කකුල් නොකපා ඇඟිලි නොකපා දියවැඩියාව මඟහරින අලුත්ම ක්‍රමය

මෙයට වසර දහස්‌ ගණනකට පෙර ශිෂ්ටාචාරයට පැමිණි මිනිසාට මුලින්ම වැළඳුණු සංවිධානාත්මක රෝගය ලෙස සැලකෙන්නේ දියවැඩියාවය. ශිෂ්ට මිනිසා මුල් යුගයේදී අකල් මරණවලට ගොදුරු වූයේ හදිසි අනතුරු, ආහාර විසවීම හෝ ආහාර ජීර්ණ පද්ධතියේ හටගත් ගැටලු නිසාය. මෙයට අවුරුදු හාරදහසකට පමණ පෙර ඔහුට දියවැඩියාව වැළඳිණ. දියවැඩියාවේ මූලධර්ම යනුවෙන් ලියොනිඩි පොරෙට්‌ස්‌කි (principles of diabetes mellitus – Leonid potsky) ලියූ පොතක එන පරිදි ක්‍රි.පූ. 1500 දී එනම් මෙයට අවුරුදු 3500 කට පෙර ලියූ Ebers papirus නමැති ඊජිප්තු පැපිරස්‌ පොතක දියවැඩියාව ගැන සඳහන් කර ඇත්තේ “වැඩි වැඩියෙන් මුත්‍ර පහවීම” ලෙසය. මේ අනුව පොතක ලියවුණු ලොව පළමුවන රෝගය දියවැඩියාවය. Ebers පැපිරස්‌ පොත වෛද්‍ය ග්‍රන්ථයකි. එහි ඇති සියලු ඖෂධ ශාකසාර පදනම් කරගත් ඒවාය. මේ පොත අදටත් ජර්මනියේ ලින්සිස්‌ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.diyavediya

හදිසි අනතුරකින් කෙනකු මියයැම සංවිධානාත්මක නැත. අනතුර නිසා හටගන්නා අධික ලේ වහනය හේතුවෙන් ඇතිවන කම්පනයෙන් රෝගියා මියයයි. එහෙමත් නැත්නම් මොළයට බරපතළ හානි වී රෝගියා මියයයි. ආහාර විස වීමකදී හෝ අජීර්ණ තත්ත්වයකදී රෝගියා විජලනය වී නසී. එහෙත් දියවැඩියාවෙන් රෝගියා එතැන සිට මිය යන්නේ නැත. ඔහු සමහර විට වසර 20-30 ක්‌ පමණ රෝගයෙන් පීඩා විඳිමින් ජීවත් වෙයි. ඒ කාලය තුළ තමන්ගේ බර ඉක්‌මවන තරම් බරක්‌ බෙහෙත් බොයි. ඒ අතර ක්‍රමයෙන් ඔහුගේ වකුගඩු නරක්‌ වෙයි. අත් පා පණ නැති වෙයි. පාද ඉදිමී තුවාල හටගෙන ඒවා කුණු වී පාද කපා ඉවත් කරන්නට සිදුවෙයි. ඔහු ක්‍රමයෙන් අන්ධභාවයට පත්වෙයි. අවසානයේදී පාදයාබාධයන්හි හෝ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් හෝ පාදවල නරක්‌ වූ තුවාල ආසාදනය වීමෙන් හෝ ඔහු මිය යයි.

මෙයට අවරුදු 2200 කට පෙර ග්‍රීසියේ හා රෝමයේ විසූ ඇපලෝතියස්‌ නමැති වෛද්‍ය පරම්පරාවට අයත් වෛද්‍යවරයකුට අනුව දියවැඩියාවට Diabetes යන ලතින් නම තබා ඇත්තේ ක්‍රි.පූ. 230 දීය. එහෙත් එයට හරියාකාර නමක්‌ තිබී නැති අතර මුත්‍ර වැඩියෙන් පහවන රෝගය, පිපාසය වැඩියෙන් ඇතිවන රෝගය, නිතර කුසගිනි ඇතිවන රෝගය, මහන්සිය නිතර දැනෙන රෝගය, අත්පා හිරිවැටෙන රෝගය, පාද ඉදිමෙන රෝගය, ඇස්‌ අන්ධ වන රෝගය යනාදී වශයෙන් හඳුන්වා ඇත.

diyavediya1 diyavediya2මේවා දියවැඩියාව සතු එක්‌ එක්‌ ලක්‍ෂණය. රෝගියා තමන්හට වැඩිපුර තිබෙන රෝග ලක්‍ෂණයට අනුව රෝගයට නම හදා ගත්තේය. වසර 2000 කට පමණ පෙර රෝමන් අධිරාජ්‍ය පැවැති කාලයේදී දියවැඩියාව ඉතා දුර්ලභ රෝගයකි. ඇතැමකුගේ මතයට අනුව එයට හේතුව එකල සිටි රෝමන් වැසියාගේ ආහාර රටාවය. ඔහු පිෂ්ඨ ධාතුව සහිත ආහාර අනුභව කළේ අඩුවෙනි. ඔවුන් පරිහරණය කළේ ඔලිව් තෙල්ය. පිරිපහදු කළ සුදු සීනි එකල නොතිබුණු අතර ශර්කරා, මීපැණි, වෙනත් පැණි රස ශාකසාර ඔවුහු පරිහරණය කළහ. මස්‌ හෝ මාළුවලටත් එළවළු සහ පලතුරුවලටත් ආහාර වේල තුළ වැඩි තැනක්‌ දීමට ඔවුහු පුරුදු වූහ. ක්‍රි.ව. 210 තෙක්‌ ජීවත් වූ Aelins Galenus නමැති රෝමන් වෛද්‍යවරයා කියන පරිදි ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුට හමුවී ඇත්තේ දියවැඩියා රෝගීන් දෙදෙනකු පමණි.diyavediya4

ග්‍රීකයන් දියවැඩියා රෝගය හඳුනාගත් යුගයේදීම ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන් ද එම රෝගය හඳුනාගත් බවට සාක්‍ෂි තිබේ. දියවැඩියා රෝගියාගේ මුත්‍ර වෙත කුහුඹුවන් රොක්‌වනු දුටු ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ එම මුත්‍රවල ඇති පැණි රස සාන්ද්‍රණය සලකා බලා මධුමේහය නමින් රෝගය හඳුන්වන්නට පටන් ගත්හ. මෙය සිදුවී ඇත්තේ ද මෙයට වසර 3500 කට පෙර ක්‍රි.පූ. 1500 දීය.

දියවැඩියා රෝගය 1 වර්ගය (Type 1) සහ 2 වර්ගය (Type 1 2) යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙයි. මේ කොටස්‌ දෙක වෙන් කරගන්නා ලද්දේ මෙයට වසර 2000 කට පෙර ජීවත් වූ සුශ්‍රැත සහ චරක නමැති ඉන්දියානුවන් දෙදෙනාය. 1 වැනි වර්ගයේ දියවැඩියාව තරුණ විය සහ මැදිවිය අතර කාලයේදී වැළඳෙන බවත් 2 වැනි වර්ගය අධික ස්‌ථුලභාවයෙන් යුතු අයට වැළඳෙන බවත් ඔවුහු කීහ. සශ්‍රැත ආචාර්යවරයා ලෙඩ රෝග 1220 ක්‌ සඳහා ප්‍රතිකාර වශයෙන් යොදාගත හැකි ඖෂධීය ශාක 700 ක්‌ ද ඛනිජ වර්ග 64 ක්‌ ද සත්ත්ව සංයෝග 57 ක්‌ ද සොයාගත් Rෂිවරයෙකි. diyavediya3චරක ආචාර්යවරයා සිය ඖෂධ ක්‍රමය සඳහා කිසිදු ආකාරයකට රසායනික ද්‍රව්‍යයක්‌ පාවිච්චි කළේ නැත. ශරීරයේ හටගන්නා ඕනෑම රෝගයක්‌ සුව කළ හැකි බව කී ඔහු ශ්ලෝක 12000 කින් වෙද පොතක්‌ ලියා ඖෂධ වර්ග 2000 ක්‌ හඳුන්වා දුන්නේය. සුශ්‍රැත සහ චරක යන දෙදෙනාටම අනුව දියවැඩියාව සුවපත් කළ හැකිය. වසර 2016 දී ලෝකවාසීන් මිලියන 422 කට දියවැඩියාව වැළඳී තිබිණ. වාර්තා නොවූ මෙපමණම දියවැඩියා රෝගීන් පිරිසක්‌ ද ඒ වසරේ විසූ බැවින් ලෝක දියවැඩියා ප්‍රජාව බිලියනයක්‌ පමණ විය. 1980 දී මෙම ගණන දශලක්‍ෂ 108 කි. ඒ අනුව දියවැඩියාව වාර්ෂිකව ගණනින් දෙගුණ වන රෝගයකි.

දිවයින පුවත් පතෙන්

අපේ පේජ් එක දැන්ම ලයික් කරන්න

(ලබන සතියේ – කකුලට වැළඳෙන දියවැඩියා තුවාල නිසා කකුල කැපිය යුතුද?)