මගින් 87 දෙනකුගේ පණ බේරුනේ උප ගුවන් නියමුවාගේ දක්ෂතාවන් නිසාය

දිනය 1990 ජුනි 10දාය.  බි්‍රතාන්‍ය ගුවන් සමාගමට අයත් Ba flight 5390 අංකය දරන BAC ජම්බෝ යානය මගීන් 87 දෙනකු හා කාර්ය මණ්ඩලයත් සමග එංගලන්තයේ බර්මින්හැම් ගුවන් තොටුපළෙන් අහසට නැගුණේ ස්පාඤ්ඤයේ මලගා නුවරට යෑම සඳහාය. ගුවන්යානය පදවන 42 හැවිරිදි ප්‍රධාන නියමුවා Tim Lancaster ගුවන් ගමන් 11000ක පළපුරුද්දක් ද සහායක නියමු ඇලෙස්ටර්   (Alastair Stuart  Atchison) පැය 7500ක පළපුරුද්දක් තිබේ.

යානය ගුවන් තොටුපළෙන් අහසට ගෙන ගිය සහායක නියමු Alastair සිරිත් පරිදි ගුවන්යානය පැදවීමේ වගකීම ප්‍රධාන නියමුවාට භාර දු‚. උප නියමුවා ආරක්ෂිත බඳපටිය හා කර පටිය (shoulder harness) සවි කරගෙන සිටී.

ගුවන් යානයට ස්වයංක්‍රීය (auto pilot) ලෙස ඉහළ අහසට  යාමට අවශ්‍ය දත්ත සැපයු ප්‍රධාන නියමු කැප්ටන් ටිම් තම ආරක්ෂක කර පටිය ගලවා දමා ඉණ හරහා තිබූ බඳ පටිය ද ලිහිල් කර ගනී.

වෙලාව උදේ 7.33ය.  ගුවන් යානය දැන් අඩි 17000ක් උස පසුකරමින් අඩි 35000 දක්වා ඉහළට ඉබේ ගමන් කරමින් සිටී. ගුවන් සහායක මණ්ඩලය (cabin crew) මගීන්ට උදේ ආහාරය සැපයීමට සැරසේ.

ගුවන් සහායක (flight attendant) Nigel Ogden නයිජල් ඔග්ඩන් නියමු කුටියට ඇතුළු වී ප්‍රධාන නියමු Tim හා උප නියමු Nigel ට උණුසුම් තේ කෝප්ප දෙකක් පිරිනමයි. ඔහු නියමු කුටියෙන් ඉවතට යයි.

—දඩ බඩං ඩෝං පටාස්˜
නියමුකුටිය  දෙසින් හෙණ පිපිරුවාක් මෙන් මහා සද්දයක් ඇසේ. කැබිනය තුළ අධික පීඩනයට ලක් කොට තිබූ  වායුව හදිසි ප්‍රතිසම්ප්‍රේෂණයට (sudden  decompression) ලක්වී දොරත් කඩාගෙන නියමු කුටියට ඇතුළුවන්නේ මහා හ~ නගිමිනි. මුළු ගුවන් යානයම මීදුමෙන් වැසේ. ප්ලාස්ටික් භාජනය, පි`ගාන් කෝප්ප, ලිපි ගොනු ගුවන් යානය තුළ පාවෙමින් එළියට යන්නට උත්සාහ කරයි.

ආපසු කුටිය දෙසට හැරුණු නයිජල්ට  තම ඇස් අදහාගත නොහැක. ගුවන් යානයේ ඉදිරි ජනේලයක  වීදුරුව බි`දී ඇත. දැන් මෙහොතකට කලින් තමා තේ කෝප්පයක් පිරි නැමූ කැප්ටන් Tim තම ආසනයෙන් විසිවී ජනේලය තුළ හිර වී සිටී.   ඔහුගේ කමිසය කීතු කීතු වෙලාය. ඇෙ`ගන් භාගයකටත් වඩා එළියේ ඇති  කපිතාන්වරයා  අහසට ඇදී යන්නට ඔන්න මෙන්නය.

—හත් දෙයියනේ…æ˜ කියමින් කෑ ගසන නයිජල් වහාම කපිතන්ගේ කකුල් දෙක අල්ලා ගනී.

ඔහුගේ එක කකුලක් Auto Pilot උපකරණයේ පටලැවී ඇත.  ඔහුගේ සිරුර  ඇඹරී ගොස් මුහුණ යානයේ වහලට හේත්තු වී ඇති බව නයිජල්ට පැති කණ්ණාඩියෙන් පෙනේ. වාසනාවට සහාය නියමු ඇලෙස්ටර් තම ආරක්ෂක පටි දෙකම පැල`දගෙන සිටින නිසා ඔහු අහස දෙසට  ඇදගෙන ගොස් මරා දැමීමට හුළඟට බැරිය.

කැප්ටන්ගේ කකුල වැදී Auto Pilot switc එක ගැලවී ඇත. යානය කිසිවකු පදවන්නේ නැති නිසා පැය කි.මී. 650ක වේගයෙන් පහළට ගමන් කරන්ට පටන් ගනී. උප නියමුවා කෙසේ හෝ ගුවන් යානය පාලනය කර නොගතහොත් යානයේ 87 දෙනාටම තව මොහොතකින් බිහිසුණු මරණයක් අත්වනු ඇත.

මේ මාරක සුළඟ හදන්නේ කොහොම හරි කැප්ටන් අහසට ඇදගෙන යන්නටය.  නමුත් ගුවන් සහායක නයිජල් තම දිවි පරදුවට තබා ඔහුගේ කකුල් දෙක තදින් අල්ලාගෙන සිටී.  ප්‍රති සම්ප්‍රේෂණයට (decompression) ලක්වූ සුළඟ කැප්ටන් ටිම්ගේ සිරුර තවත් අඟල් 6ක් පමණ ජනේලයෙන් ඉවතට අදින්නේ සහායක නයිජල් සමගමය.

මේ දෙදෙනාම ගුවන් යානයෙන් ඉවතට ගසාගෙන යන බව දුටු තවත් ගුවන් සහායකු වන ජෝන් එතනට දුව එයි. ඔහු වහාම නයිජල්ගේ කලිසම් පටියෙන් අල්ලා ගනී.  ඉන්පසු කැප්ටන්ගේ ආසනයේ තිඛෙන බඳ පටියෙන් ඔහු නයිජල්ව ගැට ගසයි. උප නියමුවා ඉතා අමාරුවෙන් කැප්ටන්ගේ කකුල් ඉවත් කොට auto pilot ස්විච් එක නැවත ඔබා යානයේ පාලනය සියතට ගනී.

මෙතෙක් වේලා කපිතන්ගේ කකුල් අල්ලාගෙන සිටි සහායක නයිජල්ගේ  හම අධික ශීතලට තුවාල වී ඇත. ඔහුගේ අත්දෙකට හරිම මහන්සිය.  යානයේ පිටුපස සිට දුවගෙන එන තුන්වන ගුවන් සහායකයා Simon හිස්ව තිඛෙන තුන්වන නියමු ආසනයේ වාඩි වී කපිතන්  Timගේ කකුල් දෙක තදින් අල්ලා ගනී.

ඔහුට තවදුරටත් කපිතන්වරයා තනිවම රැක ගැනීමට බැරිය.  කපිතාන් Timගේ මුහුණ ඔවුනට හොඳින් පෙනේ.  පැ.හැ. 345ක වේගයෙන් එළියේ හමන හුළ`ග වැදී ඔහුගේ හිසෙන් ලේ ගලයි. ඇස්දෙක විවෘත වී ඇත.

නමුත් ඔහු ඇසිපිය නොගසයි. ගුවන් යානාවේ පිටත උෂ්ණත්වය සෘණ 17ය. මිනිස් සිරුරකට එය දරා ගත නොහැකි තරමේ අධික ශීතලකි.

කපිතන්වරයා ජනේලයෙන් එළියට විසිවුණ ගමන්ම මිය ගියාද නැතිනම් සැඩ සුළෙ“ග් හා හීතලට මිදී වේදනා වි`දිමින් මැරුණාද කියා ගුවන් සහායකයින්ට හිතා ගත නොහැකිය.

—කැප්ටන් මැරිලා… දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට එයාව අහසට අතහැරලා ප්ලෙන් එක බේරගන්න බලමු.˜  ජෝන් තම සගයා නයිජල්ට කියයි.
—පිස්සු කතා කරන්න එපා මිනිහෝ…˜ නයිජල් ඔහුගේ ඇ`ගට කඩා වදී. —අපි දැන් කැප්ටන්ගේ body එක අත හැරියොත් එයාගේ නෝනට අපි මොනවද පෙන්නන්නේ? ඒ වගේම body එක එළියට ගියොත් ඒක ඇන්ජිම ඇතුලේ හිරවෙන්න  පුළුවනි. එහෙම වුණොත් plane එක බිමට කඩා වැටිලා අපි ඔක්කොම මැරෙයි.˜

ඉන්පසු දෙදෙනාම කැප්ටන්ගේ සිරුර එළියට යන්නට නොදී බේරා ගන්න වෙර දමති.  ගුවන් නියමුවාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන ගුවන් සහායකයින් කරන සටන කැඩුණු දොරටුව තුළින් මගීන්ට හො`දට පෙනේ. සිදුවෙමින් පැවතුන භයානක සිද්ධිය දකින ඔවුහු බයෙන් ගැහෙමින් සිටිති. සමහරු තමන්ගේ ජීවිත බේරා දෙන ලෙස දෙවියන්ට යාච්ඤා කරති.

ගුවන් සහායිකා Susan Price බියපත්වී හ~න මගීන් අස්වති. —බයවෙන්න එපා… අපේ උප නියමු   plane එක අඩි 10,000ට බැස්සුවා. ඒ නිසා ඔයාලට හුස්ම ගන්න අපහසු නැහැ.  තව ටිකකින්  කොහොමහරි ප්ලේන් එක පරිස්සමින් බිමට බස්සලා අපි ඔක්කොම බේරාගනීවි.˜

—මෙන්න මේ විදියට ඔළුව නමාගෙන පහත් වෙලා මේ crash position (හදිසියක දී ගුවන් යානයක් බිමට බස්සන විට මගියකු සිටිය යුතු අන්දම) එකෙන් ඉන්න.  එතකොට ඔයාලට අනතුරක් වෙන්නේ නැහැ.˜

May Day, May Day කියා අනතුරු අඟවමින් දෙවෙනි නියමුවා මේ හදිසි අවස්ථාව ගැන ළඟම ඇති සවුත්හැම්ප්ටන්  නුවර ගුවන් තොටුපළේ පාලක මැදිරියට දැනුම් දෙයි.

නමුත් යානය ඇතුළේ හමන වේගවත් සුළ`ග නිසා ගුවන් නියමුවා ජනේලයේ හිර වී මියගොස් ඇති බවට සහාය නියමුවා කියන දේ  ඔවුන්ට නොතේරේ. එහෙත් කුමක් හෝ හදිසි අනතුරක් සිදු වී ඇති බව පාලක නිලධාරීන්ට වැටහේ.

බරපතළ අවස්ථාවකට ලෑස්ති  වී ගිනි නිවන හමුදාව, ගිලන් රථ, වෛද්‍යවරු හා හෙදියෝ ගුවන් යානා ධාවන පථය අසලට වේගයෙන් ළ`ගාවෙමින් සිටිති

අන්තිමේ දී එංගලන්තයේ Southampton ගුවන්තොටු‍පොළට යානය බස්සන ලෙස ATC නිලධාරීහු උප නියමුවාට උපදෙස් දුන්හ. සැකිල්‍ලේ විශාල හිලක් ඇති ගුවන් යානයක් නිරුපද්‍රිතව බිමට බැස්සීම කළ හැක්කේ පළපුරුදු නියමුවකුට පමණි.

ඔහුට ඒ සඳහා දක්ෂතාවද වාසනාවද තිබිය යුතුය. උදේ 7.33 ට ජනේලය කැඩුණු BAC ගුවන් යානය හරියට 7.55ට Southampton ගුවන්තොටු‍පොළට ප්‍රවේශමෙන් බැස්සවීමට උප නියමු Alastair Atchisonසමත් වෙද්දී එහි පැමිණ සිටි ගැලවීමේ කටයුතු භාර නිලධාරීහු හා වෛද්‍යවරු සැනසුම් සුසුම් හෙළුෑහ.

ඉනිමගක් ආධාරයෙන් වහලට නැගුණු ගිනි නිවන හමුදාව ඉතා ප්‍රවේශමෙන් කපිතාන්වරයාගේ සිරුර බිමට බා ගත් අතර ගිලන් රථයකින් වෛද්‍යවරු දෙදෙනකු වහා ඔහු රෝහලට ගෙන ගියේ මෘත ශරීරාගාරයට භාර දීම සඳහාය.

උප නියමුවාට පින් සිදුවන්නට පණ බේරාගත් මගීන් ඔහු හා ගුවන් සහායකයන් බදාගෙන ස්තුතිය පළ කළෝය. එහෙත් තමන්ගේ කපිතාන්වරයා නැතිවීම නිසා ඔවුහු බලවත් ලෙස කම්පනයටත්, දුකටත් පත් වී සිටියහ.

අපේ ජීවිත බේරුණාට වැඩක් නැහැනේ. කැප්ටන් අපිට නැතිවුණානේයි ඔහුගේ කකුල් දෙක අල්ලාගෙන ඔහු ඇතුළට ඇදගෙන බේරා ගැනීමට විශාල සටනක් කළ ව්ඪඨඥත කීවේ හද පිරුණ ශෝකයෙනි.

ගුවන් සහායිකා Lisa කැප්ටන්ගේ වියෝව ගැන ධාවන පථයේ වැතිරගෙන මහ හ¾ඩින් හැඬුවාය. ‍පොලිස් නිලධාරීහු දැඩි සේ කම්පනයටත්, සිත් තැවුලටත් පත්ව සිටි සහාය නියමුවා ගුවන් සහායකයන් හා මගීන් 87 දෙනා පර්යන්ත ගොඩනැගිල්ලට ගෙනයති. ඔවුනට ආහාරපාන හා වෛද්‍ය ප්‍රතිකාර වහ වහා ලැබේ.

මෙන්න ඔබට හොස්පිට්ල් එකෙන් කෝල් එකක් ගුවන් තොටු‍පොළේ නිලධාරියෙක් ටෙලිෆෝනය ගුවන් සහායිකා ලීසා අතට දුන්නේය.

දුරකථනයට සවන් දෙන ලීසාගේ මුහුණ ටිකෙන් ටික පණගැන් වී එයි. ඇයගේ මුව සතුටු සිනාවකින් පිරේ.

Captain is Alive, Captain is Alive “අපේ කැප්ටන්ට පණ තියෙනවා, පණ තියෙනවා කියා කෑ ගසමින් ඇය සහාය නියමු ඇලස්ටර් බදා ගනියි. මේ සුබ ආරංචිය අසන මගීන් හා ගුවන් තොටු‍පොළ නිලධාරීහු අත්පුඩි ගසමින් පී්‍රති වෙති.

සිදු වී ඇත්තේ මෙයයි. කපිතාන් ටිම්ගේ සිරුර ගිලන් රථයෙන් රෝහලට ගෙන යද්දී ඔහුගේ ඇසිපිය මඳක් සෙලවෙන බව වෛද්‍යවරුන් දෙදෙනා දැක තිබේ. වහා ක්‍රියාත්මක වූ ඔවුන් කපිතාන්ට දිගින් දිගටම කෘත්‍රිම ස්වසනය දී ඔහු යළි පණ ගන්වා තිබේ.

දැන් ඔහු රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් කඩිනම් ප්‍රතිකාර ලබයි. ඔහුගේ දිවි ගැලවීම මහා ආශ්චර්යයකි. වෛද්‍යවරු කීවේ මෙතරම් බරපතළ අනතුරකින් ඔහුගේ දිවි ගැලවුණේ අඩි 17,000ක් උස අහසේ ඔක්සිජන් යන්තමකට හෝ තිබුණ නිසා බවයි.

අඩි 35,000ක් උස අහසේ මේ අනතුර සිදු වූවා නම් ඔහුට අයත් වන්නේ ක්ෂණික මරණයකි. එසේම ඔහු අහසේ සිටියේ විනාඩි 20ක් වැනි සුළු කාලයක් නිසා මරුවා ඔහු කරා ඒමට කාලයක් නොවීය.

උප නියමුවා වහාම ගුවන් යානය අඩි 8000ක් පහළට ගෙන ආ නිසා මගීන්ට හුස්ම ගැනීමට පහසු වී ඔවුන්ගේ ජීවිතද ද බේරුණි.

රෝහ‍ලේ දී සිහිය ලැබූ කපිතාන්වරයා විනාඩි 23ක් තිස්සේ තමන්ගේ කකුල් දෙකෙන් අල්ලාගෙන තම ජීවිතය බේරාදුන් ගුවන් සහායක Nigel හා John බදාගෙන ස්තුති කළේ ය.

මට දෙවැනි ජීවිතයක් ලැබුණේ ඔයාලා දෙන්නා නිසා. මමත් මගේ පවුලත් ඔයාලට හැමදාම ණයගැතියි. ඔහු කීවේ කඳුළු පිරි දෙනෙතිනි.

ශීතලට හම තුවාල වීම (Frostbite) ඇඟ තැළීම හා බලවත් කම්පනයට අමතරව කපිතාන් Tim ගේ දකුණු අත හා මහපටැඟිල්ලද කැඩී තිබුණි. මාස 5ක් රෝහ‍ලේ ගත කළ කපිතාන්වරයා සම්පූර්ණ සුවය ලබා නැවතත් ගුවන් සමාගමේ සේවයට පැමිණියේ ය.

මෙම අනතුරෙන් මගීන් 87 දෙනකුගේ ජීවිත විස්මිත ලෙස බේරීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය, ජනමාධ්‍ය, මහජනතාව හා සිවිල් ගුවන් සේවය හා සියලුම ගුවන් සමාගම්වලට දැන ගැනීමට අවශ්‍ය වූයේ වැරැද්ද කාගේද කියාය.

ඒ සඳහා සැමෝටම (Air Crash Investigation Report) ගුවන් අනතුරු පරීක්ෂණ වාර්තාව නිකුත් වනතුරු බලා සිටීමට සිදු විය.

මාස ගණනකට පසු එළිදැක්වූ වාර්තාවේ තිබූ සොයා ගැනීම සියලු දෙනා පුදුමයට පත් කළේ ය. BAC  ගුවන් යානයේ බිඳුණ ජනෙල් වීදුරුව අලුත්ම එකකි.

මේ අනතුර සිදු වීමට කලින්දා රාත්‍රියේ ගුවන් යානාව බර්මින්හැම් ගුවන්තොටු‍පොළට පැමිණි විට තඹ පැහැගැන් වී තිබුණු පරණ වීදුරුව (Windscreen) ගලවා අලුත් වීදුරුවක් දැමීමට කාර්මික නිලධාරියකුට (Technician) නියම විය.

ඔහු කළ යුතුව තිබුණේ BAC ගුවන් යානාවේ නඩත්තු උපදෙස් ‍පොත (Manual) හොඳින් කියවා වීදුරු ජනේලයට සවි කළ යුත්තේ මොන ප්‍රමාණයේ, කුමන වර්ගයේ රිවට් ඇණද යන්නය.

නමුත් කම්මැලියකු වූ මෙම කාර්මික නිලධාරියා පරණ වීදුරුවට ගසා තිබුණ ඇණයක් අතට ගෙන ගබඩාවට ගොස් ඒ ප්‍රමාණයේ ඇණයයි තමා හිතෙන් මැන ගත් ඇණ 90ක් ලබා ගති.

ඔහුට එම රිවට් ඇණේ දිග පළල  උපදෙස් ‍පොතට (Manual) අනුකූල දැයි මැන බලන්නට වුවමනාවක් නොවීය. නමුත් මේ අලුත් රිවට් ඇණවල විෂ්කම්භය නියමිත ඇණවලට වඩා මි.මී. 0.4 කින් අඩු බව ඔහු දැන සිටියේ නැත.

ගුවන් යානය අහසට නගිද්දී ගුවන් යානයේ සැකිල්ල තුළ ඇති වායු පීඩනය ක්‍රමානුකූලව වැඩිවෙන්නට පටන් ගති. (එසේ නොමැති නම් අඩි 35,000 උසට නගින විට මගීන් ඔක්සිජන් නැතිව මියයන බව ඔබ කලින් ලිපිවලින් ඉගෙන ගත්තේය.)

නමුත් ගුවන් යානාවේ වීදුරුවට සවිකරන ලද වැරදි ප්‍රමාණයේ රිවට් ඇණ අධික වායු පීඩනයට අසු වී කමෛන් කමෛන් බුරුල් වීය. ඉන්පසු ජනේලය කඩා බිඳ දමමින් යානය ඇතුළේ තිබුණු සම්පීඩිත වාතය මහ හඬ නගමින් එළියට පැන්නේය.

ආරක්ෂක බඳ පටිය සවිකර නොගෙන සිටි ප්‍රධාන නියමු Tim Lancaster එම මාරක සුළඟට අසු වී කැඩුණු ජනේලයෙන් ඉවතට වීසි විය.

මෙම අනතුර සිදු වූයේ අලුත් ජනේලයක් සවි කළ කාර්මික නිලධාරියාගේ නොසැලකිල්ල නිසාය. ඔහුගේ අලුත්වැඩියාව නිවැරදිදැයි සොයා නොබැලූ නඩත්තු අංශ කළමනාකාරවරයා (Shift Manager) ඔහු මෙන්ම වරදකරු විය.

ගුවන් යානා නඩත්තු කිරීම ගැන කාර්මික නිලධාරීන් නිතර නිතර පුහුණු නොකිරීම නිසා යානාවේ හිමිකාර බ්‍රිතාන්‍ය ගුවන් සේවයත් (British Airways) බර්මින්හැම් ගුවන්තොටු‍පොළේ අහස් යානා නඩත්තු අංශයත් වරදකරුවන් බවට වාර්තාව සඳහන් කොට තිබුණි.

බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව මගින් ඔවුන් සියලු දෙනාටම ඉතා අධික දඩයක් නියම කරන ලදී.

එදා 1990 ජුනි 10 දා මගින් 87 දෙනකුගේ පණ බේරුනේ උප ගුවන් නියමු ඇලස්ටා අචිසන්ගේ (Alastair  Atchison ගේ දක්ෂතාවන් නිසාය.

මේ වීර උප නියමුවාටත්, කපිතාන්ගේ කකුල් දෙකේ එල්ලී ඔහුව අහසට ඇදී යාම නවත්වාගත් ගුවන් සහායක Nigel Ogden ට හා බ්ධඩදටත් විලාප ගසමින් සිටි මගීන් සන්සුන් කරමින් ඔවුනට නිසි උපදෙස් දුන් ගුවන් සහායිකා Johnටත් අහසේ වටින සේවා රැජින සම්මානය හිමි විය.

1992 දී උප නියමු Alastair ට දක්ෂතා හා වීරතා Polaris සම්මානයද හිමි විය.

මේ සිද්ධියෙන් පෙනී යන්නේ ගුවන් යානයක් අහසේ නිරුපද්‍රිතව ගෙන යාම සඳහා කාර්මික නිලධාරීන්  මතද විශාල වගකීමක් පැටවී තිබෙන බවයි.

ගුවන් යානා නඩත්තු කිරීමේදී ගුවන් යානාව නිපදවූ සමාගම නිකුත්කරන ලද Technical Manual ‍පොතට 100 අනුකූලව ඔවුන් තම රාජකාරිය ඉටුකළ යුතුය. අති දක්ෂ නියමුවන් ගුවන් යානා පදවති. මනා ලෙස පුහුණු වූ ගුවන් සහායක සහායිකාවන් මගීන් රැකබලා ගනිති.

ගුවන් මාර්ග පාලකවරු (Air Traffic Controllers) අහසේ ආරක්ෂක ලෙස පියාඹීමට උපදෙස් දෙති. නමුත් මේ සියලු දෙනාම ඉතා වුවමනාවෙන් හා උනන්දුවෙන් රාජකාරි කළත් ගුවන් යානා නඩත්තු සේවකයන් නොසැලකිල්ලෙන් හා කම්මැලිකමෙන් වැඩ කළහොත් ඔවුන් කවදා හෝ විශාල ජීවිත ගණනක් අහසේ දී විනාශ කරනු ඇත.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන