ඔන්ලයින් ජොබ් කරලා කෝටිපතියෙක් වුණු ලංකාවේ තරුණයා

ජීවිතය ජයගත්ත හැමෝම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුව අය නෙවෙයි. ඇතැම් විට සාමාන්‍ය පෙළවත් සමත් නොවූ පුද්ගලයින් අද වනවිට කිසිවෙකුටත් ජයගත නොහැකි මට්ටමකට ඇවිත් ජීවිතය ජයගත් අවස්ථා ලොව ඕනතරම් තියෙනවා.

අපි මේ කියන්න යන්නේ ජිවිතයේ අවධානමක් අරගෙන තමන්ගේම ගමනක් පටන් අරන් ජීවිතය ජයගත් තරුණයෙක් ගැනයි.

මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ ඉපදෙන මෙම තරුණයා නමින් ලසන්ත වික්‍රමසිංහ. ඔහුගේ පියාගේ රැකියාවේ සිදුවෙන ස්ථාන මාරුවීමක් හේතුවෙන් ඔහු නුවර ප්‍රදේශයට පැමිණෙනවා.

මේ අවදිය වෙනකොට ලසන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ. පසුව පාසල් කිහිපයකටම යන ඔහු අධ්‍යාපනය අවසන් කරන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තමයි ඔහු උසස් පෙළ හදාරන්නේ. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ඔහුට විභාගය අසමත් වෙන්න හැකි වන්නේ නෑ.

ඔහු උත්සාහය අත අරින්නේ නෑ. දෙවන වරටත් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. 

හැබැයි දෙවෙනි වරටත් ඔහු උසස් පෙළ අසමත් වනවා. 

අවසානයේ ලසන්ත කළමනාකරණ පාඨමාලාවක් හදාරනවා. 2006 වසර වනවිට ඔහුට කළමනාකරණ අංශයේ රැකියාවක් ලැබෙනවා. 

කෙසේ වෙතත් ඔහුට හිතෙනවා මෙම රැකියාව තමන්ට නොගැළපෙන බව. 

මේ නිසා රැකියාව කරන අතරතුර ඔහු අන්තර්ජාලය තුළ සැරිසැරුවේ මොන යම් හෝ පොටක් පාදාගැනීමේ බලාපොරොත්තුවෙන්. 

මේ අවදිය වෙනකොට අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ලංකාවට අලුත් දෙයක්. මේ නිසා මිනිස්සු ඒ දිහා බැලුවේ හරිම අවිනිශ්චිතභාවයකින්. ඒත් කවුරු මොනවා කිව්වත් ලසන්ත වැඩි වැඩියෙන් ඒ ගැන හොයන්න පටන් ගත්තා.

මුලින් ටිකෙන් ටික සුළු ආදායමක් උපයන ලසන්තට මේ ගැන ලොකු උනන්දුවක් වගේම ආසාවක් ඇති වෙනවා. මේ නිසා පරිගණක හෝ අන්තර්ජාල කටයුතු පිලිබඳ මහා ලොකු දැනුමක් නොතිබුණ ලසන්ත තනියම මේ ගැන හොයමින් ඉගෙන ගන්න පටන් ගන්නවා.

ඔහු ඉන් අනතුරුව අන්තර්ජාලය හරහා විදේශ රටවලට යම් යම් සේවාවන් සපයනවා. 

මේ කාලයේ ලංකාවට අලුත් දෙයක් වුණු අන්තර්ජාල ඉපයීම් ගැන කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. ඔහු තනියම මේ ගැන හොයලා ඉගෙනගන්නවා.

මෙතැනදී කරන්නේ විදේශීය ආයතනය ඉල්ලන සේවාවන් අපි විසින් සපුරා දෙනඑක. ඒ අය ඒකට කැමති නම් අපිට ඒ වෙනුවෙන් මුදලක් හිමිවෙනවා

ලසන්ත මේ වෙනකොට යුරෝපය,ඇමරිකාව,ඕස්ට්‍රේලියාව යන රටවල් සමඟ ආයතනික ගිවිසුම් වලට එළඹිලා ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් ලසන්ත ඒ නියමිත් කාල සීමාව ඇතුළත ඉටු කරලා දෙනවා. 

ඔවුන් ඉල්ලන සේවාවන් වලට අමතරව ඔහු නිපදවන ඇප් වලට වෙළඳපොලේ වැඩි වටිනාකමක් ලැබෙන බවයි ඔහු කියන්නේ. ඇප් වලට අමතරව වෙබ් අඩවි නිර්මාණය කරන එකත් ඔහු සිදු කරනවා.

ඩොලර් 5ක් වැනි සුළු මුදලකින් පටන්ගත්ත ලසන්ත මේ වනවිට එක් සේවාවක් යූරෝ 9000කට පවා අලවි කරන මට්ටමකට පැමිණ තිබෙනවා.

ඔහුගේ මෙම දියුණුව ගැන අපට පැවසුවේ මේ විදියටයි.

“ඇත්තටම අද මම මේ තත්වයට ආවේ උසස් පෙළ විභාගය ෆේල් වෙලා අන්තර්ජාලය ගැනවත් කිසිම දැනුමක් නැතුව.ඒත් මට කියන්න ඕනෙ මට වඩා දැනුම තියෙන අය මීට වඩා දේවල් කරන්න පුලුවන්.දැනුමට වඩා මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ උන්දුව විතරයි

http://www.nethgossip.lk/article/28020

මේ වගේ අලුත් දේවල් ඉක්මනට දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න