අහල තියෙනවාද ලංකාවේ ආස්මීගම ගැන

කොස්‌ගම, ලබුගම, කජුගම වැනි ප්‍රණීත කෑම මුල්කරගනිමින් බිහිවූ ගම් ඕනෑතරම් ඇත. ඒ ඒ ගම්වලට ඒ නම් ලැබුණු ආකාරය පිළිබදව සොයා බැලීමේදී ඒ නමට මූලික වූ කෑමක්‌ හෝ ද්‍රව්‍යයක්‌ බහුලව එම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබීම හෝ ඒ ආශ්‍රිත කර්මාන්තයක්‌ හෝ පිහිටා තිබීම ඊට හේතු පාඨ වී ඇත.

ඒ ආකාරයෙන් වර්තමානයේ රසකැවිල්ලක්‌ මුල්කර ගනිමින් වඩාත් ප්‍රසිද්ධියක්‌ උසුලන ගමක්‌ පිළිබද තොරතුරක්‌ ඇහැලියගොඩින් වාර්තා වේ. ආස්‌මීගම, නම කියූ සැණින් පිරිපුන් තේ මේසයක්‌ සිහිවන ලොකු කුඩා සෑමදෙනකුගේම රස නහර පිනවීමට සමත් ප්‍රණීත රස කැවිල්ලක්‌ මෙන්ම ප්‍රමුඛ පෙළේ තේ මේසයකට ඉහළ වටිනාකමක්‌ සහ අගයක්‌ ගෙනදෙන කෑමක්‌ බව කොයිකාටත් ප්‍රචලිතය. මෙවන් රස කැවිල්ලක්‌ තුළින් තම දිවිපෙවෙත ගැටගසාගන්නා, වෘත්තිය ආස්‌මී කර්මාන්තය කර ගනිමින් තම ජීවිතය ද සාර්ථක කරගත් පිරිසක්‌ නිසා තම ගමට ආස්‌මීගම යෑයි නමක්‌ ද පටබැ`දී ඇත. එවන් අපූරු ගමක තතු විස්‌තර ගෙන ඒම පිණිස අපි ආස්‌මී ගම සොයා ගියෙමු.

ඇහැලියගොඩ නගරයේ සිට කි. මී. 3 ක්‌ පමණ අවිස්‌සාවේල්ල දෙසට වන්නට තොරණගොඩ ගම් පියස හමුවෙයි. එයින් වම්පසට වන්නට ඇති ගලකොණ පාර දිගේ තවත් කී. මී. 3 ක්‌ පමණ කන්ද දෙසට යන විට අම්පිටිය ගම්මානය හමුවෙයි. වන ගහන ප්‍රදේශයක්‌ වූ අම්පිටිය ගම 138/ඊ ගනේගොඩ නම් ග්‍රාමසේවා කොට්‌ඨාශයේ පිහිටි ගමකි. ගනේගොඩ, තොරණගොඩ, ඉද්දමල්ගොඩ, උඩුවක යන ගම්වලට මැදිව තරමක්‌ දුෂ්කර දිවියක්‌ ගෙවූ ගම්වැසියන් සිටින ගම්මානයක්‌ ලෙස මේ ගම හැඳින්විය හැක. නිශ්චිත ආදායම් මාර්ග නොමැති කම්කරු, පෙදරේරුවන්ගෙන් සමන්විත අඩුආදායම්ලාභී පවුල්වලින් මේ ගම සංවිධානය වී ඇත.

ආස්‌මී ගමට ඇතු`ඵ වූ අපට ඒ මොහොතේ ද ආස්‌මී බදින සුව`ද දසතින්ම දැනෙන්නට විය. ගමේ විස්‌තර හා ගමට නම පටබැඳුණු ආකාරය දැනගන්නත් එක්‌ක ආස්‌මී කර්මාන්තය තම ජීවනෝපාය කරගත් දිරිය කතක්‌ සම`ග කෙටි පිළිසදරක යෙදීමට අපි අමතක නොකළෙමු. ඇය නමින් නිලානි සෙනෙවිරත්නය. මේ ගමේ ඉතිහාසය හා ආස්‌මී කර්මාන්තය තුළින් මෙම ගම මෙතරම් ප්‍රචලිත වීම සම්බනධව පැහැදිලි කිරීමක්‌ ඇය අප සමග කරන්නට විය.

නිලානි සෙනෙවිරත්න – අවු: 40

ආස්‌මී කර්මාන්තය තමයි, මේ ගමේ සියලුම දෙනාගේ ජීවනෝපාය. ගමේ පවුල් 40 ක්‌ තියෙනවා මේ 40 ම ආස්‌මී කර්මාන්තය තමයි කරන්නේ. අපි ගොඩාක්‌ සමගියෙන් තමයි මේ කර්මාන්තයේ නිරතවෙලා ඉන්නේ. මුලින්ම මේ ව්‍යාපාරය කරපු අය ළග කඩවලට ආස්‌මී අලෙවිකරලා තියෙනවා. මෑතකදී සම්බන්ධ වුණ අය දුර පළාත්වලින් තමයි වෙළෝදපොළ සොයන්නේ. අපට හොද වෙළෝදපොළක්‌ තියෙනවා. සාමාන්‍යයෙන් ආස්‌මී එකක්‌ රු ( 35 ත් – රු( 40 ත් අතර ගණනකට වෙළෝදපොළේ අලෙවි වනවා. ඇහැලියගොඩ, දිව්රුම්පිටිය, අවිස්‌සාවේල්ල, පූගොඩ, කිරිදිවැල වගේ නගරවලට තමයි, මම ආස්‌මී අලෙවි කරන්නේ. හැබැයි ලංකාවේ අනිත් ප්‍රදේශවලටත් අපෙන් තමයි ආස්‌මී ගෙනියන්නේ.

ඉස්‌සර මම ආස්‌මී අරගෙන පයින් ගියේ. දැන් මට ඩීසල් ත්‍රීවිල් එකක්‌ තියනවා. එක පාර ආස්‌මී 900 ක්‌ විතර ගෙනියනවා. මේ මොහොතේ පවා මේ ගමේ හැම ගෙදරකම ආස්‌මී බදිනවා. හරි විදිහට හදන ආස්‌මී එකක්‌ කෑමට ගන්න තත්ත්වයට ගන්න දවස්‌ 7 ක්‌ යනවා. මුලින්ම පිටි අනලා තෙල් තාච්චියක්‌ රත්කරනවා. ඊට පස්‌සේ සාදාගත් සාන්ද්‍රණය තෙල් තාච්චියට දානවා. ඒ ස`දහා අපි විසින්ම හදාගත්තු පොල්කටු හැන්දක්‌ තමයි භාවිත කරන්නේ. එAක සිදුරු කරලා අවශ්‍ය විදිහට තමයි සාදලා තියෙන්නේ. තව පැතලි කූරකුත් මේ ස`දහා භාවිතයට ගන්නවා. රවුමට වක්‌කරපු ආස්‌මීය තෙලේ තරමක්‌ බැදීගෙන එනකොට දෙකට නමනවා. ඊට පස්‌සේ බානවා. මේ ක්‍රියාවට විනාඩි 2 ක්‌ විතර තමයි යන්නේ.

ඒ බාන ආස්‌මීයට කියන්නේ කටු ආස්‌මීය කියලා. ඒවා කහ පාටයි. එහෙම බාගන්න ආස්‌මී සූදානම් කරපු ඇසුරුම්වල අසුරලා සතියක්‌ විතර තියනවා. මේ විදිහට ආස්‌මී 150 ක්‌ විතර හදන්න පැය පහක්‌ විතර යනවා. එහෙම අසුරපු ආස්‌මී සතියකට පස්‌සේ ආපහු බදිනවා. දෙවැනි පාරට බදිනකොට තමයි සුදු පාට වෙන්නේ. ඒ බැදුනට පස්‌සේ ඊට උඩින් සීනි සාන්ද්‍රණය දානවා. ආස්‌මී එකට හරියට පදම තියාගන්න අපි දවුල් කුරු`දු ඉස්‌ම, පාන් පිටි සාන්ද්‍රණයට දානවා. ඒකෙන් තමයි පිටි සාන්ද්‍රණයේ පදම හරියට එන්නේ. ඉස්‌සර නම් ගොඩපර යුෂ/ බණ්‌ඩක්‌කා යුෂ වගේ දේවල් භාවිත කරලා තියෙනවා. ඒත් අපි නම් දවුල් කුරු`දු තමයි භාවිත කරන්නේ.

අද වෙනකොට මේ ගමට ආස්‌මී හදන්න ඕනේ කරන සෑම අමුද්‍රව්‍යයක්‌ම වෙළෙන්දෝ ගෙනත් දෙනවා. ගමේ පිටි මෝලකුත් ඇරුණා. ගමේ ඉන්න කිහිපදෙනකුම මේ කර්මාන්තය නිසා අතුරු රැකියාවල නිරත වෙනවා. උදාහරණයක්‌ විදිහට දවුල් කුරු`දු කොළ මිටි බැ`දලා අපි ගාවට ගේනවා. එක මිටියක්‌ රු ( 50 ක්‌ විතර වෙනවා. තව අය වෙළෝදසල්වලට ගිහින් ඕඩර් අරන් අපෙන් බඩු ගෙනිහින් විකුණලා එයාලා ගාණක්‌ තියාගෙන අපට මුදල් ගෙනත් දෙනවා. ත්‍රීවිල් පදවන අයට අපේ භාණ්‌ඩ ප්‍රවාහනය නිසා ආදායම සරු වෙලා තියෙනවා. දෙසැම්බර්/ ජනවාරි/ අප්‍රේල් කියන්නේ ආස්‌මී සීසන් කාලයයි. ඔය දවස්‌වලට කොච්චර හැදුවත් මදි. උදේ 6.00 ට ළිප ළගට එක්‌වන පවුලේ හැමෝම පහුවදා උදේ 6.00 වන විටත් එකවිදිහට වැඩ. ගෙදර හැමතැනම ආස්‌මී අසුරලා ඒ දවස්‌වලට කොච්චර හැදුවත් මදි. ගැනුම්කරුවනුත් ගමටම එනවා.

මීට වසර 45 කට පමණ කලින් රං මැණිකේ ආච්චි විසින් ආස්‌මී හදලා තියනවා. එයා ගෙදර ඉඳලා තමයි ආස්‌මී හදලා තියෙන්නේ. මගුල් ගෙදරකට, අවුරුදු දවසට රං මැණිකා ආච්චිට කියලා තමයි හදවගෙන තියෙන්නේ. ඔහොම ආරම්භ වුණු ආස්‌මී හැදිල්ල ඊට කාලයකට පස්‌සේ ඩිංගිරි මැණිකේ අම්මා ව්‍යාපාරයක්‌ විදිහට ආරම්භ කළාලු. ඔය විදිහට ව්‍යාප්ත වුණ ආස්‌මී කර්මාන්තය අද වන විට ගමේ හැම ගෙදරකම ප්‍රධාන වෘත්තිය බවට පත්වෙලා. හරිම සුන්දර කතාවක්‌. දැන් දවසකට එක ගෙදරකින් හාල් පිටි කිලෝ 20 ක ආස්‌මී හැදෙනවා. ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම තියෙන්නේ ආස්‌මීගමෙන් හැදෙන ආස්‌මී තමයි. ලංකාවේ ඕනෑම තැනකින් ඕඩරයක්‌ ආවොත් එයාලට සැපයුම දෙන්න ආස්‌මී ගමේ අය ඕනෑම වෙලාවක සූදානම්ලු.

සරණක්‌ නැතිව පිළිසරණක්‌ සොයන මිනිසුන් සිටින කාලයක රසකැවිල්ලක්‌ තම ජීවනෝපාය කර ගනිමින් ජීවිතය ජයගත් මෙම ගමේ මිනිසුන් සමාජයට ගෙන එනුයේ අමුතුම වූ අපූරු පාඩමකි.

අනුර ජයසේන
ඡායාරූප : චතුලා පුංචිහේවා