සල්ලී දීලා ලෙඩ හදාගන්නේ නැතිව මේක දැනගත්තට පසුව ආයේ ඒ කඩෙන් කන්න එපා

අපේ සමාජයේ මිනිසුන් දැන් ක්ෂණික ආහාර සහ කඩ කෑම වලට බොහෝ සෙයින් නැඹුරු වී තියෙනවා. නමුත් එයින් ඔබත් නොදැනම ඔබ මරණය කරා රැගෙන යනවා. මේ ලිපිය අවසානයේදී ඔබ දැනගනිවී කඩේකින් ඔබ ආහාරයට ගත් දේ තුළ MSG රසකාරක තිබුනද නැද්ද වග. එවිට ඔබට පුළවන් නැවත එසේ නොකරන ලෙසට කඩහිමියාට දැනුම්දෙන්න හෝ නැවතත් එම කඩයෙන් කෑම නොකා ඉන්න.

හදිස්සියට නොවුණත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කෑම කඩයකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. මෙයට අපේ අම්මලාගේ කාර්යබහුල බව ප‍්‍රධාන වශයෙන්ම බලපානවා. රැුකියාවේ නියැළිලා ඉන්න ඔවුන් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ අතරේ කෑම උයන එක කියන්නේ බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ නිසාම සතියකට වේල් දෙකක්වත් පිටින් මිලදී ගත් ආහාර වේලකින් කුස පුරවා ගන්නට සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඇත්තෙන්ම සෞඛ්‍යාරක්ෂිතද? ඒ ආහාරවලට යොදන දෑ මොනවද? අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.

අපේ දරුවන් පවා නිවසේ සකසන ආහාරවලට වඩා පිටින් ගෙනෙන ආහාරවලට දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්. නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළෙඳ නාමවලින් හැඳින්වෙන මේ දේවල් සමහරවිට දීර්ඝකාලීනව ශරීරගතවීම ශරීරයට අහිතකර වන්නට පුළුවනි.  සමහරවිට මෙවැනි වෙළෙඳසලකින් ආහාර ගත් විට තරමක වැඩි පිපාසාවක් දැනෙන්නට පුළුවනි. එයින් ඔබට දක්වන්නේ ඔබ MSG නැතහොත් මොනො සෝඩියම් ග්ලූටමේට් කියන රසායනයේ ගොදුරක් බවට පත් වූ බවයි.

Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමෙරිකානු  ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නේ. නමුත් මෙය අනෙක් ආහාර සමග හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto” Ac’cent සහ Vestin යන වෙළෙඳ නාමවලින් ලොව පුරා බෙදා හැරෙනවා.

මෙය ශතවර්ෂයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ කිකුනේ ඉකෙඩා Kikune Ikeda විසින් මුහුදු පැළෑටියකින් නිස්සාරණය කරගෙන වෙන්කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම ‘Umami’ උමාමි  ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස, ලූණු රස, ඇඹුල් රස සහ තිත්ත රස වැනි රසවලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනිකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමග සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රව්‍යතාවක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් ඵීඨ ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළෙඳපොළට ඉදිරිපත් කළා.

ඵීඨ ස්වභාවිකවම තක්කාලි, චීස් ආදී ආහාරවල තිබෙනවා. නමුත් බොහොම අඩු ප‍්‍රමාණවලින්. ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමග එකතු කළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ. නියම ප‍්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරකවල ඇති රසයන් උලූප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමග හොඳින් මුසු වෙනවා. ඒ කියන්නේ ඒ ආහාරවල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප‍්‍රමාණයෙන් භාවිත කළහොත් පමණයි. වැඩිපුර භාවිත කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නේ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්ෂණය නම් නියුක්ලියෝටයිඩ සමග සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාරවලට අවශ්‍ය ලූණු වැනි දේවල ප‍්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට ඵීඨ දමා ආහාරය රසවත් කිරීම නිසා ලූණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිත කරන ලූණු ප‍්‍රමාණය 30% ක් අඩු කරගන්නට ඵීඨ භාවිත කිරීමෙන් හැකි වෙනවාලූ. ලූණුවල ඇති 39%ක් වන සෝඩියම් ප‍්‍රතිශතය වෙනුවට MSG වල ඇත්තේ 12%ක සෝඩියම් ප‍්‍රතිශතයක්.

බොහෝ සැකසූ ආහාරවලට MSG ඇතුළත් කර ඇති බව සත්‍යයක්. ඔබ ඒ ආහාරවල ලේබල් පරීක්ෂාවෙන් කියවා බැලූවහොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.
අජි-නෝ-මොටෝ අනතුරුදායකද?

MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාලයක් රසකාරකයක් ලෙස භාවිත වෙමින් පවතිනවා. මේ කාලය තුළ මෙහි ආරක්ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුව ආහාර පිළිබඳ ආරක්ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නේ.  MSG symptom complex’. කියන රෝග තත්ත්වය නැතිනම්  .’Chinese Restaurant Syndrome’ කියන රෝග තත්ත්වය මුලින්ම වාර්තා වුණේ Robert Ho Man Kwok ණඅදන  විසින් ඇමෙරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පසු ඇති වූ රෝගී තත්ත්වයක් නිසා.

ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප‍්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවක් හෝ ප‍්‍රතික‍්‍රියාවක් නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි වූ බවයි.

වයින් සහ සෝඩියම් ප‍්‍රමාණය අතර සම්බන්ධය කිසිමදාක අධ්‍යයනය නොවුණත්,  එදා සිට MSG මේ රෝග තත්ත්වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුණා.  MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 ටරැුනට ප‍්‍රමාණයක් ශරීරගත විය යුතුයි.

එනම් ඔබේ බර කිලෝග‍්‍රෑම් 60ක් නම් ඔබ එකවර MSG ග‍්‍රෑම් 900ක් ආහාරයට ගත යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට – මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්*  මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමෙරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණවලට පසුව  රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප‍්‍රමාණයට භාවිත කළ හොත් යෙදෙන ඵීඨ ප‍්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විෂ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නේ.

MSG නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පිළිබඳ පැහැදිලිතාවක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්වයන්හි එකඟතාවක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තාවලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් වත් වාර්තා වී නැහැ.  එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරන ලද පර්යේෂණවලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට්වල ඇති දායකත්වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප‍්‍රතිඵලයක් දැක්වී නැහැ. නමුත් MSG අහිතකරතාවන් ඇති බවට බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා. එසේම රජරට ගොවියන් සිය වල්පැළ නාශක ඉසිනයන්ට ඵීඨ පැකට්ටුවක් කවලම් කරන්නේ එහි ප‍්‍රබලතාව කිහිපගුණයකින් වැඩිකර ගැනීමට.

එසේනම් සත්‍ය වශයෙන්ම එහි කිසියම් ප‍්‍රතික‍්‍රියාවක් ඇති බව අනුමාන කළ හැකියි.
MSG ආහාරවලට එකතුකර ඇති බව පාරිභෝගිකයන්ට දැන්විය යුතු බවට ආහාර නියාමන අධිකාරියෙන් නීති පනවා තිබෙනවා. මේ නිසාම සමහර ආහාර ලේබල්වල MSG නමිනුත්, තවත් සමහර ලේබල් රසය වැඩිකර දෙන්නක් Flavor Enhancer ලෙසිනුත් දක්වා තිබෙනවා. සමහර ආහාර ලේබල් 621 අංකයෙන් එය දක්වා තිබෙනවා.

ග්ලූටමේට් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක්. නමුත් යම් ප‍්‍රමාණයක් ශරීරයේම නිපදවෙනවා. ඒ නිසා විශේෂයෙන් වෙනම ගන්න අවශ්‍යතාවක් නැහැ. අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ.කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට ඵීඨ නිසා අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා අතර හිසරදය, වමනය, මුහුණ අත්පා ආදියෙහි හිරිවැටීම හෝ හැඟීම් දැනීමක් නොමැති වීම වැනි රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවන්. කෙසේ වුවත් අධික ලෙස ශරීරගත වුණත් MSG එකවරම විෂවන රසායනිකයක් නොවෙයි. නමුත් විවිධාකාර ආකාරයෙන් ඒ සංකූලතා දැක්වෙන්න පුළුවනි. මෙහි අනතුරුදායක භාවය වැඩිපුර නොපෙනෙන්නේ එහි රෝග ලක්ෂණ දැඩිව පිටතට නොපෙනෙන නිසායි. ඒ වුණත් බොහෝවිට සමාජයේ කියැවෙන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. ඒ හා සම්බන්ධ සාක්ෂි කොහෙන්වත් හමු වී නැහැ. නමුත්, සාමාන්‍ය ලූණු මෙන් නොවෙයි MSG අධික මාත‍්‍රාවක් ආහාරයට එකතු කළත් එය සරලව සොයාගැනීමේ ක‍්‍රමයක් නැති නිසා ආහාරයට MSG කොපමණ එකතු වී ඇතිදැයි කියන්නට කිසිම කෙනකුට සරලව බැහැ. ලූණු එකතු වීමේදී එහි ඇති අධික ලූණු රසය නිසා හඳුනා ගන්නට පුළුවනි. මේ නිසා ඔබේ ආහාරයේ MSG කොපමණ ප‍්‍රමාණයක් අන්තර්ගතදැයි සායා ගැනීමට නොහැකියි.

බොහෝ චීන අවන්හල් සහ වෙනත් ආහාර විකිණීමේ ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිත වෙනවා, ඒ ඔවුන්ගේ ආහාරවල රස වැඩි කරන්නට බව අමතක කරන්න එපා. ඒ කෑම නිවසේ හදන කෑමවලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි. ඔබ එම රසයට ඇබ්බැහි වෙනවා, ඔබේ දරුවන් එයට ඇබ්බැහි වනවා. මේ නිසාම ඔබ වැඩි වැඩියෙන් ඒ ආහාර ලබා ගැනීමට පෙලඹෙනවා. මේ නිසා ඔබේ ශරීරයට සිදුවන දීර්ඝකාලීන හානිය වැඩියි. එසේම ඔබ වැඩි වැඩියෙන් මෙවැනි දෑ සහ තෙල් අධික, ආහාර ලබා ගැනීමේදී නිතැතින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, වෙනත් හෘද රෝග වැනි දෑවලට නිතැතින්ම ගොදුරු වනවා. ඔබට පිටතින් බලා කවදාවත් ආහාරවලට MSG දමා ඇතිදැයි සොයාගත හැකි වන්නේ නැහැ. එය ආහාර ගත් පසුව ඔබට දැනෙන අසාමාන්‍ය තිබහ වැනි පසු කාලීන ප‍්‍රතික‍්‍රියාවක් මගින්ම පමණයි දැනගත හැක්කේ. නමුත් එවිට ඔබ ප‍්‍රමාද වැඩියි.

ඔබට විමසන්නට පුළුවනි, ඔබේ ආහාරය ලබාදෙන වෙළෙඳසල හෝ පුද්ගලයාගෙන් ඔබට ලබාදෙන ආහාරයට ඵීඨ එකතු කර ඇත්දැයි කියා. ඔබට ඇණවුම් කරන්නට පුළුවන් ඵීඨ එකතු නොකර ආහාර ලබා දෙන ලෙසට. ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන් තව තවත් ඵීඨ එකතු කරන්නේ නම්, ඔබට තීරණය කරන්න පුළුවනි තව දුරටත් එතැනින් ඔබ ආහාර ලබා ගන්නේදැයි.

තොරතුරු ආචාර්ය පියල් ආරියනන්ද

මේ වගේ වැදගත් තොරතුරු දිනපතා ලබාගන්න දැන්ම අපගේ පෙජ් එක ලයික් කරන්න