මා හැරගිය ඔබ වෙත ලියමි.

මා හැරගිය ඔබ වෙත ලියමි.

ජීවිතය හරිම පුදුමාකාරයි.හිතාගන්නවත් බැරි විදිහට අපි අද ඈත් වෙලා.ඔව්..හිතාගන්නත් බැරි තරමට.මතක ඇති කාලෙක ඉදන් මම, හිටියෙ ඔයා ලගින්.මොනම හේතුවක් නිසාවත් නොකැඩුනු අපේ බැ’දීම කොයිතරම් ශක්තිමත් ඇතිද කියලයි මම හිතුවෙ හැම දවසකම.ඒත් හිතාගන්න බැරි විදියට,නයිට්‍රො (+NO2) අපි දෙන්න අතරට ආවේ ඒ හැම ලස්සන මතකයක්ම අවුලුවමින්..
නයිට්‍රොගෙ බැදීම ආදරයක්ම ද?ඔයා පිළිගන්නවද බෙන්සීන්? නැහැ.ඒ ආදරයක් නෙවෙයි.ආකර්ශණයක්(කෑදරකමක්) විතරයි.ඔයාගෙ වෙනස දැනුනු මොහොතෙම මම මේ බව ඔයාට කිව්වා.එය තේරුම් නොගෙන ඔයා +NO2 ළගට ම ගත්තා.+ NO2 ත් එක්ක බැදුනා.ඒත්…තේරුම් ගන්න.සුදු හිම වළාකුලු පරදන,ඔයාගෙ ඔයාගෙ ඉලෙක්ට්‍රෝන වළාවට නයිට්‍රො කෑදරකම් කරනවා විතරයි.ඒ බැදීම ආදරණීය ආකර්ශණයක් නොවන බවත්,ඉලෙක්ට්‍රොෆිලික ආදේශයක් පමණක් ම බවත් වැඩි කල් නොයවාම ඔයා තේරුම් ගනීවි බෙන්සීන්.ඒත් ඒ වෙනකොට ඔයා පරක්කු වැඩි වෙයි.
බෙන්සීන්,..සදහටම ඔයාගෙ ජීවිතෙන් මාව ඈත් කළා.මාව තනි කළා.කමක් නැහැ.සතුටින් ඉන්න හැමදාමත්,මේ දේ විතරක් මතකයේ තියාගන්න.නයිට්‍රො ඔබව දුර්වල කිරීමට තැත් කරාවි.පරිස්සමෙන් ඉන්න හැමදාම.සමුගන්නම්..ආයෙත් නොඑන්නම.


මීට සදාදරණීය H+

-කතෘ  නොදනි-