අහසේ වැඩිම උසකින් වැටී පණ බේරා ගත් වාසනාවන්තිය වශයෙන් ඇයගේ නම ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළත්

1972 ජනවාරි 26 දා යුගෝස්ලාවියාවේ Jat ගුවන් සේවයේFLIGHT 367  DC 9 ගුවන් යානය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරින් ගුවන් ගත වූයේ ඛෙල්ග්‍රේඩ් නුවර බලා ගමන් කිරීමටය. මගීන් 23ක් හා පස් දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් එහි සිටියහ.

ගුවන් සේවිකා Vesna Vulovic එදා සේවයට පැමිණ සිටියේ අසනීප වූ තවත් ගුවන් සේවිකාවක් වෙනුවෙනි. අවාසනාවට ක්‍රෝෂියා නිදහස් සටන්කාමී ත්‍රස්තවාදී සංවිධානය විසින් ගුවන් යානයේ බඩු ගබඩා කරන ක‍්රටද කොටසේ අධි බලැති බෝම්බයක් සඟවා තිබු‚.

DC 9 ගුවන් යානය යුගෝස්ලෝවියානු අහසේ අඩි 33000ක් ඉහළින් පියාඹද්දී බෝම්බය පුපුරා ගියේය. කෑලි හත අටකට කැඩුණු ගුවන් යානයේ ආසන, බඩුභාණ්ඩ, මිනිස් සිරුරු හා සුන්බුන් වර්ග සැතපුම් දහයක පමණ ප්‍රදේශයකට වර්ෂාවක් මෙන් කඩා හැලූ‚.

සැතපුම් පහකටත් වඩා ඉහළ අහසේදී පිපුරුන බෝම්බයට අසුවූ මගීන් සියලූ දෙනාම ඬණයකින්ම මිය ගිය බව දන්නා හමුදා නිලධාරීහු තුවාලකරුවන් සොයන්නට කාලය නාස්ති කළේ නැත.

හිමට යටවුණ ගුවන් යානාවේ කෑලි ඉක්මනට එකතු කොට කොයි විදියේ බෝම්බයකින් එය පුපුරුවා හැරියාද බෝම්බය තබා තිබුණේ කොතැනද යන්න ඉක්මනට දැන ගැනීමට  යුගෝස්ලෝවියානු රජයට  අවශ්‍ය විය.

එදින හවස් වන විට ගුවන් අනතුරු පරීඬවරුන් (Air crash investigators) හා ආරඬක භටයින්, කැලය පීරමින් යානාවේ කැබලි හා සිරුරු එකතු කරන්නට වූහ.

මේ අතර යානයේ විශාල කොටස කඩා වැටුණ ප්‍රදේශයට සැතපුම් අටක් ඈත කැලයේ රෑ දර කඩන්නට ගිය Bruno Honoke ට විශාල ගහක් උඩින් උගුලකට අසුවුණු සතෙකුගේ මහා විලාප හ~ක් ඇසෙන්නට විය. හොඳටම අන්දුන් කුන්දුන් වී එතනට දුවගිය Bruno ටෝච් එළිය ගහට දල්වා විපරම් කළ විට දුටු දෙයින් අතිශයින් පුදුමයට පත් වීය.

ගුවන් යානයේ වලිග කෑල්ලටත් කෑම ට්‍රොලියකටත් මැද හිර වී ගුවන් සේවිකා Vesna Vulovic   අනේ මාව බේරගන්න˜ කියමින් කෑ ගසමින් සිටියාය.

බරපතළ ලෙස තුවාල ලබා සිටි ඇය Bruno හමුවීම ඇයගේ වාසනාව විය. දෙවන ලෝක යුද සමයේ ප්‍රථමාධාර අංශයේ භටයකු වූ ඔහු වහා ගහට නැග ඇයට ක්ෂ‚ක ප්‍රතිකාර ලබා දුන්නේය.

ආරඬක හමුදාව විසින් ඇය වහාම හෙලිකොප්ටරයකින් ඛෙල්ග්‍රෙAඩ් නුවර මහා රෝහලට ගෙන යන ලදී. ඉණෙන් පහළ සම්පූර්ණයෙන් පණ නැතිව සිටි ඇයගේ හිස්කබල හිල් වී තිබුණ අතර කශේරුකා දෙකක් තැළී තිබුණි.

ඇයගෙA ඉළඇට, උකුළ හා කකුල් දෙකට බලවත් ලෙස හානිව තිබූ නිසා ජීවත් වූවත් ඇයට නැවත කිසි දිනක ඇවිදින්නට පුළුවන් වේයැයි වෛද්‍යවරු හිතුවේ නැත. දවසක් තිස්සේ අධි මූර්ජාවට  (coma) පත් ව සිටි Vesna ගේ ජීවිතය බේරාගැනීමට ඇමෙරිකාවේ ඉහළම පෙළේ වෛද්‍යවරු පිරිසක් ද පැමිණියහ.

මේ අතර සැතපුම් පහකට වඩා ඉහළ දී පිපුරුණු බිහිසුණු බෝම්බයකින් බේරී උෂ්ණත්වය අංශක ඍන දහයටත් වඩා හීතල අහසේ අධික වේගයෙන් පහළට පෙරළී පොළොවේ ගහක් උඩට කඩා වැටීත් ඇයගේ ජීවිතය බේරුණේ කෙසේද? මෙය කිසිවකුට අදහාගත හැකි සිද්ධියක් නොවීය.

ලෝක ජනමාධ්‍ය  Vesna ගේ ගැලවීම විසිවන ශතවර්ෂයේ මහා ආශ්චර්යය ලෙස හැඳින්වීය.

Air crash investigation reportහෙවත් ගුවන් අනතුරු පරීඬකයන්ගේ වාර්තාව අනුව බෝම්බය පිපිරෙන විට Vesna ගුවන් යානයේ වලිගය පෙදෙසේ මගීන්ට ආහාර පාන ඛෙදමින් සිටියාය.

බෝම්බය නිසා යානය කැබලිවලට කැඩුණ විට ඇය කෑම ට්‍රොලියට හා වලිගයට හිර වී එම කොටස සමගම පොළොවට වේගයෙන් කඩා වැටු‚. නමුත් යානය කෙළින්ම පොළොවේ වැදුණා නම් ඇයත් අනිත් මගීන් 27 දෙනා මෙන්ම සුනු විසුනු වී බිහිසුණු මරණයකට පත් වනවා නිසැකය.

වාසනාවට යානයේ වලිගය උස් ගස් හත අටක වැදෙද්දී එහි වේගය පැයට හැතැප්ම 400 සිට ක්‍රමක්‍රමයෙන් අඩු වීය. අන්තිම ගහේ යානයේ වලිගය වදින විට වේගය බින්දුවටම බැස තිබුණ නිසා බරපතළ ලෙස තුවාල ලබා සිටියත් ඇයගේ ජීවිතය පුදුමාකාර ලෙස බේරි තිබුණි.

මාස ගණනක් රෝහලේ සිටි Vesna වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින් සම්පූර්ණ සුවය ලැබීය. ගුවන් අනතුර ගැන ඇයට කිසිම මතකයක් නොතිබුණ නිසා නැවත වරක් ගුවන් සේවිකාවක් ලෙස ඇය සේවයට පැමිණියාය.

අහසේ වැඩිම උසකින් (අඩි 33000ක්) වැටී පණ බේරා ගත් වාසනාවන්තිය වශයෙන් ඇයගේ නම ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළත් විය. 2008 දී භැ New York Times පත්‍රයට කථා කරමින් ඇය මෙසේ කීවාය. “I was broken and the doctors put me back together again. Nobody ever expected me to live this long.” 

සම්පූර්ණයෙන් කැඩිලා තිබුණ මගේ ශරීරය දොස්තර මහත්තුරු නැවත මුල ඉ`දන් හයි කරා. කිසිම කෙනෙක් හිතුවේ නැහැ මම මෙච්චර කල් ජීවත් වෙයි කියලා.

මම දැන් මගියෙක් හැටියට ප්ලේන් එකේ යන වෙලාවට බොහොම දෙනෙක් මට අල්ලපු ආසනයේ වාඩි වෙලා යන්න හරි ආසයි. මට පණ හතක් තියන නිසා එයාලත් හිතනවා ආයි සැරයක් ප්ලේන් එක කඩා වැටුණොත් එයාලගෙත් පණ බේරෙයි කියලා.,

අහසින් කඩා වැටී දිවි ගලවා ගත් ඇයගේ කථාව අලලා චිත්‍රපට කිහිපයක් සහ පොත් 14ක් එළිදැක්වී තිබේ. සර්බියා රටේ රාජ්‍ය උත්සවවලට ඇය නිතර විශේෂ අමුත්තකු ලෙස සහභාගි වූ අතර රූපවාහිනී වැඩසටහන්වලද පෙනී සිටියාය.

වයස 22දී අඩි 33000ක් උස අහසින් බිමට වැටී මුළු ලොවම මවිත කරමින් පණ බේරා ගත් Vesna vulovic ගුවන් සේවිකාව තවත් වසර 44ක් වාසනාවන්ත ජීවිතයක් ගත කළාය.

නමුත් පසුගිය දෙසැම්බර් 20 දා සිට ඇය එළිපහලියේ දකින්නට නොසිටි නිසාත් ගෙදරදොර ජනෙල් වසා තිබූ නිසාත් කලබල වූ ඇයගේ අසල්වාසීන් පොලිසිය කැඳවූහ. නත්තල් දවසේ දොරකඩා නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට ඇඳ උඩ තිබුණ 66 හැවිරිදි Vesna vulovic ගේ නිසල දේහය හමුවිය. පොලිසිය විශ්වාස කරන්නේ ඇය හදිසි හෘදයාබාධයකින් මිය යන්නට ඇති බවයි.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන