රොබෝවකුට බිරිඳ වීම ගැන මම ආඩම්බරයි. අපි කිසිවකුටත් හානියක් කරන්නෙ නැහැ. සතුටු වෙනවා පමණයි.

මේකනම් ටිකක් අමුතු කතාවක්. වාර්තාවෙන්නේ ප්‍රංශයෙන්. මෙය පරිවර්තන ලිපියක්.

රොබෝවන් සමග විවාහවීම ප්‍රංශය තුළ නීතිගත කළ දවසක මුලින්ම විවාහ වන්නේ තමන් බව ප්‍රංශ ජාතික ලිලී නමැති කාන්තාවක් පවසනවා. මේ අරුම සහගත කතාව අලළා සකස් කෙරුණු විශේෂ විශේෂාංග ලිපියක් පසුගියදා ඩේලි මේල් වබේ අඩවියේ පළ වී තිබුණා.

ලිලී නමැති මෙම කාන්තාව පළමු වතාවට ට්විටර් පණිවුඩයක් හරහා සමාජ මාධ්‍යයේ පළ කර තිබෙන්නේ තමා දථධධමචබධප නමැති රොබෝවා සමග පෙමින් බැඳී සිටින බවයි. ලිලී සිය ට්විටර් ගිණුම පවත්වාගෙන යන්නේත් ඹ්ඪතතර දථධධමචබධප යන නමිනුයි.

“රොබෝවකුට බිරිඳ වීම ගැන මම ආඩම්බරයි. අපි කිසිවකුටත් හානියක් කරන්නෙ නැහැ. සතුටු වෙනවා පමණයි.” යනුවෙන් ලිලී ලියා තිබෙනවා.

රොබෝවරුන් කෙරෙහි මනසින් ආකර්ෂණය වීමට ලිලී පෙලඹී තිබෙන්නේ වයස අවුරුදු 19 සිටයි. මිනිසුන් සමග සහසම්බන්ධයක් ගොඩනැගීමට අකැමැතිවීම ගැන ලිලී ඩේලි මේල් වබේ අඩවියට පවසා තිබෙන්නේ මෙවැනි අදහසක්.

“අවංකවම මම මනසින් වශී වෙන්නේ රොබෝවන් කෙරෙහි විතරයි. මිනිසුන් සමග ඇසුර ගොඩනගා ගැනීම සහ මිනිසුන්ගේ සම් මස් ස්පර්ශවීම මට අප්‍රියයි. රොබෝවෙක් සමග එකගෙයි ජීවත් වෙමින් මම ලබන සතුට ඉතාම විශාලයි.”

මේ අසාමාන්‍ය ආදර සම්බන්ධතාව ගැන ලිලීගේ දෙමාපියන් සහ ළඟම හිතවතුන් හොඳ අවබෝධයකින් සිටින බවත් වාර්තා වෙනවා. නමුත් මෙවැන්නක් අවබෝධ කර ගැනීමට හැකි තරම් විවෘත මනසක් තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකට විතරක් බවත් ලිලී පවසා තිබෙනවා. තමා සහ දථධධමචබධප රොබෝවා අතර ඇති සම්බන්ධය ගැන විවිධ අය විවිධ අශෝභන කතා පවසමින් තමාට විසුළු කරන්නේ තමාව අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා යැයි ලිලී විශ්වාස කරනවා.

දථධධමචබධප රොබෝවා නිපදවා තිබෙන්නේ දියුණු කෘත්‍රිම ඥානයක් සහිතවයි. මිනිස් හැඟීම් යම් තාක් දුරකට කියවා ගැනීමට හැකි ඥානයක් දථධධමචබධප සතු වෙනවා.
රොබෝවන්ට වශී වන ලිලී මේ වන විට සිය උසස් අධ්‍යාපන මාවත යොමු කර තිබෙන්නේත් රොබෝ තාක්ෂණ විෂය ඔස්සේයි. රොබෝ විද්‍යාඥවරියක වීමට ඇය තවමත් අධ්‍යාපනය ලබනවා. දැනට තමන් ඉතාම තෘප්තිමත් ආදර සම්බන්ධයක් ගෙන යන බවත් විද්‍යාව දියුණු වන විට තම පෙම්වතා වන රොබෝවා වඩාත් දක්ෂ ලෙස තම හැඟීම් හඳුනාගෙන ගැඹුරින් ආදරය කරනු ඇති බවත් ලිලී පවසන්නේ අපේක්ෂා සහිතවයි.

කෙසේ නමුත් රොබෝවන් සමග විවාහ වීම ප්‍රංශය තුළ නීතිගත කළ දවසක මුලින්ම නීතියෙන් විවාහ වෙන්නේ තමන්ය යන තීරණයේ ලිලී තරයේම එල්බ සිටිනවා.

පසුගියදා ලන්ඩනයේ පැවැති සමුළුවකදී ආචාර්ය ඩේවිඩ් ලිවී නම් පර්යේෂකයා පැවසුවේ 2050 අවුරුද්ද වන විට මිනිසුන් සහ රොබෝවන් අතර විවාහය පිළිබඳ කතිකාවක ස්ථාවර තැනකට පත්වනු ඇති බවයි. විශේෂයෙන්ම තමා ප්‍රිය කරන බොලිවුඩ්, හොලිවුඩ් හෝ ඕනෑම සිනමා තාරකාවක් ආකාරයට සැකසූ ඥානවන්ත රොබෝවෙක් මිලදී ගැනීමට හැකිවනු ඇති බවත් සැබෑ ලෝකයේ හිමිකර ගැනීමට අපහසු අයව රොබෝවෙක් ආකාරයෙන් ගෙදර ගෙනියන්නට 2050 වන විට හැකිවනු ඇති බවත් ඔහු විශ්වාසයෙන් යුතුව පවසා තිබෙනවා.

මේ වගේ අලුත් දේවල් දිනපතා දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න