මෝඩ මිතුරාගේ මනාලිය කපටි මිතුරා සොරාගනී ( 2017.11.07)

සතියේ සිද්ධවුණ අලකලංචී අකරතැබ්බ ජංජාල ඔක්කොම එක දිගට හිනා වෙවී කියවමුද එහෙනම්.

මෝඩ මිතුරාගේ මනාලිය කපටි මිතුරා සොරාගනී

කොළඹට නුදුරු ගමක විසූ සමවයසේ අවිවාහක මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු මෝඩයකු වූ අතර අනෙකා කපටියකු විය. මෝඩ මිතුරා අත නිතරම මුදල් ගැවසුණු බැවින් ඔහුව රවටා නිතරම මුදල් ගරා ගැනීමට කපටි මිතුරා පුරුදුව සිටියේය.

ඔහුගේ අලූත්ම උපක‍්‍රමය වූයේ මෝඩ මිතුරා විවාහයක් සඳහා කැමති කරවා ගැනීමය. ඒ අනුව ඉරිදා පුවත්පතක මංගල යෝජනාවක් පළකර පිළිතුරු ගෙන්වාගත් කපටි මිතුරා ඉන් කිට්ටුම අයකු තෝරාගෙන මනාලිය බැලීම සඳහා යාමට දිනයක්ද යොදා ගත්තේය. කපටි මිතුරාගේ උපදෙස් අනුව මෝඩ මිතුරා තමා බැලීමට යන මනාලිය සඳහා වටිනා තෑගි බෝග කීපයක්ද මිලදී ගත්තේය.

ඊට අමතරව තමාට සහ කපටි මිතුරාටද අලූත් ඇඳුම් මිලදීගත් මෝඩ මිතුරා ගමන සඳහා කුලී රථයක්ද සූදානම්කර ගත්තේය. නියමිත දිනයේ නෑගි බෝගද රැුගෙන මෝඩ මිතුරා තම විශ්වාසවන්ත මිතුරාද සමග කුලී රථයේ නැගී මනාලිය බැලීමට ගියේය. නිවෙස ඉදිරිපිටදී අදාළ කාන්තාවගේ දෙමව්පියන් විසින් පිළිගනු ලැබූ මිතුරන් දෙදෙනා සාලයේ වාඩිවූහ. සුළු වේලාවකින් සාරියක් හැඳගත් සුරූපි කාන්තාවක් කාමරයක් තුළින් එළියට පැමිණ මිතුරන් දෙදෙනා වාඩි වී සිටි ස්ථානය අසල පුටුවක වාඩි වූවාය.

කාන්තාව දැකීමෙන් මෝඩ මිතුරා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට පටන් ගත් අතර කාන්තාවගේ රූ සපුවෙන් වශී වූ කපටි මිතුරා ඇය දෙසම බලා සිටියේය. දෙමව්පියන් සංග‍්‍රහයෙන් පසු තම දියණිය සමග ඇගේ කාමරයට ගොස් අවශ්‍ය දේවල් කතාබහ කර ගන්නා ලෙසට මෝඩ මිතුරාට ඇරයුම් කළ නමුත් තද ලැජ්ජාව නිසා ඒ සඳහා ඉදිරිපත් වන්නට අකමැති වූ මෝඩ මිතුරා එම කාර්යය තම මිතුරාට පැවසීය.

ඔහු කිසිදු පැකිලීමක් නැතිව කාන්තාව සමග ඇගේ කාමරයට ගියේය. පැය භාගයකට පමණ පසු ඔවුන් දෙදෙනා කාමරයෙන් එළියට පැමිණියේ අලූත විවාහ වූ යුවළක් ලෙසටය. විවාහය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා තම දෙමව්පියන් සමග සති තුනක් ඇතුළත නැවත වාරයක් පැමිණෙන බව කාන්තාවගේ දෙමව්පියන්ට පැවසූ මෝඩ මිතුරා තම මිතුරාද සමග නිවෙසින් පිටව ගියේය.

හරියටම සති තුනකින් විවාහය සඳහා දින නියම කර ගැනීම පිණිස තම දෙමව්පියන් සමග එම නිවෙසට ගිය මෝඩ මිතුරාට කාන්තාවගේ දෙමව්පියන් වෙතින් දැනගන්නට ලැබුණේ ඔහුගේ මිතුරාත් තම දියණියත් දින දෙකකට උඩදී හදිසියේ විවාහ වී මධු සමය සඳහා පිටත්ව ගිය බවය.

කත නාන දිහා බලන් ඉද්දී සරම කඩා වැටිලා

කාන්තාවක් නාන දෙස බලා සිටි පුද්ගලයකු සරමක් නැතිව ගෙදර ගිය පුවතක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තාවේ.සිද්ධිය මෙසේය.

ඔහු අසල ඇති නිවෙසක රාති‍්‍ර 7.00ට පමණ නාන කාමරයේ නාමින් සිටි කාන්තාවක් දෙස ජනේලයෙන් බලා සිට ඇත. නාන කාමරයේ බිත්තියට පොල්පිත්තක් හේත්තුකර කාන්තාව දෙස බලමින් සිටින අතරේ කවුළුව උඩ තිබුණු විදුලි පන්දම නාන කාමරයට වැටී ඇත.

සිද්ධිය දැක කාන්තාව කෑ ගසන අතරේ මෙම පුද්ගලයා දිව යද්දී සරම කැඞී බිම වැටී ඇත. ගෙහිමියා මෙම පුද්ගලයා ගැන හොඳින් දන්නා නිසා ඔහුගේ සරමද රැගෙන ඔහුගේ නිවෙස වෙත ගොස් තිබේ. නිවෙස අසල ටික වේලාවක් සිටින විට තේ කෑල්ල අස්සෙන් අදාළ පුද්ගලයා නිරුවතින් පැමිණ ඇත. වටවූ පිරිස ඔහුව අල්ලාගෙන හොඳින් සංග‍්‍රහ කර ඇත.

කොන්දේ අමාරුවට බේත් ගන්න ගිය කත වෙදාට බයේ පැන ඇවිත්

කොන්දේ අමාරුකට ප‍්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත් කාන්තාවකගේ කීමකට බියට පත්වී ප‍්‍රතිකාර නොගෙනම ආපසු ගිය බව කියන පුවතක් වයඹ පළාතේ පුරාණ ගමකින් අසන්නට ලැබුණි.ගෘහණියක වන ඇය කාලයක සිට කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටින්නීය.මේ සඳහා ඇය දන්නා කියන බොහෝ තැන්වලින් කළ ප‍්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. සිදුවූ එකම දෙය නම් ඇගේ අතමිට හිඟවීමත් ඒ නිසාම පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමත් පමණි. අවසානයේදී ඇය තවදුරටත් තමාගේ කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර නොකර සිටීමට තීරණය කළාය. මෙසේ ටික කලක් ගතවිය. දිනක් මෙම රෝගී කාන්තාවගේ සැමියාට ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් වයඹ පළාතේ දක්ෂ ආයුර්වේද වෙද මහතකු පිළිබඳව විස්තර දැන ගැනීමට ලැබී ඇත.

එම විස්තරයට අනුව අදාල වෙද මහතා කැඩුම් බිඳුම් වෙදකමට විශේෂඥයෙකි. ඊට අමතරව ස්නායු රෝගාබාධවලට ද ප‍්‍රතිකාර කරයි. ඒ සඳහා ඔහුට රෝගියා විසින් බුලත් අතට තියා දෙන කීයක් හෝ සතුටින් පිළිගන්නවා හැර වෙන කිසිඳු මුදලක් ද අය නොකරයි. මෙම තොරතුරු රෝගී කාන්තාවට මෙන්ම ඇගේ පවුලේ අයට ද මහත් අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් විය. ඒ අනුව කතිකාකර ගත් දිනක උදෑසනම සිය සැමියා ද සමඟ රෝගී කත යතුරු පැදියකින් අදාළ වෙද ගෙදරට ගියාය.

ඔවුන් වෙද ගෙදරට යන විටත් රෝගීහු විශාල පිරිසක් තම අවස්ථාව එන තෙක් පෙළින් පෙළට අසුන් ගෙන සිටියහ. ඊට අනුව කටයුතු කළ අප රෝගී කත ද පියවරෙන් පියවර ඉදිරියට යමින් පැය කීපයකට පසුව වෙද මහතා සිටින කාමරයේ දොරටුවට ආසන්න වූවාය. ඒ වන විට වෙද මහතා හමුවට ගොස් සිටියේ ඇයට ඉදිරියෙන් වූ පුටුවේ වාඩිවී සිටි කොන්දේ අමාරුව වැළඳුණු තවත් කාන්තාවකි. ඇතුළේ සිටි ඇය එක් වරම ‘අනේ… අම්මෝ…’ යැයි කියා මෙහිදී මහ හයියෙන් කෑ ගසා ඇත.

එම හඬින් භීතියට පත් අප රෝගී කත එක්වරම ඒ අසන්නයේ රොගියකු සමඟ සිටි කාන්තාවකගේ මුහුණ දෙස බලා ඇත. එවිට එම කාන්තාව ‘කොන්ද කඩලලූනේ හදන්නේ ඒකයි ඔය’ යැයි අප රෝගී කතගේ කනට ළංවී පවසා ඇත. එම කතාව විශ්වාස කළ රෝගී කත තව තවත් භීතියට පත්වී ඇත. ඒ අනුව බිම බලාගත් ඇය වෙද මහතා හමුවීම පසෙක ළා හිමින් සීරුවේ තම අසුනින් නැගිට සැමියා සොයා පිටතට ගොස් ඇත.

රා ගැලූමක් කළ හදියක්

දකුණු පළාතේ දිස්ත‍්‍රික් මායිමකට ආසන්න නගරයක පිහිටි එක්තරා රජයේ කාර්යාලයක සේවක මහතකුගේ මාමණ්ඩියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීමට ගිය පිරිසකට නොසිතූ සිද්ධියකට මුහුණපෑමට සිදුවූහ.උදෑසන නවයට පමණ මුහුදුබඩ ප‍්‍රසිද්ධ මාර්ගයේ ගමන්ගත් පිරිස අතුරේ යන ගමක සාමාජිකයකු මගදී එකතුවීමට නියමිතව තිබිණ. කථිකා කරගත් ස්ථානයට බසය පැමිණිය ද මිතුරා එතැන නොසිටියේය. ඔහුුගේ ජංගම දුරකතනයට පිරිසේ සගයකු ඇමතුමක් ගත්තේය. මිතුරා තවත් විනාඩි තිහක් පමණ පමාවන බව ඔහු පැවසීය. එතෙක් සියලූදෙනා වෙරළ දෙසට ගමන් කළහ. පිරිස වෙරළට ගොස් සුළු මොහොතකින් ප‍්‍රමාද වෙනවා යැයි කී මිතුරා බසයට ගොඩ වූයේ රා ගැලූමක් ද සහිතවය. ඔහු එය ඉඩකඩ සහිත ස්ථානයක ආසනයක් යටට තල්ලූ කළේය.නැවත ගමන් ඇරඹූ පිරිස මළගෙදරට ළඟාවන විට පස්වරු එක පමණ වී තිබිණ. සියලූදෙනාම අවමඟුල් උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ. ඒ වනවිට රා ගැලූම පානය කරන තැන පිළිබඳව පිරිමි සගයන් අතර එකඟතාවක් ඇති කරගත්තේය.

පිරිස මළගෙදර සිටින අතරේ එම ප‍්‍රදේශයේ තරුණයකු පාරේ යන ගමන් බසයට එබිකම් කළේය. බසයේ පිටපසු දොරටුව අසලින් රා සුවඳක් දැනුණු තරුණයා ටිකක් විපරම් කළේය. හරස් අතට වැටී තිබුණු රා ගැලූමේ මූඩිය තරුණයා බුරුල් කළේය. පැය ගණන් ඒ මේ අත කැලතෙමින් තිබූ රා ගැලූමේ මූඩිය තරමක ශබ්දයක් ද නගමින් බසය පුරා විසිරී ගියේය.

ඉදිරිපස අසුනක නිදාසිටි රියදුරු හා සහායකයා ඒ සමග අවදි වී බලන විට බසයේ සිටි තරුණයා පැන දිව්වේය.

අවමඟුල් උත්සවය අවසන් වී පිරිස බසයට එන විට සම්පූර්ණ බසයේම රා ගඳ පැතිරෙමින් තිබිණ.

පිරිමි සියලූදෙනාටම බැන වදිමින් කාන්තා පාර්ශ්වය තරහෙන් පුපුරමින් ආපසු ආවාලූ.

මේ වගේ තවත් කතා දිනපතා දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.