශය රට මැදින් වැටිලා තියෙන්නේ. එහෙත් ප‍්‍රවේශමෙන් එන්න  ඕනෑ. ඒ නිසා පාකිස්තානයේ දවස් තුුනක් විතර ගමන් කරන්න වුණා. හමුදා කුටි, පොලිසි ඉදිරිපිට වගේ තමයි එහිදී නතර වුණේ.’’ රණසිංහ මහතා පවසයි. පාකිස්තානය පසු කළ පසු ඔවුන්ට සැනසිල්ලක් ලැබුණේ තමන්ගේ ගමනේ අවසන් නවාතැනට පෙර පසුකිරීමට තිබූ එකම රට පිහිටා තිබීම නිසාවෙනි.

‘‘ඉන්දියාවට ඇතුළු වුණාට පස්සේ අපට විශාල සතුටක් ඇතිවුණා. දැන් ලංකාව ළඟයිනේ කියලා. ඒ වන විට තිබූ හදිසිය අපෙන් ගිලිහී ගියා. එනිසා අපි ඉන්දියාවේ ප‍්‍රසිද්ධ ස්ථාන නරඹන්න උනන්දු වුණා. ටජ් මහල් බලන්න ගියා. නවදිල්ලියේ තිබුණු තවත් විශේෂ ස්ථාන බැලූවා. කොහොම හරි රාමේශ්වරන්වලට එන්න දවස් හතක් ගියා. එතනින් පෙරියට උදෙන්ම බඩු පටවන්න  ඕනෑ. කාර් තුනක්, හතරක් සමහර දවස්වලට පටවනවා. ඊට පස්සේ බඩු දානවා. ප්ලාස්ටික් බඩු ගොඩක් අපි ආව පාරුවේ තිබුණා. තලෙයිමන්නාරමට ආවාම රේගු නිලධාරියෙක් පෙරියට නැගලා බලනවා. වාහන පෙරියෙන් ගොඩබිමට බෑවට පස්සේ වාහනය රේගුවේ භාරයේ තියෙන්නේ. ඇතැම්විට වාහන ගන්න අය එතනට ඇවිල්ලා ඉන්නවා. ඒත් වාහන කොළඹට ගෙනැල්ලා තමයි රේගු ගාස්තු අය කරලා අපිට ලබාදෙන්නේ.’’

තලෙයිමන්නාරමේ පිහිටුවා ඇති රේගු කාර්යාලයේ නිලධාරීන්  භාරයට වාහන ලබාගත් පසු එහි එක් නිලධාරියෙක් සමග කොළඹ ප‍්‍රධාන කාර්යාලය තෙක් වාහන ගෙන එයි. ගමනට දවසක් ගත වන නිසා රේගු කටයුතු සිදුකිරීමට සිදුවන්නේ  පසු දිනය.මේ නිසා වාහන එහි තබා යෑමට අයිතිකරුට සිදුවේ. රණසිංහ මහතාට හා මිතුරාටද එසේම විය.

‘‘පසුදින මම වාහනය ගන්න රේගුවට යන විට වරාය භූමියේ එංගලන්තයෙන් ගෙන්වපු තවත් වාහන දහයක් විතර තිබුණා. රේගු නිලධාරීන් ඉක්මනින් මගේ වාහනය පරික්‍ෂා කර රේගු බදු වශයෙන් රුපියල් හත්දහසක්් ගෙවන්න කිවුවා. ඒ කාලේ රේගු ප‍්‍රධාන නිලධාරී ලෙස හිටියේ සූරියආරච්චි කියලා මහත්තයෙක්. පසුගිය කාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් පත්වූ ජයතිලක කියලා මහත්තයත් හරිම හොඳයි. ක්‍ෂණයෙන් අවශ්‍ය රාජකාරි වැඩ ටික කරලා දුන්නා. මම වාහනය ගෙනැල්ලා මගේ ගැරේජ් එකේදී අඩුපාඩු හදලා තීන්ත ආලේප කළා. සතියක් යනකොට වැඩ ඉවර කරලා පුවත්පත් දැන්වීමක් දැම්මා කාර් එකක් විකුණන්න තියෙනවා කියලා.

කොහොම හරි ඒ දැන්වීම දාලා එක දවසයි ගියේ. වාහනේ මිලදී ගන්න ගැණුම්කරුවෝ කිහිපදෙනෙක් ආවා. කොහොම හරි සියලූම වියදම් අතහැර විකුණු මුදලින් ලාභය තිබුණා රුපියල් 50,000ක් විතර. විකුණුව කාර් එක වගේ තවත් කාර් තුනක් ගන්න පුළුවන් ඒ මුදලින් ’’ යැයි එදා වාහන අලෙවියට ප‍්‍රථමයෙන් යොමුවී තමන් අලෙවි කළ මුල්ම වාහනයෙන් ලාභය ඉපයූ ආකාරය රණසිංහ මහතා ඉතා ආඩම්බරයෙන් මෙන්ම සතුටින් පවසන්නේය.

ඉන් නොනැවතුණු ඔහු යළි ටික  දිනකින්  එංගලන්තයට ගියේ මුල් වාහනයට වඩා වැඩි වටිනාකමකින් යුත් වාහන බලපත‍්‍ර දෙකක් අතැතිවය. එ් පවුම් 600 පමණ වටිනා වාහන බලපත‍්‍ර දෙකකි. සිය මිතුරෙකුට වාහනයක් මිලදී ගැනීම එහි අරමුණ වී තිබිණි. ඒ කාලය වන විට නැව් මගින්ද වාහන එංගලන්තයේ සිට ප‍්‍රවාහනය කරන කිහිපදෙනෙක් ද සිටියහ. නැව් මගින් ප‍්‍රවාහනය කිරීමට පවුම් 600ට වැඩි වටිනාකමකින් යුත් වාහන තිබිය යුතුය. ඒ සඳහා පවුම් 300ක් පමණ මුදලක්ද වැයවේ. ඒ වන විට ලංකාවේ එංගලන්තයේ සෆාරි වර්ගයේ පර්ජෝ 404, බෙන්ස්, මොරිස් ඔක්ස්ෆෝඞ්  යන වාහන සඳහා හොඳ ඉල්ලූමක් තිබී ඇත. එහිදී ඔහු තවත්      රැුගෙන ගිය වාහන බලපත‍්‍ර තුනට වාහන තුනක් මිලට ගෙන ඒමට නැව් මගින් ප‍්‍රවාහනය කිරීමට තීරණය කර නැවට පටවා තිබේ. එකල නැවක් මෙරටට පැමිණීමට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇත. කෙසේ වෙතත් රණසිංහ මහතාට වාහන ආනයනයේදී ලැබූ ලාභයේ රස දැනීමත් සමග යළිත් එංගලන්තයට ගොස් ඇත්තේ වාහනයක් ආනයනය කිරීමටය. එහිදී ඔහුගේ මුල්ම රැුකියාව වූ කාර්මික ශිල්පීය ඥානයද ඉතාමත් වැදගත් වී ඇත. එවර වසරකට අඩු කාලයක් පාවිච්චි කළ නිෂ්පාදිත ආකාරයෙන්ම වාහනයක් මිලට ගෙන (ඊර්බා භැඅ*  ලංකාවට ගොඩබිම් මාර්ග ඔස්සේ  රැුගෙන ඒමට එහිදී ඔහු සැලසුම් කර ඇත. ඒ අනුව ගමන් කළ යුතු මාර්ගය වැටී ඇති රටවල් වලට ඇතුළුවීමට අවශ්‍ය වීසා එංගලන්තයේම පිහිටි ඒ රටවල තානාපති කාර්යාල වලින් ලබාගෙන ගමනට සූදානම් වූ බව රණසිංහ මහතා පවසයි.

‘‘එ් වෙලාවේ මට තවත් යාළුවෙක් හමුවුණා. ගොඩබිම් මාර්ගය ඔස්සේ එන්න. හැබැයි ගමනට පිටත් වන දවසේ කියූ වේලාවට ඔහු ආවේ නැහැ. එයා එන්නැතිව නතරවෙලා. මම ඔහු නිසා ගමන අවලංගු නොකර යොදාගත් ආකාරයට තනියම එන්න පිටත් වුණා. මොකද, මීට පෙර එක් වතාවක් ඒ ගමන ඇවිත් තියෙන නිසා මාර්ගය හුරුයි. එන්න තියෙන්නේ කොහොමටත් ප‍්‍රධාන මාර්ගවලම නේ. ඒවා සිතියමේ තියෙනවා. ලංකාවේ අය ඒ විදියට ගියේ නැති වුණාට විදෙස් රටවල අය සංචාරයට පවා ඔය ආකාරයට එනවා. රට රටවල් පසු කරලා එන විට පළමුවතාවේ  සිදුවූ සිද්ධීන් මතක් වුණා. දෙවැනි වර මම මිලදී ගත්ත වාහනය මුල් අවස්ථාවේ මිලදී ගත් වාහනයේ එන්ජිමට වඩා හොඳයි. එය ඇෆ්ගනිස්ථානයට ඇතුළු කළාට පසුව මතක් වුණා මුලින්ම වාහනය අරගෙන එන විට එහිදී කලච්ප්ලේට් එක කැඩුණු හැටි.

එංගලන්තයේ වාහන හැම රටකම පාවිච්චි කර නිසා අමතර කොටස් හැම රටකම තිබුණා. කොහොම හරි ඇෆ්ගනිස්ථානයෙන් මට කලච්ප්ලේට් එකක් හොයා ගන්න අමාරු වුණේ නැහැ. ඒක අරගෙන පැය එකහමාරක් ඇතුළත මටම සාදාගන්න. හැබැයි දෙවැනි වතාවට ගත්ත වාහනයේ ඒ වගේම ගැටලූවක් වුණේ නැහැ. කිසිම ගැටලූවක් නැතිව ඇවිත් ලංකාවට ආවා. ’’ රණසිංහ මහතා සිය අද්දැකීම් එසේ විස්තර කර සිටියේය.

චමින්ද සේනාරත්න