තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය පිළිබඳව අදටත් හෙළි නොවු අබිරහස් රැසක්

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් “ත්‍රිපිටක වාගීශ්වර” යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් “ෂඩ් භාෂා පරමේෂ්වර” යන ගෞරව නාමවලින් පිදුම් ලද්දොa වූහ.

රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි.Image result for තොටගමුවේ රාහුල

එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි.

රාහුල මාහිමි “වෙද හාමුදුරුවෝ” යනුවෙන්ද හඳුන්වා තිබිණ, පුරාවෘතයකට අනුව මාහිමි සතුව විවිධ රෝගාබාධ සඳහා වූ බලගතු තෙල් වර්ග තිබිණ. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ ඥනය විශ්මයජනකය. සංස්‌කෘත භාෂාව පිළිබඳව තිබූ හසල දැනුම හේතුවෙන් භාරතීය වෛදික වෛද්‍ය ග්‍රන්ථ රාශියක්‌ කියවා ලබාගත් ඥනය මෙරට අත්දැකීම් සමග මුසුවීමෙන් උන්වහන්සේ මෙරට පහළ වූ උසස්‌ම පන්තියේ වෛද්‍යවරයකු වූවාට නිසැකය.

රහල් හිමි යම් යම් වතාවත් කරන ලද බවත්, ඉන්පසු විශ්මයජනක ලෙස රෝගීන් සුවපත්ව ඇවිද ගිය බවත් පවතින විශ්වාසයයි. එසේම උන්වන්සේ අපවත් වන්නට මොහොතකට පෙර “සිදු අලු රසය” නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද, ඒ හේතුවෙන්ම මෘත දේහය නරක්‌ නොවී දින දශ ලක්‍ෂයක්‌ තබා ගැන්මට හැකි විය යන්නද විශ්වාස කරනු ලැබේ.

ක්‍රි. ව. 1505 දී පෘතුගීසිහු ලංකාවට පැමිණි අතර, අනතුරු වර්ෂයන් සිංහල සාහිත්‍යයට පමණක්‌ නොව බුදු දහමට ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක්‌ විය. රටේ දේශපාලන තත්ත්වය අස්‌ථාවර වූ අතර, රජවරු තම තමන්ගේ බලය ලබාගැනීම සඳහා පෘතුගීසීන්ගේ උදව් පැතූහ. පෘතුගීසීන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් අතර ධර්මපාල කුමරු කතෝලික ආගම වැළඳගත් දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්‌ටේ රජ විය.Image result for තොටගමුවේ රාහුල

පෘතුගීසීන් විසින් තම පාලන කාලය තුළ ඉතා දුෂ්ට ලෙස බෞද්ධයෝ කතෝලික ආගමට හරවන ලදහ. රජතුමා අකාර්යක්‍ෂම සහ ජාතිය කෙරෙහි කිසිදු ඇල්මක්‌ නොමැති වූ හෙයින් පෘතුගීසිහු සියලුම පන්සල් විනාශ කර කොල්ලකා, දහම්, සාහිත්‍ය වියරණ පොත පත ගිනිබත් කළහ. රහල්හිමිගේ ප්‍රතිභාව ගැන සලකා බලන කල්හි උන්වහන්සේ, දැනට ප්‍රකටව ඇති ග්‍රන්ථ 5 ට අමතරව, දර්ශනය, ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය යනාදිය සම්බන්ධයෙන් තවත් බොහෝ ග්‍රන්ථ රැසක්‌ අනිවාර්යයෙන් ලියා ඇති බව නිසැක නමුත් ඒ සියල්ල ද දුෂ්ට පෘතුගීසීන් අතින් විනාශයට පත් වන්නට ඇති බැව් හැඟෙන විට ඇති වන්නේ මහත් සංවේගයකි.

එසේ නම් මෙසේ ලක්‌දිව ඉතා ප්‍රකට, ජනප්‍රිය පඬිවරයෙකුගේ දේහය, අපවත්වූ පසු ඉන්දියාවේ ගෝවේ නගරයට ගෙන ගියේ කෙසේද? එසේ ගෙන යාම සඳහා උන්වහන්සේ අපවත්වී වදාළේ කොහිද? දේහය පෘතුගීසීන් විසින් රැගෙන යනකල් සිංහලයෝ අත්වැල් බැඳගෙන උන්නාද? රජකෙනකුගේ සෙනෙහසින් හැදුනු වැඩුනු රජුගේ රැකවරණය ලැබූ පඬිරුවනකට මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ අත්විය හැකිද? එසේම මෙවන් මහා අපරාධයක්‌ කිරීමට, එනම් ශ්‍රී රහල් දේහය ගෝවේ නගරයට වැඩි කලබලයක්‌ නොමැතිව ගෙන යාමට, සුදුසු දේශපාලන වාතාවරණයක්‌ රටතුල තිබුණේද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම දේහය පිළිබඳ නියම තතු දැනගැන්මට ඉහවල්වන බැවින් අප මඳක්‌ ඒ පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලමු.

රාහුල හිමි අවසාන කාලයේ සිටියේ කොහිද?

සැළලිහිණි සංදේශයේ රාහුල හිමි විභීෂණ දෙවියන්ට කන්නලව්වක්‌ කරයි. එනම් සයවන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමාරියට (එනම් ලෝකනාථ කුමාරිට) පුතෙක්‌ ලබාදෙන ලෙසයි. මෙම පුත් කුමරුවා එනම් ජයබාහු කුමරු රජුගේ අභාවයෙන් රජ වූවාට පසු සපුමල් කුමරු ඔහු මරා සයවන බුවනෙකබාහු නමින් රජවිය. සපුමල් කුමරු තුන්වරක්‌ම ජයබාහු ඝාතනය කිරීමට තැත්කළ අතර රාහුල හිමි ඒ ඝාතන කුමන්ත්‍රන තුනම වැළැක්‌වූ නමුත් සිව්වන වර උන්වහන්සේට ජයබාහු බේරා ගැනීමට නොහැකිවිය.

තමා හදාවඩා ගත් සයවන පරාක්‍රමබාහුගේ මුණුපුරාවූ ජයබාහුගේ ඝාතනයෙන් පසු මහත්සේ කලකිරීමට සහ ශෝකයට පත් රාහුල හිමි හුදකලා ජීවිතයක්‌ ගත කරනු වස්‌ විජයබා පිරිවෙන හැරදමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු “අම්බත” නම් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බව වාර්තා වේ. එසේ හුදකලාව සිටීමට තීරණය කළේ සයවන බුවනෙක බාහුගෙන් උන්වහන්සේට ජීවිත තර්ජන තිබූ නිසාද විය හැක. කෙසේ නමුත් රාහුල හිමි අපවත්වීමට පෙර අම්බතහි විසූ ගල්ගුහාවෙහි එතුමාගේ දේහය තබා තිබූ ගල් ඇඳ රඳවා තිබූ ගල් කණු අද පවා දක්‌නට තිබේ.Image result for තොටගමුවේ රාහුල

රාහුල හිමි අවසාන කාලයේ හුදකලාව සිටි බවට සහ කිසිම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවූ බවට තවත් වැදගත් සාධකයක්‌ බුරුමයේ සේගු නගරයේ ඇති කල්‍යාණ ශිලා ලිපි සාක්‍ෂි දරයි. සයවන බුවනෙකබාහු සමයේ (සපුමල්කුමරු) බුරුමයේ ධම්මෙච්තිය රජ විසින් මොග්ගල්ලාන නම් භික්‍ෂුව ඇතුළු භික්‍ෂූන් 22 නමක්‌ ලංකාවට වැඩම වූ බවද ඔවුන් කැලණියේ කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා නැවත බුරුමයට ගිය බවත් එහි සඳහන්වේ.

ඒ සඳහා ලංකාවේදී සහභාගීවූ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 4 නමකගේ, එනම් වීදාගම තෙරණුවෝ, ධම්මකිත්ති තෙරණුවෝ, වනරතන තෙරණුවෝ සහ සිහල රාජ මහාතෙරණුවෝ නම් සඳහන් වන අතර එකල විසූ සුප්‍රසිද්ධ තෙරනමක්‌වූ ශ්‍රී රාහුලගේ නම් සඳහන් නොවේ. නමුත් සයවන පරාක්‍රමබාහු කල පැවැත්වූ වැදගත් ආගමික උත්සවයන්හි ප්‍රධාන තැනක්‌ ඉසිළුවේ රාහුල හිමිවන අතර පෙර කී කළ්‍යාණි ශිලා ලිපියේම එය සඳහන් වෙයි.

බුවනෙකබා රජ දවස රාජකීය අනුග්‍රහයක්‌ ලත් උත්සවයකට රාහුල හිමි සහභාගී නොවීමෙන් පෙනෙනුයේ පරාක්‍රම රජුගේa මුණුපුරු ජයබාහුට කරන ලද අසාධාරණය නිසාම ඔවුන් අතර දැඩි විරසක බවක්‌ තිබූ බවය. තවද රහල් හිමි සාමාන්‍ය ජනතාව ඇස නොගැටෙන හුදකලා ස්‌ථානයක ජීවත්වූ බවටද එය හොඳ සාක්‍ෂියකි.

එසේම පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනකවි 2 කින්ද රාහුල හිමි හුදකලාව ජීවත්වූ බවක්‌ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන් විසින් ගෝවේ නුවරට ගෙනගිය බවත් තවදුරටත් සනාථ වේ.

සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ

ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ

සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ

ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ

ආදරණීය රහල් හිමි අපවත් වූයේ ශක වර්ෂ 1413, එනම් ක්‍රි.ව.1413Ý78-1491 දීය. සවැනි බුවනෙකබාහු තෙරිඳුට සතුරුකම් කළනිසා හිමි ගල්ලෙනට වැඩියහ. උන්වහන්සේගේ දේහය ගල්ලෙනින් පිටතට ගත් දින ජනතාව එයට විරුද්ධව යුද්ධ කළෝය.

සතුරු සිංහල සේවියර් සෙන්පතිහුQ යුද පත් වතාවේ

ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ

මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ “ගෝවේ”

සෙන්පති සේවියර් සිංහලයාට සතුරුව යුද වැද සිටියහ. රහල් හිමිගේ දේහය මන්ත්‍ර ජපකොට යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කරමින් සිටියහ. දහසක්‌ කල් තබා ගැනීමට ජීවම් කර තිබූ රහල් හිමිගේ මළ සිරුර උන් ගෝවේ නගරයට රැගෙන ගොස්‌ තැබූහ.

ජනප්‍රවාද අපට අවඥවෙන් බැහැර කළ නොහැක. ජනප්‍රවාදයෙන් සහ ඉහත සාක්‍ෂි වලින් පෙන්වනුයේ රාහුල හිමි අවසන් කාලය ගෙවූයේ ඉතා හුදකලාව බවය. එසේම එක්‌ කවියකින් කියෑවෙන්නේ එම දේහය ගෝවේට ගෙනගිය බවය.

දේහය පිළිබඳ වෘත්තාන්තය

රාහුල හිමි අපවත්වීමට පෙර ඉතා වටිනා ඖෂධයක් පාවිච්චි කළ බවත්, ඒ බලයෙන් සිරුර දින කෝටියක් නරක් නොවී තබාගත හැකි බවත්, එම සිරුර පෘතුගීසීන් විසින් රැුගෙන යනු ලැබූ බවත් අද ගෝවේ ශාන්ත සේවියර් තුමාගේ යැයි ප‍්‍රදර්ශනය කරන දේහය වෙන කාගේවත් නොව රාහුල හිමියන්ගේම යැයි සිංහලයන් තරයේ විශ්වාස කෙරෙයි.Image result for තොටගමුවේ රාහුල

ඇත්ත වශයෙන්ම ගෝවේහි, ජේසු ජන්ම බැසිලිකා නම් පල්ලියෙහි දාසයවැනි ශත වර්ෂයේ විසූ ශාන්ත සේවියර්ගේ යැයි විශ්වාස කෙරෙන දේහයක් ඇති අතර, වාර්තාවලට අනුව මෙම දේහය කිසි දිනක ”එම්බාම්” කර නොමැති බොහෝ කලක් ඉතාම හොඳ තත්ත්වයේ පැවත දැන් කෙමෙන් කෙමෙන් දිරාපත්වීමට පටන්ගෙන ඇති බවට වාර්තාවේ.

කතෝලික බැතිමත්හු මෙම දේහය ශාන්ත සේවියර් නමැති, 1552 නොවැම්බර් මස 20 වැනි දින චීන වෙරළබඩ ආසන්න දුපතක් වන ”සැන්ක්ෂන්” නමැති දුපතේදී මියගිය, ”සංචාරක පූජක” තුමාගේ දේහය යැයි පවසති.

ශාන්ත සේවියර් පූජකතුමා සම්බන්ධයෙන් ලියූ පොත පත අනුව ඔහුගේ ඉතිහාසය සැකෙවින් මෙසේය. ප‍්‍රැන්සිස් සේවියර් උපත ලැබුවේ 1506 අපේ‍්‍රල් මස 7 වැනි දින ස්පාඤ්ඤයේ නවාරා යන පෙදෙසෙහිය. 1537 ජුනි මස 24 වැනි දින ඔහු රෝමයේදී පූජකයකු බවට පත්වූ අතර පාප් වහන්සේ ඔහු දුරස්ත නැගෙනහිර දිශාවේ තම නියෝජිත/පණිවිඩකරු ලෙස පත්කර හැරියේය.

එතැන් පටන් ප‍්‍රැන්සිස් පියතුමා බොහෝ දුර සංචාරය කරමින් ශුද්ධ වූ බයිබලය උගන්වමින්, ගෝවේ තම මූලස්ථානය කර ගනිමින් ආගමික කටයුතුවල නිරතවිය. ඒ කටයුතු නිසාම ඔහුට ”සංචාරක පූජකතුමා” යැයි නමක්ද පටබැඳිනි. අවසාන කාලයේ ඔහු ජපානයට ගිය අතර, වර්ෂ 1552 දී චීනයට ගියවිට අසනීපයට පත්වී ”සැක්න්ෂන්” දුපතෙහි 46 වියෙහි දී අභාවප‍්‍රාප්ත විය.
කැතලික් මැසෙන්ජර් නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 දා) මෙම දේහය පිළිබඳ පහත දැක්වෙන පරිදි විස්තර සඳහන් වෙයි. එම විස්තර ලබාගෙන ඇත්තේ ටි‍්‍රචිපොලෙහි පූජක කැස්ටස් පියතුමා විසින් සම්පාදනය කරන ලද ”කෘති‍්‍රම එම්බාම්කරණයෙන් තොරව මළ සිරුර නරක් නොවී සකස් කිරීම” යන කෘතිය ආශ‍්‍රයෙනි.

ස ප‍්‍රැන්සිස් පියතුමාගේ දේහය සැන්ක්ෂන් දුපතේ සිකුරාදා සිට ඉරිදා දක්වා තබා, රළු මිනී පෙට්ටියක බහා එහි විශාල ප‍්‍රමාණයක් හුණු දමා (සිරුර නරක්වීමේ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට* කුඩා කන්දක් යට වළලනු ලැබීය.

සස මාස දෙකහමාරකට පසුව එනම් 1553 පෙබරවාරි 13 වන දින සැන්ක්ෂන් සිට මලක්කාවට නෞකා යාත‍්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇට කටු ඉන්දියාවට යැවීමට සැළම්කොට මිනීවළ විවෘත කරන ලදී.

සසස මිනී පෙට්ටිය විවෘත කොට හුණු ඉවත් කළ විට සිරුර ඉතාම හොඳ තත්්ත්වයෙන් තිබෙනු නිරීක්ෂණය කරන ලදී. එසේම මිහිරි සුවඳක් ද ඉන් වහනය වන්නට පටන්ගෙන තිබිණ. එය සනාථ කිරීම සඳහා කකුලේ කලවයට තුවාල කළ විට පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. සිරුර යළි පෙට්ටියට දමා හුණුවලින් ආවරණය කොට ”සැන්ටාක්‍රෝසෙ” යන නෞකාවට පටවන ලදී.

සඩ 1553 මාර්තු 27 වැනි දින සැන්ටාක්‍රෝසෙ නෞකාව මලක්කාවට සේන්දු වූ අතර එම මිනී පෙට්ටිය ඉතාම අලංකාර වර්ණවත් උත්සවයකින් ”අවර්ලේඩි ඩි මොන්ටෝ” යන පල්ලියට ගෙන යන ලදී. මිනීපෙට්ටිය විවෘත කොට යළිත් දේහය ඉතාම හොඳින් තිබෙන බැව් නිරීක්ෂණය කොට (පැළඳු ඇඳුම් ද සහිතව) නැවත වරක් පල්ලියේ භූමියේ භූමදාන කරන ලදී.

දේහය මෙවර භූමදාන කළ අයුරු විස්තර කර ඇත්තේ මෙසේය. ”දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්ටියක්ද නොමැතිව, හිසට කුඩා මෙට්ටයක් තබා මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කොට බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක් කුඩා වූ බැවින් එය බලෙන් ඇතුළට ඔබා පස් දමා තදකරන ලදී. මේ අවස්ථාවේදී සිරුරෙහි බෙල්ල කැඞී තුවාලයක් සිදුවී රුධිරය පිටවූ අතර එයින් මිහිරි සුවඳක් ද වහනය වන්නට පටන් ගති.

ඩ එම වසරේම අගෝස්තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරකු වූ ජෝන් ඞී බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ දේහයට ගෞරවනීය භූමදානයක් දෙනු පිණිස එය යළි ගොඩගන්නා ලදී. එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්ෂාවක් නොමැතිව තෙත බරිත පස් ගොඩක මාස 5 ක පමණ කාලයක් තිබූ සිරුර කිසිසේත්ම නරක් නොවී තිබෙනු ඔහුට නිරීක්ෂණය විය. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරේ තුවාල ද සටහන් කරගති.

පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණු ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.

ඩස පියතුමා සිරුර ඉන්දියාවට යැවීමට සැළසුම් සූදානම් කරන ලදී. ඒ සඳහා සේවියර්ගේ ධනවත් මිතුරකු වූ ඩියාගෝ පෙරේරා උදව් වීය. ඉතා හොඳ අලංකාර මිනී පෙට්ටියක් සාදා එහි තැන්පත්කොට ඉන්දියාවට යැවීමට යාත‍්‍රාවක් එනතුරු බලා සිටියහ. ඩසස දින 18 කට පසුව එනම් 1553 සැප්තැම්බර් මස යාත‍්‍රාව මලක්කාවෙන් පිටත්වූ අතර 1554 දී මාර්තු මස 15 වැනි දින එය ගෝවේට ළඟාවිය. දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්ත පෝල් ඉපැරැුණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින 3ක් බැතිමතුන්ගේ ගෞරවය සඳහා තබන ලදී.

මෙහිදී ඉතා උසස් දෝන ඉසබෙලා ටී කැරොන් නමැති රාජකීය කාන්තාව දේහයේ පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කර ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන්ගති. ජනතාවගේ බුහුමන් අවසානයේ මිනී පෙට්ටිය වසා දමන ලදී.

ශාන්ත සේවියර් පියතුමාගේ දේහය පිළිබඳව ලියා ඇති බොහෝ පොත්පත් සහ පුවත්පත්වල සඳහන්ව ඇති විස්තර එනම් ඔහු චීනයේ සැන්ක්ෂන්වල මිය ගිය දින සිට ගෝවේට ගෙන එනතුරු සිදුවූ සිදුවීම් දක්වා ඇත්තේ ඒ අයුරිනි.


දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා

දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.

වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ
වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.

”වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේදී පරීක්ෂා කර බැලීමි. සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට ගතිමි.

සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළමුත් එහි කිසිදු දුඟඳක් නොවීය.

පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහිදී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි.”Image result for තොටගමුවේ රාහුල

”දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින්වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැුකී තිබුණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක් වූ අතර, පිටවූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ.

උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේදී වියළි ගිය අතුනුබහන් ස්පර්ශකිරීමට හැකිවිය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි.


වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය:

මේරි රැුජිනගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණපරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂාකිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන්ද, සමින් ද වැසී තිබුණි.

කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි. වම්අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්තවූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේදී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.
කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.

උපුටාගැනීමකි