ඇන්ඩ්‍රොයිඩ්වලට එන වෛයිරසයෙන් බේරෙන්නේ මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානිකර වෛරසයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇතැයි පෙන්වා දෙන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.

ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ජංගම දුරකතන භාවිත කරන්නන් අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

රැන්සම් වයිරසයක් හේතුවෙන් ඔබගේ දුරකතනයට හානි හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මෙහිදී යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය අප්ඩේට් කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වනු ඇති බවයි.

අදාළ වෛරසයෙන් ආරක්‍ෂාවීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා.

“ඔබේ ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනයකින් අන්තර්ජාලයේ සැරිසරනකොට සැකකටයුතු වෙබ් අඩවිවලදී සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්..එහෙමත් නැතිනම්  වෙනත් අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්..ඒවගේ අවස්ථාවකදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේ ම ඔබේ ජංගම දුරකතනයේ ඇති විශේෂිත දත්තවල පිටපතක් වෙනත් ස්ථානයක අරං තියාගන්න පුළුවන්නම් මෙවන් අවස්ථාවලදී ඔබට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.” 

ඔබ සතුව ඇත්තේ ඇන්ඩ්‍රොයිඞ් වර්ගයේ ජංගම දුරකතනයක් නම් එය භාවිත කර අන්තර්ජාලය සැරිසරන විට සැක සහිත වෙබ් අඩවිවලට පිවිසීම හැකි පමණ සීමා කිරීමද සුදුසු ආරක්‍ෂක පියවරක් බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මේ වගේ අලුත් දේවල් ඉක්මනටම දැනගන්න අපේ පේජ් එකට ලයික් කරන්න