පොළොව නිශ්චල බව අතීතයේ සිට මිනිසුන් සිතා සිටි දෙයකි. ග‍්‍රීසියේ පයිතගරස් මුල් වරට පොළොව චලනය වන්නේ ය යැයි මත පළකළේ ය.

ගැලීලියෝ ගැලීලී ගැන ඔබ අසා ඇති. අද මා සාකච්ඡුා කරන්නේ පොළොව හිරු වටා යන්නේ ය යන මතය ඒත්තු ගැන්වීමේ දී ඔහුට සිදු වූ දේ හා සම්බන්ධ රසවත් සිදුවීම් ගැන. පෙර ලිපියකත් කී පරිදි මේ පොළොව හිරු වටා යන්නේ ය යන අදහස තව ම කිසිවකු ඔප්පු කර නැහැ. ඔප්පු නො කළ දෙයක් ඒත්තු ගන්වන්නට ගැලීලියෝ සමත් වූයේ කෙසේ ද යන්න අපි විමසා බලමු.

පොළොව නිශ්චල බව අතීතයේ සිට මිනිසුන් සිතා සිටි දෙයකි. ග‍්‍රීසියේ පයිතගරස් මුල් වරට පොළොව චලනය වන්නේ ය යැයි මත පළකළේ ය. පයිතගරස්ට අනුව විශ්වයේ සියල්ල විශ්ව කේන්ද‍්‍රයේ ඇති හෙසියාඞ් නම් ගිනි මැලය වටා ගමන් කරයි. ඇරිස්ටාකස් මේ මතය මත පිහිටා මුලින් ම තරමක් විධිමත් සංකල්පයක් ඉදිරිපත් කළේ ය.

පෘථිවිය ගෝලාකාර බව පෙන්වූ ඇරිස්ටෝටල්ට පෘථිවිය චලනය වන්නේ ය යන්න සත්‍ය ලෙස පෙනුණේ නෑ. ඔහු පයිතගරස්ට හා ඇරිස්ටාකස්ට විරුද්ධව ප‍්‍රබල තර්ක ඉදිරිපත් කරමින් පෘථිවි කේන්ද්‍රවාදය සනාථ කළේ ය.

පසුව මධ්‍යකාලීන යුගයේ මේ සියල්ල යටපත් වූ අතර නැවත ග‍්‍රීක දාර්ශනිකයන් අධ්‍යයනය කිරීම ඇරඹුණේ පුනරුද යුගයේ ය. තෝමස් ඇක්වයිනාස් සාන්තුවරයා කතෝලික පල්ලියේ ඉගැන්වීමට ඇරිස්ටෝටල්ගේ හා ටොලමිගේ පෘථිවි කේන්ද‍්‍රවාදය හා ලෝකය ගෝලාකාර ය යන මතවාද එක් කළේ ය.

මේ අතර නිකලස් කොපර්නිකස් නම් විද්‍යාඥයා සූර්ය කේන්ද‍්‍රවාදය සත්‍ය විය හැකි යැයි කියමින් ඒ සඳහා දළ ආකෘතියක් ද සැකසුවේ ය. ඇරිස්ටෝටල්ගේ තර්ක හමුවේ බිඳ වැටී මිථ්‍යාවක් ලෙස සැලකුණු පෘථිවිය චලනය වන්නේ ය යන මතය නැවත ඉදිරිපත් කිරීම එකල සිටි විද්‍යාඥයින්ගේ මෙන් ම සාමාන්‍ය ජනතාවගේ ද උපහාසයට ලක් විය. කතෝලික සභාවට එරෙහිව ප‍්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරය ඇරඹූ මාටින් ලූතර් පවා (මාටින් ලූතර් කිං නො වේ.* කොපර්නිකස් ගැන කීවේ මෙවැන්නකි.

” ඕනෑ ම පොඩි ළමයෙක්ට වුණත් තේරෙනවා පොළොව හෙල්ලෙන්නේ නෑ ඉර තමයි පොළොව වටේ යන්නේ කියලා. අර පිස්සා කියනවා පොළොව ඉර වටේ යනවා කියලා”

පයිතගරස්ගේ බිඳ වැටුණු අදහස සමාජගත කිරීම ගැන බෙලාමින් කාදිනල්වරයා මෙසේ කීවේ ය.
”පැහැදිලි භෞතික පැහැදිලි කිරීමකින් මිස සූර්ය කේන්ද‍්‍රවාදය අපට ඒත්තු ගැන්විය හැකි නො වේ.”
මේ අභියෝගය සඳහා කිසිදු පිළිතුරක් නො වී ය.

මෙසේ තිබිය දී ගැලීලියෝ ගැලීලි කොපර්නිකස්ගේ මතය තෝරාගත්තේ පයිතගරස්ට ඇරිස්ටෝටල්ගේ තර්කවලට දීමට පිළිතුරු තිබූ බව ඔහුට නොපෙනීම ගැන තමා පුදුම වන බව කියමිනි. බෙලාමින් කාදිනල්වරයා කළ සූර්ය කේන්ද්‍රවාදය පරීක්ෂණාත්මකව පෙන්වන්න යන අභියෝගය ගැලීලියෝ ගැලීලි භාර ගත්තේ ය.

ඔහු කීවේ වඩදිය ඇතිවෙන්නේ පෘථිවිය භ‍්‍රමණය වීම නිසා බව ය. ඔහු ඒ අදහස මත පිහිටා ඒ අනුව ආද්‍රියාතික සයුරේ වඩදිය ගැන තරමක් සාර්ථකව පුරෝකතනය කළේ ය.

මෙය ඇසුණු විට ඔබ පුදුම වීමට පිළිවන. ‘වඩදිය බාදිය ඇතිවෙන්නේ සඳ නිසා නොවෙයි ද?’ ඇත්තට ම ගැලීලියෝගේ මේ පිළිතුර ඉතා අසාර්ථකයි. ගැලීලියෝ සත්‍ය නම් දවසකට වඩදිය ඇතිවිය යුත්තේ එක් වරයි. ඒත් වැනීසියට දවසකට වඩදිය දෙකක් ඇතිවේ. මේ සියුම් කරුණ ගැලීලියෝට මඟ හැරුණි. මෙය හෙළිදරව් වූ පසු ගැලීලියෝ විද්වත් ප‍්‍රජාව අතර මිථ්‍යා මතධාරියකු ලෙස ප‍්‍රතික්ෂේප වී ගියේ ය. අනාවැකියක් වැරදීම යනු ‘බෙල්ල කැපී යන දෙයකි.’ වඩදිය ඇතිවන්නේ සඳ නිසා බව කීවේ කෙප්ලර් ය. (අරාබි ගණිතඥයන් මේ බව කීවේ සියවස් කීපෙකට කලින්.* ගැලීලියෝ මරණයට පත්වන තුරු ම කෙප්ලර්ගේ වඩදිය ඇතිවන්නේ සඳ නිසා ය යන්න ප‍්‍රතික්ෂේප කළේ ය.

මෙහිදී සඳහන් කළ යුත්තේ පාසල්වල උගන්වන දෙයින් බොහෝ දෙනා වඩදිය බාදිය ඇති වීම ගැන හිතට ගන්නේ වැරදි චිත‍්‍රයකි. ඔවුන් සිතන්නේ හඳේ ගුරුත්වය නිසා සමුදුරු ජලය ඉහළට ඇදගැනීමෙන් ජලය ඉස්සීමකට ලක්වී වඩදිය ඇතිවන බවයි. බොහෝ දෙනාට අමතක වන්නේ හඳට මුහුණලා ඇති පැත්තේ මෙන් ම හඳට ප‍්‍රතිවිරුද්ධ පැත්තේ ද ඇත්තේ වඩදිය බව ය. හඳට විරුද්ධ පැත්තේ වතුර එසවෙන්නේ හඳෙන් ඇද ගැනීම නිසා ද? දවසට දෙවරක් වඩදිය ඇතිවන්නේ මෙසේ සඳුට විරුද්ධ පැත්තේත් මුහුණලා ඇති පැත්තේත් දෙකෙහි ම ජලය ඉස්සී ඇති බැවිනි.  බොහෝ දෙනාට මැවී ඇති චිත‍්‍රයට වඩා තාරකා විද්‍යාවේ හැසිරීම් අතිශය වෙනස් ය. තාරකා විද්‍යාව ගැන කරුණු දක්වන ඒ ගැන හැදෑරීමක් නො කළ ලංකාවේ ඇතැම් හේතුවාදීන්ගෙන් ද ප‍්‍රවේසම් විය යුතු ය. කිසිවකු කියන දේ සොයා නො බලා විශ්වාස කළ යුතු නො වේ. සූර්යයාගේ බලපෑම නිසා ද කුඩා ප‍්‍රමාණයෙන් වඩදිය ඇති වේ.

සූර්යයාට වඩා චන්ද‍්‍රයා මීට ප‍්‍රබලව බලපාන්නේ චන්ද‍්‍රයා පොළොවට ළඟින් පවතින නිසා පොළොව මතට දැනෙන චන්ද‍්‍රයාගේ ගුරුත්ව බලය පොළොව මතට දැනෙන සූර්යයාගේ ගුරුත්ව බලයට වඩා අඩු නිසා ය යන නිතර ඇසෙන කරුණ අසත්‍යයකි. පොළොව මත දී චන්ද‍්‍ර ගුරුත්වාකර්ෂණය මෙන් 179 ගුණයක් පමණ ප‍්‍රබල සූර්ය ගුරුත්වාකර්ෂණ බලයක් භෞතික විද්‍යාව අනුව පොළොව මතට දැනේ. සූර්යයා හා චන්ද‍්‍රයා එක ම පැත්තේ තිබුණ ද පොළොව දෙපැත්තේ ම වඩදිය ඇති වේ. වඩදිය බාදිය ඇති වීම බොහෝ දෙනා සිතන තරම් සරල නැත. දුරස්ථ ස්කන්ධවල බලපෑම ජනප‍්‍රිය මාධ්‍යවල ඇසෙන තරම් සරල නැත.

දැන් ගැලීලියෝ පරාජය වී කලක් ගත කළේ ය. ඉන්පසුව නැවතත් ඔහු පිටියට අවතීර්ණ වූයේ වෙනස් ප‍්‍රවේශයකිනි. මෙවර ඔහු පෘථිවි කේන්ද‍්‍රවාදයට පරීක්ෂණාත්මක සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට උත්සුක වූයේ නැත. රාත‍්‍රියේ අප පාරක ඇවිදින විට අප පිටුපසින් හෝ ඉදිරියෙන් ඇති සඳ අපේ වේගයෙන් ම ගමන් කරන්නාක් මෙන් පෙනේ. මෙය පෙන්වූ ගැලීලියෝ කීවේ අප දකින දේ මෙවැනි අප මුලා කරන සුලූ දේ විය හැකි බැවින් දෘශ්‍යමාන සාක්ෂ්‍ය ලබා දීමට වඩා තර්ක බුද්ධියට තැන දිය යුතු බවයි. මෙවර ඔහු බෙලර්මින් කාදිනල්වරයාගේ අභියෝගය ප‍්‍රතික්ෂේප කරමින් භෞතික සාක්ෂ්‍ය දීම පසෙක තබා තර්ක මඟින් සූර්ය කේන්ද‍්‍රවාදය සුජාත කළේ ය. ඔහු තමාගේ නැවත පැමිණීම නම් කළේ ,ෑ චමර ිස පමදඩැ, (තවම එය -පොළොව- ගමන් කරයි යනුවෙනි.*

අභියෝගවලින් පැරදී නැවත ආ ගැලීලියෝගේ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. මෙවර ඔහු බොහෝ උපහාසයට පත් විය. ධෛර්යය අත් හැරියේ ඔහු නො වේ. වරක් මාගිනී නම් විරුද්ධවාදියා ගැලීලියෝ ගැලීලිගේ දුරේක්ෂය ගැන මහා වැඩමුළුවක් පැවැත්වී ය. එහි දී විද්‍යාඥයින් එක් වී ගැලීලියෝගේ දුරේක්ෂය ගැන පරීක්ෂා කළ අතර එහිදී විද්‍යාඥයින්ට පෙනුණේ පොළොව මතුපිට ඇති දේ පිළිබඳ දුරේක්ෂය ඉතා යහපත් දර්ශන ලබා දුන්න ද අහස දෙස බැලූ විට එයින් පෙනුණේ තාරකා විද්‍යාවට පටහැනි කරුණු බව ය. මේවා පැහැදිලි කළ හැකි දැයි ගැලීලියෝගෙන් ඇසූ විට ඔහු දුර්මුඛ විය. තාරකා විද්‍යාඥයින් ඔහුගෙන් ඇසුවේ මෙවැනි විකෘති චිත‍්‍රයක් ලබා දෙන දුරේක්ෂයකින් බලා ඔහු ඉදිරිපත් කරන ‘අමුතු ප‍්‍රතිඵල’ පිළිගන්නේ කෙසේ ද යන්නයි. ගැලීලියෝට මීට පිළිතුරු නො විණි. ප‍්‍රසිද්ධියේ පැහැදිලිව පරාජය වූ ගැලීලියෝ ඉරිමා උදේ මාගිනීගේ නිවසින් පිටවූයේ මාගිනී සැපයූ අග‍්‍රගණ්‍ය කෑම වේලටවත් ස්තූති නො කරමිනි.

ගැලීලියෝ දුරේක්ෂ ගැන දැන ගත්තේ ලන්දේසි සෙල්ලම් බඩු විකුණන්නකුගෙනි. ගැලීලියෝ දුරේක්ෂයේ ක‍්‍රියාව පැහැදිලි කිරීමට සෑ¥ වර්තනය පිළිබඳ ප‍්‍රවාදය ද අසාර්ථක විය. මෙසේ ගැලීලියෝට අභියෝග හමුවේ පරාජය අත්විය.
මුලින් ද සඳහන් කළ ඇරිස්ටෝටල් පයිතගරස්ට විරුද්ධව ඉදිරිපත් කළ මූලික තර්කය මෙසේ ය.

උස කුලූනක් මතට ගොස් බරැුති වස්තුවක් අතහරින්න. පොළොව නිශ්චල නො වේ නම් වස්තුව පොළොවට වැටෙන තෙක් කාලය අතරතුර දී පොළොව චලනය වේ. එවිට වස්තුව වැටිය යුත්තේ හරියට ම කුලූන පාමුලට නොව ඊට ඈතින් ය. එහෙත් එවැන්නක් සිදු නො වේ. වස්තුව කුළුණ පාමුලට ම වැටේ. මෙය වීමට නම් වස්තුව පොළොවට වැටිය යුත්තේ පොළොවට ඍජුකෝණීව නො පිහිටි මගක ය. වක‍්‍රාකාර මගක ය. එහෙත් වස්තුව වක‍්‍රාකාර ම`ගක ගමන් කරනු අපට නො පෙනේ. මෙවැන්නක් වන්නේ කෙසේ ද?

ගැලීලියෝ මීට පිළිතුරක් දුන්නේ ය. ඔහු කීවේ ඇත්තට ම වැටෙන්නේ වක‍්‍රාකාර ම`ගක වුණත් එය අපට නො පෙනෙන බවයි. තමාත් යම් චලිතයක කොටසක් නම් තමාට ඒ චලිතය දැකිය නො හැකි බව ගැලීලියෝ කීවේ ය. සාපේක්ෂ චලිත මූලධර්මය බිහි වුණේ එසේ ය. ගැලීලියෝ මීට ඉදිරිපත් කළ උදාහරණවල බොහෝ අඩුපාඩු ද තිබුණි. මේ පිළිතුර ඔප්පු කර අපට පෙන්වන්නැයි කළ අභියෝග ගැලීලියෝ ම`ග හැරියේ සංවේදනවලට වඩා තර්ක බුද්ධිය වැදගත් බව කියමිනි. බුද්ධිවාදයේ (ර්එසදබ්කසිප* නැගී ඒමට පාදක වූ ප‍්‍රධාන අවස්ථාවක් වූයේ මෙයයි.

ගැලීලියෝ මිය යන තුරු ම ග‍්‍රහලෝක ඉලිප්සවල ගමන් කරන බව ප‍්‍රතික්ෂේප කළේ ය. ආකාශ වස්තු ස්වභාවිකව ගමන් කරන්නේ වෘත්තවල ය යන පැරණි මතයේ ඔහු ද තදින් එල්බ ගෙන සිටියේ ය. ඔහුගේ සූර්යකේන්ද‍්‍රවාදය ද පෘථිවි කේන්ද‍්‍රවාදය මෙන් ම අපිචක‍්‍ර (වෘත්ත පථයක චලනය වන කුඩා වෘත්ත දිගේ ග‍්‍රහලෝක චලනය වේ යන්න* මත ගොඩනැ`ගුණු එකකි.

අභියෝග රැුල්ලේ ගොදුරක් වූ ගැලීලියෝ පල්ලිය ම`ගින් නිවාස අඩස්සියට ලක් කිරීමෙන් පසු රෝගී වීමෙන් මිය ගියේ ය.

අද අපට මෙහි ප‍්‍රතිලෝමය දක්නට ලැබීම උත්ප‍්‍රාසවත් ය.
කිසිවකුත් ඔප්පු නො කළ සූර්ය කේන්ද‍්‍රවාදය පරම සත්‍ය සේ ඇදහීම දක්නට ලැබේ. අපට අවශ්‍ය ලෙස මේ පද්ධති දෙකෙන් කවරක් වුවත් යොදා ගත හැකි බව නූතන මතයයි.

තමලූ මලිත්ත පියදිගම