ප්‍රංශයෙන් ලොවට දුන් ලොව ලස්සනම ගුවන් යානයේ කදුළු කතාව

ශබ්දයේ වේගය ඉතා මහත්ය. ශබ්ද තරංග වායුගෝලයේ ගමන් කරන්නේ පැයට කි.මී. 1235 (පැ.හැ. 767) වේගයෙනි. කාලය අනුව බලනවා නම් තත්පරයකට හැ. 4.69ක් හෝ (කි.මී. 2.91ක්) දුරක් ශබ්දය ගමන් කරයි.

අද ලොව ඇති එකම මගී ගුවන් යානා වර්ගයකටවත් ශබ්දයේ වේගය පරදවා ධාවනය කළ නොහැකිය. ඒ නිසා එවාට කියන්නේ Sub sonic aircrafts (ශබ්දයේ වේගයට අඩු ගුවන් යානා) කියාය.

අද ලොව වැඩියෙන් ගුවන්යානා ගමන් කරනනේ යුරෝපය හා ඇමෙරිකාව අතරය. ලන්ඩන් නුවර සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට Airbus 330 යානයකට යෑමට සාමාන්‍යයෙන් පැය 9ක් පමණ ගත වේ. Boeing 747 ගුවන් යානාවට එ සඳහා ගත වන කාලය පැය 8කි.

නමුත් ගුවන් මගියකුට ඇමෙරිකාවට යන පැය 8ක ගමන පැය 4කට පමණ සීමා කරගත හැකි නම් එම ඉතිරි වන කාලයෙන් වඩා ප්‍රයෝජනවත් ව්‍යාපාරික කටයුතුවල යෙදීමට පුළුවන් නේදැයි ඔවුහු කල්පනා කළහ.Image result for Concorde Crash From Start To Finish Air France Flight 4590

A330 යානයක (Cruising speed ) අහසේ පාවෙන වේගය පැ.හැ. 500 (කි.මී 926ක්) පමණ වන අතර Boeing 747 ක එම වේගය පැ.හැ. 570කි.
1950 ගණන්වලදී පවා ඇමෙරිකාවට ගොස් ආපසු ලන්ඩන්වලට එන මගියෙක් අහසේ පැය 20ක් පමණ කාලය නාස්ති කළෙAය. ව්‍යාපාරිකයන්, ලෝක ප්‍රසිද්ධ නළු නිළියන්, ධන කුවේරයන් හා රාජ්‍ය නායකයින්ට අවශ්‍ය වූයේ ඇමෙරිකාවට හෝ ඕස්ටේ්‍රලියාවට ඔයිට වඩා ඉක්මනට යන්නටය.

ඒ නිසා එවකට තිබුණු Boeing, Comet වැනි යානාවලට වඩා වේගයෙන් ගමන් කළ හැකි යානාවක් නිපදවන්නට බැරි ඇයිදැයි රාජ්‍ය නායකයෝ ගුවන් යානා නිපදවන සමාගම්, ගුවන් ඉංජිනේරුවන්ගෙන් හා නිර්මාණකරුවන් (Designers) විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූහ.

ලන්ඩන් හා නිව්යෝක් අතර කෙළින්ම දුර කි.මී. 5585කි. (සැ. 3461) පැය 8කට අඩු කාලයකින් මෙම දුර තරණය කිරීමට හැකි බලවත් වේගයක් ඇති ගුවන් යානයක් නිපදවීමට ඇමෙරිකාවත්, රුසියාවත්, යුරෝපයත් තීරණය කළේ එවැන්නකින් ලැඛෙන විශාල ආර්ථීක  ප්‍රතිඵල ගැන සලකා බලාය.

ගුවන් ගමනාගමනය කෙටි කොට ව්‍යාපාරික ලොක්කන්, රාජ්‍ය නායකයන් ඇතුළු වැඩ රාජකාරි බහුල මගීන්ගේ ඵලÞයිතාව වැඩි කිරීම සඳහා ශබ්දයට වඩා වේගයෙන් යා හැකි ගුවන් යානාවක් නිපදවීමට මහා බි්‍රතාන්‍ය 1955 දී තීරණය කළේය. එ සඳහා ඔවුන් ගුවන් ගමන් උපදෙශක මණ්ඩලයක් පත් කළේ 1956 ඔක්තෝබර් 01 දාය.
විශේෂඥ ඉංජිනේරුවන්, සැලසුම්කරුවන් හා විවිධ ඬේත්‍රයේ උගතුන් පිරිසකින් සමන්විත මෙම කමිටුවේ තීරණය වූයේ එවැනි ගුවන් යානයක් නිපදවීමට පවුම් මිලියන 90ක් (රු. මිලියන 1800ක්) පමණ වියදම් වන බවයි.

මේ කාලයේදීම ප්‍රංශයද වෙනමම Supersonic ගුවන් යානයක් නිපදවීමට සැලසුම් කරන්නට විය. රටවල් දෙකේ මොළකාරයන් කණ්ඩායම් දෙකක් වෙන වෙනම Supersonic ගුවන් යානාවක් නිපදවන්නට කාලය ධනය ශ්‍රමය වියදම් කරනවාට වඩා දෙගොල්ලන්ම එකතු වී එක ගුවන් යානයක් නිපදවීම නරකදැයි ප්‍රංශය කළ යෝජනාවට බි්‍රතාන්‍ය එක පයින් එකඟ විය.

1962 දී රටවල් දෙක රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමෙන් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් යා හැකි ලොව ප්‍රථම Supersonic (ශබ්Þභිභවනි) ගුවන් යානය නිපදවීම සඳහා ගිවිසුමක් අත්සන් කළේය.

මේ ආරංචිය ඇසූ ඇමෙරිකාව ද කාටත් කලින් ශබ්ද-පරාද ගුවන් යානයක් නිපදවීමට රහසේ සැලසුම් කළේය. එම කොන්ත්‍රාත්තුව ඔවුන් බාර දුන්නේ ඇමෙරිකාවේ Boieng ගුවන් සමාගමටය. ඔවුන් අවුරුදු ගණනක් තිස්සේ Boieng 2707 නමින් ලොව ප්‍රථම ශබ්Þභිභවනි ගුවන් යානය සැලසුම් කළ නමුත් එවැන්නක් නිපදවීමට ඩොලර් බිලියන 3ක් වැය වන බව දැනගත් විට ඇමෙරිකන් රජය එම අදහස අත්හැරියේය.

මේ අතර සෝවියට් රුසියාව උඩ බලන් හිටියේ නැත. ඔවුන්ද ලෝකයේ ප්‍රථම ශබ්Þභිභවනි ගුවන් යානා නිපදවීමේ තරගයට ඇතුළු විය.

මහා බි්‍රතාන්‍ය හා ප්‍රංශය අවුරුදු ගණනක් තිස්සේ මහන්සි වී සැලසුම් කොට නිපදවූ Supersonic යානය ක‍දබජදරාැ ලෙස නම් කෙරුණි. Concorde යානය ලෝකයේ එවකට නිපද වූ ඉතාම ලස්සන ගුවන් යානය වීය. ශබ්දයේ වේගයට වඩා වේගයෙන් යා යුතු බැවින් එහි අත් තටු දෙක අනෙකුත් ගුවන් යානාවලට වඩා වෙනස් අපූරු හැඩයක් ගත් නිසා එම ගුවන් යානය ඉතා ආකර්ෂŒය විය.

මගීන් 100කට යාමට ඉඩ තිබුණු Concorde යානයේ නියමුවන් ගණන තුන් දෙනකු වූ අතර ගුවන් සහායක සහායිකාවන් ගණන 6 දෙනෙක් වූහ.

විශේෂත්වය වූයේ ශබ්දයේ වේගයට අඩු Boeing වැනි ගුවන් යානා ලන්ඩන් සිට නිව්යෝක් යාමට පැය 8ක් ගනිද්දී Concorde යානය පැය 3කින් එම ගමන නිමා කිරීමයි.

පැ.හැ. 250ක් වැනි අඩු වේගයෙන් ගුවන් ගත වූ යානය උපරිම Cruising වේගය පැ.හැ. 1350ක් වූයේය. මෙය ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් වැඩි වේගයක් විය.
අනිකුත් Subsonic ගුවන් යානා අහසේ පියාඹුවේ අඩි 35000ක් පමණ උසින් නමුත් Concorde යානාවට අඩි 60000ක් එනම් හැ. 11ක් උස අහසේ පියාඹන්නට හැකියාවක් තිබුණි. එහි ඉන්ධන පාවිච්චිය පැයකට ලීටර් 25000ක් හෙවත් ගැලූම් 5638ක් විය.

අත්හදා බැලීම (test flight) සඳහා කොන්කෝඩ් යානයේ මංගල ගුවන් ගමන සැලසුම් කොට තිබුණේ 1969 මාර්තු 2දාටය. නමුත් ලෝකයේ ප්‍රථම ශබ්ද-පරාද Supersonic යානයක් ගුවනට යැවීමේ ගෞරවය ප්‍රංශය හා එංගලන්තය ලබා ගැනීමට ඉරිසියා වූ රුසියාව 1968 දෙසැ 31දා Tupolev Tu-144 Supersonic යානය ගුවන් ගත කළේය.

Related image

නමුත් ඔම-144 ශබ්දාභිභවනී ගුවන් යානයට වඩා Concorde යානය තාඬණය අතින් ඉහළ මට්ටමක තිබුණි. එසේම මේ යානා දෙකෙන් වඩාත්ම ලස්සන වූයේ Concorde ගුවන් යානය යන්න කාගේත් පිළිගැනීම විය.

කොන්කෝඩ් යානයට දිග තුඩක් තිබුණ නිසා එය අහසට නගින විට දැකුම්කලූ ඇස් දෙකක් හා හොටයක් ඇති විශාල කුරුල්ලකු මෙන් ඈතට දිස් වීය.

ලෝකයේ ප්‍රථම ශබ්දාභිබවනී Supersonic  ගුවන් යානය ලෙස Tupolev Tu-144 යානය ඉතිහාස ගත වුවද එයට ඉක්මනට සෙනසුරු දශාව ලැබීය. 1978 දී පැරීසියේ ගුවන් සංදර්ශනයකින් ඔම-144 යානය ගිනිගෙන පොළොවට කඩා වැටුණි. 1976 දී තවත් ඔම-144 යානයක් ගුවන් අනතුරකින් විනාශ විය. ඉන්පසු ඔම-144 යානය මගීන් ප්‍රවාහනයෙන් ඉවත් කරන ලදී. 1983 දී රුසියාව විසින් එය විශ්‍රාම යවන ලදී.

Concorde යානය නිපදවීමේ ප්‍රධාන අරමුණ වූයේ යුරෝපය හා ඇමෙරිකාව අතර ගුවන් ගමනට සාමාන්‍ය :ිමඉිදබසජ- ගුවන් යානයකින් ගතවන පැය 8 ක කාලය පැය 3 දක්වා අඩු කිරීමටයි.

නමුත් ඇමෙරිකන් රජය  subsonic ගුවන් යානයට ඇමෙරිකාවේ ප්‍රධාන නගර දෙක වූ වොෂිංටන් හා නිව්යෝක්වලට ගොඩබැසීමට අවසර දුන්නේ නැත. ක‍දබජදරාැ යානය අහසට නැගීමේ දී ඇති වන ඩෙසිබල් 120ක විශාල ශබ්දය මිනිස් සිරුරට අහිතකරයයි ඔවුහු කීය. (දෙදෙනෙකු අතර ඇති වන දෙබසක ශක්තිය ඩෙසිබල් 50ක් පමණි.)

ක‍දබජදරාැ යානය පරිසරයට අහිතකරයයි කියාද ඇමෙරිකාව චෝදනා කළෙAය. නමුත් මේ විස්මිත ගුවන් යානාව තහනම් කිරීමට එකම හේතුව වූයේ ඇමෙරිකාවට නිපදවීමට බැරි වූ ශබ්දාභිභවනී :ිමචැරිදබසජ- යානය බි්‍රතාන්‍ය හා ප්‍රංශය විසින් නිපදවීමයි.

නමුත් 1977 දී එවකට බි්‍රතාන්‍ය අගමැති වූ ෙජ්ම්ස් කලැහැන් :න‍්පැි ක‍්කක්ටය්බ- මහතා ක‍දබජදරාැ යානයකින්ම ඇමෙරිකාවට ගොස් එහි ජනාධිපති ජිමී කාටර් හමු වී මේ තහනම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය විශෙAෂ පනතක් ඉදිරිපත් කරමින්  ක‍දබජදරාැ යානයට ඇමෙරිකාවේ ඕනෑම ගුවන් තොටුපළකට ගොඩ බැසීමට අවසර දුන්නේය.

ඉන්පසු ඉහළ පෙළේ සුපිරි නළු නිළියන්, රාජ්‍ය නිලධාරීන්, ධන කුවේරයන් හා ව්‍යාපාරිකයෝ අධික මුදලක් ගෙවා ක‍දබජදරාැ යානයෙන් ගමන් කරන්නට පටන් ගති.
ඒ දිනවල බි්‍රතාන්‍ය පුවත්පත් විහිළුවට කීවේ ඣභඣඍෘෑ යානයෙන් ගමන් කරන්නේ උදේ ආහාරය (ඊරු්නේිඑ) දවසට දෙසැරයක් කෑමට කෑදර ධනපතියන් පමණක් බවයි. මෙයට හේතුව ලන්ඩන්වලින් සඳුදා උදේ ආහාරය ලබා දවල් 11ට කොන්කොඩ් යානයට නගින මගියා ඇමෙරිකාවට ළඟාවුණේ එදිනම උදේ 7ට නිසාය.

1977දී කොන්කොඩ් යානාවක මිල පවුම් මිලියන 23ක් විය.  එම  දිනවල පවුමේ වටිනාකම ලංකා මුදලින් එය රුපියල් මිලියන් 4600කටත්  වඩා වැඩි වීය. Aසර ත‍ර්බජැ හා ඊරසඑසිය Aසරඅ්හි වෙළෙඳ දැන්වීම්වලින් කීවේ කවදාක්වත් කිසිම අනතුරකට භාජනය නොවූ ලෝකයේ එකම ගුවන් යානා වර්ගයෙන් ඇමෙරිකාවට පියාඹන්න කියාය. බි්‍රතාන්‍යයටත් මෙම නිරුපද්‍රිත ගුවන් යානාව ජාතික අභිමානයක් විය.
නමුත් මේ  අතිවිශිෂ්ට ගුවන් යානාවට කිසිවකු බලාපොරොත්තු නුවූ දවසක කණ කොකා හැ`ඩුවේය.

එA 2000 වසරේ ජූලි 25 දාය. ප්‍රංශයේ ඩිගොල් ගුවන්තොටුපළ වෙනදාටත් වඩා යුහුසුලූව තිබුණේ විදේශ සංචාරයක යෙදුන ප්‍රංශයේ ජනාධිපති න‍්ජන ක‍යසර්ජ බිරිඳ හා පිරිස පැමිණි Boeing 747 ජෙට් ගුවන් යානා දැන් ධාවන පථය දිගේ බිමට ගොඩ බැස්ස නිසාය. ඔහු වෙනුවෙන් ගුවන්තොටුපළේ ආරඬා විධි විධාන තරකොට තිබුණි.

ජනාධිපතිතුමා හා අමුත්තන් පිරිස පැමිණි 747 ගුවන් යානය වහාම ධාවන පථය පසෙකින් නැවැත්වූයේ අහසට නැගීමට පෝලිමේ බලා සිටින ගුවන්යානාවලට ධාවන පථයේ  ඉඩකඩ ලබා දීම සඳහාය.

දැන් එම පෝලිමේ මුලින්ම සිටින්නේ  DC-10 jet ගුවන් සමාගමේ ෘක‍-10 වැඑ යානාවයි. එA පසු පසින් ගුවනට නගින්නට බලා සිටින්නේ ගුවන් ගමන් අංක 4590 දරන Air France සමාගමේ Continental  යානයයි.

DC-10 යානයේ ඇන්ජිමේ Thurst Reversing Fan නමැති උපාංගයේ සවිකර තිබුණු මිලිමීටර් 30ක් දිග යකඩ පටිය හොඳටම ගෙවී තිබුණ නිසා Air france ගුවන්තොටුපළේ නඩත්තු අංශයේ කාර්මිකයකු වූ Jone Taylor විසින් අලූත් පටියක් එයට සවිකළේ ගුවන්යානයේ රෝද කට්ටලයේ ගෙවී තිබුණ ටයර් දෙකක් ටයර් නඩත්තු අංශය විසින් සවිකළේත් එදා රෑමය.

මගීන් 300ක් සමග DC-10 ගුවන් යානය දැන් නිරුපද්‍රිතව අහසට නැගී වලාකුළු අතරින් නොපෙනී යනවා 747 ගුවන් යානයේ සිටින ප්‍රංශ ජනාධිපතිවරයාට ද කවුළුවෙන් පෙනේ.

කුරුල්ලකු බදු Concorde ගුවන් යානය අහසට නගින අන්දම ඉතා ආකර්ෂŒයයි. Concorde යානයේ සම අයිතිය තිඛෙන්නේ ප්‍රංශ රජයට නමුත් ජනාධිපති ජැක් කිරක් එම යානය අහසට නගිනවා තවම දැක නැත. අද එA සඳහා ඔහුට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. දැන් වේලාව සවස 16.40යි. ප්‍රංශ ගුවන් අභිමානය වශයෙන් සැලකෙන Concorde ශබ්දාභිභවනී ගුවන් යානය නිලධාරින් හා මගීන් 113ක් සමග උහසට නැගීමට සැරසේ.

අද එහි සිටින මගීන්ගෙන් 97 දෙනෙකුම නිව්යෝක් නුවර වරායෙන් ——MS Deutschland”, නමැති සුපිරි නැවෙන් ලොව පුරා සංචාරයට යන ජර්මන් ජාතිකයන්ය. ගුවන් යානය පදවන්නේ පළපුරුදු නියමුවකු වන 54 හැවිරිදි Chris Marty.  ඔහුගේ සහාය නියමුවා 50 හැවිරිදි Jean Marcot

ලෝකයේ ඉතාම ආරඬිත හා නිරුපද්‍රිත ගුවන් යානා වර්ගය වශයෙන් මුළු ලොවේම ආදරය හා ගෞරවය දිනා ඇති ලොව විස්මිත Concorde යානය හා එA තුළ ඇති මිනිස් ජීවිත 113ම ඉතා පරිස්සමෙන් නිව්යෝක් නුවර කරා ගෙන යාමේ බරපතළ වගකීම පැටවී ඇත්තේ මෙම නියමුවන් දෙදෙනා මතය.

සියවරකටත් වඩා ක‍දබජදරාැ යානය පදවා ඇති මේ දෙදෙනාට එම අභියෝගය ඉතා සුළු දෙයකි. ධාවන පථයේ කොනක නවතා තිඛෙන ඊදැසබට 747 යානයේ ප්‍රංශ ජනාධිපතිතුමා ද සිටින බව Air Traffic Control (ATC)  ගුවන් යානා පාලක නිලධාරින් කැප්ටන්ට දන්වා තිඛෙන නිසා ඉතා ලස්සන (Take off)  අහසට නැගුමකින් නිව්යෝක් ගමන ඇරඹීමට ඔහු බලාපොරොත්තු වෙයි.

කැප්ටන් දැන් Concorde යානය පණ ගන්වයි. මුළු පළාතම බෝම්බ දහයක් එකවිට පිපුරුණා මෙන් මහා හඬින් ගිගුම් ගනී. ලෝකයේ විස්මිත හා ලස්සනම ගුවන් යානය අහසට නගිනවා බැලීමට පැරිස් ගුවන් තොටුපළේ සිටින අනෙකුත් මගීන් ද බොහෝ සේවකයෝද කවුළු ළඟට එති.

මේ අනතුර සිදු උනේ සෙන්ටිමීටර් 14ක් දිග අඟලක් පමණ පලල තහඩු පටියක් නිසා. කොන්කෝඩ් යානාව ගුවන් ගත කිරීමට පෙර ගුවන්ගත කල DC-10 කොන්ටිනෙන්ටල් යානාවෙන් ගුවන් පථයට වැටුනු එම තහඩු පටිය මතින් කොන්කෝඩ් යානාවේ වම් පස එක් රෝදයක් ගමන් කිරීම නිසා එම ටයරය කබලි වලට කැඩී එම රබර් කැබැල්ලක් විසිවී ගොස් වම්පස තටුවේ ඉන්ධන ටැංකියේ ගැටෙනවා. එයින් එය සිදුරු වී කාන්දු වෙන ඉන්ධන එළියට විසිවී වම් පස එන්ජින් දෙක තුලට ගමන් කර විශාල ගින්නක් හට ගන්නවා.

ගුවන් ගමන් පාලක කුළුනේ නිළදාරියෙකු එම ගින්න දැක ගුවනට නංවන්න එපා යැයි සඥා නිකුත් කලත් ඒ අවස්ථාවේ යානයේ ගොඩබිම් වේගය පැයට කිලෝමීටර 340 ත් ඉක්මවා තිබුනු නිසා එය නැවත්වීමට නම් තවත් කිලෝමීටර 2 කට වඩා දුරක ගුවන් පථය අවශ්‍යයව තිබුනා.

එහෙත් එවන් දිගක් ඉතුරුව නොතිබූ නිසා ප්‍රධාන ගුවන් නියමුවා එය අහසට නංවන්න තීරණය කරනවා. ගින්න සමග ගුවන්ගත වෙන එයාර් ෆ්‍රාන්ස් A.L. 4590 කොන්කෝඩ් ගුවන් යානාව තවත් විනාඩි දෙකක් ඇතුලතදී හෝටලයක් මතට කඩා වැටෙනවා. එම අනතුරෙන් එහි ගමන්ගත් සියලුම මගීන් සහ හෝටලයේ පිරිසකුත් ජීවිතක්ෂයට පත් වෙනවා.

මෙම යානය පණගන්වන  මොහොතේ සිට කඩා වැටී ගිනිගෙන දැවෙන මොහොත දක්වාම දර්ශන සහිත වීඩියෝවක් පහතින් වෙයි.