ඔයා මැරුණම ඔයාගේ ෆේස්බුක් ගිණුමට වෙන දේ

කවුරුත් දන්නා, කවුරුත් ඉන්න මුහුණු ‍පොත හොඳට වගේම නරකට පාවිචිච් වෙන දෙයක්. ලෝකයේම ඉන්න අය එකතු කරන්න පුළුවන් තරමේ සමාජ ජාල වබේ අඩවියක් නිසා මුහුණු ‍පොත නැත්නම් ෆේස් බුක්වලට ලෝකය වටෙන්ම දවසක් දවසක් පාසා ලැබෙන්නේ ඉතාම ඉහළ ප්‍රතිචාරයක්.

ලෝකය පුරාම මිලියන ගණනක් වන ෆේස් බුක් සාමාජිකයන් කොයි කාටත් තිබුණු ගැටලුවක් වුණේ තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ ෆේස් බුක් ගිණුමට මොකක්ද වෙන්නේ කියන දේ. ඇත්තටම ඔබ මිය ගියොත් ෆේස් බුක් ගිණුමට මොකද වෙන්නෙ? ෆේස් බුක්වලින්ම ඒ ප්‍රශ්නයට උත්තරයක් ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් ඔබට හිතන්න තියෙන්නේ ෆේස් බුක් ගිණුමට මොකද වෙන්නේ නෙමේය ෆේස් බුක් ගිණුමට මොකද කරන්නේ කියලයි.

ඔබේ මරණයෙන් පසුවත් ඔබේ ෆේස් බුක් ගිණුම යාවත්කාලීන විය යුතුයි. වෙනදා වගේම තිබිය යුතුයි කියලා තීරණය කරනවා නම් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඔබට තියෙනවා. ඒ තමයි Legacy contact කියන අංගය ක්‍රියාත්මක වීමට සැලැස්වීම. ෆේස් බුක් ගිණුමක් තියෙන කෙනෙක් මිය ගියා කියලා ඒ කෙනාගේ හිතවතෙක් ෆේස් බුක් එකේ වාර්තා කළොත් ඒ කෙනාගේ ගිණුමේ නමට ඉහළින් Rememberingකියන වචනය සඳහන් වෙන්නේ ඒ විදිහට වාර්තා කලාට පස්සේ.

එහෙම වුණත් ඊට පස්සෙ ඒ ෆේස් බුක් ගිණුමේ අයිතිය ලැබෙන්නේ කාටද කියලත් ඔබට හිතෙනවා ඇති. 
Legacy contact එක තමයි ඒ ප්‍රශ්නෙට උත්තරය
ෆේස් බුක් ගිණුම පවත්වාගෙන යන අතරතුරේ තමන්ගේ මරණයෙන් පසුව ෆේස් බුක් ගිණුමේ අයිතිය තමන්ගේ විශ්වාසවන්තයකුට ලබා දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබේ ෆේස් බුක් ගිණුමේ Account settings වෙත යන්න අනතුරුව ඔබේ වම් පසින් තිබෙන Security අංගය වෙත යන්න.

එහි පහළට යන විට ඔබට Legacy contact දකින්නට ලැබෙවි. එහි Choose a friend කියන තැන තමන්ගේ විශ්වාසවන්තයෙක්ව තෝරගන්න. ඉන්පසු  Add කරන්න. එවිට ඔබට පණිවුඩයක් ලැබෙනු ඇත. ඒ පණිවුඩයෙන් කියැවෙන්නේ ඔබ Legacy contact  ලෙස තෝරාගත් කෙනාට ඒ බව දැනුම් දෙන්න කියලයි.

එම පණිවුඩය යැවීම හෝ නොයැවීම ඔබට තීරණය කළ හැකියි. ඔබ පණිවුඩය යැව්වත් නැතත් ඔබේ මරණයෙන් පසුව ඔහුට හෝ ඇයට ඔහුගේ හෝ ඇයගේ ෆේස් බුක් ගිණුමෙන් ඇතුළු වී ඔබේ ගිණුමේ ඔබ යෙදූ සටහන්වල පිටපත් ලබා ගැනීම, ඔබ වෙනුවෙන් ඡායාරූප, අදහස්, වීඩියෝ පළ කිරීම ඔබේ Profile Picture සහ Cover Picture වෙනස් කිරීම, මිතුරන්ගේ මිතුරු ඉල්ලීම්වලට අනුමැතිය ලබාදී ඔවුන් ඇතුළත් කර ගැනීම කළ හැකියි.

ඔබ නම් කරන Legacy contact ට වුවත් ඔබේ ගිණුමටම පිවිසීමේ හැකියාව මින් ලැබෙන්නේ නැහැ. ඔබගේ පුද්ගලික පණිවුඩ කියවන්නටත් ඔබගේ යහළුවන් ඉවත් කරන්නටත්, ආරක්ෂක සැකසුම් වෙනස් කරන්නටත් හැකියායවක් ලැබෙන්නේ නැහැ.

Legacy contact කෙනෙක් නම් කරන්නට ඔබ අකමැති නම් Legacy contact වල අවසානයේ තියෙන Request Account Deletion කියන අංගයට ඔබේ අනුමැතිය දෙන්නට පුළුවන්. එවිට ඔබේ මරණයෙන් පසුව, මරණය දැනුම් දුන් විට ඔබේ ෆේස් බුක් ගිණුම අක්‍රිය කරන්නට කටයුතු කරනවා ඇත.