TRAVELER’S ලට ලැබෙන අනික් අයට නැති විශේෂ ජීවන වරප්‍රසාද

ලංකාවේ අදවන විට සංචාරය කීරීම් එහෙමත් නැත්නම් TRAVEL කියන දේ තාරුණ්‍ය තුළට කිදාබැස හමාරයි. මේ ලිපිය කියවන ඔබත් TRAVEL කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඒකට කැමති ඒ දෙය කරන්න සිතා සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ලිපියෙන් අපි කතා කරන්නේ TRAVEL කරන ඔයාට විතරක් ගන්න පුළුවන් විශේෂ ජීවන වරප්‍රසාද ගැනයි.

සංචාරයට අකැමැති කෙනකු මේ මිහිපිට ඇතැයි සිතන්නට නොහැකිය. එහෙත් යම් කාරණා හේතුකොටගෙන එකී ආශාව යටපත් කරගන්නට අපට සිදුවෙයි. පළමුවැනිවම ඉදිරියට එන්නේ ආර්ථික අපහසුතාවයි. ඉනික්බිතිව කාලවේලාවේ ප්‍රශ්නයද මතුවෙයි. මේ ආකාරයෙන් මුදලත්, කාලයත් හරස්ව වටිනා අවස්ථාවක් අපෙන් ගිලිහී යයි. සංචාරය මේ සා වටින්නේ මන්ද?

සංචාරය කිරීම මිනිස් ජීවිතයට කිහිප ආකාරයකින් බලපාන බව කිව යුතුමය. සමාජයීය වශයෙන් බැලූ කලද චාරිකාවෙහි යෙදීම මිනිස් වර්ගයාගේ අභිවෘද්ධියට හේතුවයි. “ලෝකය මහ ‍පොතක් නම් සංචාරයෙහි නොයෙදෙන්නා කියවන්නේ එහි එක් පිටුවක් පමණයි” යන කියමනක්ද අප අතර පවත්නේ එබැවිනි. එනමුත් සංචාරය මිනිසාගේ සාර්ථකත්වයට බලපාන්නා වූ අයුර ගැන විද්‍යාත්මක පිළිගැනීමක්ද පවතී.
ලෝකය ශීඝ්‍රයෙන් දියුණු වන්නේ යැයි කියමනක් පවතී. එහෙත් එහි සැබෑ අරුත අධික කාර්යබහුල බවකට පත් වෙමින් ගම, සොබාදහම, අමතක කොට නගරයක කොන්ක්‍රීට් වනාන්තරයක කොටුවීම දැයි අප කල්පනා කළ යුතුය. මෙය ශාරීරිකව මෙන්ම මානසිකවද, අයහපත් බලපෑම් ඇති කරන්නකි. මොළයට අවැසි විවේකය එයින් අහිමිවන බව නොරහසකි. මොළයට අවශ්‍ය විවේකය මේ ආකාරයෙන් අහිමිව යන කල ඒ විවේකය, නින්ද, මොළයට ලබා දෙන බේත් හේත්ද, නිපදවන්නට නවීන විද්‍යාව උත්සුකව තියේ. එහෙත් මෙකී අධික මිල ගණන්වලින් යුතු බේත්හේත්වලට මුදල් දියකර හරිමින් කෙළවර අනන්තවත් අතුරු ආබාධ දායාද කරගන්නවාට වඩා හොඳ පිළියමක් ඇතැයි දැන් දැන් විද්‍යාඥයෝ පවසති. ඒ පිළියම අන් කවරක් හෝ නොව “සංචාරය”යි.

මෙය සැබෑවක්දැයි සොයා බලන්නට කෙරුණු පර්යේෂණ හා අධ්‍යයන ගණනාවකි. ඉන් සිත් ඇදගන්නා වූ එකක් සඳහන් කිරීම වටී. එහිදී තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට හෝරා එකහමාරක් පමණ වනගත ඉසව්වක් හරහා ගමන් කරන්නට සලස්වයි. ඉනික්බිතිව පර්යේෂකයන්ට හඳුනා ගන්නට ලැබුණේ ආවේග ආතතිය හෝ වෙනත් මානසික රෝගාබාධ ආදිය සම්බන්ධව බලපාන්නා වූ නොඑසේ නම් ඒවා පාලනය කරන්නා වූ මොළයේ එක්තරා සුවිශේෂී කොටසකට සැලකිය යුතු අන්දමේ ධනාත්මක උත්තේජනයක් ලැබි ඇති බවයි. ඒ පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ මෙබඳු අදහසකි.

“අපි මේ පර්යේෂණයේ දී යොදාගත්තේ ඉතා සීමිත කාල සීමාවක්. ඒත් ඒකෙන් අපට අත්දකින්නට ලැබුණු දේ පුදුමාකාරයි. අපට නිකමට හිතෙනවා විනාඩි අනූවක් වගේ කෙටි කාලයකින් මේ වගේ විප්ලවයක් වෙනවා නම් නිතරම සොබාදහමක් එක්ක හිටියොත් කෙනකුගේ මොළය මොනතරම් සංසුන් වේවිද කියලා.”

නිර්මාණශීලිත්වය දියුණු වීම කෙරෙහි ද සංචාරය බලපාන්නා වූ බව කිව යුතුය. ඒ පිළිබඳවද කැරුණු අධ්‍යයනයක් ගැන සිහි කළ යුතුය. එහිදී තෝරාගත් පිරිස සියල්ලන්ම පාහේ නගරබදව රැකියාවෙහි වෙසෙන
නගරබදව වෙසෙන අය වූහ. මේ කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී ප්‍රසන්න හා සුවබර වටපිටාවකට ඔවුන් කැඳවන ලදී. අනෙක් අතට ඔවුන් ඇලී, ගැලී, බැඳී සිටින්නා වූ විවිධ අන්දමේ ඉලෙක්ටේ‍රානික් මෙවලම්වලින් වෙන් වෙන්නටද උපදෙස් ලැබුණි. මේ පිටිසරබද සංචාරක නිකේතනයේ දී ඔවුන් විවිධ අන්දමේ අධ්‍යයනයන්ට ලක් කරන ලදී. නිර්මාණශීලිත්වය හා සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම්වල යොදවන ලදී.
“මෙහිදී සිදු වූ වෙනස අප බලා‍පොරාත්තු නුවූ තරම් ගැටලු නිරාකරණය කර ගැනීමේ ශක්තිය 50 පමණ ඉහළ නැංවිලා තිබුණා. රාජකාරිය සම්බන්ධව යම් හිරවීමකට ඔබ ලක්වෙලා නම්, විසඳගන්න බැරුව ප්‍රශ්නෙකට කොටුවෙලා නම් ඔන්න මගක්”

තමන් ගැන දැනගන්න, තමන් ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න වඩා හොඳ ආත්ම ශක්තියක් ගොඩනගා ගන්නත් සංචාරය ඉතා වැදගත්. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් වන මේරි හෙලන් මේ පිළිබඳ වඩා උනන්දුවෙන් කටයුතු කරන්නා වූ චරිතයක්.

“මේ කාරණාව ඔප්පු වූ තැන් බොහෝයි. විවිධ වටපිටාවල සංචාරය කිරීමේදී මුණ ගැසෙන්නා වූ පුද්ගලයන්ගෙන් උගෙන ගන්නා, උකහා ගන්නා අත්දැකීම් ඔබ වඩාත් ශක්තිමත් කරන්නට හේතු වෙනවා. අප දන්නා පරිදි හුරු පරිසරයෙන් මිදුණු විට යමකුට හැඟෙන්නේ ආගන්තුක බවක්. බාගවිට එය අපට අවාසියක් වන්නටත් ඉඩ තියෙනවා. එහෙත් සංචාරය තුළින් ලැබෙන්නා වූ පන්නරය වඩා යහපත් ලෙස අපේ පෞරුෂය තුළ තැන්පත් වෙනවා.”

එළිපහලියේ ඇවිදීම සංචාරය මොළයේ ක්‍රියාශීලිත්වය ඉහළ නංවන්න හේතුවන බව පෙන්වන තවත් අධ්‍යයනයක් පිළිබඳ වරක් බ්ධභපදචත ධට ඥපඵධදචතඪබර චදඤ ඉධජඪචත නඵරජඩධතධඨර හි සඳහන් විය. එකී අධ්‍යයනය සඳහා තෝරා ගැනුණේ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමකි. මින් එක් කොටසක් පූර්ණ කාලීන නේවාසිකවද, අනෙක් කණ්ඩායම විටින් විට සංචාරයෙහි යෙදෙමින් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා) අධ්‍යයනයෙහි ද යෙදුණි.

එකී අධ්‍යයනය මගින් එළිදරව් වූයේ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී නේවාසික සිසුනට වඩා සංචාරක සිසුන් 20 ක ප්‍රගතියක් ලබා ඇති බවය.
මානසික ආතතිය හා චිත්තවේගවලට එරෙහි හොඳ ඔසුවක් වශයෙන් සංචාරය හඳුන්වා දෙන්නට පිළිවන. අධික කෝපය, කලකිරීම හෝ ඒ හා සමාන වූ චිත්ත පීඩාවකින් පෙළෙන්නකු එකී පීඩාකාරී හැඟීම සමගින්ම නිවසින් හෝ රැකියා ස්ථානයෙන් පිටවූයේ යැයි සිතන්න. එහෙත් මග ගෙවා යන කල අවට පරසරයත්, සමගින් පෙර කී තදබල චිත්ත පීඩාව සමනය වන්නට හෝ ප්‍රමාණාත්මකව අඩුවන්නට පිළිවන.

අනෙක් අතට සංචාරය වනාහී ආත්ම විශ්වාසය වඩවන්නකි. සංචාරය තුළින් විටින් විට ගොනුවන්නා වූ අත්දැකීම් සමුදාය ඔස්සේ එක්තරා හුරු බවකුත්, එකී හුරුබව ඔස්සේ විශ්වාසයකුත් උපදී.

සමහර විටෙක ඔබ නොදන්නා, ඔබ පිළිබඳ ඇතුලාන්තයක් විවර කරන්නටද සංචාරය සමත්ය. සංචාරය ඔස්සේ මොළය අත්විඳින්නා වූ විවේකී බව ඔස්සේ අප තුළ සැඟවී ඇති යම් හැකියාවක් සංගීතය, ‍ලේඛන කලාව ආදී දස්කමක් මතුවන්නට ඉඩ තිබේ.
අනෙක් අතට සාර්ථක සංචාරයක් අන්තයේ දී ලබන්නා වූ මානසික තෘප්තිය එතැන් පටන් යම් කාල සීමාවක් තුළ අප කරගෙන යන්නා වූ කටයුතු කෙරේ ධනාත්මකව බලපාන බව සැබෑවකි. එය මොළයට මෙන්ම සිතිවිලි පරම්පරාවටද උත්තේජනයකි.

මේ වගේ අලුත් වැදගත් තොරතුරු දිනපතා දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.